කටුපොල් වගා තහනම ඉවත් කිරීමට අදාළ නිර්ණායක සකස් කරන ලෙස කැබිනට් මණ්ඩලය විසින් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට උපදෙස් දී තිබේ.
පරිසර පද්ධතියට සිදුවන බලපෑම් සැලකිල්ලට ගනිමින් මධ්‍යම පරිසර අධිකාරියේ විද්වත් මණ්ඩල වාර්තාවක් මත පදනම්ව පසුගිය 2021 වසරේදී කටුපොල් වගාව මෙරට තහනම් කිරීමට පියවර ගැනුණි.
කෙසේ වෙතත්, වැවිලි සමාගම් විසින් මෙම වගාව ව්‍යාප්ත කිරීම සඳහා රජයෙන් දිගින් දිගටම ඉල්ලීම් කර ඇති අතර, ඒ පිළිබඳව සොයා බැලීමට වැවිලි අමාත්‍යාංශය විසින් පත්කළ විද්වත් මණ්ඩලය නිර්දේශ කර ඇත්තේ මෙරට කටුපොල් වගාව හෙක්ටයාර 20,000ක් දක්වා ව්‍යාප්ත කිරීමට අවස්ථාව ලබාදිය හැකි බවයි.
දැනට දිවයිනේ හෙක්ටයාර 9,500ක පමණ ප්‍රමාණයක කටුපොල් වගා කර ඇති අතර, වගා තහනම පැනවීමෙන් පසු වැවිලි සමාගම් විසින් අධිකරණයේ නඩු කිහිපයක් ද ගොනු කර තිබේ.
එම නඩු කටයුතු සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම සඳහා අමාත්‍යාංශය මේ වන විට නීතිපති දෙපාර්තමේන්තුවෙන් උපදෙස් පතා ඇති බව වාර්තා වේ.
මේ පිළිබඳව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, අදාළ නඩු කටයුතු සහ තාක්ෂණික කරුණු කිහිපයක් නිරාකරණය කරගැනීමෙන් පසුව හෙක්ටයාර 20,000ක් දක්වා කටුපොල් වගා කිරීමට අවසර ලබාදීමට සැලසුම් කර ඇති බවයි.
මෙරට ආහාර අවශ්‍යතාව සඳහා තෙල් ආනයනය කිරීමට වැයවන විදේශ විනිමය ඉතිරි කරගැනීම ද මෙම තීරණයට එක් හේතුවක් වී තිබේ. දත්ත වාර්තාවලට අනුව, පසුගිය 2025 වසරේදී පමණක් මෙරටට පාම් තෙල් මෙට්‍රික් ටොන් 38,210ක් සහ පොල්තෙල් මෙට්‍රික් ටොන් 33,696ක් ආනයනය කර ඇත.
Cabinet Issues Guidelines for Lifting Coconut Cultivation Ban
The Cabinet has directed the Ministry of Agriculture and Community Infrastructure to prepare decisive measures for lifting the ban on coconut cultivation. This comes after the ban was instituted in 2021, based on findings from a panel of experts under the Central Environmental Authority, which noted the adverse impacts on the ecosystem.
In recent times, agricultural companies have persistently approached the government to allow expansion of coconut farming. An expert committee appointed by the Ministry has recommended that coconut cultivation could be expanded to an area of up to 20,000 hectares in the country.
Currently, around 9,500 hectares are under coconut cultivation, and since the implementation of the ban, agricultural companies have filed multiple lawsuits in the courts regarding this matter.
Reports indicate that the Ministry is currently seeking guidance from the Attorney General's Department on the next steps related to these legal proceedings.
Additionally, preserving foreign exchange allocated for importing oil has been cited as another reason for this decision. Data reports indicate that in 2025 alone, Sri Lanka imported approximately 38,210 metric tons of palm oil and 33,696 metric tons of coconut oil.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

පරිසර පද්ධතියට සිදුවන බලපෑම් සැලකිල්ලට ගනිමින් මධ්‍යම පරිසර අධිකාරියේ විද්වත් මණ්ඩල වාර්තාවක් මත පදනම්ව පසුගිය 2021 වසරේදී කටුපොල් වගාව මෙරට තහනම් කිරීමට පියවර ගැනුණි.
ReplyDelete100% correct decisin taken by then government
Dan mudalalila ne anduwa run karanne