නැගෙනහිර පළාතේ මයිලන්තමඩු සහ මාධවනෙයි ප්‍රදේශවල පවතින පාරම්පරික තණබිම් ගැටලුව මුල් කරගනිමින් සිංහල හා දෙමළ ජනතාව අතර වාර්ගික නොසන්සුන්තාවක් නිර්මාණය කිරීමට ඇතැම් පිරිස් උත්සාහ දරමින් සිටින බවත්, ඊට රජය වහා විසඳුම් ලබාදිය යුතු බවත් ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම් මහතා අවධාරණය කරයි.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27/2 යටතේ ප්‍රශ්නයක් යොමු කරමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
මයිලන්තමඩු සහ මාධවනෙයි තණබිම් ප්‍රදේශවල අනවසරයෙන් පදිංචිව සිටින පිරිස් වහා ඉවත් කිරීමට පියවර ගත යුතු බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, හානියට පත් ඉඩම් කඩිනමින් යථා තත්ත්වයට පත් කර, පශු සම්පත් ගොවීන් සඳහා ප්‍රමාණවත් තණබිම් ප්‍රමාණයක් ගැසට් නිවේදනයක් මඟින් නීත්‍යනුකූලව තහවුරු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටියේය.
මඩකලපුව දිස්ත්‍රික්කයේ කිරාන් සහ චෙන්කලඩි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පිහිටි මෙම පාරම්පරික තණබිම් දශක ගණනාවක සිට කිරි ගොවීන් විසින් භාවිත කරනු ලබන බවත්, විරෝධතා, නඩු මාර්ග සහ රජයේ පොරොන්දු හමුවේ පවා අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීම නිසි ලෙස සිදු නොවීමෙන් ගැටලුව උග්‍ර වී ඇති බවත් හෙතෙම පෙන්වා දුන්නේය. මේ හේතුවෙන් පොට්ටුවිල්පත්තු සහ පට්ටිපලෙයි වැනි ආසන්න ප්‍රදේශවල ද තණබිම් අර්බුදය ගැටුම්කාරී තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ගොවීන් වෙනුවෙන් අක්කර 1,570 ක භූමි ප්‍රමාණයක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා නියෝග කර තිබියදීත් එය මෙතෙක් ක්‍රියාත්මක නොවීම පිළිබඳව ප්‍රශ්න කළ රාසමානික්කම් මහතා, මෙම ඉඩම් එළිපෙහෙළි කිරීමට අවසර දුන් පුද්ගලයන් සහ මේ වන විට අත්අඩංගුවට ගෙන සිටින පිරිස් පිළිබඳ තොරතුරු සභාවට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටියේය.
එමෙන්ම අදාළ තණබිම් තුළ නීතිවිරෝධී ලෙස සතුන් දඩයම් කිරීම සහ ගවයන් වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් නිසි නීතිමය පියවර නොගැනීම පිළිබඳව ද දැඩි කනස්සල්ල පළ කළ මන්ත්‍රීවරයා, නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාරවරිය මෙන්ම ඇතැම් බෞද්ධ භික්ෂූන් වහන්සේලා මෙම ගැටලුව පිටුපස සිටිමින් ජාතිවාදී ගැටුම් ඇවිළවීමට උත්සාහ දරන බවට ද චෝදනා කළේය.
මේ සම්බන්ධයෙන් රජය වෙනුවෙන් පිළිතුරු ලබාදුන් කෘෂිකර්ම, පශු සම්පත් සහ වාරිමාර්ග අමාත්‍යවරයා සඳහන් කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම් මහතා විසින් සභාවට ඉදිරිපත් කරන ලද කරුණු සියල්ල සත්‍ය බවත්, රජය එම කරුණු කිසිසේත් ප්‍රතික්ෂේප නොකරන බවත්ය.
Concerns Rise Over Ethnic Tensions in Eastern Province Amid Land Issues
Amid ongoing land disputes in the traditional grasslands of Mailantamadu and Madhavanai, rising tensions are threatening the peace between the Sinhalese and Tamil communities. Shanakiyan Rasamanickam, a member of parliament representing the Ilankai Tamil Arasu Kachchi, has urged the government to take immediate action to resolve these issues, which he claims are being exploited by certain groups to foster ethnic discord.
In a question posed under parliamentary standing order 27/2, Rasamanickam highlighted the necessity of addressing illegal settlements in these regions without delay. He called for the restoration of damaged lands and stressed the importance of legally validating a sufficient acreage of grasslands for dairy farmers through a gazette notification.
These traditional grasslands have been utilized by dairy farmers for decades, particularly in the Kiraan and Chenkalady divisional secretariats of the Batticaloa District. The escalating crisis has been exacerbated by inadequate removals of illegal occupants, which has led to protests and legal disputes. The lawmaker pointed out that the ongoing turmoil has spilled over into surrounding areas such as Pottuvilpatthu and Pattipalai, turning the land crisis into a volatile situation.
While there are presidential directives to allocate 1,570 acres for farmers, Rasamanickam questioned why this measure has not yet been implemented. He also requested information regarding individuals who facilitated the occupation of these lands and those currently in custody.
Expressing grave concern over the lack of legal measures taken against incidents of animals being attacked and cattle being shot within these lands, Rasamanickam accused former provincial governors and certain Buddhist monks of secretly instigating ethnic conflicts behind the scenes.
Responding on behalf of the government, the Minister of Agriculture, Livestock, and Irrigation confirmed that all concerns raised by Rasamanickam were indeed factual and stated that the government does not refute these issues.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ප්‍රබාකරන් වෙනුවට කාදිනල්ගේ වයිරය තූ
ReplyDelete"මේ සම්බන්ධයෙන් රජය වෙනුවෙන් පිළිතුරු ලබාදුන් කෘෂිකර්ම, පශු සම්පත් සහ වාරිමාර්ග අමාත්‍යවරයා සඳහන් කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම් මහතා විසින් සභාවට ඉදිරිපත් කරන ලද කරුණු සියල්ල සත්‍ය බවත්, රජය එම කරුණු කිසිසේත් ප්‍රතික්ෂේප නොකරන බවත්ය.
Deleteදී කිරට බලල්ලුත් සාක්කි!
ආරියතිලක
ReplyDeleteයාපනයේ එල්ටීටීඊයේ හිටපු දේශපාලන ප්‍රධානියෙකු වන තිලීපන් වෙනුවෙන් පිළිරුවක් විවෘත කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට වගවීමෙන් බැහැර විය හැකි ද?
LTTE දෙමළ කොටි සංවිධානයේ නායකයෙකු වන රාසයියා පාර්තීපන් හෙවත් තිලීපන් වෙනුවෙන්, යාපනය, නල්ලූර් කන්දසාමි කෝවිල ආසන්නයේ ඔහුගේ 39 වන අනුස්මරණයට සමගාමීව සැප්තැම්බර් 15 වන දා අලුතින් නිර්මාණය කරන ලද ලෝකඩ පිළිරුවක් විවෘත කර කෙරෙණි. දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ, යාපනය දේශපාලන ප්‍රධානියා වූ තිලීපන් වෙනුවෙන් පිළිරුවක් විවෘත කිරීම ශ්‍රී ලංකා ජනරජයට විරුද්ධව බෙදුම්වාදී ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කිරීමක් බව කිව යුතු ය.
මෙම තිලීපන්ගේ පිළිරුව විවෘත කිරීමෙන් පසුව ආණ්ඩුව එම පිළිරුව ඉවත් කිරීමට තවමත් ක්‍රියා කොට නැත. මෙහි වගකීම සෘජුව ම ජනාධිපතිවරයා වෙත පැවැරෙන්නේ ය. එයට හේතුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වන ව්‍යවස්ථාවේ (ආ) අනු ව්‍යවස්ථාව ප්‍රකාරව රටේ ආරක්ෂාව පැවැරෙන්නේ ජනතාවගේ විධායක බලය ක්‍රියාත්මක කරනු ලබන, ජනාධිපතිවරයාට බැවිනි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වන ව්‍යවස්ථාවේ (ආ) අනුව්‍යවස්ථාව මෙසේ පනවා ඇත්තේ ය.
“(ආ) රටේ ආරක්ෂාව ඇතුලුව ජනතාවගේ විධායක බලය ජනතාව විසින් තෝරා පත් කර ගනු ලබන ජනරජයේ ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කළ යුත්තේ ය.”
යනුවෙන් පනවා ඇත්තේ ය.
ජනාධිපතිවරයාට ඇත්තේ තම පුද්ගලික බලයක් නො වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනතාවගේ පරමාධිපත්‍ය බලයෙන් කොටසක් වන විධායකයේ බලය ය. එය ජනතාවගේ විධායක බලය ය. එය ද “රටේ ආරක්ෂාව ඇතුලුව ජනතාවගේ විධායක බලය” ලෙස ව්‍යවස්ථාපිත ය. රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් සර්ව සම්පූර්ණයෙන් ම ජනාධිපතිවරයා ජනතාවට වගකීමට බැදී යන්නේ ය.
ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 30(1) ව්‍යවස්ථාව පරිදි රාජ්‍යයේ ද විධායකයේ ද ආණ්ඩුවේ ද සංන්ද්ධ සේවාවන්හි ප්‍රධානයා වන්නේ ය.
එසේ ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වන ව්‍යවස්ථාවේ (3) වන අනුව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා ආරක්ෂක විෂය භාර අමාත්‍යවරයා ද වන්නේ ය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43 (3) වන ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයේ සමාජිකයෙක් ද අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානයා ද වන්නේ ය.
ජනාධිපතිවරයාට පැවැරී ඇත්තේ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවියෝජනීය සම්බන්ධයක් හා වගකීමකි. මේ වගවීමෙන් ජනාධිපතිවරයාට කිසි ලෙසකින් බැහැර නො විය හැකකේ ය.
තහනම් ලැයිස්තුගත ත්‍රස්තවාදී සංවිධානයක් වන දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ (එල්ටීටීඊ) , යාපනය දේශපාලන ප්‍රධානියා වූයේ තිලීපන් පිළිරුවක් විවෘත කිරීමට ඉඩ දීම, එසේ විවෘත කිරීමෙන් පසු එම පිළිරුව ඉවත් කිරීමට කටයුතු නො කිරීම හා එයට සම්බන්ධ වූවන්ට නීතිය ක්‍රියාත්මක නො කිරීම, ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන ලද බව කිව යුතු ය. ජනාධිපතිවරයා ජනාධිපති ධූරය භාර ගැනීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 32 වන ව්‍යවස්ථාවෙන් කියවෙන, දිවුරුම වන 4 වන උපලේඛණ ගත ප්‍රතිඥාව ප්‍රකාර දිවුරුම ද මෙයින් උල්ලංඝනය වනවා ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157අ (1) සහ (2) අනුව්‍යවස්ථා වලින් කියවෙන, ශ්‍රී ලංකාවේ දේශ පූරණත්වය උල්ලංඝනය කිරීමේ වරදට යටත් වන, දෙමළ ඊලාම් කොටි සංවිධානයේ (එල්ටීටීඊ) යාපනය දේශපාලන ප්‍රධානියකුව සිටි තිලීපන්ගේ පිළිරුවක් විවෘත කිරීමට ඉඩ දී, ජනාධිපතිවරයා නීතිය ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන්, ජනාධිපතිවරයාට පැවැරී ඇති වගකීම ඉටු නො කිරීමෙන් ව්‍යවස්ථාවමය වරදක් කිරීමට භාජනය වන බව කිව යුතු ය. ජතාවගේ පරමාධිපත්‍යයේ බලය මත රටේ ආරක්ෂාව සම්බන්ධයෙන්, විධායකයේ බලය ක්‍රියාත්මක නො කිරීම හේතුවෙන් ජනාධිපතිවරයා වෙතින් ආණ්ඩුක්‍රම ව්‍ය්වවස්ථාව උල්ලංඝනය විමක් සිදු වන බව ද කිව යුතු ය.
ඉතිරි කොටස…
ReplyDeleteආරියතිලක
මෙම වගකීම අන් කිසිවෙකු පිට දමා වගකීමෙන් නිදහස් වීමට ජනාධිපතිවරයාට කිසිසේත් ම හැකියාවක් නොමැති බව ද පැහැදිලි ය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157අ (1) සහ (2) අනුව්‍යවස්ථා;
ශ්‍රී ලංකාවේ දේශ පූරණත්වය උල්ලංඝනය කිරීම, තහනම් කිරීම
“157අ (1) ශ්‍රී ලංකාවේ දෙශය තුළ වෙන ම රජයක් පිහිටුවීමට, කෙලින් ම හෝ අන්‍යාකාරයකින් ශ්‍රී ලංකාව තුල දී හෝ ඉන පිටත දී හෝ අධාර කිරීම, අනුබල දීම, අනුග්‍රහය් දැක්වීම, මුදල් යෙදවීම, ධෛර්ය දීම හෝ දේශනා කිරීම කිසිදු තැනැත්තෙකු විසින් නොකළ යුතු ය.
(2) ශ්‍රී ලංකා දේශය තුළ වෙන ම රජයක් පිහිටුවීම, තම අරමුණුවලින් නැතහොත් පරමාර්ථවලින් එකක් ලෙස කිසිදු දේශපාලන පක්ෂයක් හෝ වෙනත් සංගමයක් හෝ සංවිධානයක් විසින් නො පිළිගනු ලැබිය යුතු ය.”
යනුවෙන් ව්‍යවස්ථා කොට ඇත්තේ ය.
2026 සැප්තැම්බර් 21 දින, BBC Sinhala වෙබ් පිටුවෙහි
රාසයියා පාර්තීපන් හෙවත් තිලීපන් පිළිබඳව දක්වා ඇත්තේ මෙසේ ය.
“තිලීපන් යනු කවුද?
යාපනයේ උරුම්පිරායිහි උපත ලද රාසයියා පාර්තීපන් හෙවත් තිලීපන්, උරුම්පිරායි දෙමළ මහා විදුහලෙන් සහ යාපනය හින්දු විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා වෛද්‍ය අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලැබුවේ ය.
එහෙත් වෛද්‍යවරයෙකු වීම පසෙක ලා ඔහු දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයට අනුබද්ධ ශිෂ්‍ය සංවිධානයේ ක්‍රියාකාරියෙකු ලෙස සම්බන්ධ විය.
අනතුරුව කොටි සංවිධානයේ වගකීම් දරමින් පෙරට පැමිණි තිලීපන් එම සංවිධානයේ ප්‍රචාරක අංශයේ මෙන් ම දේශපාලන අංශයේ වගකිම් දරමින් කටයුතු කර තිබේ.
ඉන්දියාවෙන් කළ ඉල්ලීම් සහ උපවාසය
ඉන්දු ලංකා සාම ගිවිසුම අත්සන් කර ඉන්දීය හමුදා යාපන අර්ධද්වීපයේ බලය තහවුරු ගන්නා සමයේ දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ, යාපනය දේශපාලන ප්‍රධානියා වූයේ තිලීපන් ය.
එම සමයේදී ඉල්ලීම් කිහිපයක් ඇතුළත් සන්දේශයක් තිලීපන් විසින් ඉන්දීය මහකොමසාරිස්වරයා වෙත යොමු කරන ලදී:
සිංහල රජයේ හමුදා දෙමළ ජනයා ජීවත්වන ප්‍රදේශවලින් ඉවත් කර ගත යුතු ය.
පුනරුත්ථාපන සේවා මුවාවෙන් උතුරු සහ නැගෙනහිර පළාත්වල රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුකෙරෙන සිංහල ජනාවාසකරණය අත්හිටුවීම.
දෙමළ ජනයා වෙසෙන උතුරු නැගෙනහිර පොලිස් ස්ථාන හා කඳවුරු අලුතින් පිහිටුවීම රජය විසින් නැවැත්වීම.
ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින සියලුම දේශපාලන සිරකරුවන් නිදහස් කළ යුතු ය.
දෙමළ ප්‍රදේශවල පාසල් තුළ කඳවුරු බැඳ සිටින ශ්‍රී ලංකා හමුදා හා පොලිස් බලඇණි ඒවායින් ඉවත්විය යුතු අතර රජය විසින් ග්‍රාමාරක්ෂකයන්ට ලබා දී ඇති ආයුධ ඉන්දීය හමුදා අධීක්ෂණය යටතේ නැවත ලබා ගැනීම.
ඉන්දීය ආණ්ඩුවෙන් මෙම ඉල්ලීම් සඳහා යහපත් ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් සිය ඉල්ලීම් ලැබෙන තෙක් උපවාසය අත්නොහරින බවට සපථ කරමින් 1987 සැප්තැම්බර් 15 පෙරවරු 9.30ට නල්ලූර් කන්දසාමි කෝවිල අසල තිලීපන් සිය මාරාන්තික උපවාසය ආරම්භ කළේ ය.”
තව ද, එම ලිපියෙහි,
“එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් සැප්. 16 වන දා උපවාසය පැවති ස්ථානයට පැමිණ තිලීපන් හමුවී ඇති අතර සැප්. 17 වන දා නිරාහාරව දුර්වල වෙමින් සිටි තිලීපන් උපවාස භූමියේ රැස්ව සිටි ජනයා අමතා කතා කර තිබේ.”
“දින 10කට අධික කාලයක් මාරාන්තික උපවාසයක නිරත වූ තිලීපන් සැප්. 26 වන දා උදෑසන මිය ගියේ ය.”
(උපුටා ගැනීම, BBC Sinhala වෙබ් පිටුවෙනි.)
පාදඩ වනචාරියා කොටි සැලසුම් ක්‍රියාත්මක කිරීමට පර දෙමළ කොටියා කියපු බොරු චෝදනා ඔක්කොම ඇත්ත කියලා පිලිගත්ත හැටි. 😡🤮 පාහර ත්‍රස්තවාදී ජෙප්පෝ වගේම දෙමළ කොටි ත්‍රස්තවාදීන්ගෙන් හැතිකරේම නියත නිරය උරුම කරගෙන ආපු කාලකණ්නි ටිකක්. තොපි යමලෝකෙට මකබෑවිලා යන දිනය ඉතාම ආසන්නයි 🤮🤮🤮
ReplyDeleteපොහොට්ටුවේ කොටියාගේ වැඩක් ද?
ReplyDeleteඋතුරෙන් සිංහලයන් එළවීමේ කුමන්ත්‍රණ කරන කොටි අවතාර කුලප්පු වෙලා.
DeleteThe people accusing of this are the ones responsible for this. Every accusation is an admission.
ReplyDelete