ගන්න කෙනෙක් නෑ.. වාහන අලෙවිය බහී.. මිලත් දැනෙන්නම අඩුවේ..


 පනවා තිබූ සීමා ලිහිල් කිරීමත් සමඟ මෙරට අවශ්‍යතාව ඉක්මවා වාහන ආනයනය කිරීම හේතුවෙන් මේ වන විට වෙළෙඳපොළේ වාහන මිල ගණන් සැලකිය යුතු මට්ටමකින් පහත වැටී ඇතැයි වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා සඳහන් කරන්නේ, වෙළෙඳපොළේ පවතින මෙම ප්‍රවණතාව හමුවේ ගැනුම්කරුවන්ට අඩු මිලකට වාහන මිලදී ගැනීමට ඉතා වාසිදායක පසුබිමක් නිර්මාණය වී ඇති බවයි.

සීමා ඉවත් කිරීමෙන් පසු මෙරට අවශ්‍යතාව වූයේ ඉතා සුළු වාහන ප්‍රමාණයක් වුවද, සීමාව ඉක්මවා විශාල වශයෙන් වාහන ආනයනය කිරීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ අතිරික්තයක් නිර්මාණය වී තිබේ.

මීට පෙර පැවති අධික මිල ගණන් සහ මෙම අතිරික්තය හේතුවෙන් වාහන අලෙවිය සීඝ්‍රයෙන් පහත වැටී ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස බොහෝ ආනයනකරුවන්ට සිය වාහන පාඩු පිට අලෙවි කිරීමට සිදුව ඇති බව ද හෙතෙම පෙන්වා දෙයි.

මේ වන විට දේශීය වෙළෙඳපොළේ ජනප්‍රිය වාහන මාදිලි වන යාරිස් (Yaris), වෙසල් (Vezel), රේස් (Raize), වැගන් ආර් (Wagon R), ඩයිහට්සු මීරා (Daihatsu Mira) සහ සුසුකි (Suzuki) වැනි සෑම වාහනයකම පාහේ මිල රුපියල් ලක්ෂ තුනත් හතරත් අතර මුදලකින් පහත වැටී ඇත.

එසේම ඇතැම් වාහනවල මිල රුපියල් ලක්ෂ 10කින් පමණ අඩු වී ඇති අතර, ඉදිරි කාලසීමාවේදී මෙම මිල ගණන් තවදුරටත් පහළ බසිනු ඇතැයි අපේක්ෂා කරන බවද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර, 2026 අගෝස්තු මාසයේදී මෙරට සමස්ත වාහන ලියාපදිංචිය ඊට පෙර මාසයට සාපේක්ෂව සියයට 13.8කින් පහත වැටී ඒකක 45,569ක් දක්වා අඩු වී තිබේ. මෙම පහත වැටීම වාර්තා වන්නේ 2025 නොවැම්බර් මාසයෙන් පසුව මෙරටින් වාර්තා වූ අඩුම මාසික වාහන ලියාපදිංචිය ලෙසිනි.





Vehicle Prices Plummet in Sri Lanka as Import Restrictions Eased

Following the relaxation of import restrictions, the Sri Lankan vehicle market has witnessed a significant drop in prices, surpassing existing demand, according to the Association of Vehicle Importers.

Indika Sampath Merencige, the association’s president, highlighted that this market trend has created an advantageous situation for buyers, allowing them to purchase vehicles at lower prices.

Although the demand after the removal of restrictions was initially modest, the importation of vehicles in substantial numbers has led to an oversupply in the market.

Previously high prices, coupled with the surplus, have resulted in a swift decline in vehicle sales. Consequently, many importers have been compelled to sell their vehicles at a loss.

Currently, popular models in the local market, including the Yaris, Vezel, Raize, Wagon R, Daihatsu Mira, and Suzuki, have seen prices drop significantly, now ranging between three to four million rupees.

Some vehicles have seen price reductions of around ten million rupees, and the association president further indicated that these prices are expected to decrease even more in the coming months.

Meanwhile, vehicle registrations in Sri Lanka had plunged by 13.8% in August 2026 compared to the previous month, with registrations dropping to 45,569 units. This decline marks the lowest monthly vehicle registration figure reported since November 2025.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

3 Comments

  1. පතිරණ ගලප්පත්තිSeptember 24, 2026 at 10:51 PM

    මුගේ ලණු කන්ඩ එපා. මේ වාහන මිළ අමතර 50% බද්දකුත් එකතු වෙලා තියෙන නිසා හොඳටම වැඩියි. මූ මේ බොරු කෙබර පත බාන්නේ වැඩි මිළට වාහන විකුණවන්ඩ. අහින්සක කොල්ලො මුලා වෙලා මුගෙ ලණු කාලා ගිණි ගනන් දීලා, ජපානේ පාවිච්චි කරලා විසි කරපු වාහන මෙහෙදි ඔඩොමීටරෙත් වෙනස් කරලා විකුණනකොට 2026/27 වර්ෂ වල එම වර්ගයේම අලුත්ම අලුත් වාහනයක් ගන්ඩ පුළුවන් මිළ වගේ හතර ගුණයක් ගෙවලා අරගන්ඩ එපා.

    බොහෝ තරුණ ළමයි තමන්ගේ දෙමාපියන්ගෙන් ලැබුණු ඉඩකඩම් විකුණනවා මේ පරණ යකඩ ගොඩවල් ගන්ඩ.සමහරු බැංකු ණය ගන්නවා. ඊට පස්සේ කාලාන්තරයක් කන්නෙ බොන්නෙ අඳින්නෙ නැතුව බැංකු වලට පොලී ගෙවනවා. ව්‍යායාම ටිකක් කර ගන්ඩවත් වෙලාවක් නෑ, හෝ ගාල වැඩ කරනවා සල්ලි කීයක් හැරි වැඩිපුර හොයා ගන්ඩ. අන්තිමට ලෙඩ වෙනවා. බයිපාස් එකක් කරන්ඩ නවලෝකෙට යන්ඩ වුණොත් ආයෙ කාර් එක උකස් කරණවා, නැත්නම් විකුණනවා.

    හැකි තරමින් පරිස්සමෙන් පොදු වාහන භාවිතා කරන්ඩ. විනෝද ගමනක් යන්ඩ වුණත් ඒ විදිය උත්සාහ කරන්ඩ. අත්‍යවශ්‍යම නම් ඉන්දියන් වාහනයක් ගන්ඩ, තමන්ගේ අවශ්‍යතා ඉටුකර ගන්ඩ, දරන්ඩ තරමක් දුරට හෝ පුළුවන් මට්ටමේ ගාණකට ගන්ඩ පුළුවන්.

    ReplyDelete
  2. වටිනාකම වගේ හතර ගුනෙකට අරගෙන

    බොරුවට බදු ගෙවන්න එපා

    ReplyDelete
Previous Post Next Post