ඉදිරි අයවැයෙන් බන්ධනාගාර නිලධාරීන්ගේ වැටුප් හා දීමනා වැඩිකිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබෙනවා යයි අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
ඔහු මෙම අදහස් පළ කළේ දුම්බර බෝගම්බර බන්ධනාගාරය සහ පල්ලේකැලේ එළිමහන් බන්ධනාගාරය මුලික කර ගනිමින් ඒකාබද්ධ යාන්ත්‍රණය පිහිටුවීමෙන් පසුව දුම්බර බන්ධනාගාරයේ නිලධාරීන්ට පවතින ගැටළු සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවේදී අදහස් පළ කරමිනි.
සාකච්ඡාවේදී අදහස් පළ කළ අධිකරණ අමාත්‍යතුමා,
මීගමුව බන්ධනාගාරය තුළ ඇතිවු ගැටුමෙන් මියගිය බන්ධනාගාර නිලධාරීන් වෙනුවෙන් ඔවුන්ගේ ඥාතීන් වෙත වන්දි මුදල් ලබාදීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. බන්ධනාගාර නිලධාරීන්ගේ වැටුප් දීමනා වැඩි කිරීම සම්බන්ධයෙන් ඉල්ලීම් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්තුමා හරහා ලැබී තිබෙනවා. ඔබ කරනු ලබන විශිෂ්ට සේවය වෙනුවෙන් වැටුප් හා දීමනා ඉහළ නැංවිය යුතුයි. ඉදිරි අයවැයෙන් බන්ධනාගාර නිලධාරීන්ට දීමනාවක් ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමා සමග සාකච්ඡා කළා. බන්ධනාගාර දෙපාර්තමේන්තුව තුළ විශාල නිලධාරී පුරප්පාඩු සංඛ්‍යාවක් තිබෙනවා. නිලධාරීන්ගේ සේවය මුදලින් තක්සේරු කරන්න බැහැ. බන්ධනාගාර තදබදය අවම කිරීමට සියලු පියවර ගෙන තිබෙනවා. ලබන වසරේ ජනවාරි 31 වන දින වන විට මාස තුනකට වඩා වැඩි කාලයක් රස පරීක්ෂක වාර්තා ප්‍රමාදවීම හේතුවෙන් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටිය නොහැකි වන පරිදි වැඩ පිළිවෙළක් සකස් කර තිබෙනවා.
මත්ද්‍රව්‍යට ඇබ්බැහිවුවන්ට සමාව දෙනවා වගේම අලෙවි කරන්න්නට කිසිම සමාවක් නැහැ. මත් ද්‍රව්‍ය සැපයුම නවතා දැමීමට අපිට හැකියාව තිබෙනවා. නමුත් ඉල්ලුම නතර කිරීමට නම් සමාජයේ සහාය අවශ්‍යයි. ඔබට ආර්ථික ගැටළු පවතින්න පුළුවන් නමුත් සමාජ විරෝධි කටයුතු කිරීමට කටයුතු කරන්න එපා. බන්ධනාගාර වෘත්තිය ගෞරවණිය වෘත්තියක් වන බැවින් සේවයේ ගරුත්වය ආරක්ෂා කර ගනිමින් බන්ධනාගාර නිලධාරීන් කටයුතු කළ යුතුයි. ගෞරවය බන්ධනාගාර නිලධාරීන් අතරත් යම් යම් ප්‍රතිලාභ අපේක්ෂාවෙන් සමාජ විරෝධි කටයුතු කරනු ලබන නිලධාරීන් ඉන්න පුළුවන්. කිසියම් ප්‍රතිලාභයක් වෙනුවෙන් තවත් අයෙතුගේ ජීවිතයක් විනාශ නොකළ යුතු බවද අමාත්‍යතුමා සදහන් කළේය.
නඩු කටයුතු සදහා රැදවියන් රැගෙන යාමේදී නිලධාරීන් මුහණ දෙන ගැටළු, රැදවියන්ගේ සහ නිලධාරීන්ගේ සුභ සාධන ගැටළු ඇතුළු කරුණු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා විය.
බන්ධනාගාරයේ පවතින තත්වය පිළිබදව නිරීක්ෂණයක ද අමාත්‍යතුමා නිරත වු අතර, එහිදී සිරකරුවන් මුහුණ දී ඇති ගැටළු සම්බන්ධයෙන් ඔවුන් සමග සාකච්ඡාව කරන ලදී.
බන්ධනාගාර තුළ ගැටුම්කාරී තත්වයක් ඇති වුවහොත් හදිසි ප්‍රතිචාර දැක්වීමට සහ රැදවියන්ගේ සුභ සාධන කටයුතු විධිමත් කිරීමේ අරමුණින් යුතුව සියලු බන්ධනාගාර මුලික කර ගනිමින් ඒකාබද්ධ යාන්ත්‍රණ පිහිටුවීමට පියවර ගෙන තිබේ.
ඒකාබද්ධ
යාන්ත්‍රණය පිහිටුවීමේ
අවස්ථාවට මහනුවර සහ මාතලේ
දිසා භාර නියෝජ්‍ය පොලිස්පති
සුදත් මාරසිංහ, බ්‍රිගේඩියර්
කේ. එස්.
පී.
පොත්තපිටිය,
මහනුවර
අතිරේක දිසාපති ලලිත් අම්පාවල,
මැණික්හින්න
ප්‍රාදේශිය ලේකම් කෞශල්‍යා
දිසානායක, දුම්බර
බෝගම්බර බන්ධනාගාර අධිකාරී,
එල්.
පී.
වර්ණකුලසුරිය,
එහි සහකාර
බන්ධනාගාර අධිකාරී එච්.එම්.ඩී.හේරත්,
පල්ලෙකැලේ
සහකාර බන්ධනාගාර අධිකාරී
මංගල වැලිපිටිය යන මහත්ම
මහත්මීන් සහ බන්ධනාගාර
දෙපාර්තමේන්තුව, පොලිසිය,
නාවික හමුදාව,
ගුවන් හමුදාව,
ජල සම්පාදන
මණ්ඩලය, ගිනි
නිවීමේ හමුදාව ඇතුළු රාජ්‍ය
ආයතන නියෝජනය කරමින් නිලධාරීන්
එක්ව සිටියහ.
Minister Highlights Salary Raises for Prison Officers in Upcoming Budget
The Minister of Justice and National Integration, Harshana Rajapaksha, has drawn attention to proposed salary increases and allowances for prison officers in the upcoming budget. This statement was made during discussions following the establishment of an integrated mechanism aimed at addressing issues faced by officers at the Dumbar Boagama and Pallegama prisons.
During the meeting, the Minister emphasized the need for financial compensation for the families of prison officers who lost their lives due to an incident at the Meegamuwa Prison. He confirmed that steps are underway to provide monetary compensation to their next of kin. Additionally, requests for enhanced salaries and allowances for prison officers have reached the authorities through the Commissioner General of Prisons.
Rajapaksha articulated the critical need to elevate salaries and allowances to appropriately reward the exceptional services provided by prison officers. He revealed that discussions had also taken place with the President regarding granting allowances to these officers in the next budget. Notably, the prison department currently faces a significant number of officer vacancies, and Rajapaksha stressed the importance of recognizing the officers' services beyond their monetary value.
Measures are being taken to minimize overcrowding in prisons, and a plan has been devised to ensure that individuals confined pending trial would not be held for more than three months due to delays in forensic reports by January 31 of the coming year.
On the issue of drug-related offenses, Rajapaksha stated that while those who fall victim to drug addiction may be pardoned, there would be no leniency shown to drug traffickers. He asserted that the authorities have the capability to curb the supply of narcotics but stressed the necessity for societal support to halt the demand. “Economic issues may persist, but actions that disrupt societal harmony should be avoided,” he urged.
The Minister underscored the significance of maintaining the dignity of the prison service, advocating for prison officers to act honorably. He acknowledged that some officers might engage in misconduct amid expectations for certain benefits, reiterating the importance of not allowing another life to be wasted for mere advantages.
Discussions also encompassed the complexities faced by officials during the transportation of detainees for court hearings, including issues related to the welfare of detainees and officers.
The Minister conducted an observation of the existing conditions within prisons, engaging in discussions with inmates to hear their concerns. A robust mechanism is being established to ensure a proactive response to any violent incidents within prison settings, aiming for a seamless coordination of the welfare activities for the detainees.
To facilitate this, key officers from various law enforcement agencies have come together, including representatives from the police, navy, air force, and state institutions like the Fire Brigade and Water Supply Board, to ensure comprehensive collaboration.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

විශ්ව කොඩිකාරටත් සමාව දුන්නා.
ReplyDeleteනිකම් නෙමේ මාලුමාමට රෙදිනැතිව කඩේගිය හින්ද.
Delete