මැදපෙරදිග යලි ඇවිළෙයි.. ඇමරිකාවෙන් ඉරානයට ප‍්‍රහාර... ඉරානයෙන් කුවේට් සහ එමීර් රාජ්‍යයේ ඇමරිකානු කඳවුරුවලට ප්‍රහාර..


 ඇමරිකාව සහ ඉරානය අතර පවතින යුදමය තත්ත්වය තවදුරටත් උග්‍ර කරමින්, ඉරානයේ වඩාත්ම ආරක්ෂිත භූගත මධ්‍යස්ථානයක් ලෙස සැලකෙන 'පිකැක්ස් මවුන්ටන්' වෙත ඉතා ඉක්මනින් ප්‍රහාර එල්ල කරන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (04) අනතුරු ඇඟවීය.

නටාන්ස් යුරේනියම් සාරවත් කිරීමේ මධ්‍යස්ථානය අසල පිහිටි මෙම ස්ථානය ඉරානයේ භූගත න්‍යෂ්ටික යටිතල පහසුකම්වලට සම්බන්ධ බවට විශ්වාස කෙරේ. එහි ඇති දැඩි ආරක්ෂිත ස්වභාවය සහ පොළොව යට ඉතා ගැඹුරින් පිහිටි උමං පද්ධතිය හේතුවෙන් සාමාන්‍ය ගුවන් ප්‍රහාර මගින් එය විනාශ කිරීම අතිශය දුෂ්කර වී ඇත.

ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ සහ හමුදා ශක්තිය මර්දනය කිරීම සඳහා වොෂින්ටනය දිගින් දිගටම එල්ල කරන පීඩනයේ මීළඟ පියවර ලෙස මෙම ප්‍රහාරය එල්ල වනු ඇතැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

මේ අතර, ඇමරිකාව විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර දැක්වීමක් ලෙස කුවේට් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි ඇමරිකානු හමුදා කඳවුරු වෙත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළ බව ඉරාන හමුදාව ප්‍රකාශ කළේය.

ඉරාන හමුදාව පවසන පරිදි, කුවේට්හි 'අහමඩ් අල් ජාබර්' ගුවන් කඳවුරේ චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ප්‍රහාරක ගුවන් යානා රඳවන ස්ථානවලට මෙම ප්‍රහාරවලින් හානි සිදුව ඇත.

එසේම, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ 'අල් මින්හාඩ්' කඳවුරේ ඇමරිකානු හමුදා රැඳී සිටින ස්ථාන සහ රේඩාර් පද්ධති ද ඉරාන ප්‍රහාරවලට ලක්ව තිබේ.

ඉරානයෙන් එල්ල වූ මෙම ප්‍රහාරවලට සිය ගුවන් ආරක්ෂක පද්ධති හරහා ප්‍රතිප්‍රහාර එල්ල කළ බව කුවේට් රජය තහවුරු කර ඇතත්, ඇමරිකානු කඳවුරුවලට සිදුවූ හානිය පිළිබඳව මෙතෙක් ස්වාධීන පාර්ශවයන් විසින් තහවුරු කර නොමැත.

කලාපීය අර්බුදය තවදුරටත් ව්‍යාප්ත කරමින්, ඉරානයේ ඛාර්ග් දූපත අසල යාත්‍රා කරමින් තිබූ ඉරාන තෙල් නැවකට ඇමරිකානු මිසයිල ප්‍රහාරයක් එල්ල වී ඇති බව ඉරාන මාධ්‍ය වාර්තා කරයි. මෙය කුඩා ප්‍රමාණයේ නෞකාවක් වන අතර ඉන් ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැත. ඉරානයේ බොරතෙල් අපනයනයෙන් 90%කට වඩා වැඩි ප්‍රමාණයක් සිදුකෙරෙන ඛාර්ග් දූපතේ පාලනය සියතට ගන්නා බවට ජනාධිපති ට්‍රම්ප් මීට පෙර තර්ජනය කර තිබුණි.

පසුගිය පෙබරවාරි 28 වනදා සිට ඇමරිකාව සහ ඉරානය අතර හටගත් මෙම යුදමය තත්ත්වය හේතුවෙන් මැදපෙරදිග කලාපය පුරා දැඩි නොසන්සුන්තාවයක් හටගෙන තිබේ. හෝමුස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමන නිදහස පිළිබඳව දෙපාර්ශවය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම ක්‍රියාත්මක කිරීම ද ආරක්ෂක විධිවිධාන පිළිබඳ පවතින එකඟ නොවීම් හේතුවෙන් මේ වන විට ඇණහිට ඇත.





Escalating Tensions: U.S. Warns of Strikes on Iran's Military Sites

The ongoing military standoff between the United States and Iran has reached a new level of intensity, with U.S. President Donald Trump issuing a warning yesterday regarding imminent strikes on the 'Pikax Mountain', an underground facility believed to be among Iran's most secure military sites.

Located near the Natanz uranium enrichment center, this facility is thought to be closely associated with Iran's underground nuclear infrastructure. Its fortified nature and deep subterranean systems make it exceptionally challenging to target using conventional airstrikes.

Political analysts suggest that this impending attack will serve as the latest measure in Washington's ongoing efforts to undermine Iran's nuclear ambitions and military capabilities.

In a response to previous strikes by the U.S., Iranian forces claimed responsibility for missile and drone attacks on American military bases situated in Kuwait and the United Arab Emirates. These strikes reportedly caused damage to communication systems and aircraft parking areas at the 'Ahmad Al Jaber' airbase in Kuwait, as well as to U.S. military positions and radar systems at the 'Al Minhad' base in the UAE.

While the Kuwaiti government confirmed that its air defense systems successfully intercepted Iranian attacks, independent verification of the damage inflicted on U.S. bases remains unconfirmed.

Expanding regional tensions have also been marked by reports of an American missile strike targeting an Iranian oil vessel near Kharg Island. This incident involved a smaller vessel and, notably, there were no casualties reported. President Trump had previously threatened to take control of the Kharg Island, which handles over 90% of Iran’s oil exports.

Since February 28, when this conflict escalated, the Middle East has experienced significant unrest. An existing agreement concerning freedom of navigation in the Hormuz Strait has come under strain due to ongoing disagreements related to security arrangements between the two nations.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post