අපි ප‍්‍රායෝගික බෞද්දයක්.. අපි මාක්ස්වාදීන්.. පිදෙල් කස්ත්‍රෝලාගෙ ආර්ථික දර්ශණය පිලිගන්නවා.. මාක්ස්වාදීන් වඩාත්ම නිර්මාණශීලී මිනිසුන්..


තමන් බුදුදහමේ මූලික හර පද්ධතීන් ජීවිතයට එක් කරගත් සැබෑ ප්‍රායෝගික බෞද්ධයන් බවත්, ඒ සමඟම මාක්ස්-ලෙනින්වාදී මතවාදය ප්‍රසිද්ධියේ පිළිගැනීමට කිසිසේත් නොපැකිලෙන බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ මහතා ප්‍රකාශ කරයි.

ජනහමුවක් අමතමින් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා සඳහන් කළේ, තමන් පිටතින් ආගම තවරාගත් බෞද්ධයන් නොවන බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ මහතා මෙසේද පැවසීය.

"අපි ප්‍රායෝගික බෞද්ධයෝ. ඇත්ත බුද්ධ දර්ශනයේ තියෙන හර පද්ධතීන් අපේ ජීවිතවලට එකතු කරගත්තු මිනිස්සු මිසක් ආගම තවරාගත්තු බෞද්ධයෝ නෙවෙයි. ඒ වගේම 'අපි මාක්ස්වාදීන්ද?' කියලා ඇහුවොත්, ඔව් අපි මාක්ස්වාදීන්. ඒක ප්‍රකාශ කරන්න අපි කිසිසේත්ම පැකිලෙන්නේ නැහැ. අපි මාක්ස්වාදීන් පමණක් නෙවෙයි, මාක්ස්-ලෙනින්වාදීන්.

එපමණක් නොව, 20 වැනි සියවසේ විසූ ශ්‍රේෂ්ඨ දේශපාලන චින්තකයන් වන චීනයේ මාඕ සේතුං, වියට්නාමයේ හෝචිමින් මෙන්ම කියුබාවේ ෆිදෙල් කැස්ත්‍රෝ වැනි විප්ලවීය නායකයන්ගේ, දාර්ශනිකයන්ගේ සහ ආර්ථික විද්වතුන්ගේ දර්ශනයන්ගෙන් අපි ආභාසය ලබා තිබෙනවා. එමෙන්ම ඉන්දියාවේ හිටපු ශ්‍රේෂ්ඨ ජනාධිපතිවරයෙකු වූ ආචාර්ය ඒ.පී.ජේ. අබ්දුල් කලාම්ගේ ජීවන ආදර්ශයන් මෙන්ම, මෙරට විසූ ආනන්ද කුමාරස්වාමි වැනි ශ්‍රේෂ්ඨ බුද්ධිමතුන්ගේ උසස් ගුණාංග ද අපගේ දේශපාලන ව්‍යාපාරයට මෙන්ම ජීවිතවලට ද එකතු කරගනිමින් කටයුතු කරන පිරිසක්."

මාක්ස්වාදීන් යනු ලෝකයේ වඩාත්ම නිර්මාණශීලී මිනිසුන් බවත්, මෙම ලෝකය වඩාත් යහපත් හා සුන්දර තැනක් බවට පත් කිරීම වෙනුවෙන් නිරන්තරයෙන් වෙහෙසෙන පිරිසක් බවත් අසිත නිරෝෂණ මහතා එහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.





Parliamentarian Asitha Niroshan Affirms Commitment to Practical Buddhism and Marxism

In a recent address, Asitha Niroshan, a member of the National People's Power, asserted that true practitioners of Buddhism incorporate its fundamental principles into their everyday lives while steadfastly rejecting any constraints of mainstream Marxist-Leninist ideology.

Speaking to a gathering, Niroshan clarified that he is not among those who abandon the religion to claim Buddhism for the sake of external acceptance.

"We are practical Buddhists. We embody the core principles of genuine Buddhist philosophy in our lives. We are not Buddhists who forsake our religion," he emphasized. "Moreover, if asked whether we are Marxists, the answer is yes; we do not shy away from declaring that we are Marxists. We are not just Marxists but Marxist-Leninists as well."

He further elaborated that they draw inspiration from esteemed political thinkers of the 20th century, including revolutionary leaders such as Mao Zedong from China, Ho Chi Minh from Vietnam, and Fidel Castro from Cuba. Niroshan also highlighted the influential philosophies and life lessons from notable figures like Dr. A.P.J. Abdul Kalam, the former President of India, and Sri Lankan intellectual Anand Kumaraswamy, incorporating these into their political endeavors and daily lives.

According to Niroshan, Marxists are among the most creative individuals in the world, tirelessly working to transform the planet into a better and more beautiful place.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

10 Comments

  1. නිර්මාණශීලී බව පේනව ගල් මූසල මූණෙන්. මේ ජේවිපීකාරයො හැමෝම නාන්නෙ නැති රැවුල් බාන්නෙ නැති කොණ්ඩ කපන්නෙ නැති අපිරිසිදු ඊර්ශ්‍යාකාර කුහක මූසල මූණු තියෙන එවුන්
    රොත්තක්. බොහෝ උන්ට වාසගමක්වත් නෑ.

    ReplyDelete
    Replies
    1. 🐄🐄🐄🐄🐄🐄🐄....api malimawata...Umbe.....

      Delete
    2. මූ දන්නේ නෑ කියුබාව ආර්ථික වශයෙන් කෙළ වෙලා ඉන්නේ කියලවත් 🤦‍♂️

      Delete
  2. පිස්සු හුත්තෙක් 🤮🤮🤮

    ReplyDelete
  3. කාලකණ්නි, මොංගල්, ත්‍රස්තවාදී ජෙප්පා 🤮🤮🤮😡😡😡 මූට ලඟදීම ගමේ ගෑණු ගහලා පන්නනවා 😂😂😂

    ReplyDelete
  4. පල පල පල නිරාගමික හැත්ත

    ReplyDelete
  5. මුට තියෙන්නේ බලන්න අප්‍රිය ගල් මුසල කාලකන්නි මන්ද මානසික කුහක මුහුණුවරක් ථුක් නොදොකින් අපිරිසිඳු කාලකන්නිය

    ReplyDelete
  6. මාක්ස් ලෙනිනින් වාදී වුන කොහොමද බන් වෙන දර්සනයක් අදහන්නෙ පිලිගනිනෙ? ඒවත් මුස්ලිම් වගේ. මාක්ස් ගේ මතය පිලි ගන්නවනම් අනිත් දර්සන ආගම් සම්පූර්කයෙන් අයින් කරන්න ඕනෙ. බාගෙට මාක්ස් කාලට කාල් බාගෙට බුඩිස් සෙට් එක😂😂😂

    ReplyDelete
  7. ආරියතිලක

    යමෙක් මාක්ස්වාදය පිළිගන්නා ගමන් සම්බුදු දහම ද පිළිගන්නවා යයි කියන්නේ නම් ඔහුගේ කීම කිසි ලෙසකින් නො පිළිගත හැක. හේතුව මාක්ස්වාදය ද්‍රව්‍යවාදී ය. හෙවත් භෞතිකවාදී ය. මාක්ස්වාදය සර්ව සම්පූර්ණයෙන් ම විඥානවාදය ප්‍රතික්ෂේප කරයි.
    මාක්ස්වාදය නැවත ඉපදීම හෙවත් තථාගත දේශනවෙන් පනවා වදාරණ “ භව පච්චයා ජාති” යන පටිච්ච සමුත්පාද නය ප්‍රකාර පුනර්භවය පිළිගන්නේ නැත. පටිච්ච සමුත්පාද නයෙහි කවර වූ හෝ ප්‍රත්‍යයක් නො පිළිගැනීමෙන් සමස්ත පටිච්ච සමුත්පාදය ම ප්‍රතික්ෂිප්ත වනවා ඇත. පටිච්ව සමුත්පාදය ප්‍රතික්ෂේප කිරීමෙන් සම්බුදු රදුන් ප්‍රතික්ෂේප වනවා ඇත. සම්බුදුරද ප්‍රතික්ෂේප කිරීම යනු සම්බුදු රදුන් විසින් දේශිත ධර්මය ප්‍රතික්ෂේප කිරීම ය. ධර්මය ප්‍රතික්ෂේප කිරීමෙන් සම්බුද්ධ ශාසනයේ ථේරවාද සූත්‍ර, විනය, අභිධර්ම ත්‍රිපිටක ධර්මය ය, තත් ත්‍රිපිටකයට ලියන ලද අටුවා ටීකා සහිත ආචාර්ය මතය ද, තථාගතයන් වහන්සේගේ දේශනා පාලියට අනුගත , විනය ප්‍රතිපත්තිය, චතුරාර්යය සත්‍ය, පටිච්ව සමුත්පාදය, සතර සතිපට්ඨාන, සතර සම්‍යක්ප්‍රධාන, සප්ත බොජ්ඣ්ඞග, ආයතන, අටළොස් ධාතු, ඉන්ද්‍රිය දෙවිස්ස, ආර්ය අෂ්ටාංගික මාර්ගය, සූවිසි පත්‍යයය, යන ධරමයන් ද කර්මය, කර්ම විපාකය, නැවත් ඉපදීම හෙවත් පුනර්භවය, පින්, පව්, කුසල්, අකුසල්, සුගති, දුගති, දේව ලෝක, බ්‍රහ්ම ලෝක, සතර අපාය, ධ්‍යාන, මාර්ග-ඵල, නිර්වාණ ධර්මය හා උපරිම වශයෙන් අනන්ත නය සමන්වාගත පට්ඨාන මහා ප්‍රකරණය ද ප්‍රතික්ෂේප වනවා ඇත්තේ ය.

    ධර්ම රත්නය ප්‍රතික්ෂේප කීරීම සමග ම මහා සංඝ රත්නය ද සඟ ගුණය ද නො පිළිගැනේ.

    කාල් මාක්ස් සහ පෙඩ්රික් එංගල්ස් විසින් ගොඩ නගන ලද මාක්ස්වාදය හා එහි පසුකාලීන න්‍යායාචාර්යවරු වන වී.අයි.ලෙනින්, ලියෝන් ට්‍රොස්කි, මාඕ සේතුං, චේ ගුවේරා යන යන සියලු මාක්ස්වාදීහු සියලු ආගම් ප්‍රතික්ෂේප කළා පමණක් නොව කිසිදු ආගමක් කොමියුනිස්ට් ක්‍රමය ඇතුලත නොපැවැතිය බව හා නො තැබිය යුතු බව අවධාරණය කොට ඇත්තාහ. ඔවුන් පින්, කුසල්, පව්, අකුසල් නොපිළි ගනී.

    හේතුව වශයෙන් මාක්ස්වාදීහු ආගම් මාක්වාදී කොමියුනිස්ට්වාදයේ ප්‍රතිගාමීන්ගේ ධනේශ්වරවාදී මෙවලමක් ලෙස හදුන්වත්. කොමියුනිස්ට්වාදී පාලනයට ප්‍රතිවිප්ලවය ඇති වීමට හේතු වන ප්‍රබල සාධකයක් ලෙස ආගම් හදුන්වත්.

    කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රකාශනයෙහි මාක්ස් හා එංගල්ස් මෙසේ කියත්.

    “විශ්ව සමාජ ප්‍රතිසංස්කාරකයකු ලෙස පෙනී සිටීමට තැත් කරන එක් හෝ තවත් පුද්ගලයකු විසින් නිපදවන ලද, නැතිනම් සොයා ගන්නා ලද සංකල්ප හෝ මූල ධර්ම මත කොමියුනිස්ට්වාදීන්ගේ න්‍යායික නිගමනයන් කිසි ලෙසකින්වත් පදනම් වී නැත”

    මේ ප්‍රකාශයෙන් බුදු දහම හා සියලු ආගම් ද ප්‍රතික්ෂේප කරයි.


    “අපි ප්‍රායෝගික බෞද්ධයෝ. ඇත්ත බුද්ධ දර්ශනයේ තියෙන හර පද්ධතීන් අපේ ජීවිතවලට එකතු කරගත්තු මිනිස්සු මිසක් ආගම තවරාගත්තු බෞද්ධයෝ නෙවෙයි. ඒ වගේම 'අපි මාක්ස්වාදීන්ද?' කියලා ඇහුවොත්, ඔව් අපි මාක්ස්වාදීන්. ඒක ප්‍රකාශ කරන්න අපි කිසිසේත්ම පැකිලෙන්නේ නැහැ. අපි මාක්ස්වාදීන් පමණක් නෙවෙයි, මාක්ස්-ලෙනින්වාදීන්.”

    මේ ප්‍රකාශයෙහි,

    “අපි ප්‍රායෝගික බෞද්ධයෝ.”

    “ඒ වගේම 'අපි මාක්ස්වාදීන්ද?' කියලා ඇහුවොත්, ඔව් අපි මාක්ස්වාදීන්. ඒක ප්‍රකාශ කරන්න අපි කිසිසේත්ම පැකිලෙන්නේ නැහැ. අපි මාක්ස්වාදීන් පමණක් නෙවෙයි, මාක්ස්-ලෙනින්වාදීන්.”

    යන ප්‍රකාශ දෙක ම එක විට සිදු නොවිය හැක.

    ප්‍රායෝගික බෞද්ධ කම යනු සම්බුදුරදුන් සරණ යෑමෙන් ම සිදුවන චින්තන ක්‍රියාවකි. ධර්ම ද සංඝයාද ඒ සමග ම සරණ යේ.

    සරණ යනු පිහිට කොට ගැනීම ලෙස බොහො විට හැදින් වේ. එසේ වුවත්, එහි සැබෑ අරුත නම්
    සරණ යනු මගින් නසනවා යනුයි. කුමක් මගින් ද බුදුරදුන් මගින් නසා දැමීම ය. විනාශ කර දැමීම ය. කුමක්ද නසා දමන්නේ? විනාශ කර දමන්නේ?



    ReplyDelete
  8. ඉතිරි කොටස….

    ආරියතිලක

    සංසාර භවය ය. සංසාර උපත්තියට හේතු වන්නා වූ කර්ම භවය ය. සඤ්ඤා විඤ්ඤාණයන් දෙක ගෙවා දමා කර්ම භවය ක්ෂය කිරීම ය. හෙවත් කාම භවය, රූප භවය , ආරූප භවය යන භවත්‍රය ම ඉතිරි නොවන පරිදි අවසන් කිරීම ය.
    මෙයට කියන්නේ නිර්වාණ ධාතුව කියා ය.

    බෞද්ධයාට කියන නම නම් උපාසක යන්න ය. බුදු රදුන්ගේ ගිහි ශ්‍රාවක ශ්‍රාවිකාවෝ උපාසකයෝ ය. උපාසිකාවෝ ය.

    බුදු රදුන්ගේ උපාසක උපාසිකා පිරිස සම්බුදු රදුන්ගෙන් පිට මෙලොව පරලොව දෙකෙහි ම සම්බුදු රදුන්ගේ දේශනාවෙන් පිට විමුක්තියක් අපේක්ෂා නොකරයි.
    බුදු රදුන්ගේ ඖරස පුත්‍ර වූ මහා සංඝ රත්තනය තථාගත ධර්මවි නයයෙන් පිට කිසිදු විමුක්තියක් බලාපොරොත්තුව නො වේ.

    ගිගි පැවැදි දෙපිරිසට ම ඇත්තේ එක ම විමුක්ති මගක් පමණය ය. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය ය. වෙනත් ආකාරයකින් කියනවා නම් මහා සතිපට්ඨාන සූත්‍ර මාරගය ය. මෙයට පිටින් බෞද්ධ කම් නැති බව කිව යුතු ය.

    කාල් මාක්ස්ගේ මාක්ස්වාදය හෙවත් මාක්ස්-මාක්ස්-ලෙනින්වාදය පිළිගන්නා ගමන් “මමත් බෞද්ධයෙක්” හෝ “අපිත් බෞද්ධයන්” යයි කීම අතිශයින් ම තමාගේ සිත වඤ්චක ධර්මයන්ගෙන් රැවටීමට ලක් වී ඇති බව ය. එසේ ම අනුන් ද ඒ වඤ්චක ධර්මයන්ගෙන් රැවටීමට භාජනය කිරීම ය. ඒ රැවටීමට භාජනය වූ අය, අනුන් රැවටීමේ චේතනාවෙන් සිතා මතා කියනවා නොවද බව ද කිවයුත්තේ ය. මේ වඤ්චක ධර්ම තේරුම ගැනීමට අතිශයින් අසීරු ය. ත්‍රිපිටක ගත කරුණු අධ්‍යනයට අවකාශ නැති පිරිස් අඩු ම තරමින් අතිපූජනීය රේරුකානේ චන්දවිමල නාහිමිපාණන් වහන්සේගේ
    “වඤ්චක හා චිත්තෝපක්ලේශ ධර්ම” නම් ග්‍රන්ථය අධ්‍යනය කිරීමෙන් අවබෝධය ලබා ගත හැක්කේය.

    අපි ලෝකයේ සිටින සියලු මාක්ස්වාදීන්ට හෙවත් මාක්ස්-ලෙනින්වාදීන්ට විවෘත ඇරයුමක් කරමු. හැකි නම් අපගේ මේ කෙටි අදහසට සාධාරණ ලෙස පිළිතුරු බඳින ලෙස ය.




    ReplyDelete
Previous Post Next Post