කාඩිෆ්හිදී පැවති දෙවැනි විස්සයි20 තරගයෙන් ශ්රී ලංකාව කඩුලු 6කින් පරාජය කළ එංගලන්ත කණ්ඩායම තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලියේ ජය තහවුරු කරගත් අතර, ඇෆ්ගනිස්තානයට එරෙහිව පන්දු 30කින් වේගවත්ම ශතකය වාර්තා කරමින් ඉන්දීය ආරම්භක පිතිකරු අභිෂේක් ෂර්මා නව ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වූ බව Cricinfo වෙබ් අඩවිය වාර්තා කරයි.
කාඩිෆ්හි සොෆියා ගාඩන්ස් ක්රීඩාංගණයේදී පැවති තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රැස්කර ගත්තේ ලකුණු 145ක් පමණි. පැතුම් නිස්සංක පන්දු 21කින් ලකුණු 37ක්ද, නායක චරිත් අසලංක පන්දු 31කින් ලකුණු 31ක්ද, වනිඳු හසරංග පන්දු 22කින් ලකුණු 27ක්ද ලබා ගත්හ. පන්දු යැවීමේදී විශිෂ්ට දස්කම් දැක්වූ ලියම් ඩෝසන් ලකුණු 32කට කඩුලු 3ක් දවාගනිමින් තරගයේ වීරයා සම්මානය දිනාගත්තේය.
ජයග්රාහී ලකුණු 146ක ඉලක්කය හඹාගිය එංගලන්ත කණ්ඩායම පන්දුවාර 12යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී සිය ජයග්රහණය සනිටුහන් කළේය. එංගලන්තය වෙනුවෙන් ප්රහාරාත්මක පිතිහරඹයක නිරත වූ ටොම් බැන්ටන් පන්දු 24කින් හයේ පහර 4ක් සහ හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 52ක් රැස් කළ අතර, ජොස් බට්ලර් පන්දු 16කින් ලකුණු 30ක් රැස් කළේය. ශ්රී ලංකාව වෙනුවෙන් මංගල විස්සයි20 තරගයට එක්වූ තරිඳු රත්නායක, දුෂ්මන්ත චමීර, එෂාන් මාලිංග සහ වනිඳු හසරංග එක් කඩුල්ල බැගින් දවාගත්හ. ඒ අනුව තරග 3කින් සමන්විත තරගාවලිය 2-0ක් ලෙස පෙරමුණ ගැනීමට එංගලන්තය සමත්ව සිටියි.
මේ අතර, දිල්ලි නුවරදී ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවති තෙවැනි විස්සයි20 තරගයේදී අයි.සී.සී. පූර්ණ සාමාජික රටක පිතිකරුවෙකු වාර්තා කළ වේගවත්ම විස්සයි20 ශතකයට හිමිකම් කීමට ඉන්දියාවේ අභිෂේක් ෂර්මා සමත් විය. ඔහු සිය ශතකය සම්පූර්ණ කළේ පන්දු 30ක් පමණක් වැය කරමිනි.
මීට පෙර සිම්බාබ්වේ ක්රීඩක සිකන්දර් රාසා (පන්දු 33) සහ නවසීලන්තයේ ෆින් ඇලන් (පන්දු 33) තබා තිබූ සම ලෝක වාර්තාව මෙන්ම 2017 වසරේදී ශ්රී ලංකාවට එරෙහිව රෝහිත් ෂර්මා පන්දු 35කින් පිහිටුවා තිබූ ඉන්දීය වාර්තාවද බිඳ දැමීමට අභිෂේක් සමත් විය. මුල් ලකුණු 50 පන්දු 16කින් ලබාගත් හෙතෙම, ඊළඟ ලකුණු 50 සඳහා වැය කළේ පන්දු 14ක් පමණි.
අවසානයේ පන්දු 34කදී දැවැන්ත හයේ පහර 11ක් සහ හතරේ පහර 9ක් සමඟින් ලකුණු 108ක් ලබා සිටියදී ඔහු දැවී ගියේය. අභිෂේක්ගේ මෙම සුපිරි ඉනිමත් සමඟ ඇෆ්ගනිස්තානයට එරෙහි තරගාවලිය 3-0ක් ලෙස පූර්ණ තරගාවලි ජයක් අත්කර ගැනීමටද ඉන්දීය කණ්ඩායම සමත්විය.
England Clinches Victory Against Sri Lanka as Abhishek Sharma Sets New T20 Record
In a thrilling match at Sophia Gardens, Cardiff, England secured a decisive victory over Sri Lanka by six wickets, confirming their win in the T20 series with a game to spare. Meanwhile, Indian opener Abhishek Sharma made headlines by achieving the fastest T20 century against Afghanistan, setting a new world record, according to reports from Cricinfo.
Batting first, Sri Lanka struggled despite winning the toss and opted to bat. They finished their innings at 145 runs, losing nine wickets in the allotted 20 overs. Pathum Nissanka emerged as the top scorer with 37 runs off 21 balls, followed closely by captain Charith Asalanka who contributed 31 runs. Wanindu Hasaranga added 27 runs, but the team’s batting performance fell short. England's Liam Dawson stood out with the ball, claiming three wickets for just 32 runs and earning the player of the match accolade.
Chasing a target of 146 runs, the England team demonstrated their prowess, comfortably reaching the target in just 12 overs with only four wickets lost. Tom Banton led the charge with an impressive 52 runs off 24 balls, featuring six boundaries and two sixes, while Jos Buttler chipped in with 30 runs from 16 balls. Sri Lanka’s bowling unit managed to take a wicket each through bowlers including Tharindu Ratnayake and Dushmantha Chameera. With this victory, England now leads the three-match series 2-0.
In an exciting match in Dehli, Abhishek Sharma showcased his explosive batting skills, becoming the fastest T20 player from a full ICC member nation to score a century against Afghanistan. He reached his landmark in just 30 balls, breaking previous records.
Prior to this, Zimbabwe's Sikandar Raza and New Zealand's Finn Allen held the record for fastest centuries, both scored in 33 balls, alongside Rohit Sharma's record of 35 balls against Sri Lanka back in 2017. Abhishek achieved his first 50 runs off just 16 deliveries and then completed the second 50 in a mere 14 balls.
He eventually finished his blistering innings with 108 runs off 34 balls, hitting 11 sixes and nine fours before being dismissed. Abhishek's stellar performance played a pivotal role in leading the Indian team to a 3-0 series victory over Afghanistan.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

පච කොටා ක්රිකට් හොරු එලවනවා කියලත් කිව්වා මතකයි. ඔය එලවලා තියෙන්නේ හොරු.
ReplyDelete