නිවසකට බෝම්බ ප‍්‍රහාරයක්.. දෙදෙනෙකු මරුට..


අද දින අළුයම් කාලයේ දෙහිවල පොලිස් වසමේ සිරිසඟබෝ මාවත ප්‍රදේශයේ නාඳුනන පුද්ගලයකු විසින් නිවසකට එල්ල කළ අත්බෝම්බ ප්‍රහාරයකින් බරපතල තුවාල ලැබූ පුද්ගලයකු සහ ළමුන් දෙදෙනෙකු කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ළමුන් දෙදෙනා මියගොස් ඇති බවට ලද පණිවිඩයකට අනුව දෙහිවල පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර ඇත.

මියගොස් ඇත්තේ අවුරුදු 11 සහ 17 වයස්වල පසුවන දෙහිවල ප්‍රදේශයේ පදිංචි පිරිමි ළමුන් දෙදෙනා වන අතර තුවාලකරු වයස 55 ක් වන ඔවුන් ගේ පියා වේ.

මෘත ශරීර කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මෙම අපරාධයට හේතුව හෝ සැකකරුවන් පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා දෙහිවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.





Tragic Bomb Attack Claims Lives of Two Young Boys in Dehiwala

A horrific incident unfolded early today in the Sirisanga Mawatha area of Dehiwala, where an unidentified individual launched a hand grenade attack on a residence. As a result, a 55-year-old man and his two sons sustained severe injuries; however, the two boys, aged 11 and 17, unfortunately succumbed to their injuries after being admitted to Kalubowila Hospital.

The police have initiated an investigation into the deadly attack, which has left the local community in shock. The deceased boys were residents of the Dehiwala area, and their father, who is now battling critical injuries, was reportedly the target of the assault.

The bodies of the victims have been placed in the morgue of Kalubowila Hospital. As of now, authorities have not disclosed any information regarding the motive behind the attack or any suspects involved. The police are continuing their inquiries in hopes of apprehending those responsible for this tragic event.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

7 Comments

  1. අම්බෝ කොටි නැගිටිනවා. ලංකට්ටප්පුහාමි එක්කන් එන්නෝ.

    ReplyDelete
  2. පාතාලේ සතියෙන් ඉවර කරනවා කිව්වා,
    ජාතික ආරක්ශාව ගැන උගන්නන්න බංකු අරන් එන්න කිව්වා.
    ඒත් පාතාලේ වෙඩි තියන ඒවා ඉවරෙකුත් නැහැ, කුඩු ගෙන්නන ඒවා ඉවරෙකුත් නැහැ.

    ReplyDelete
    Replies
    1. අද ලංකට්ටප්පුහාමි ඇතුලේ. 🤣

      Delete
    2. කො මේ ජේප්පන්ගේ බංකු බංකු නිදිද?

      Delete
  3. බංකු බංකු

    ReplyDelete
  4. ත්‍රස්තයන්ගේ පුනරාගමනය

    ReplyDelete
Previous Post Next Post