ඉස්ලාම් දහමට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරු කරමින් නියම කරන ලද සිරදඬුවම ක්‍රියාත්මක නොකිරීමට කිසියම් හේතුවක් ඇත්නම් ලබන මස 01 වැනිදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ළහිරු සිල්වා මහතා බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ඊයේ (24) නියෝග කළේය.
අදාළ පැමිණිල්ල අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී විත්තිකාර ඥානසාර හිමියන් අධිකරණයේ පෙනී නොසිටි අතර, උන්වහන්සේ අසනීප තත්ත්වයෙන් පසුවීම ඊට හේතුව බව පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ සඳහන් කළේය.
ඥානසාර හිමියන් වෙනුවෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ මහතා අධිකරණයට පෙන්වා දුන්නේ, මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් තීන්දුවට එරෙහිව මහාධිකරණය වෙත ඉදිරිපත් කළ ප්රතිශෝධන අයැදුම්පත ප්‍රතික්ෂේප වීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කර ඇති බවයි.
එම අභියාචනය සලකා බලා අවසන් වන තෙක් මෙම සිරදඬුවම ක්‍රියාත්මක කිරීම අත්හිටුවන ලෙස ජනාධිපති නීතිඥවරයා මෙහිදී ඉල්ලා සිටියේය.
කෙසේ වෙතත්, ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ අදාළ කරුණු විත්තිකරු අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව ඉදිරිපත් කරන ලෙසයි. ඒ අනුව සිරදඬුවම ක්‍රියාත්මක නොකිරීමට හේතු දක්වන්නේ නම් ලබන 01 වැනිදා කරුණු ඉදිරිපත් කරන ලෙස නියෝග කෙරිණි.
පසුගිය 2016 වසරේ ජූලි මස 16 වනදා කිරුළපන ප්‍රදේශයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී ජාතීන් අතර සංහිඳියාව උල්ලංඝනය වන ආකාරයෙන් කටයුතු කළ බවට චෝදනා කරමින් දණ්ඩ නීති සංග්‍රහයේ 291 වගන්තිය යටතේ පොලිසිය විසින් ඥානසාර හිමියන්ට එරෙහිව මෙම නඩුව පවරා තිබුණි.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව 2025 ජනවාරි 09 වන දින තීන්දුවක් ප්‍රකාශයට පත් කළ මහේස්ත්‍රාත් අධිකරණය ඥානසාර හිමියන්ට මෙම සිරදඬුවම නියම කර තිබිණි.
Colombo Court Orders Gnanасара Thera to Explain Non-Implementation of Jail Sentence
In a significant development, Colombo's Additional Magistrate Lahiru Silva has directed the Secretary of the Bodu Bala Sena organization, Ven. Galagodaaththe Gnanasara Thera, to appear in court on January 1 to provide reasons why a custodial sentence related to derogatory remarks against Islam should not be enforced.
During the court proceedings, it was noted that Gnanasara Thera was absent due to health issues, as pointed out by the President's Counsel representing him. The lawyer revealed that following the rejection of an appeal to the Supreme Court against a decision made by the Magistrate's Court, a petition has now been filed for consideration in the Supreme Court.
The President's Counsel urged the court to temporarily suspend the enforcement of the custodial sentence until the appeal is resolved. However, the Additional Magistrate ordered that Gnanasara Thera must present himself in court to provide further details on his absence and the reasons for not implementing the sentence.
In 2016, Gnanasara Thera faced charges under section 291 of the Penal Code for allegedly inciting communal discord during a media briefing in the Kirulapone area. Following a prolonged trial, the Magistrate's Court imposed the custodial sentence on January 9, 2025, after finding him guilty of the charges.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

මම 100%ක් සිංහල බෞද්ධයන් වෙනුවෙන් පෙනී ඉන්න කෙනෙක් - 100%ක් වහාබ්වාදයට එරෙහි කෙනෙක්
ReplyDeleteඒත් මේ සිර දඬුවම ක්‍රියාත්මක වෙනවා නම් මම කැමතියි
මොකද මේ උන්නාන්සේ බුදුදහම ක්රිස්තියානිකරණය කිරීම සඳහා එවලා තියෙන ඒජන්තයෙක් ය කියලා මම හිතනවා
මේ උන්නාන්සේයි සහරාන් ලා ව යි මෙහෙයවනු ලබන්නේ එකම මධ්යස්ථානයකින්ය කියලත් මම හිතනවා
මේ උන්නාන්සේ තියා කිසිම කෙනෙක් හිරේ යනවා දකින්න මම කැමති නෑ - ඒක අන්තිම කටුක අත්දැකීමක් බව අමුතුවෙන් කියන්න ඕනේ නෑ - අපේ රටේ හිර ගෙවල් වල තත්වය අන්තිමයි - මොකක් හරි ක්‍රමයකින් උන්නාන්සේට හිර ගේ ඇතුලත දී රජ සැප දෙන්න පුළුවන් නම් ඒක දෙනවාට මගේ කිසිම අමනාපයක් නෑ
හැබැයි මේ උන්නාන්සේ ගේ ඉතිහාසය මට නම් ගැටළුකාරියි
මේ උන්නාන්සේට මේ රටේ බුද්ධාගම ගැන, සාසනය ගැන, බෞද්ධයන් ගැන කැක්කුමක් ආවේ වයස කියෙදිද? මම හිතනවා මේවා හෙව්වොත් මේ උන්නාන්සේ කරන වැඩ අපිට තේරුම් ගන්න අමාරු නෑ
මම හිතනවා මේ උන්නාන්සේ ගෙන් මේ රට ට වෙන්නේ හානියක් ය කියලා
නොම්මර එකේ ඩෝබියෙක් ගේ කොමෙන්ටුවක් ඉහත දැක්වේ
Deleteමේ comment එක ගැන ප්‍රතිචාරයක් දැක්වීම අවශ්‍යයි
Delete/** නොම්මර එකේ ඩෝබියෙක් ගේ කොමෙන්ටුවක් ඉහත දැක්වේ */
මම කිසිම ආකාරයකින් ආණ්ඩුවේ හිතවතෙකු නොවනවා පමණක් නෙමෙයි මම සම්පූර්ණ මාළිමා විරෝධියෙක්.
මම මුලින්ම කිව්වා නේ මම 100%ක් සිංහල බෞද්ධයන් වෙනුවෙන් පෙනී ඉන්නවා කියලා සහ මම 100%ක් වහාබ්වාදීන් ට විරුද්ධයි කියලා
මාළිමා ආණ්ඩුව සම්පූර්ණ සිංහල බෞද්ධ විරෝධී ආණ්ඩුවක් ය කියන එක සහ දෙමළ ඩයස්පෝරාව සමග, වහාබ්වාදීන් සමග, බෝර්න් අගේන් කාරයන් සමග, ඉතාම කිට්ටු සම්බන්ධයක්, මේ ආණ්ඩුව පවත්වාගෙන යන බවත් මට නම් පැහැදිලියි. දෙමළ ජාතිවාදයට, ඉසලාමීය ව්‍යාප්තවාදයට, ක්‍රිස්තියානි මූළධර්මවාදයට මේ ආණ්ඩුව විසින් ඉතාම දැනුවත්ව සහ සැලසුම් සහගතව පහසුකම් සැපයීම සිදු කරනු ලබනවා. මේ රටේ සිංහල බෞද්ධකම අඩපණ කිරීමේ වැඩ පිළිවෙලක් මේ ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරනවා. උදාහරණෙකට කියනවා නම්, පහු ගිය ටිකේ, පාතාළ කතා ඉස්සරහට දා ගෙන, බොරු බුද්ධි අංශ වාර්තා පෙන්න පෙන්න, පෙරහැර වලට අවහිර කරන්න හැදුවේ ආණ්ඩුව තුල සිටින වහාබ්කාරයන් ගේ සහ බෝන් අගේන් කාරයන් ගේ උවමනාව උඩ. මගේ අනුමානය අනුව මේ ආණ්ඩුව තුල වඩාත්ම බලවත් වහාබ් කාරයන්. ඊළඟට බලය තියෙන්නේ බෝර්න් අගේන් කාරයන්ට. තුන්වෙනියට ඉන්නේ දෙමළ ඩයස්පෝරාව. ඒ නිසා මගේ අනුමානය සිවරාසා අනෝජන් වෙනුවෙන් ආණ්ඩුව කිසිම වැඩකට ඇති වැඩක් කරන්නේ නෑ කියලයි.
මම උඩ කිව්වානේ මේ උන්නාසේ ව යි, සහරාන් ලා ව යි මෙහෙයවනු ලබන්නේ එකම තැනකින්ය කියලා, මම හිතනවා කියලා. මම හිතන විදියට මේ ආණ්ඩුව මෙහෙවවන්නෙත් ඒ තැනින් ම තමයි.
ඊයේ පෙරේදා පාස්කු නඩුවේ දඬුවම් නියම වීම ට අදාළව සමාජ ජාල සංසරණය වන වීඩියෝවක් බලන්න.
පාස්කු බෝම්බ ප්‍රහාර වලට වැරදිකරුවකු වී, දඬුවම් නියමවූවකු, බන්ධනාගාර බස් රියේ ඉඳන්, ඒ වීඩියෝවේ කියනවා, අනුර සර් අපිට ඉන්නවා අපිට ප්‍රශ්නයක් නෑ කියලා.
මට කියන්න තියෙන්නේ බොදු බල සේනා හාමුදුරුවන්ටත් අනුර සර් ගෙන් යම් සහනයක් ලැබුනොත් මම ඒ ගැන පුදුම වෙන්නේ නෑ කියලයි.
හේතු එකට දහයක් දෙන්නම්කෝ මට බොන්න ඕනේ කන්න ඕනේ කාලා බීලා කාර් එළවන්න ඕනේ බඩු ගහන්න ඕනේ පාපිස්සේ යවන්න ඕනේ ජාතිවාදය අවුස්සන්න ඕනේ එක එකාට කඩේ යන්න ඕනේ මට යටත් වෙන්නැති එවුන්ට තද දාන්න ඕනේ ඇට කුඩු කරන්න ඕනේ.
ReplyDeleteපුන්චම්ම එක්ක ලැග්ග එකා කරන දේවල් ලිස්ට් එක මූ හරියට දැක්ක වගේ කිව්වනෙ
Deleteපුන්චම්ම එක්ක ලැග්ග එකා කරන දේවල් ලිස්ට් එක මූ හරියට දැක්ක වගේ කිව්වනෙ
Deleteස්වාමීන්වහන්සේ නිර්දෝශී. උන්වහන්සේ ම්සල්ම් ත්ර ස්ටවාද්ය ගැන කියපුවා ඇත්තනේ.
ReplyDeleteඅනේ එහෙනම් ඔබතුමත් ගිහිල්ලා හෝමාගම උසාවියේ පොඩි සද්දයක් දාල එන්නකෝ මහේස්ත්රාත්තුමාට 🤣
Deleteබුදු හාමුදුරුව න් මිනී මස් කෑවා කියපු ඒකා හිරේ දැම්මා ද? ඉස්ලාම් ආගමට අපහාස කිරීමට හිරේ දාන්න මෙක ශාරීයා නීතිය තිබෙන රටක් නොවෙයි මේ ව ගෙ දඬුවම් දුන්නු ගමන් ඉස්ලාම් ආගම ගැන කරුණු පාවා කියන්න බැරි වේ යි උදා mohomad ගැන koran ඒකෙ කියන දේවල් අයිශා ගැන
ReplyDeleteමේ ජෙප්පො කොහොම හරි හාමුදුරුවො ඇතුලට දාන්න බලනව. සිංහලයට කොරල ඔය කරගත්තෙ අපේ හාමුදුරුවනේེ... අනේ මේ දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන ඉන්න අපේ හාමුදුරුවනේ.ඔබ වහන්සේගේ අඩුපාඩු ඇති.ඒත් ඔබ වහන්සේ මේ සිංහල බෞද්ධයන් වෙනුවෙන් කරාට තේරුමක් නෑ.ඒක නිසා මුන්ට කෙලවගෙන යන්න ඉඩ දීල පාඩුවෙ ඉන්නෙ 🥲🥲
ReplyDelete