කතානායක ඉල්ලා අස්වෙයි..?


 කථානායක ජගත් වික්‍රමරත්න මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් වන බවට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ වාර්තා පළවෙයි.

නමුත්, ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු නිල තහවුරු කිරීමක් සිදු කර නොමැත.

කථානායකවරයාට එරෙහිව ලැබී ඇති පැමිණිලි මත  අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබීම හේතුවෙන්, ඔහු තවදුරටත් කථානායක ධුරයේ කටයුතු කිරීම සදාචාරාත්මක නොවන බවට විවිධ පාර්ශ්වවලින් දිගින් දිගටම එල්ල වන දැඩි විරෝධය හා බලපෑම හමුවේ ඔහු මෙම තීරණයට එළඹීමට ඉඩ ඇති බවට එම සමාජ මාධ්‍ය වාර්තාවල දැක්වේ.

කථානායකවරයාගේ මූල්‍යමය විෂමාචාරයන් සහ වරප්‍රසාද අයුතු ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තවේ හිටපු නියෝජ්‍ය ලේකම් විසින්ද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිලි ඉදිරිපත් කර තිබිණි.

ව්‍යවස්ථාදායකයේ ප්‍රධානියා මෙන්ම ස්වාධීන විය යුතු කථානායක ධුරය හොබවන පුද්ගලයෙකු මෙවැනි බරපතළ විමර්ශනයකට ලක්වෙමින් සිටියදී එම ධුරයේ රැඳී සිටීම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට හා ආචාරධර්මවලට පටහැනි බවට දේශපාලන හා සිවිල් ක්‍රියාකාරීන් ප්‍රසිද්ධියේ චෝදනා එල්ල කර තිබුණි.

මෙම චෝදනා සහ විමර්ශන පසුබිම් කරගනිමින් කථානායකවරයා සිය ධුරය අත්හැරීමට සූදානම් වන බවට තොරතුරු ප්‍රචාරය වුව ද, මේ සම්බන්ධයෙන් කථානායක නිල කාර්යාලය හෝ රජයේ වගකිවයුතු කිසිදු අංශයක් මෙතෙක් නිල නිවේදනයක් නිකුත් කර නොමැත.





Speaker of Parliament Jagath Vidyadaranama Rumored to Resign Amid Corruption Investigations

Reports circulating on social media suggest that Speaker of Parliament Jagath Vikramarathna is preparing to resign from his post. This speculation comes in the wake of ongoing inquiries into allegations of bribery and misconduct against him, initiated by the Commission to Investigate Allegations of Bribery or Corruption.

Despite the mounting public discontent and pressure from various quarters regarding the ethical implications of his continued tenure, there has been no official confirmation from the Speaker’s office about his potential resignation.

Concerns have also been raised about the misuse of financial privileges and the allegations made by a former Deputy Secretary of Parliament regarding possible misconduct, which further complicates his position amid the investigations.

Political analysts and civil society activists have publicly condemned the Speaker's decision to remain in office while under such serious scrutiny, labelling it a potential threat to parliamentary democracy and ethical governance.

While rumors indicate that Vikramarathna may be ready to step down, no formal statement has yet been issued from his office or any government authority regarding this matter.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

8 Comments

  1. ලැජ්ජයි හලො. පීචං වෙන්නෙ නැතිව දැන්මම එන්න. මම දොරකොඩ බලා ඉන්නවා. මීට සමීර.

    ReplyDelete
    Replies
    1. ඉල්ලා අස්වෙලා lollipop කන්න කියන්න ලැජ්ජ යි යකෝ

      Delete
  2. Horek, wilopithayek noven ekek

    hoyaganna amaruy wage

    ReplyDelete
  3. මූට පැය විසිහතරම පැලවට්ටට වෙලා කටට ගන්න පුලුවන් දැන්

    ReplyDelete
  4. කතානායක ට තියෙන චෝදනා මොනවද අනේ අලුත්කඩේ මුල් පුටුවේ ඉන්න කෙනාට තියෙන චෝදනා එක්ක බලද්දි

    සැක කටයුතු ලෙස පුතාට කෝටි ගණන් වටින තට්ටු නිවාස ලැබෙනවා
    හොර උප්පැන්න හදනවා
    වාහන පර්මිට් විකුණනවා

    ඔයිට වඩා නීති ගරුකව ජීවත් වෙන මිනිස්සු ලක්ස ගාණක් මේ රටේ ඉන්නවා

    ඒවගේ මිනිස්සුන්ගේ නඩු අහන්නේ මූ තමා

    ReplyDelete
  5. Ane yanna ane yanna.

    ReplyDelete
  6. ඩොබයියො රන්වලයව රොස් කරන්න පටන් අරගෙන.

    ReplyDelete
Previous Post Next Post