‘කවුරුත් නැති වෙලාවෙ නාමල්ගේ මෙසෙ උඩ ඩොලර් ලක්‍ෂ අටක් තිවුවා..’ - නිමල් පෙරේරාගෙ සාක්‍ෂිය ඒකයි..


 පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ, කිසිදු සාක්ෂියකින් තොරව හුදෙක් එක් පුද්ගලයෙකුගේ ප්‍රකාශයක් මත පමණක් පදනම්ව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවයි.

මන්ත්‍රීවරයාට එරෙහිව එල්ල වී ඇති චෝදනාව වන්නේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට එයාර් බස් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවේදී ඇමරිකානු ඩොලර් ලක්ෂ 08 ක කොමිස් මුදලක් ලබාගත් බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ ගම්මන්පිල මහතා, එයාර් බස් සමාගමෙන් ප්‍රියංකා විජේනායක යන අයට කොමිස් මුදලක් ලැබුණු බවටත්, ඇය එම මුදලින් කොටසක් ඕස්ට්‍රේලියාවේ වසන නිමල් පෙරේරා නමැත්තෙකුට ලබාදුන් බවටත් සාක්ෂි පවතින බව පිළිගත්තේය.

එහෙත්, නිමල් පෙරේරා විසින් එම මුදල නාමල් රාජපක්ෂ මහතාට ලබාදුන් බවට පවසන ප්‍රකාශය හැර වෙනත් කිසිදු සාක්ෂියක් විමර්ශකයන් සතුව නොමැති බව ඔහු අවධාරණය කළේය.

"නිමල් පෙරේරා කියන්නේ කවුරුත් නැති වෙලාවක ගිහින් නාමල් රාජපක්ෂ මහතාගේ මේසය උඩ ඩොලර් ලක්ෂ 8 තියලා ආවා කියලා. මේ ප්‍රකාශය ඇරුණම වෙන කිසිම සාක්ෂියක් නෑ. මේක හරියට උගන්ඩාවේ සල්ලි හැංගුවා, රොකට් යැව්වා, රත්තරන් අශ්වයෝ ගෙනාවා, ලැම්බෝගිනි ගෙනාවා වගේම තවත් එක මාලිමා පචයක් පමණයි," යැයි ද හිටපු අමාත්‍යවරයා සඳහන් කළේය.

යම් පුද්ගලයෙකුගේ ප්‍රකාශයක නම සඳහන් වූ පමණින් අත්අඩංගුවට ගැනීමට හැකි නම්, මෙරට කිසිදු පුරවැසියෙකුට තවදුරටත් ආරක්ෂාවක් නොමැති බව ගම්මන්පිල මහතා පෙන්වා දුන්නේය.

විශේෂයෙන්ම පොදු දේපළ පනත යටතේ නඩු පැවරීම හරහා සැකකරුවන්ට ඇප ලබාගැනීම අතිශය දුෂ්කර කර ඇති බවත්, මෙය මර්දනකාරී පාලනයක ලක්ෂණයක් බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

මෙම අත්තනෝමතික ක්‍රියාව හරහා නාමල් රාජපක්ෂ මහතා පමණක් නොව, සමස්ත ජනතාවම අනාරක්ෂිත තත්ත්වයකට පත්ව ඇති බව උදය ගම්මන්පිල මහතා සිය මාධ්‍ය හමුවේදී අවධාරණය කර සිටියේය.





Former Minister Critiques Arrest of MP Namal Rajapaksa as Unlawful

Udaya Gammanpila, the former Minister, has condemned the arrest and detention of Parliament Member Namal Rajapaksa, labeling it an entirely unjust and unlawful act. Speaking at a media briefing in Colombo, he emphasized that the arrest was based solely on an individual's statement without any substantial evidence to support it.

The allegations against the MP involve claims that he accepted an $800,000 commission in connection with a transaction for the purchase of aircraft for SriLankan Airlines. Gammanpila clarified that commission payments had indeed been made to individuals, including Priyanka Wijenayake from the airline. Furthermore, he noted that a portion of this money was purportedly given to someone named Nimala Perera residing in Australia.

However, he pointed out that apart from Perera's assertion that the money was handed over to Namal Rajapaksa, no other concrete evidence exists to substantiate these claims. "Nimala Perera says, in a situation where no one else is around, that he brought $800,000 and placed it on Namal Rajapaksa’s table. Once this statement was made, there’s no further evidence. This is comparable to stories about hiding money in Uganda or bringing in golden horses and Lamborghinis—just another ridiculous tale," Gammanpila remarked.

He stressed the grave implications such arbitrary arrest practices hold for citizens' safety. If apprehension can occur merely based on someone's name being mentioned in a statement, then the security of any citizen in the country is at risk, he warned.

Moreover, he denounced the difficulties surrounding granting bail to suspects through cases allocated under the Public Properties Act, suggesting that this reflects traits of a repressive governance. Gammanpila asserted that not only Namal Rajapaksa but the entire populace is finding themselves in a precarious situation due to these excessive measures.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

26 Comments

  1. You are absolutely right gamma. People still don't understand the gravity of the situation. This is the start of a dictatorship. When they understand it, it will be too late.

    ReplyDelete
    Replies
    1. Yes 100% correct. people doesn't know where they are heading to.

      Delete
    2. පතිරණ ගලප්පත්තිSeptember 5, 2026 at 7:15 PM

      Gammanpila has always been absolutely incorrect. For example, if you could recall his comments during the 52 day drama during Yahapalana, where Mithreepala illegally sacked the constitutionally protected prime minister, and unlawfully appointed Mahinda Rajapakshe as the PM, until the Supreme Court declared that the whole ordeal was illegal, Mr. Gammanpila continued to openly mislead the public by falsely defending Mithreepala's legal right to do so, quoting the sentences of the constitution prior to the 19th amendment was passed, which were (and still, are) not longer applicable. So, do not ever trust Gammanpila, just because he talks things that you would like to hear, because of your blind political obedience.

      Delete
  2. අල්ලස් ගත්ත නිමල් පෙරෙර කියන හොරා කියනව නාමල්ට සල්ලි ටිකක් දුන්නා කියල. ඒ සල්ලි අල්ලස් සල්ලිද නැත්නම් මූ බොරු කියනවද කියන සැකය ගොන් මහේස්ත්‍රාත්ගෙ චූටි මොළේට වැටිල නෑ. නිමල් පෙරෙර කියන දාර හොරා කොළඹ කොම්පියුටර් සමාගමක දාපු කෝටි 500 කළු සල්ලි නෙවෙයිද? තනිකරම දේශපාලන පලිගැනීම්

    ReplyDelete
    Replies
    1. එයා බස් නඩුව uk වල සාක්ෂි සහිතව ඔප්පු වෙලා ඉවරයි.
      කියවලා බලන්න
      නාමල්ට මේක ලේසි වෙන්නෑ

      Delete
    2. ඇනෝ විදිහට නොදා ගිහින් කියපන්කො උසාවියට ගිහින්. මහේස්ත්‍රාත්ගෙ චූටි මොළේට තේරෙයි ඒකට :D

      Delete
  3. මෝඩ ඡන්ද දායකයො ලක්ෂ 68 එකතුවෙලා රට මිනීමරු ජෙප්පන්ට බාර දුන්නා. තව ටික දවසකින් ලංකාව උතුරු කොරියාවේ තත්වයට පත්වෙනවා. අනිවාර්යයෙන්ම මහජනතාවට සදාකාලිකව දුක් විඳින්න වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඉන්න බැරිනම් තොලොංචි වෙලා පලයන්. මෙච්චර කල් අපි තොපිට ඕන විදිහට මේකේ ජීවත් උන අමාරුව දැන් උබලත් විදපන්. වැරදි කරන උන්ට දඩුවම් ලැබෙන්න ඕනේ,

      Delete
    2. අපි තොපිට ඕන විදිහට මේකේ ජීවත් උන අමාරුව

      amaruwa nathiwenna chandayak thiyanna kiyapan

      Delete
  4. Salli kothanada dath kotaa ethana

    ReplyDelete
  5. Mokek hari allas aran ape ge gavin thiyala gihin u mattu unoth mavane yako hire dhanne. allas gaththa ekata mukuth na. ai ithin meva usaviye inna eunta therenne naththe. usaviya pattama dheshapalane vela kiyala meken penava nedha. 22 gennath kalinma

    ReplyDelete
  6. wijedhasgen salli gaththa pacha kota ethakota

    ReplyDelete
  7. Tiran toilet ekedhi salli dhunna Gal aguru kumarayata meva valangu nadhdha

    ReplyDelete
  8. oka kiyala dan goda kalayak venava me sathi dheke thamai namlva athulta dhanne. gon dobinta meva therenne nadhdha? kavadha hari meva thamntath patthhu venava kiyala

    ReplyDelete
    Replies
    1. ekane 22 genath hamadhama bale inna hadahnne

      Delete
    2. 22 dheka genna unge hokm vahan hamdhama bale inna

      Delete
    3. 22 genavaoth ithin pare yanna venneth lanakve eunta palavaththe eunta one vidhihta

      Delete
    4. 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

      Delete
  9. namalwa 2.50% edala dapu baiyo neda methana dan welalenne

    ReplyDelete
    Replies
    1. ubala Namolya PROMOTE karanawa

      meken wenne

      Delete
  10. ඉතිං ඒ සල්ලි සාක්කුවට දාගන්නේ නැතුව පොලිසියට දෙන්න එපැයැ බං

    ReplyDelete
    Replies
    1. 😂😂😂😂😂😂😂😂😂😂💀💀💀💀💀

      Delete
  11. මෙම පුද්ගලයන් අධිකරණය හමුවේ නඩු කටයුතු සම්බන්ධයෙන් වෘත්තීයමය ලෙස පෙනී සිටින්නේ නැති වුවද, මයික්‍රෆෝන ඉදිරියේ නම් බයිලා ගසමින් විශාල කතා පවත්වති!

    ReplyDelete
  12. මම මලීමවේ. අද සිට පොහොට්ටුව ට

    ReplyDelete
    Replies
    1. Thankola tikak aran yanna. Ehe untath kanna naha lu dan. 😂

      Delete
  13. daisy achchige manik malla part 2 director -gonmanpilleyan. 100 million paga gahuwata awurudu 40k athule....meka uk walin file kala naduwak.....lesi na...

    ReplyDelete
Previous Post Next Post