රටේ සියලු පුරවැසියන්ට නිරෝගී සම්පන්න ජීවිතයක් ලබා දීම වෙනුවෙන් ප්‍රධාන අංශ 03ක් යටතේ මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය ශක්තිමත් කරමින් තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
නිදහස් සෞඛ්‍ය ක්ෂේත්‍රය තවදුරටත් ජනතාවට සමීප කිරීම, ලෝකයේ දියුණුතම උපකරණ සහ වෛද්‍ය ක්‍රම හඳුන්වාදීම සහ විධිමත් කළමනාකරණ ක්‍රමයක් ස්ථාපිත කිරීම එම ප්‍රධාන ක්ෂේත්‍ර බව පෙන්වා දුන් ජනාධිපතිවරයා සැලකිය යුතු කාලයකට පසුව රටේ සෞඛ්‍ය සේවාව ශක්තිමත්ව පවත්වාගෙන යාමට අවශ්‍ය මානව සම්පත වර්ධනය කර තිබෙන බවද පැවසීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ නවීන හෘද ප්‍රතිකාර සංකීර්ණයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට (16) පස්වරුවේ එක් වෙමිනි.
ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනයේ ණය ආධාර යටතේ රුපියල් මිලියන 3,545ක වියදමින් මහල් 08කින් සමන්විතව ඉදි කෙරෙන මෙම හෘද ප්‍රතිකාර සංකීර්ණය මගින් අතිනවීන හෘද රෝග සහ හෘද- උරස් ශල්‍ය ප්‍රතිකාර පහසුකම් ප්‍රදේශයේ ජනතාවට නොමිලේ ලබා ගැනීමට අවස්ථාව උදා වන අතර මෙම සංකීර්ණය අති නවීන හෘද දැඩි සත්කාර ඒකක (Coronary Care & ICU) කැතීටර් පරීක්ෂණාගාර (Catheterization Labs), X-Ray, ECG පහසුකම් විශේෂිත සායන, වාට්ටු සංකීර්ණ, රසායනාගාර, ශ්‍රවණාගාර සහ පුස්තකාල ඇතුළු පහසුකම් රැසකින් සමන්විතය.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ අනුරාධපුර රෝහල සංවර්ධනය සඳහා රුපියල් මිලියන 19,000ක පමණ ව්‍යාපෘති 2027 සහ 2028 වසරවලදී ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බවත්, මේ වන විට ක්‍රියාත්මක වන ව්‍යාපෘති සමග රුපියල් මිලියන 34,000කට ආසන්න දැවැන්ත ආයෝජනයක් අනුරාධපුර රෝහල සංවර්ධනය වෙනුවෙන් වැය කෙරෙන බවත්ය.
පසුගිය කාලයේ ආරම්භ කළ ඇතැම් සංවර්ධන ව්‍යාපෘති නිශ්චිත කාලය තුළ අවසන් නොකිරීම හේතුවෙන් රටට සහ ආර්ථිකයට විශාල බලපෑමක් එල්ල වී තිබෙන බවද මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා නවීන හෘද ප්‍රතිකාර සංකීර්ණයේ ඉදිකිරීම් මාස 18කින් සාර්ථකව නිමා කර ජනතාවට ලබා දීමට අදාළ පාර්ශ්වයන් කටයුතු කරනු ඇති බවටද විශ්වාසය පළ කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා
විශේෂයෙන්ම අද දිනයේ අපි මන්නාරම, මුලතිව්, ත්‍රිකුණාමලය සහ අනුරාධපුර කියන දිස්ත්‍රික්කවල රෝහල් කිහිපයකම අත්‍යවශ්‍ය ඉදි කිරීම් කිහිපයකට මුල්ගල තැබුවා.
අපි කවුරුත් දන්නවා අපේ රටේ ආර්ථිකය විශාල බිඳවැටීමකට භාජනය වී තිබුණා. ආර්ථිකයක් බිඳවැටුණු විට ඒක ආර්ථික තලයේ විතරක් තියෙන්නේ නැහැ. අයවැය හිඟය විශාල ලෙස වර්ධනය වුණාම, එහෙම නැත්නම් අපේ විදේශ සංචිත විශාල ලෙස හිඳුණාම, අපේ රාජ්‍ය ආදායම විශාල ලෙස කඩා වැටුණම එහි අවසන් ප්‍රතිඵලය වෙන්නේ ජනතාවගේ ජීවන තත්ත්වයට විශාල බලපෑමක් ඇති කිරීමයි. ඒ නිසා මම හිතන්නේ ජාතියක් හැටියට අපි මීට අවුරුදු කිහිපයකට පෙර මෙන්න මේ ව්‍යසනයේ අත්දැකීම්වලට මුහුණ දී තිබුණා. ඒක ජනතාවට විශාල පීඩාකාරීත්වයක් ගෙන දුන්නා.
අපේ රටේ ආර්ථිකය කොතැනින් කෙළවර වේවිද කියලා විශ්වාසයක් නැති තරමට ප්‍රශ්න මතුවුණා. ඒ කාලයේදී මට එක ආර්ථික විශේෂඥයෙක් කිව්වා, “අපේ ආර්ථිකය කන්දෙන් පහළට කඩා වැටෙමින් තියෙන්නේ, ඒක නතර වෙන්නේ කොහෙන්ද කියන්න බැරි තරමේ විනාශයක්” කියලා. ඒ අර්බුදය නිමවෙන්නේ “වාහනයෙන් යන අය පාපැදියට බැහැලා, ඈත පාසලකට යන දරුවන් ගමේ පාසලට යොමු කරලා” කියලා කිව්වා. ඒ තරම් අවිනිශ්චිත ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා. ඒ ආර්ථික අර්බුදය විශාල සමාජ ඛේදවාචකයක් නිර්මාණය කළා. විශාල දේශපාලන පෙරළියක් ඇති කළා. ඒ දේශපාලන පෙරළියේ ප්‍රතිඵලයක් ලෙස තමයි වර්තමාන රජය බිහිවෙන්නේ.
අපිට මූලික වශයෙන් තිබුණු අභියෝගය තමයි මේ බිඳවැටෙමින් තිබුණු ආර්ථිකය ස්ථාවර කරන්නේ කොහොමද කියන එක. මේ වන විට මෙරට ආර්ථිකයේ සෑම දත්තයකම ඉතාමත් වැදගත් ස්ථාවරයන් ගණනාවක් වාර්තා කර තිබෙනවා. අද අපිට රටක් හැටියට කියන්න පුළුවන් අපි ශක්තිමත් ආර්ථිකයක් තිබෙන රටක් කියලා. මම දැක්කා පහුගිය දා ලෝක බැංකුව අපිව ඉහළ මැදි ආදායම් රටක් ලෙස නම් කළා. ඒවා අපිට ධනාත්මක දත්ත වෙන්න පුළුවන්. හැබැයි ජනතාවගේ අවශ්‍යතාවය තමයි ඒ අත්පත් කරගන්නා ජයග්‍රහණ තමන්ගේ ජීවන තත්ත්වය උසස් කරන්න හේතු වෙලා තියෙනවාද නැද්ද කියන එක. අන්තිමට ජනතාව ආර්ථිකය හොඳද නරකද කියලා මනින්නේ තමන්ගේ ජීවන තත්ත්වය කොපමණ පහසු වෙලා තිබෙනවාද කියන එක මත.ඒ නිසා දැන් අපි අවධානය යොමුකර තිබෙන්නේ මේ අත්පත් කරන් තිබෙන ආර්ථික ජයග්‍රහණ ජනතාව අතරට ගෙන යාමටයි.
ජනතාවගේ ජීවිත උසස් කරන්න නම් හොඳ සේවාවන් ලබාදෙන්න ඕනේ. ඒ සේවාවන්වලදී මම හිතන්නේ අපිට ඉතාමත් වැදගත් සේවාවන් කිහිපයක් තියෙනවා. එකක් අපේ ප්‍රවාහනය. මම හිතනවා ලබන අවුරුද්දේ අපි අපේ අයවැය ලේඛනයේ වැඩිම මුදල් ප්‍රමාණයක් වෙන් කරලා තිබෙන්නේ මාර්ග සහ ප්‍රවාහන පහසුකම් දියුණු කිරීමටයි.
ඊළඟ වැදගත්ම දේ ලෙස අධ්‍යාපනය පිළිබඳ අවධානය යොමු කර තිබෙනවා. මෙරට අධ්‍යාපනයේ පරිවර්තනයක් ඇති කිරීම සඳහා අපි විශාල වෙහෙසක් දරනවා. සමහර ප්‍රතිවිරෝධතා තියෙනවා අපි දන්නවා. ලෝකයේ හැමවිටම මිනිස්සු පරණ පුරුද්දෙන් ගලවන්න ටිකක් අමාරුයි. පුරුද්දෙන් ගලවන්න ගියපුවාම ප්‍රතිවිරෝධයක් ඇති වෙනවා. හැබැයි ඒ පුරුදුවලම අපි හිටියා නම් මිනිස් සමාජය මෙතැනට වර්ධනය වෙන්නේ නැහැ. ඒ මොහොතේ ඇතිවුණු දේශපාලන අධිකාරීන්, නායකත්වයන්, ගෝත්‍රික නායකයන් වෙන්න පුළුවන්, ඒ ගෝත්‍රවල ඒ පුරුද්දෙන් නිදහස් කිරීම නිසා තමයි මේ මිනිස් සමාජය දියුණු සමාජයක් බවට පරිවර්තනය වුණේ.
ඒ නිසා අපේ සමහර අය අර පැරණි අගතිගාමී, ඒ කියන්නේ පැරණි, ඒකටම මේ සමාජය හිරකරන්න උත්සාහ කරනවා. නමුත් අපි ප්‍රගතිශීලී, ඉදිරිගාමී දේශපාලන ව්‍යාපාරයක්. ඒ නිසා ඒ ප්‍රතිවිරෝධයන්ට මුහුණ දීලා අපි මුළුමනින්ම මේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශාල පරිවර්තනයක් ඇති කරනවා. මොකද එහෙම නැත්නම් මම හිතන්නේ නැහැ අපේ ගම්වල ජනතාවගේ ජන ජීවිත උසස් කරන්න පුළුවන් වේවි කියලා.
ඊළඟ වැදගත්ම දේ තමයි නිරෝගී සම්පන්න ජීවිතයක්. අපිට මොන දේ ලැබුණත් වැඩක් නැහැ, අපිට ලෙඩ ජීවිතයක් නම් උරුම වෙලා තියෙන්නේ, අපිට ලෙඩක් හැදුණාම සුවපහසු වෛද්‍ය සේවාවක් නැත්නම් අපිට අනිත් ධනයන්ගෙන් කිසි තේරුමක් නැහැ. ඒ නිසා අපේ වැදගත්ම ධනය වන්නේ යහපත්, නිරෝගී සම්පන්න ජීවිතය. ඒ නිසා අපේ ආණ්ඩුව විශාල අවධානයක් යොමුකරලා තිබෙනවා මේ නිරෝගී සම්පන්න ජීවිතය ලබා දීම වෙනුවෙන්, ඒ සඳහා අවශ්‍ය සේවාවන් පුළුල් කිරීම වෙනුවෙන් අපි ක්ෂේත්‍ර තුනක් පිළිබද අවධානය යොමු කර තිබෙනවා.
එකක් නිදහස් සෞඛ්‍ය සේවාව තවදුරටත් ජනතාවට සමීප කිරීම. දැනුත් අපේ ග්‍රාමීය රෝහල් පද්ධතියක් තියෙනවා. හැබැයි තවදුරටත් අපිට පුළුවන්ද මේ සේවාව ගමේ ජනතාවට සමීප කරන්න. ඒ සඳහා තමයි අපි "ආරෝග්‍යා" වැඩසටහන දියත් කරලා තිබෙන්නේ විශේෂයෙන්ම ලෝකයේ විද්‍යාවේ සහ තාක්ෂණයේ දියුණුව විසින් ලෝකයේ සෞඛ්‍ය සේවාව විශාල පිමි ගණනාවක් පහුගිය කාලයේ අත්පත් කරන් තිබෙනවා. එතකොට අපි පැරණිම උපකරණ, පැරණිම තාක්ෂණය, පැරණිම හෙද ක්‍රමයෙන් අපිට යන්න බැහැ. ලෝකයේ ඇතිවෙලා තියෙන නව දියුණුම උපකරණ, වෛද්‍ය ක්‍රම අපි අපේ රටට කැඳවන්න ඕනේ. ඒ නිසා වැඩිදියුණු කරන ලද, දියුණුතම සෞඛ්‍ය සේවයක් නිර්මාණය කිරීම අපේ දෙවැනි අපේක්ෂාවයි. තුන්වෙනි අපේක්ෂාව තමයි ඉතාමත් හොඳ කළමනාකරණ ක්‍රමවේදයක් හදන එක.
ඒ අනුව නිදහස් සෞඛ්‍ය ක්ෂේත්‍රය තවත් ජනතාවට සමීප කිරීම, ලෝකයේ දියුණුතම උපකරණ සහ වෛද්‍ය ක්‍රම ලංකාවට කැඳවා ගැනීම, සහ විධිමත් කළමනාකරණ ක්‍රමයක් ස්ථාපිත කිරීම යන කරුණු 03 පිළිබඳව අපි අවධානය යොමු කර තිබෙනවා.
අපිට ඉතා නරක අත්දැකීමක් තිබෙනවා. නරක අත්දැකීම තමයි අපේ මේ ව්‍යාපෘති ප්‍රමාද වීමෙන් ඇතිවෙන හානිය. හානිය ආකාර දෙකකින් සිදු වෙනවා. එකක් අපි මුදල් යොදවලා තියෙනවා, නමුත් අපිට සේවාව ලබාගන්න සිදු වෙන ප්‍රමාදය. ඒක හානියක්. දෙවැනි එක අපි මුදල් යොදවලා තියෙනවා, ඒ වෙලාවේදී කරපු ඇස්තමේන්තුව ප්‍රමාදය නිසා වියදම වඩාත් වැඩියෙන් ඉහළ යනවා. ඒක හානියක්.
සෞඛ්‍ය අමාත්‍යතුමා මට කිව්වා සෞඛ්‍ය අමාත්‍යාංශයේ බිලියන 28ක ව්‍යාපෘතියේ දැන් අලුත් ඇස්තමේන්තුව බිලියන 58යි කියලා. ඒ කියන්නේ බිලියන 28න් ඒ වෙලාවේ කරන්න සමත් වුණා නම් අපිට යන්නේ බිලියන 28යි, අද අපිට වැය වෙනවා බිලියන 58ක්. එතකොට බිලියන 30ක්, ඇස්තමේන්තු මුදල වගේ දෙගුණයකට වඩා වැඩියි, ඒ කියන්නේ ඒ සකස් කරපු වැඩ වගේ තවත් වැඩ කොටසක් අපිට කරන්න පුළුවන්කම තිබුණා.
විශේෂයෙන්ම මම දන්නවා මේ කඩා වැටීමට හේතු වුණේ ආර්ථික බිඳවැටීම. ආර්ථික බිඳවැටීම නිසා යම් ප්‍රමාණයකට අපිට බාධාවන් ඇති වුණා. මොකද අලුත් ව්‍යාපෘතියක් පටන් ගන්න ලේසියි. බිඳවැටුණු ව්‍යාපෘතියක් විශාල අවුල් ජාලාවක්. මම හිතන්නේ ලේකම්තුමාත්, ඇමතිතුමාත්, අපේ නිලධාරී මහත්වරුනුත් විශාල වෙහෙසක් දරලා මේ වියවුල සැලකිය යුතු ප්‍රමාණයකට දැන් නිරවුල් කරලා තියෙනවා.
ඒ කියන්නේ මේ නිශ්චිත මොහොතේදී ඒවා නොකිරීමේ ප්‍රතිවිපාක අද රටකට, ජාතියකට විශාල බලපෑමක් ඇති කරලා තිබෙනවා. ඒ නිසා මම දැනුත් විමසුවා මේ ව්‍යාපෘතිය කවදාද ඉවර කරන්නේ කියලා. එතුමා කිව්වා මාස 18න් අවසන් කරනවා කියලා. ඉතින් අපි අපේක්ෂා කරනවා මේ ව්‍යාපෘතිය මාස 18න් නිමා කරයි කියලා.
සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව කතා කළහොත්, අපි විශාල වෙහෙසක් දරන ප්‍රධාන කරුණක් වන්නේ මෙහි මානව සම්පත සංවර්ධනය කිරීමයි. මම අනුරාධපුර රෝහල පිළිබඳව ගොඩක් විශ්වාස කරනවා. මගේ අම්මත් මාසයකට පමණ පෙර අවස්ථා තුනකදී පමණ මෙම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබාගත්තා. ඉතාමත් හොඳ වෛද්‍යවරුන්, හෙද කාර්ය මණ්ඩලයක් සහ සහායක කාර්ය මණ්ඩලයක් මෙහි සිටිනවා.
පසුගිය කාලයේ වෛද්‍යවරුන් බඳවා ගැනීම සැලකිය යුතු කාලයකින් ප්‍රමාද වී තිබුණා. නමුත් අපි අගෝස්තු, සැප්තැම්බර් සහ ඔක්තෝබර් යන මාස තුන ඇතුළත, ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට මාස 3ක් ඇතුළත වෛද්‍යවරුන් 3,000ක් පළමු සීමාවාසික පුහුණුව සඳහා බඳවා ගත්තා. මෙය ඉතා වැදගත් පියවරක්.
දන්ත වෛද්‍යවරුන් 64 දෙනෙකු බඳවාගෙන තිබෙනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයට විශාල සේවයක් ඉටුකරන හෙද කාර්ය මණ්ඩලයට දැනට 3,978 දෙනෙකු බඳවාගෙන ඇති අතර, ඔක්තෝබර් 31 වන විට තවත් 2,820 දෙනෙකු බඳවා ගැනීමට කටයුතු කරනවා. ඒ අනුව මෙම කාලසීමාව තුළ හෙද කාර්ය මණ්ඩලයට පමණක් 6,788 දෙනෙකු එකතු වෙනවා.
සිසු හෙද පුහුණුව සඳහා දැනට 4,869 දෙනෙකු බඳවාගෙන ඇති අතර, 2027 ජනවාරි වන විට හෙද විද්‍යාල සඳහා තවත් 3,000ක් බඳවා ගන්නවා. ඒ අනුව සමස්තයක් ලෙස හෙද ක්ෂේත්‍රයේ 7,869 ක වර්ධනයක් අපගේ රාජ්‍ය රෝහල් පද්ධතිය තුළ සිදුවෙනවා.
සෞඛ්‍ය සහායක කාර්ය මණ්ඩලය ලෙස දැනට 1,860 දෙනෙකු බඳවාගෙන ඇති අතර, 2027 ජනවාරි වන විට තවත් 1,100 දෙනෙකු බඳවා ගැනීමට අමාත්‍යාංශය කටයුතු යොදා තිබෙනවා. පරිපූරක සේවාවන් සඳහා දැනට 306 දෙනෙකු බඳවාගෙන ඇති අතර, තවත් 301 දෙනෙකු පුහුණුව ලබනවා. අතුරු වෛද්‍ය සේවාවන් සඳහා 1,380 දෙනෙකු බඳවාගෙන ඇති අතර 303 දෙනෙකු පුහුණුව ලබනවා.
ලංකාවේ සැලකිය යුතු කාලයකට පසු, නිදහස් සෞඛ්‍ය සේවය පවත්වාගෙන යාමට අවශ්‍ය මානව සම්පත උපරිමයෙන් ලබා දීමට අප කටයුතු කරමින් සිටිනවා. අපේ රටේ වෛද්‍යවරුන් ඇතුළු සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලයම රෝගීන් වෙනුවෙන් කැපවී කරනු ලබන විශාල වෙහෙස සහ සේවය මම ඉතා අගය කරනවා
ඒ වගේම අනුරාධපුර ශික්ෂණ රෝහල තුළ මේ වන විට විශාල සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක වෙනවා. මහල් 8ක හෘද රෝග සහ හෘද උරස් ශල්‍ය සංකීර්ණ ඉදිකිරීම් වෙනුවෙන් මිලියන 3,545 ක් සහ උපකරණ සඳහා මිලියන 4,490 ක් ලෙස සමස්තය රුපියල් මිලියන 8,035 ක් වෙන්කර තිබෙනවා.
වෛද්‍ය සැපයුම් ගබඩා සංකීර්ණය රුපියල් බිලියන 1කට වැඩි අගයක්. දැඩි සත්කාර ඒකකය හා වෛද්‍ය වාට්ටු සංකීර්ණය සඳහා රුපියල් මිලියන 1,186 ක් වැය කෙරෙනවා.
2027 සහ 2028 වසරවලදී අනුරාධපුර රෝහල වෙනුවෙන් පමණක් රුපියල් බිලියන 19 ක (රුපියල් මිලියන 19,000 ක) සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. දැනටමත් බිලියන 9.7 ක වැඩකටයුතු සිදුවෙමින් පවතින අතර, ඉදිරියේදී ආරම්භ වීමට ඇති බිලියන 19 සහ දැනට පවතින ව්‍යාපෘති ද ඇතුළත්ව සමස්තයක් ලෙස රුපියල් බිලියන 34 කට (මිලියන 34,000 කට) ආසන්න දැවැන්ත ආයෝජනයක් අනුරාධපුර රෝහල් සංවර්ධනය වෙනුවෙන් මුදල් ප්‍රතිපාදන වෙන් කිරීමට අපි කටයුතු කර තිබෙනවා. අපගේ එකම අරමුණ විධිමත් කළමනාකරණයකින් යුතුව, ජනතාවට උපරිම සේවාවක් ලබා දීමයි.
President Promises Improved Health Services Amid Economic Recovery Efforts
In a bold commitment to enhance the quality of healthcare for all citizens, President Anura Kumara Dissanayake outlined plans to strengthen the health sector under three main pillars. His remarks highlight a dedicated approach to ensuring widespread access to healthcare that is both effective and modern.
During a ceremonial event marking the start of construction on a state-of-the-art cardiac treatment facility at the Anuradhapura Teaching Hospital, the President emphasized the importance of bringing free healthcare closer to the people. He pointed out that the introduction of advanced medical equipment and updated management systems will play a critical role in fortifying the healthcare infrastructure of the nation.
This new cardiac complex, funded through a loan from the Japanese International Cooperation Agency (JICA) at a cost of 3.545 billion rupees, will consist of eight floors. It aims to provide cutting-edge cardiac care and surgery facilities to the local populace at no charge. The facility will be equipped with a coronary care unit, catheterization labs, X-Ray and ECG services, diagnostic labs, patient wards, and even a library.
The President also disclosed that an additional investment of approximately 19 billion rupees is planned for various development projects at the Anuradhapura Hospital in 2027 and 2028, reflecting a total of around 34 billion rupees when combined with ongoing projects. This significant investment underlines the government's commitment to improving healthcare services amidst recent economic challenges.
Addressing the adverse effects of delay in project completions, he acknowledged the severe repercussions these hold for both the economy and public health, urging contractors to expedite work on the new cardiac facility, with an expectation to complete it within 18 months.
Highlighting other key improvements, the President noted the initiation of essential construction projects in various hospitals across Mannar, Mullaitivu, Trincomalee, and Anuradhapura. He reflected on the deep economic crises the nation faced recently, resulting in dramatic budget deficits and diminished state revenues, which in turn have had significant negative impacts on the quality of life for the citizenry.
Recognizing that fundamental challenges still exist, he expressed confidence that Sri Lanka is now on a path to economic stabilization, noting recent endorsements from the World Bank regarding the country’s potential as a middle-income nation. However, he cautioned that measurable improvements in living standards are the true indicators of economic success.
To ensure advancements in citizen welfare, the government aims to enhance service delivery across sectors, including transport and education, with significant allocations for road improvements in the forthcoming budget.
“Public health, education, and transportation must be prioritized if we are to uplift the life quality of our citizens. A significant focus is being placed on revitalizing the healthcare sector with newly trained medical professionals, including the recruitment of 3,000 doctors, 64 dentists, and thousands of nursing personnel,” the President stated.
For the first time in Sri Lankan history, 3,000 doctors have been recruited within three months to kickstart resident training programs, a noteworthy milestone for the health sector. To complement this, over 6,700 nursing positions will also be filled as part of a broader effort to enhance healthcare delivery.
The government is committed to allocating the necessary resources to uphold free healthcare services while navigating the demands of recovery from a profound economic crisis. As new projects launch and existing ones develop, President Dissanayake conveyed a vision of a strengthened health sector, prepared to deliver optimal services to the populace.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

නලුවො 159ක් ම ඉන්න එකේ පාර්ලිමේන්තුවම රංග ශාලාව වශයෙන් සලකමු ලොක්කා, අමුතුවෙන් හදන්ඩ දෙයක් නෑ.
ReplyDeleteඋඹල දෙන උපදෙස්. අනේ පිං අයිති වෙයි අර මයින කුණු කරෝල කෑල්ලක් තණකොළ ඩිංගක් එක්ක කාල එදා වේල ගැටගහගෙන ඉඳපල්ල. නැතුව උඹල දන්න සංවර්ධන
Deleteඅපේ නායක සහෝදරයගෙ ගූ පුච්චගන කමු. ඒවා රසයි ගුණයි ලාභයි.
Deleteකවිද ඛන් මුගේ මේ හෑල්ල කියවන්නේ
ReplyDeleteකියවන්න ලියන්න අමාරුයි නේද ටිකක්? ඉස්කෝලෙ යන්න බැරි වෙන්න ඇති නෙ
DeleteMUGE KATHA
DeleteKIYAWANNE DOBILA THAMA
Who listen to this moron
ReplyDeleteWho නං listens වෙන්න ඕන ඕයි. ගොඩේ බයියො දන්න කඩ්ඩ.
Deleteබාරගෙන කරගන්න බැරි වුනාම දැන් පාදඩ කතා දොඩවනවා කාලකන්නියා .. ශික් ... පල හු... තෝ යන්න යන දේවාලෙක
ReplyDeleteආපචය පච ආ පචයා පච ආ තාලෙට කියමු.මූට වීසා රිජෙක්ට්. ඉතින් පච ඇර ඇර රටේ මිනිස්සු කන්න හදනවා
ReplyDelete