විවිධ පුද්ගලයන්ගේ බැංකු ගිණුම් අංක දසදහසක් පමණ යොදා ගනිමින් අන්තර්ජාලය ඔස්සේ කළ කෝටි ගණනක මූල්‍ය වංචාවන් ගණනාවක් හෙළිකර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු වංචා විමර්ශන අංශ සමත් වී ඇත.
වංචාකරුවන් රුපියල් කෝටි ගණනක මුදල් හුවමාරු කර ඇත්තේ කුලී පදනම මත හා මුදල් ගෙවා මිලදී ගත් අන්සතු බැංකු ගිණුම් වලින් බවට පොලිස් විමර්ශන මගින් අනාවරණය වි තිබේ.
ලාභ ලබන ව්‍යාපාරවලට සම්බන්ධ කරගෙන ඉන් ලැබෙන කොමිස් මුදල් ගිණුම්වලට බැරකරන බව පවසමින් විවිධ පුද්ගලයන්ගේ බැංකු ගිණුම් අංක ලබාගන්නා මෙම සංවිධානාත්මක කණ්ඩායම් පසුව එම ගිණුම්වලට යම් මුදලක් බැරකරමින් ගිණුම් හිමියාගේ විශ්වාසය දිනා ගැනීමට කටයුතු කරයි. අනතුරුව ගිණුම් හිමියාගේ ‘පින් අංක’ ඇතුළු ගිණුමේ රහස් තොරතුරු සූක්ෂ්ම ලෙස ලබාගන්නා මෙම කල්ලි එම ගිණුම් අංක මහා පරිමාණ මූල්‍ය අපරාධ සඳහා යොදා ගන්නේ ගිණුම් හිමියාට අල්පමාත්‍ර හෝ සැකයක් ඇති නොවන ආකාරයටය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පමණක් එවැනි ආකාරයේ පැමිණිලි 500 ක පමණ ප්‍රමාණයක් මේවනවිට වාර්තා වී ඇති අතර බොහෝ දෙනකු බැංකු ගිණුම් අන්සතු කර වංචාවකට ආධාර අනුබල දීමේ චෝදනාව මත නීතිය ඉදිරියේ අසරණ වී සිටින බව එම දෙපාර්තමේන්තුවේ ආරංචිමාර්ග කියා සිටියි.
අන්තර්ජාල වංචාකරුවන් විසින් නිවසේ සිට ආදායම් උපයාගන්නා ව්‍යාපාරවටල එක්වන ලෙසට මුහුණු පොත ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ දැන්වීම් පළකරමින් මේ සඳහා පුද්ගලයන් ඒකරාශී කරගන්නා බවද විමර්ශන රැසකින්ම අනාවරණය වී ඇත.
මෙම වංචනිකයන් පවසන්නේ තමන් දේශීය හා ජාත්‍යන්තර වෙළෙඳ සන්නාම සහිත සමාගම් හා ව්‍යාපාර සමග ගනුදෙනු කරන බව සහ ඉන් ලැබෙන ලාභාංශවලින් කොටසක් ගිණුම් හිමියන්ට ලබාදෙන බවය.
අවසානයේ ක්‍රිප්ටෝ කරන්සි මගින් විදෙස් රටවල ජාවාරම්කරුවන් අතට එම ගිණුම් අංක පත්වේ. එම ගිණුම් අංක භාවිත කරමින් විවිධ මූල්‍ය අපරාධ සිදුකරයි.දේශීය ගිණුම් හිමියන් අවසානයේ දැනුවත්ව හෝ නොදැනුවත්ව වංචාවට ආධාර අනුබල දීමක් කරන අතර ඔවුන්ට නීතිය ඉදිරියේ දඬුවම් ලැබීමට ද සිදුවන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය සඳහන් කරන්නේ කිසිදු ආකාරයකින් තමාට අයත් බැංකු ගිණුමක් බාහිර පාර්ශ්වයකට අන්සතු කිරීමක් නොකරන ලෙසය. ඒ ආකාරයෙන් අන්සතු කිරීම් නිසා අන්තර්ජාල මුදල් වංචාවලට ආධාර අනුබල දීමේ වරදට නිකරුණේ දඬුවම් ලැබීමට සිදුවන බවය.
- එෆ්. අස්ලම්
Large-Scale Financial Fraud Scheme Uncovered Involving Multiple Bank Accounts
The Criminal Investigation Department (CID) has exposed a massive financial fraud scheme facilitated through the internet, utilizing approximately ten thousand personal bank account numbers. The investigations revealed that criminals exchanged vast sums of money using accounts that were leased and purchased from unsuspecting individuals.
According to police inquiries, these fraudsters enticed individuals by claiming they were affiliated with lucrative businesses that offered commission payouts while securing their bank account numbers. Subsequently, the organized groups would deposit small amounts into these accounts to gain the trust of the account holders. They would then meticulously extract confidential information, including PIN numbers, ensuring that the account owners remained oblivious to the major financial crimes being committed using their accounts.
Currently, the CID has reported about 500 complaints of this nature, with many individuals inadvertently supporting these scams by allowing their accounts to be utilized. Sources within the department indicate that numerous individuals are now facing legal challenges due to their involvement.
Investigations have also uncovered that online fraudsters have been exploiting social media platforms, including Facebook, to recruit individuals into home-based income generation businesses. These operations claim to deal with both local and international brands, promising account holders a share of the profits.
Ultimately, these fraudulent operations can lead to the account numbers being handed over to international criminals who conduct various financial crimes under the guise of legitimate transactions. Local account holders often find themselves unwittingly facilitating these scams, which can result in legal repercussions for them as well.
The CID's Computer Crimes Investigation Unit has warned against any form of shared bank account ownership with external parties, emphasizing that such actions may significantly contribute to internet financial fraud. Involvement in such schemes can lead to severe penalties under the law.
- F. Aslam
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
