මෝදි අනුරගේ හොදම යාළුවා.. මෝදි ලවා සවුදි රජුට කියා අනෝජන් නිදහස් කිරීම සිම්පල්...


සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ශිවරාසා අනෝජන්ගේ ජීවිතය බේරා ගැනීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මැදිහත්වීම ලබාගන්නා ලෙස දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලා සිටියි.

මාධ්‍ය හමුවක් අමතමින් මනෝ ගනේෂන් මහතා පෙන්වා දුන්නේ, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින ශක්තිමත් රාජ්‍යතාන්ත්‍රික සබඳතාව මෙන්ම ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ සෞදි නායකත්වය අතර පවතින සමීප මිත්‍රත්වය මේ සඳහා ඵලදායී ලෙස යොදාගත හැකි බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මනෝ ගනේෂන් මහතා මෙසේ පැවසීය.

"අපේ රටේ ජනාධිපති මගේ මිත්‍ර අනුර කුමාර දිසානායක මැතිතුමාට මම විශේෂ යෝජනාවක් කරන්න කැමතියි. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ජනාධිපතිතුමාගේත්, ශ්‍රී ලංකාවේත් සමීප මිත්‍රයෙක්. අපි එතුමාට 'ශ්‍රී ලංකා මිත්‍ර විභූෂණ' සම්මානයත් පිරිනමා තිබෙනවා. එමෙන්ම, සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා අතර ඉතා දැඩි, කිට්ටු මිත්‍රත්වයක් පවතිනවා.

එබැවින් සෞදියේ සිරගතව මරණ දඬුවමට මුහුණ දී සිටින අනෝජන් නැමැති තරුණයාට නිදහස ලබාදෙන ලෙසට වන ඉල්ලීම, නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍යවරයාගේ මාර්ගයෙන් සල්මාන් කුමරු වෙත යොමු කිරීමට පියවර ගන්නා ලෙස මම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා."

ආගමික අපහාසයක් සිදුකළ බවට එල්ල වූ චෝදනාවක් මත සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින ශිවරාසා අනෝජන් බේරා ගැනීම වෙනුවෙන් රාජ්‍ය මට්ටමින් සහ සිවිල් සංවිධාන මට්ටමින් විවිධ පාර්ශ්ව මේ වන විටත් බලධාරීන්ගෙන් ඉල්ලීම් ඉදිරිපත් කරමින් සිටියි.





Call for Diplomatic Intervention to Save Sri Lankan Man Facing Death Penalty in Saudi Arabia

Mano Ganesan, the leader of the Tamil Progressive Alliance, has urged President Anura Kumara Dissanayake to seek the intervention of Indian Prime Minister Narendra Modi in rescuing a Sri Lankan youth, Shivaarasa Anojan, who is on death row in Saudi Arabia.

Speaking at a media briefing, Ganesan emphasized the strong diplomatic ties between Sri Lanka and India, as well as the close friendship that exists between Prime Minister Modi and the Saudi leadership, suggesting that these connections could be instrumental in the case.

He elaborated further: “I would like to make a special appeal to our President, my friend Anura Kumara Dissanayake. Prime Minister Narendra Modi is a close ally of both the President and Sri Lanka. We have even awarded him the 'Sri Lanka Friend Award'. Additionally, there is a strong bond of friendship between Crown Prince Mohammed bin Salman of Saudi Arabia and Prime Minister Modi.”

Ganesan's appeal stressed the importance of taking action through Prime Minister Modi to reach out to Crown Prince Salman to secure freedom for Anojan, who is facing execution after being accused of committing a religious offense.

At present, various parties, both at the state and civil organization levels, have been actively seeking the intervention of the authorities to advocate for Shivaarasa Anojan’s release.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

9 Comments

  1. ලංකාවේ බුදු පිලිම කඩපු එවුන්ටත් ,නිධන් ගන්න බුදු පිලිම පංසල් කඩපු එවුන්ටත් මරණිය දණ්ඩනය නියම කල යුතුයි

    ReplyDelete
    Replies
    1. අඩෝ මනෝ උඹ ඔහොම මට අපහාස කරන්න එපා මෝඩයෝ කියා මෝදි කියාවි.ඌ මගේ බලුකුක්කා බොල මට අපහාස කරන්න එපා මගේ යාලුවා කියා .

      Delete
    2. හොදම යාළුවා නෙවෙයි. හොදම අන්තේවාසික වහලා

      Delete
  2. අර්ජුන මහෙන්ද්‍රවත් හොදම යාලුවාට කියලා ලංකාවට ගෙනත් දෙන්න කියලා ඔයාගේ හොදම යාළුවා රනිල්ට පොඩ්ඩක් කියලා බලන්න බැරිද?

    ReplyDelete
  3. 🐄🐄🐄🐄api malimawada🍆

    ReplyDelete
  4. 🍒🍌💧💧AKD ta jaya wewa...🐄🐄🐄🐄...umbe.....

    ReplyDelete
  5. අනුර ගේ හොඳම යාළුවා මෝදි වුනාට මෝදි ගේ හොඳම යාළුවා අනුර නෙමෙයි

    ReplyDelete
  6. සෞදි අරාබියේ රජ්ජුරුවෝ මෝඩයෙක් නෙවෙයි..... දෙමළ හින්දු ක්‍රිස්තියානි නෙවෙයි මුස්ලිම් මනුස්සයෙක් වුණත් ආගමට විරුද්ධව දෙයක් කළොත් උන් එල්ලලා මරනවා තමයි...... ඒ මිනිස්සු මේ අපේ මරදානේ ඉන්න මෝඩ තම්බි වගේ නෙවෙයි.... එයාලා හොඳ අරාබි... එයාලා ආගම හරියට අදහනවා..... හැබැයි ත්‍රස්තවාදී වැඩ කරන්නේ නෑ

    ReplyDelete
  7. malli, IMF giahama loan ekak gahagannn inne

    avuruddak ,dekak adaganna

    mawa mokekwath ganan ganne nahane

    ReplyDelete
Previous Post Next Post