ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය තුළ වසර 28කට අධික කාලයක් කැපී පෙනෙන සේවාවක් ඉටුකළ අභියාචනාධිකරණ විනිසුරු රත්නප්‍රිය ගුරුසිංහ මහතා සැප්තැම්බර් 01 වනදා සිය ධුරයෙන් විශ්‍රාම ලැබීය.
ඒ මහතා වෙනුවෙන් පැවැති සමුගැනීමේ උත්සවයේදී ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) සිය ඉහළම උපහාරය ඒ මහතා වෙත පිරිනැමීය.
1996 මාර්තු 05 වනදා සිය අධිකරණ සේවය ආරම්භ කළ ගුරුසිංහ මහතා, කොළඹ, නාවලපිටිය, ගම්පොළ, අවිස්සාවේල්ල, හලාවත, මාතර, මාතලේ සහ මහනුවර යන ප්‍රදේශවල මහේස්ත්‍රාත් සහ දිස්ත්‍රික් විනිසුරුවරයෙකු ලෙස සේවය කරමින් ජනතාවට විශිෂ්ට සේවාවක් ඉටු කළේය. 2012 වසරේදී මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස උසස්වීම් ලැබූ ඒ මහතා, අම්පාර සිවිල් අභියාචනා මහාධිකරණයේ මෙන්ම බදුල්ල සහ කොළඹ වාණිජ මහාධිකරණයේ ද විනිසුරුවරයෙකු ලෙස කටයුතු කළේය.
2020 දෙසැම්බර් 01 වනදා අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත් වූ ඒ මහතා, මෙම වසරේදී අභියාචනාධිකරණයේ වැඩබලන සභාපතිවරයා ලෙස ද වගකීම් ඉටු කරමින් අධිකරණ පද්ධතියේ පරිපාලන කටයුතු සඳහා සුවිශේෂී දායකත්වයක් ලබා දුන්නේය.
මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා සඳහන් කළේ, විනිසුරු ගුරුසිංහ මහතා සිය වෘත්තීය ජීවිතය පුරා ඉවසීම, සාධාරණත්වය සහ මානුෂීය ගුණයෙන් යුතුව කටයුතු කළ බවයි. නීති පද්ධතියේ අර්ථවත් ප්‍රතිසංස්කරණ සඳහා ඔහු දැක්වූ දායකත්වය නීතිඥ ප්‍රජාවගේ ඉහළ ඇගයීමට ලක් විය.
විශේෂයෙන්ම, හිටපු අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය විසින් විනිසුරු රත්නප්‍රිය ගුරුසිංහ මහතාව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස උසස් කිරීමට නිර්දේශ කර තිබූ බවත්, එම නිර්දේශය සම්බන්ධයෙන් ක්‍රියා කරන ලෙස නීතිඥ සංගමය දෙවතාවක්ම ජනාධිපති ලේකම් කාර්යාලයට මතක් කර දුන්නද, මෙතෙක් ඒ පිළිබඳව අවධානය යොමු වී නොමැති බවත් නීතිඥ සංගමය මෙහිදී අනාවරණය කළේය.
විශ්‍රාම යන විනිසුරුවරයාට නිරෝගී සුවය සහ සතුට පිරි අනාගතයක් ප්‍රාර්ථනා කරමින් නීතිඥ සංගමය පවසයි.
Long-serving Appeals Court Judge Ratnapriya Gurusinghe Retires After 28 Years of Service
Judge Ratnapriya Gurusinghe, who served prominently in Sri Lanka's judicial system for 28 years, officially retired from his position as an Appeals Court Judge on September 1.
During a farewell ceremony held in his honor, the Bar Association of Sri Lanka (BASL) presented him with their highest accolade, acknowledging his dedicated service.
Beginning his judicial career on March 5, 1996, Gurusinghe served the public through various roles as a Magistrate and District Judge in Colombo, Nawalpitiya, Gampola, Avissawella, Halawatha, Matara, Matale, and Kandy. He elevated to the position of High Court Judge in 2012, subsequently serving in the Ampura Civil Appeals High Court, as well as in the Badulla and Colombo Commercial High Courts.
On December 1, 2020, he was appointed as an Appeals Court Judge and this year has also assumed responsibilities as the acting president of the Appeals Court, significantly contributing to the administrative functions of the judiciary.
Rajiv Amarasuriya, the Chairman of the BASL, noted that throughout his career, Judge Gurusinghe demonstrated patience, fairness, and humanity. His contributions to meaningful reforms in the legal system have earned him high praise from the legal community.
Notably, former Chief Justice Shirani Bandaranayake had recommended Judge Ratnapriya Gurusinghe for elevation to the Supreme Court. Although the BASL had twice urged the Presidential Secretarial Office to act on this recommendation, no action has been taken to date.
As the Bar Association of Sri Lanka wishes the retiring judge a future filled with good health and happiness, the legal community reflects on his impactful legacy within the judicial system.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

කාදිනල් ගෙ ඉල්ලීම් විතරයි ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පිළිගන්නෙ.
ReplyDeleteKawda thummulle paddada kiwwe
DeleteKOTA LABANAATHMETHA
DeleteKALUKOTEK WEY WAGE
පචාධිපති මැරෙන්න හැදුවෙ විනිසුරුවරුන් නැහැ කියලා. මෙවා පචාධිපති සහ සූරයගෙ ඒකාබද්ධ වැඩසටහනෙ කොටස්. අවසානයෙ රට බෙදන ව්‍යවස්ථාව.
ReplyDeletePACHADIPATHI LABANAATHMETHA
DeleteKALUKOTEK WEY WAGE
අපිට ඉතිං ඉතුරු වෙලා තියෙන්නේ බලා ඉන්න එක විතරයි.
ReplyDelete😒😒😒
We can always rise-up to protect democracy. Nobody can stop that people power against dictatorship.
Deleteකාදිනල් කිව්වොත් හුන්ඩුවා අහනවා
ReplyDeleteලපයා තමන්ගේ උන්ට විතරයි තැන දෙන්නේ. ආණ්ඩු පෙරලුන ගමන්, සෙට් එකටම වැඩේ දෙන්න ඕනේ ආයි නැගිටින්න බැරි වෙන්න. කැරි ජෙප්පෝ ඒ කාලේ ඉදලම හුරතල් කරපුවායේ විපාක තමයි මේවා.
ReplyDeleteඅඩේ විමලගෙ පොන්නයන්ට දැන් මෙහෙම නිව්ස් ගහන්නත් මතක් වෙනවද?
ReplyDeleteසජීවී ශාක මහපොළවෙන් උදුරා භූමිතෙල් දමා ගිනි තබනා මිලේඥ වනචාරීන් වැනි බටහිර අසූචි මළපහ යොදා මොළ සෝදා නිර්මාණය කරනාළද අසම්මතයේ කළු වහළුන්ගේ සජීවී යථාර්ථය , පැතිකඩවන් යුනිපෝම පැළඳ සුද්දාගේ අන සහ විධාන බලහත්කාරයෙන් ක්‍රියාත්මක කිරීම සඳහාම මොළ සෝදා නිර්මාණය කර ගනු ලබනා අසංවේදී මිලේඥ නූගත්,පහත් හැලි වඳුරන් වැනි නරැමයන් පිළිබඳව සබුද්ධික සමස්ථයේ දැඩි විමරශණාත්මක මනස යොමු කිරීමටත්,.
ReplyDeleteබටහිර වසුරැ මලපහ තුල පීනා මොළ සෝදා, වහලුන්ට පැනවූ බටහිර සුද්දාගේ කෘෘර නාසිවාදී නීතියෙන් සියොලඟ පුරවා සුද්දා සිහිවන බොරැකොන්ඩය පළඳා,. සර් ව සම්පූර්ණ හීනමානය, හිස්බවේ ගිළුනා වූ දේශද්‍රෝහී වහල් වසළයකු රෑපාවතරනයට ලක්කර බටහිර සුද්දා විසින් නූගත් වහල් හීනමානසික කල්ලතෝනි වසළයන්ට පනවනා ලද මිලේඥ වහලුන්ගේ වසළ නීතිය හිසමත තබා කටයුතු කරනා,..
මුග්ධ, මිළේඥ, අසංවේදී උපන්ගෙයි කැත අප්පිරියජනක අනුකරනයට ලැදි හැලි වඳුරන් වැනි නරැමයන් පිළිබඳව සබුද්ධික සමස්ථයේ දැඩි අවධානය,.!
මුග්ධ, මිළේඥ, අසංවේදී උපන්ගෙයි කැත අප්පිරියජනක නරැමය කියල කිව්වෙ අපේ නායක සහෝදරයට නෙමේ නේද?
Deleteමේ ආණ්ඩුව කාලෙ හිටපු ඇමතිලා, පොලිස්පතිලා, අමාත්‍යංශ ලේකම්ලා හිරේ දැම්මා.
ReplyDeleteවෙන ආණ්ඩුවක් ආවොත් හිටපු අගවිනිසුරුලා, නඩුකාරයෝ, හිටපු ජනාධිපතිලා, මන්ත්‍රීල සෙට් එකම ඇතුලේ
දැන් සැපද
ReplyDelete