ණය ගෙවීම අවදානමක…- IMF තක්සේරුවක්..


ශ්‍රී ලංකාවේ ණය තිරසර බව (ණය ගෙවීමේ හැකියාව) තිබුණත් ඒ පිළිබඳ අවදානම් තවමත් ඉහළ මට්ටමක පවතින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තක්සේරුව වී ඇතැයි වාර්තා වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආරංචිමාර්ගවලට අනුව පැවසෙන්නේ ලබන වසරේ (2027) මාර්තු මාසයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටන නිමා වන අවස්ථාව වන විට ද මේ ඉහළ අවදානම් තත්ත්වය පවතිනු ඇති බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් 2026 මැයි 28 වැනිදා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාවක සඳහන් වූයේ ද ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්පූර්ණ කිරීමට ආසන්න වන නමුත්, ණය තිරසර බව පිළිබඳ අවදානම් ඉහළ මට්ටමක පවතින බවයි. මේ පසුබිම තුළ ඇතැම් ආර්ථික හා මූල්‍ය අංශවල විද්වතුන් පවසන්නේ 2027 වසරේ දී ශ්‍රී ලංකාවට නැවත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය පැතීමට සිදුවනු ඇති බවයි. මේ ගැන ආණ්ඩුව අභ්‍යන්තරයේ ද කතාබහක් ඇතිව තිබෙන බව ද වාර්තාවේ. කෙසේ වෙතත් රජයේ ආරංචිමාර්ගවලින් දැන ගැනීමට ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග 2027 වසරේ දී අලුත් ණය වැඩසටහනකට යෑමට තවමත් කිසිදු තීරණයක් ගෙන නැති බවයි.

මේ වන විට රටට පැමිණ සිටින අයිඑම්එෆ් නියෝජිතයින් සමග පසුගිය බ්‍රහස්පතින්දා (17) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සාකච්ජා කළ අතර එහිදී රට අත්කර ගෙන තිබෙන මෙම ආර්ථික ජයග්‍රහණ ජනතාවගේ ජීවන තත්ත්වය පහසු කිරීමට සහ උසස් කිරීමට යෙදවීම රජයේ අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසට පවසා ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
Divaina





IMF Warns of High Risks Despite Sri Lanka's Debt Sustainability Progress

The International Monetary Fund (IMF) has reported that while Sri Lanka demonstrates a level of debt sustainability, significant risks still linger at elevated levels. This comes amidst ongoing assessments of the country's financial health.

According to reports from the IMF, the high-risk environment is expected to persist until at least March 2027, coinciding with the anticipated conclusion of the Fund's support program. The Executive Board of the IMF, in a report released on May 28, 2026, acknowledged that while the country is nearing the completion of its debt restructuring efforts, the risks associated with debt sustainability remain a pressing concern.

Experts in the economic and financial sectors suggest that Sri Lanka may need to seek further assistance from the IMF by 2027. This potential requirement has sparked internal discussions within the government regarding future financial strategies. Notably, government sources indicate that no decision has yet been made about entering a new loan program with the IMF for that year.

On the morning of Thursday, October 17, President Anura Kumara Dissanayake engaged in discussions with IMF representatives currently visiting the country. He emphasized that the government’s primary goal is to utilize economic gains to enhance the living standards of the populace.

Shyam Nuwan Ganewatta
Divaina



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

1 Comments

  1. පලවාහරිනු,.September 20, 2026 at 2:19 AM

    නාසිවාදී බටහිර මාපියාවේ පොළී කාරයන්
    පුකට පයින් ගසා පලවාහරිනු,.

    ReplyDelete
Previous Post Next Post