මෙගාවොට් 300 ක භූමිය මත ඉදි කරන ලද සූර්ය බල ශක්ති ව්‍යාපෘති මාලාවේ පළමු ව්‍යාපෘතිය නිල වශයෙන් ජාතික විදුලි බල පද්ධතියට එක් කිරීමේ ආරම්භක වැඩසටහන ගරු වරාය,සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වය අද (13) පෙරවරුවේ වේයන්ගොඩදී පැවැත්විණි.
මෙහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් ගරු වරාය,සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ප්‍රකාශ කරනු ලැබුවේ “මෙරට පොසීල ඉන්ධන සදහා වාර්ෂිකව විශාල විදේශ විනිමයක් රටින් පිටවෙන බැවින් පුනර්ජනනීය බලශක්ති අංශයන් වර්ධනය වීම තුල ඒ සදහා වැයවෙනු ලබන විදෙස් මුදල් රටතුල ඉතිරිවෙන බවත් මෙවැනි ව්‍යපෘතීන් ආයෝජනයක් මෙන්ම මහජන සේවාවක් ලෙසද ක්‍රියාත්මක විය යුතු බවයි”.
මෙම අවස්ථාව සදහා ගරු ආගමික සහ සංස්කෘතික නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර්,ගම්පහ දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රි රුවන් මාපලගම,අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති ඒ.ඩී.ඩී විජේසිංහ,ශ්‍රී ලංකා සුනිත්‍යය බලශක්ති අධිකාරියේ (SEA) සභාපති අචාර්ය ටී.එම් විජේන්ද්‍ර බණ්ඩාර,අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු රෝහණ රන්දොඹගේ,නියෝජ්‍ය අධ්‍යක්ෂ විමල් නදීර සහ හේලිස් ෆෙන්ටන්ස් ලිමිටඩ් ආයතනයේ කළමණාකාර අධ්‍යක්ෂ හසිත් ප්‍රේමතිලක යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි විය.
ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක කරනු ලබන මෙගාවොට් 300ක ඉලක්කගත භූමිය මත ඉදි කෙරෙන සූර්ය බල ශක්ති ව්‍යාපෘති මාලාවේ පළමුවෙන්ම ජාතික විදුලි බල පද්ධතියට එක් කරන ව්‍යාපෘතිය මෙය වන අතර, එමගින් මෙගාවොට් 3 ක ධාරිතාවයක් (MW) උද්පාදනය කරනු ලබයි. මෙය හේලිස් ෆෙන්ටන්ස් ලිමිටඩ් ආයතනය විසින් ක්‍රියාත්මක කරන අතර බලශක්ති අමාත්‍යංශය සහ ඊට අනුබද්ධ ආයතනයන් තුලින් අධික්ෂණයට ලක්වේ.
ශක්තිමත් බලශක්ති උපාය මාර්ග තුල රජය ඉහල වැඩි දායකත්වයක් අත්පත්කර ගන්නා අතර ප්‍රද්ගලික අංශය සදහාද හදුනාගත් අංශයන් තුල මැදිහත්ව පුනර්ජනනීය බලශක්තිය දිරි ගැන්වීමට යෝජනා කර ඇත.එ් අනුව තෝරාගත් ප්‍රදේශයන් තුල ප්‍රද්ගලික අංශයේ මැදිහත් වීම තුලින් මෙවැනි ව්‍යාපෘතීන් ක්‍රියාත්මක වේ.
2030 වන විට මෙරට බලශක්ති අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තිය මගින් ලබා ගැනීම මෙන්ම 2040 වන විට කාබන් ශුන්‍ය තත්ත්වය ළඟාකර ගැනීම ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ඉලක්ක බවට පත්ව ඇත. මෙම ක්‍රියාවලිය සඳහා COP26 හි මූලධර්මවලට අනුකූලව නව ගල් අඟුරු බලාගාරවලට එරෙහි ප්‍රතිපත්තිය ද ඇතුළත් වේ.
ජාතික විදුලිබල ජාලයට, සොබාදහමෙන් නොමිලේ ලැබෙන පිරිසිදු පුනර්ජනනීය බලශක්තිය වැඩි වශයෙන් අවශෝෂණය කළ හැකිවන ලෙස අදියර වශයෙන් වැඩිදියුණු කිරීම වත්මන් රජයේ ප්‍රධාන බලශක්ති උපාය මාර්ගයන් තුල අන්තර්ගතය.
ඒ අනුව වර්තමාන සියලු ප්‍රයත්නයන් හා ව්‍යාපෘති, පුනර්ජනනීය බල ශක්ති භාවිතය වේගයෙන් පුළුල් කිරීම සහ ආනයනික, මිල අධික සහ පරිසර දූෂණයට දායක වන පොසිල ඉන්ධන භාවිතය ක්‍රමයෙන් අඩු කිරීම කෙරෙහි ඉලක්කගත කර ඇත.
මෙම ව්‍යාපෘතිය මෙගාවොට් 3ක (MW) AC ධාරිතාවයකින් සහ මෙගාවොට් පැය 4,143.36ක DC ධාරිතාවයකින් සමන්විතවන අතර, ඒ සඳහා දෙපසින් විදුලිය උත්පාදනය කළ හැකි වොට් 640 ඉහළ කාර්යක්ෂමතාවයෙන් යුතු (Bifacial) සුර්ය පැනල භාවිත කර ඇත. මේ තුලින් වසරකට විදුලි ඒකක කිලෝවොට් පැය (kWh) 6,351,770.88 පමණ ජාතික විදුලි බල පද්ධතියට එකතු කිරීමට අපේක්ෂිත අතර, වසරකට වායු ගෝලයට එකතු වන කාබන් ඩයොක්සයි (CO,) ප්‍රමාණය ටොන් 4,339.53කින් පමණ අවම කිරීමටද දායක වේ.
පොළොවේ සිට මීටර් 2.7ක පමණ (අඩි 9කට ආසන්න) උපකින් පැනල සවිකර තිබීම නිසා, පැනල වලට පහළින් ඇති භූමියද ඵලදායි ලෙස භාවිත කිරීමට අවස්ථාව සැලසී ඇත. “නව්‍ය කෘෂි - සුර්ය බලශක්ති සංකල්පයට" (Agrivoltaics) අනුකූලව ව්‍යපෘතියක් ලෙසද ක්‍රියාත්මක අතර බලශක්ති උත්පාදනයට අමතරව නයිමිරිස් සහ වම්බටු වැනි එළවළු වගාවන් සඳහාද ඉඩකඩ සලසා දී තිබීම විශේෂත්වයක් වේ.වඩාත් පරිසර හිතකාමි තිරසර බලශක්ති ඉලක්කයන් සපුරා ගැනීම පිණිස ව්‍යපෘතිය සැලසුම් කර ඇත.
Launch of First Solar Power Project at Mega Watt 300 Area
Today, a significant step towards enhancing Sri Lanka's renewable energy capabilities was taken with the official integration of the first solar power project into the national grid. This inaugural ceremony was led by the Honorable Minister of Ports, Civil Aviation, and Energy, Anura Priyadharshana Yapa, at Wayangoda.
During the event, Minister Yapa emphasized the pressing need for the development of renewable energy sectors in Sri Lanka. He explained that the country faces a substantial annual outflow of foreign currency due to the importation of fossil fuels. The growth of renewable energy not only conserves foreign funds but also must be perceived as both an investment and a public service.
Attendees included several dignitaries, such as the Honorable State Minister of Religious and Cultural Affairs, Muneer Niyaf, Gampaha District Parliament Member Ruwan Mapaalagama, Chairman of the Attanagalla Pradeshiya Sabha. A.D.D. Wijesinghe, Chairman of the Sri Lanka Sustainable Energy Authority (SEA) Dr. T.M. Wijendran Bandaara, Director General Engineer Rohana Randombage, Deputy Director Vimal Nadeera, and Director of Helis Fentons Limited Hasith Premathilaka, among others.
This solar power project, constructed on designated land at the Mega Watt 300 site, will produce a capacity of 3 Megawatts (MW). Managed by Helis Fentons Limited, it falls under the supervision of the Ministry of Power and associated agencies.
The government aims to significantly enhance participation in energy initiatives while also fostering the involvement of the private sector to promote renewable energy generation. Consequently, through collaborations in selected areas, such projects can be effectively executed.
By 2030, Sri Lanka aims to achieve 70% of its energy requirements through renewable sources, with a target to reach carbon neutrality by 2040. This initiative aligns with the principles discussed at COP26, which include policies to phase out new coal projects.
Integrating more clean, renewable energy, which is abundantly available from nature, is included in the current government's key energy strategy. This strategy aims to expedite the adoption of renewable energy while methodically reducing reliance on imported fuels that contribute to high costs and environmental degradation.
The project comprises an AC capacity of 3 MW and a DC capacity of approximately 4,143.36 Megawatt hours, using high-efficiency bifacial solar panels capable of producing power from both sides. The initiative aims to add around 6,351,770.88 kilowatt-hours (kWh) to the national grid annually and is expected to reduce carbon dioxide emissions by about 4,339.53 tons each year.
Installed approximately 2.7 meters (about 9 feet) off the ground, the panels also allow for productive use of the land beneath them. Operated under the concept of Agrivoltaics, the project not only focuses on energy production but also provides opportunities for cultivating crops such as tomatoes and cucumbers. The design of the project is aimed at fulfilling sustainable energy targets in an environmentally friendly manner.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
