අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙණෙවිය ස්වාධීන වීමට සූදානම් වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රචාරයන් හුදෙක් පදනම් විරහිත දේශපාලන කටකතා පමණක් බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා පවසයි.
මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, කලින් කලට විවිධ පාර්ශ්වයන් විසින් සමාජය නොමඟ යැවීම සඳහා මෙවැනි සාවද්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම සුලබ ක්‍රියාවක් බවයි.
ජාතික ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ අතර මතභේද පවතින බවටත්, ඇතැම් අවස්ථාවලදී අග්‍රාමාත්‍යවරිය සහ ජනතා විමුක්ති පෙරමුණ අතර ගැටුම් පවතින බවටත් විවිධ කටකතා මින් පෙරද නිර්මාණය කළ බව සිහිපත් කළ ඒ මහතා, මේවායේ කිසිදු සත්‍යතාවක් නොමැති බව අවධාරණය කළේය.
මෙම අසත්‍ය දේශපාලන ප්‍රකාශ පිළිබඳව මෙරට ජනතාව මනා අවබෝධයකින් පසුවන බැවින් ඔවුන් මෙවැනි ප්‍රබන්ධ හමුවේ කලබලයට පත් නොවන බව පෙන්වා දුන් අමාත්‍යවරයා, "පිස්සන් කලබල වූ පමණින් වෛද්‍යවරුන් කලබල වන්නේ නැතැයි" පැවසීය.
Minister Dismisses Rumors of Prime Minister's Resignation as Political Fabrications
Minister of Agriculture, Livestock, Land and Irrigation, K.D. Lal Kantha, has labeled the circulating rumors about Prime Minister Harini Amarasuriya preparing to resign as mere baseless political gossip amplified through social media.
Addressing journalists' inquiries, the minister emphasized that spreading such misleading information has historically been a tactic used by various factions to mislead society.
He recalled previous tensions between the National People's Power and the Janatha Vimukthi Peramuna, indicating that narratives suggesting conflicts between the Prime Minister and the latter party have been concocted before. He firmly stated that these rumors lack any truth.
Reassuring the public, the minister pointed out that people in the country are becoming increasingly discerning regarding such false political declarations, which leads them to remain unfazed by sensational stories. He added, "The agitation of fools does not disturb the physicians."
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

හොරාට පුට්ටුව දාන දෙන්නනෙ සමහර විට ඇත්ත වෙන්නත් ඇති.
ReplyDeleteහරිනි පූට්ටු දාන් නෑ බූරුවෝ පිරිමි එක්ක.
Deleteමම හැන්ගෙයි
ReplyDeletestupid journalists ask stupid questions.
ReplyDelete