විරෝධතා නිසා පාර්ලිමේන්තු හංදිය හිරවේ..



යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගය (SJB) විසින් සංවිධානය කර ඇති විරෝධතා පාගමනක් හේතුවෙන් බත්තරමුල්ල, පොල්දූව මංසන්ධිය සහ දියත උයන අවට ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇත.

මේ අතර, ආන්දෝලනාත්මක 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ දෙදින පාර්ලිමේන්තු විවාදය අද ආරම්භ වන අතර, ඊට අදාළ ඡන්ද විමසීම ලබන සිකුරාදා පැවැත්වීමට නියමිතව තිබේ.


Traffic Disruptions as SJB Protests Proposed 22nd Constitutional Amendment

Heavy traffic congestion has erupted around the Battaramulla, Polduwa junction, and Diyatha Uyana areas due to a series of protests organized by the Samagi Jana Balawegaya (SJB) against the proposed 22nd constitutional amendment. The demonstrations have drawn significant public attention, causing disruptions in the busy urban locale.

Meanwhile, a two-day parliamentary debate on the contentious draft bill pertaining to the 22nd constitutional amendments commenced today, with a vote scheduled for this Friday.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

11 Comments

  1. ඔක්කොම පාර දිගේ වැඳ වැටෙන පුතාලා තමයි දැන් ඉන්නේ නේද.. 🤣
    එක්කෙනෙක් බස් එකෙන් බහිනවා වඳිනවා ආපහු වඳිනව නගිනවා යනවා
    ජපන් කතා කරන පුතා පාර වහල වැඳලා අත වනලා යනවා. දෙන්නම බංකොලොත්

    ReplyDelete
    Replies
    1. Ape ratata aluth widiyata hithana wipakshayk dan one wela thiyenawa.....

      Delete
    2. නාමල්ට නං ඒ වුණාට දෙන්නෑ අපි මැරුණත්

      Delete
    3. ඇයි මේ ජෙප්පො අඬන්නේ? පව් නේ? බය වුනාද? 🤣😃

      Delete
  2. මොන විරෝධතා තිබ්බත් මාලිමාව වට්ටනවා බොරු

    ReplyDelete
    Replies
    1. ඡන්දයක් කියල බලපන්කො.

      Delete
  3. සීතල යන්න පොඩි අඩියක් දාගන්න.

    හැකිනම් ඔබත් පොල් දූවට පැමිණෙන්න.

    මේ පොද වැස්සේ හොද හැටියට නාගන්න.

    නා ගත් අයුරු බේරේදී සිහි වෙන්න.

    ReplyDelete
    Replies
    1. ඩෝබියන්ගේ දුක් ගීය.
      ඕක මචං ඉරිසියාව. රැසියාවටත් වඩා ලොකුයි ඕක.

      Delete
  4. ඩෝබිලාට ඇඬෙන ප්‍රවෘත්ති. ඕකුන් ඡන්ද වලට ගූ බයයි. කට කයිවාරු කියවන්න විතරයි දන්නේ. ඡන්දයක් තිබ්බොත් හොම්බෙන් යන්නේ.

    ReplyDelete
  5. ආරියතිලක


    එක්සත් ජාතීන්ගේ සංවිධානය, එකසත් ජාතීන්ගේ සංවිධානයෙහි මහ ලේකම්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ මහ කොමසාරිස් යන සියලු දෙනාගේ අවධානයට ලක්වීම සුදුසු බව..

    1978 අංක 2 දරණ අධිකරණ සංවිධාන පනත 49 වන වගන්තියෙහි (1)වන අනු වගන්තියෙහි;

    “ විනිශ්චයකාරවරයා පාර්ශවකරුවකරුවකු වන අවස්ථාවක නඩු විභාග කිරීම සඳහා විධිවිධාන;

    49(1) යම් විනිශ්චයකාරවරයකු පාර්ශවකරුවකු වන හෝ ඔහු පෞද්ගලික සම්බන්ධතාවයක් දක්වන නඩුවක, අපරාධ නඩුවක, නඩු කටයුත්තක හෝ කාරණයක පාර්ශවකරුවන් දෙදෙනාගේ ම කැමැත්ත ඇතිව මිස, ඒ නඩුව අපරාධ නඩුව, නඩු කටයුත්ත හෝ කාරණය පිළිබඳව අධිකරණ බලය ක්‍රියාත්මක කිරීමට ඒ විනිශ්චයකාරවරයාට බලය නොතිබිය යුතු අතර කිසි ම අවස්ථාවක එසේ අධිකරණ බලය ක්‍රියාත්මක් කරන ලෙස ඒ විනිශ්චයකාරවරයාට බල කිරීම ද කරනු නොලැබිය යුතු ය.”

    යනුවෙන් පනවා ඇත්තේ ය.

    2026 අගෝස්තු මස 07 වන දින
    II වන කොටස
    අතිරේකය
    (2026.08.07 දින නිකුත් කරයි) රජයේ ගැසට් පත්‍රයෙහි පළ කොට ඇති, විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතෙහි

    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරාජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීම

    2. (මෙහි මින්මතු “ආණ්ඩුක්‍රම ව්‍යාවස්තාව” යනුවෙන්
    සඳහන් කරනු ලබන) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී
    ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යායවස්ථාවේ 107 වන ව්‍යවස්ථාවේ
    (5) වන අනුව්‍යවස්ථාව ඉවත් කර ඒ සඳහා පහත දැක්වෙන
    අනුව්‍යවස්ථාව ආදේශ කිරීමෙන්:-

    "(5) ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරයන්
    විශ්‍රාම ගත යුතු වයස අවුරුදු හැට හත වන අතර,
    අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන් විශ්‍රාම
    ගත යුතු වයස අවුරුදු හැට පහ වන්නේය ය:

    එසේ වුව ද, අග්‍රවිනිශ්චයකාරවරයා විශ්‍රාම ගත යුතු දිනය, ඔහු වයස අවුරුදු හැට හතට එළඹෙන දිනය
    හෝ ඔහු අග්‍රවිනිශ්චයකාර ධූරයට පත්වන දිනයේ සිට
    වසරක හයක කාලසීමාවක් සම්පූර්ණ වන දිනය යන දින
    දෙකෙන් කලින් එළඹෙන දිනය වන්නේ ය.”.

    යනෙවෙන් ද කෙටුම්පත් කොට ඇත්තේ ය.

    මේ 22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම් පත පිළිබඳ පෙත්සම් විභාගයේ, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කථානායකවරයාට යොමු කළ තීන්දුවෙහි, විනිසුරු විශ්‍රාම වයස සම්බන්ධයෙන් වන පිරිවිතරයන් මෙම කෙටුම්පත ක්‍රියාත්මක වන දිනය වන විට අගවිනිසුරු තනතුරේ කටයුතු කරන පුද්ගලයාට අදාළ නොවන බව ද එහි සඳහන් වන බව කතානායකවරයා දන්වා ඇත්තේ ය.

    අග්‍රවිනිශ්චයකාරවරයා ඇතුලු පංච පුග්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාග වූ මේ පෙත්සම් විභාගය සිදු වීමත් තත් තීන්දුවෙහි විනිසුරු විශ්‍රාම වයස සම්බන්ධයෙන් වන පිරිවිතරයන් මෙම කෙටුම්පත ක්‍රියාත්මක වන දිනය වන විට අගවිනිසුරු තනතුරේ කටයුතු කරන පුද්ගලයාට අදාළ නොවන බව ද එහි සඳහන් වන බවත් කතානායකවරයා දන්වා ඇති බැවින් මෙම පනත් කෙටුම් පත සම්බන්ධ පෙත්සම් විභාගයට සම්බන්ධ වූ අනෙක් විනිසුරුවරුන් හට අදාළ වන බව පැහැදිලි ය. එසේ ම දැනට ධූරයේ කටයුතු කරන අන්‍ය සියලු විනිසුරුවරුන් හට අදාළ වේ. හෙවත් අග්‍රවිනිශ්චයකාරවරයා හැර, පෙත්සම් විභාග කළ අන්‍ය විනිසුරුවරුන් ඇතුලු සියලු විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 67 දක්වා දීර්ඝ වනවා ඇත.

    පෙත්සම විභාග කළ, අග්‍රවිනිශ්චයකාරවරයා හැර, අනෙකුත් විනිසුරුවරුන්ට ද මේ පනත් කෙටුම්පත සම්මත වීම සමඟ ම විශ්‍රාම වයස දීර්ඝ වීමෙන්, විශ්‍රාම ප්‍රතිලාභය ලැබෙනවා ඇත්තේය.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාව අනුව ජනමත වවිචාරණයකින් තොරව ⅔ විශේෂ බහුතරයෙන් පාර්ලිමේන්තුවේ සම්මත කිරීම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් ප්‍රකාශිත ය.

    එක්සත් ජාතීන්ගේ මිනිස් අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයෙහි 7 වන හා 8වන වගන්ති වන;

    “සියල්ලන් ම නීතිය ඉදිරියේ එකිනෙකාට සමාන වන අතර, නීතියේ ආරක්ෂාව ලැබීමට කිසිදු විශේෂයක් නොමැතිව සියල්ලෝම හිමිකම් ලබති. මේ ප්‍රකාශනයට පටහැනි ඕනෑ ම අසාධාරණයකින් ආරක්ෂා වීමේ අයිතියත් එවැනි අසාධාරණයන්ට පෙළඹවීමෙන් ආරක්ෂා වීමේ අයිතියත් සියල්ලන්ට ම හිමි වේ.”

    යනුවෙන් දක්වා ඇත්තේ ය.



    ReplyDelete
  6. ඉතිරි කොටස …
    ආරියතිලක

    8 වන වගන්තිය;

    “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවලින් හෝ නීතියෙන් හෝ ප්‍රදානය වී ඇති මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකදී, බලධාරී ජාතික අධිකරණයකින් ප්‍රතිකර්ම යොදා ගැනීමේ හිමිකම සෑම පුද්ගලයකු ම සතු වේ.”

    සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර් ජාතික සම්මුතියෙහි 14 වන වගන්තියෙහි 1 වන අනු වගන්තියෙහි පළමුවන් වැකියෙහි

    “1. සියලුම පුද්ගලයින් අධිකරණ සහ විනිශ්චය සභා ඉදිරියේ සමාන විය යුතුය.”

    “Article 14
    1. All persons shall be equal before the courts and tribunals.”

    යනුවෙන් දක්වා ඇත්තේ ය.

    සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතියෙහි 26 වන වගන්තියෙහි මෙසේ දක්වා ඇත්තේ ය.

    “26 වන වගන්තිය

    සියලුම පුද්ගලයින් නීතිය ඉදිරියේ සමාන වන අතර කිසිදු වෙනස්කම් කිරීමකින් තොරව නීතියේ සමාන ආරක්ෂාවට හිමිකම් ඇත. මේ සම්බන්ධයෙන්, නීතිය මගින් ඕනෑම වෙනස්කම් කිරීමක් තහනම් කරන අතර ජාතිය, වර්ණය,
    ලිංගිකත්වය, භාෂාව, ආගම, දේශපාලනික හෝ වෙනත් මත, ජාතික හෝ සමාජ සම්භවය, දේපළ, උපත හෝ වෙනත්
    තත්ත්වය වැනි ඕනෑම පදනමක් මත වෙනස්කම් කිරීමට එරෙහිව සියලු පුද්ගලයින්ට සමාන හා ඵලදායී ආරක්ෂාවක් සහතික කෙරේ.”

    (“Article 26
    All persons are equal before the law and are entitled without any discrimination to the equal
    protection of the law. In this respect, the law shall prohibit any discrimination and guarantee to all persons equal and effective protection against discrimination on any ground such as race, colour,
    sex, language, religion, political or other opinion, national or social origin, property, birth or other
    status.”)

    මේ සියල්ල ගත් කළ,

    1978 අංක 2 දරණ අධිකරණ සංවිධාන පනත 49 වන වගන්තියෙහි (1)වන අනු වගන්තියෙහි;

    “ විනිශ්චයකාරවරයා පාර්ශවකරුවකරුවකු වන අවස්ථාවක නඩු විභාග කිරීම සඳහා විධිවිධාන;

    49(1) යම් විනිශ්චයකාරවරයකු පාර්ශවකරුවකු වන හෝ ඔහු පෞද්ගලික සම්බන්ධතාවයක් දක්වන නඩුවක, අපරාධ නඩුවක, නඩු කටයුත්තක හෝ කාරණයක පාර්ශවකරුවන් දෙදෙනාගේ ම කැමැත්ත ඇතිව මිස, ඒ නඩුව අපරාධ නඩුව, නඩු කටයුත්ත හෝ කාරණය පිළිබඳව අධිකරණ බලය ක්‍රියාත්මක කිරීමට ඒ විනිශ්චයකාරවරයාට බලය නොතිබිය යුතු අතර කිසි ම අවස්ථාවක එසේ අධිකරණ බලය ක්‍රියාත්මක් කරන ලෙස ඒ විනිශ්චයකාරවරයාට බල කිරීම ද කරනු නොලැබිය යුතු ය.”

    යන වගන්තිය සමඟ එක්සත් ජාතින්ගේ මිනිස් අයිතිවාසිකම පිළිබඳ විශ්ව ප්‍රකාශනය හා සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතියෙහි ප්‍රඥප්ති අනුව ශ්‍රී ලංකා පුරවැසියන්ගේ අනාගතයේ යුක්තිය පසිඳලීම හා නීතියේ රැකවරණය සර්ව සාධාරණ භාවය කෙසේ සැළසෙන්නේ ද යන්න එක්සත් ජාතින්ගේ සංවිධානයේ හා එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා, මානව හිමිකම් කවුන්සලයේ මහ කොමසාරිස්වරයා, ඇතුලු සැමගේ අවධානය යොමු වීම ඇවැසි බව අපගේ අදහස ය.



    ReplyDelete
Previous Post Next Post