අනෝජන් මරණ දඩුවම දෙන කුටියට ගෙන යයි.. අතින් සල්ලි ගෙවලා දඬුවම ගත් බවට පවුලෙන් චෝදනා..


 සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ශිවරාසා අනෝජන්ව සාමාන්‍ය සිර මැදිරියක සිට මරණ දණ්ඩනය ක්‍රියාත්මක කරන රැඳවියන් රඳවා තබන සිර මැදිරියක් වෙත මාරු කර යැවීමේ සූදානමක් පවතින බව අනාවරණය වේ.

තමා මුහුණ දී ඇති මෙම තත්ත්වය පිළිබඳව අනෝජන් දුරකථන ඇමතුමක් ලබා දෙමින් සිය පවුලේ ඥාතීන් වෙත දැනුම් දී තිබේ.

මෙම අර්බුදකාරී වාතාවරණය හමුවේ අනෝජන්ගේ ඥාතීන් විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා හමුවී සාකච්ඡා කර ඇති අතර, එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ මෙම නඩු තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට තවදුරටත් අවස්ථාව පවතින බවයි.

එම අභියාචනය ඉදිරිපත් කිරීමේ නීතිමය කටයුතු සඳහා රුපියල් ලක්ෂ 19ක මුදලක් අවශ්‍ය බව දැනුම් දීමෙන් අනතුරුව, අදාළ මුදල පවුලේ සාමාජිකයන් විසින් අතිශය දුෂ්කරතා මධ්‍යයේ සපයාගෙන විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත භාරදීමට පියවර ගෙන තිබේ.

කෙසේවෙතත්, අභියාචනයෙන් අනතුරුව අනෝජන්ට මරණ දඬුවම හිමිවීම සම්බන්ධයෙන් ඔහුගේ පවුලේ ඥාතීන් දැඩි කම්පනයට පත්ව සිටිති.

තමන් මහත් දුකසේ එකතු කර දුන් රුපියල් ලක්ෂ 19ක මුදලින් සිදුවූයේ තම පුතුට මරණ දඬුවම මිලදී ගැනීමක් වැනි ක්‍රියාවක් බව අනෝජන්ගේ මව අතිශය ශෝකයෙන් යුතුව සඳහන් කර සිටියි.

එමෙන්ම, මෙම නඩු කටයුත්ත වෙනුවෙන් පෙනී සිටීමට එකඟ වූ නීතිඥවරයා වෙනුවට වෙනත් නීතිඥවරයෙකු ඉදිරිපත් වීම සම්බන්ධයෙන් ද පවුලේ ඥාතීන් බලධාරීන්ට සිය බලවත් විරෝධය හා චෝදනාව එල්ල කර තිබේ.





Concern Grows for Sri Lankan National Facing Death Penalty in Saudi Arabia

Shivaarasa Anojan, a Sri Lankan youth sentenced to death in Saudi Arabia, is reportedly being transferred from a general prison facility to a high-security detention center where death penalties are carried out. This alarming development has raised significant concerns among his family and supporters.

In recent communication, Anojan informed his relatives of his precarious situation through a phone call, prompting immediate action from his family. They have sought assistance from Arun Hemachandra, the Deputy Minister of Foreign Affairs, who provided assurance that there remains an opportunity to appeal the verdict.

However, the legal process to file this appeal comes with a daunting requirement of 1.9 million Sri Lankan Rupees. In light of this financial burden, Anojan's family members are working tirelessly to gather the necessary funds despite facing immense hardships.

The family is deeply shaken by the impending execution, feeling as though they are purchasing their son's life with the significant amount being raised. Anojan's mother expressed her sorrow, highlighting the emotional toll this situation has taken on their lives.

Furthermore, the family has voiced strong objections regarding the decision to replace the lawyer initially agreed upon to represent Anojan in these crucial proceedings. They are demanding accountability from the authorities for this unexpected change, underscoring the urgency and importance of proper legal representation in such a dire case.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

1 Comments

  1. දෙමළ ඩයස්පෝරාව තනිකරම ඇජෙන්ඩා එකක් ගෙනියන්නේ කියලා මේකෙන් පැහැදිලි වෙන්නේ, නැත්නම් උන්ට ලක්ෂ 19ක් දෙන්න බැරිද? ලෝයර් කෙනෙක් අල්ලලා ලොකු දඩයක් ගෙවලා මිනිහව නිදහස් කරගන්න බැරිද? මුන්ගේ තියෙන්නේ තනිකරම බල ලෝභීබව. උසස් කුල වල දෙමළ නායකයෝ බලන්නේ අනෙක් දෙමල්ලුන්ව ඉත්තා කරගෙන බලය ගන්නයි. මුන් තමයි කොටි පාලනය සමයේ දෙමළ උන්ව බලෙන් යුද්ධයට බදවගෙන උන් ලවා හමුදාවට ගැස්සුවේ. අනෝජන් වගේ උන්ව බේරගන්න එක අපේ වගකීමක්, නමුත් උන් දැනගන්න ඕනේ සිංහල බෞද්ධයන් තමයි උබලව බලාගන්නේ. හම්බයන්ට පෘතුග්‍රීසින් ගහනකොට සෙනරත් රජතුමා තමයි නුවර රාජධානියට අරගෙන නැගෙනහිර ඉඩම් දුන්නේ, දැන් උන් ඒ ඉඩම් වල ඉදගෙන සිංහලයට පාට් දානවා.

    ReplyDelete
Previous Post Next Post