මන්නාරමෙන් තෙල් ගත්තාම ලංකාව ආසියාවේ සංවර්ධිතම රට වෙනවා... සියළුම ණය ගෙවලා තවත් ඉතුරු වෙනවා..

මන්නාරම් ද්‍රෝණියේ ඇති තෙල් සහ ගෑස් නිධි නිසි ලෙස ප්‍රයෝජනයට ගැනීමෙන් ශ්‍රී ලංකාවේ පවතින සමස්ත ණය බර ගෙවා දමා, මෙරට ආසියාවේ සංවර්ධිතම රාජ්‍යය බවට පත් කළ හැකි බව ජාතික ජන බලවේගයේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි මහතා ප්‍රකාශ කළේය.

පොළොන්නරුවේ පැවති ජන හමුවක් අමතමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ, මන්නාරම් ද්‍රෝණිය තුළ තෙල් බැරල් බිලියන දෙකක් සහ ස්වභාවික වායු කියුබික් අඩි ට්‍රිලියන නවයක අතිවිශාල ප්‍රමාණයක් පවතින බවට විද්‍යාත්මකව අනුමාන කර ඇති බවයි. 

මෙම සම්පත් ගවේෂණය සඳහා වර්ග කිලෝමීටර් 34,000ක භූමි ප්‍රමාණයක් ප්‍රධාන කොටස් හතරකට බෙදා දේශීය හා විදේශීය ආයෝජකයන්ට ලංසු කැඳවීමට රජය දැනටමත් පියවර ගෙන ඇති බව ඔහු සඳහන් කළේය.

"මීට පෙර මැතිවරණ ඉලක්ක කරගෙන මෙවැනි දේවල් ප්‍රකාශ කළත්, අපේ රජය මේ වන විටත් එම කටයුතු ප්‍රායෝගිකව ආරම්භ කර තිබෙනවා. මේ ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම හරහා අපේ රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම වෙනස් කළ හැකියි," යැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම, වත්මන් රජය ගොවි ජනතාව වෙනුවෙන් ඉතිහාසයේ නොවූ විරූ සහන ප්‍රමාණයක් ලබා දී ඇති බව ද මන්ත්‍රීවරයා මෙහිදී අවධාරණය කළේය. ඒ අනුව, යල කන්නයේ වී මිලදී ගැනීම සහ ගොවි සුබසාධනය වෙනුවෙන් රුපියල් මිලියන 46,600ක මුදලක් පළමු වටයේදීම නිදහස් කර ඇති බව ඔහු පැවසීය.

මීට අමතරව, වී අලෙවි මණ්ඩලය හරහා සහතික මිලට වී මිලදී ගැනීමට රුපියල් මිලියන 6,000ක් ද, පෞද්ගලික අංශයට සහන පොලියට වී මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 10,000ක් ද වෙන් කර ඇති බව මන්ත්‍රීවරයා සඳහන් කළේය. පොහොර සහනාධාරය සඳහා රුපියල් මිලියන 13,492ක් වෙන් කර ඇති අතර, කුඩා මෝල් හිමියන් දිරිමත් කිරීම සඳහා එක් අයෙකුට රුපියල් ලක්ෂ 250 බැගින් මාස අටක කාලයක් සඳහා පොලී රහිත ණය ලබා දීමට ද පියවර ගෙන ඇති බව ඔහු අනාවරණය කළේය.

රටේ නිෂ්පාදන ආර්ථිකයේ කොඳු නාරටිය වන ගොවි ජනතාව ශක්තිමත් කිරීම රජයේ ප්‍රමුඛතම කාර්යය බවත්, ඉදිරියේදී තවදුරටත් ඔවුන් වෙනුවෙන් උපරිම සහන ලබා දීමට කටයුතු කරන බවත් මන්ත්‍රී සුනිල් රත්නසිරි මහතා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.





Potential of Mannar Basin Oil Reserves to Revitalize Sri Lanka's Economy

The Honorable Sunil Rathnasiri, a member of the Polonnaruwa District Parliament representing the National People's Power, has asserted that the proper utilization of oil and gas reserves in the Mannar Basin could alleviate the country’s significant debt burden, paving the way for Sri Lanka to become one of the most developed states in Asia.

During a public meeting in Polonnaruwa, Rathnasiri emphasized that scientific estimates suggest the presence of approximately two billion barrels of oil and a staggering three trillion cubic feet of natural gas within the Mannar Basin. He pointed out that the government has already initiated steps to invite local and foreign investors to explore these resources, dividing a total land area of 34,000 square kilometers into four primary segments for investment opportunities.

"While such declarations may have been made previously with electoral intentions, our government has practically commenced these activities," he noted, adding that success in this project could radically transform the nation's economy.

Rathnasiri also highlighted the unprecedented level of support provided by the current government for the agricultural sector. He revealed that an initial allocation of Rs. 46.6 million has been released for the acquisition of rice from the Yala season, aimed at bolstering farmer welfare.

Additionally, he stated that Rs. 6 million has been earmarked for purchasing rice at guaranteed prices through the Rice Marketing Board, while Rs. 10 million has been allocated for the private sector to support rice procurement at concessionary rates. He disclosed that Rs. 13.492 million has been set aside for fertilizer subsidies, and measures have been taken to offer interest-free loans of Rs. 250,000 for eight months to empower small-scale mill owners.

Rathnasiri reiterated that strengthening the agrarian community, which is vital to the country's production-based economy, remains the government's top priority, and further efforts will be made to provide maximum support to them in the future.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

10 Comments

  1. මන්නාරම් තෙල් කතාව අපි පසුගිය 76 වසරෙම ඇහුවා. උඹලත් ඒකමනෙ කියන්නෙ.රට ගොඩගන්න
    වෙන ක්‍රමයක් උඹලට ඇත්තෙම නැත්ද. 2029 උඹලා ගෙදර යනකොට අපිට කියන්න ඉතිරි වෙන්නෙ 81 වසරක් සාපය කියලා තමයි.

    ReplyDelete
    Replies
    1. YAKO NIGITPAN DAN ELIWELA


      UGANDAWE SALLI WALIN IYE NAYA GEWALA IWARAY

      Delete
  2. 🤣🤣🤣🤣
    වල් බයිලා ගහනවා.

    ReplyDelete
  3. Kaiya gahanney nathuwa karala penwapan ban. Gammanpila mey sambandayen sahena wada kotasak karala thamyi gedara giye, Andu wenas wuna nisa, Apita moka kalath kamak naha, Pampori kelinna epa rata watey gihilla. Prathipala vitharyi ratata vadagath wenney.

    ReplyDelete
  4. ඔහොම ලේසියට කියන්නෙ තෙල් ගන්නවයි කියන එක ළිඳකට පනිට්ටුවක් දාල වතුර ගන්නව වගේ වැඩක් කියලද උඹ හිතන් ඉන්නෙ.

    ReplyDelete
  5. ගද ගහන කට්වල් වලින් තාම පච විදිනවා. මොකද මේව පිලි ගන්න එවුන් ඉන්නවා. හිරු එකේ පෙන්නුවා තෙල් ගෑස් ලින් හාරනවා ඒක නිසා බය නෑ කියපු හිපාටුවෙක්. මූන දැක්කම ලෝක දුක් විදිනවා පේනවා. මෝඩකමට දුක් විදින්නෙ.

    ReplyDelete
  6. ආරියතිලක

    "මන්නාරමෙන් තෙල් ගත්තාම ලංකාව ආසියාවේ සංවර්ධිතම රට වෙනවා... සියළුම ණය ගෙවලා තවත් ඉතුරු වෙනවා.."

    හැබැයි ස්ථීරව එක් දෙයක් කියන්න පුළුවන්!

    මේ කියන දේ වෙන කොට ජනතා විමුක්ති පෙරමුණ හා එයට අනුබද්ධ සියලු පක්ෂ සංවිධාන, සමිති, ව්‍යාපාර සියල්ල නීතියෙන් තහනම් වී ජවිපෙට සම්බන්ධ 1987/88/89 කැරැල්ලට සම්බන්ධ බොහෝ පිරිස් සිර දඬුවම්වලට , මරණීය දණ්ඩනයට නියමවී තිබෙන්න පුළුවන්. ඒ බටලන්ද කොමිසම් සභාවේ වාර්තාව අනුව නීති කෘත්‍යය භාජනය වීම නිසාවෙනි. දැන් තිබෙන්නේ ඉබ්බගෙ! යි හාවගෙයි තරඟය වගේ එකක්! නීතිය කලබල නැත; නිසොල්මනේ හෙමින් හෙමින් ඉදිරියට ඇදී යනවා ඇත.

    ReplyDelete
  7. YAKO NIGITPAN DAN ELIWELA


    UGANDAWE SALLI WALIN IYE NAYA GEWALA IWARAY

    ReplyDelete
  8. මේවා විශ්වාස කරන හරක් තවත් ඉන්නවා .. කෙහෙල් නැටි අලවනවා කියපු එකේ අනික මේ ..

    ReplyDelete
  9. වමට සිග්නල් දමා දකුනට හරවනාලද මාලිමාවේ වංචාව අහෝසි වීමට ලැබෙනා පලමු ඡන්දයන් ප්‍රතිචාර දැක්වීමට වහා පෙළ ගැසෙනු,.!September 3, 2026 at 5:27 PM

    ලඟ ළුන ජනමතවිචාරනය ඉලක්කය වී දවල් හීනයේ දකිනා අහස් මාළිගා ඡන්ද දායකයා ආමන්ත්‍රණය කරනු ලබයි,.!

    රනිල්ගේ කලිසම බැසිල්ගේ සපත්තු කූට්ටම ,මහින්දගේ කමීසයට අමතර, මයිත්‍රීගේ පතෝල හැරමිටිය ,චන්ද්‍රිකාගේ කුණුහරැප සමගින් ජේ ආර් ගේ කලගෙඩි ලාම්පු සෙල්ලම රඟදැක්වීමට නියමිතයි,.!
    වමට සිග්නල් දමා දකුනට හරවනාලද මාලිමාවේ වංචාව අහෝසි වීමට ලැබෙනා පලමු ඡන්දයන් ප්‍රතිචාර දැක්වීමට වහා පෙළ ගැසෙනු,.!

    ReplyDelete
Previous Post Next Post