පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම හුදෙක් නීතිමය ක්‍රියාමාර්ගයකට එහා ගිය බරපතළ දේශපාලන ඇඟවුම් සහිත එකක් බවත්, ඒ හරහා ආණ්ඩුව නොදැනුවත්වම නාමල් රාජපක්ෂව විපක්ෂයේ ප්‍රධාන චරිතය බවට ඔසවා තබා ඇති බවත් ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා ප්‍රකාශ කරයි.
සිය යූ ටියුබ් නාලිකාව ඔස්සේ දේශපාලන විශ්ලේෂණයක් ඉදිරිපත් කරමින් ඒ මහතා මේ බව පෙන්වා දෙයි.
මෙම අත්අඩංගුවට ගැනීම මඟින් ආණ්ඩුවට වඩා දැඩි අර්බුදයකට මුහුණ දී ඇත්තේ විපක්ෂයේ සෙසු කණ්ඩායම් බව පෙන්වා දෙන ආචාර්යවරයා, සජිත් ප්‍රේමදාස, පාඨලී චම්පික රණවක, රනිල් වික්‍රමසිංහ සහ දිලිත් ජයවීර වැනි නායකයන්ගේ දේශපාලන ඉඩකඩ යටපත් කරමින් විපක්ෂ දේශපාලන කරළියේ ප්‍රධාන ප්‍රතිවාදියා වීමේ අවස්ථාව නාමල් රාජපක්ෂ වෙත හිමිව ඇති බව සඳහන් කරයි.
විපක්ෂය තුළ මේ වන විට දැඩි 'ශීතල යුද්ධයක්' නිර්මාණය වී ඇති අතර, රාජපක්ෂවරුන් මර්දනයට ලක්වන බව පවසමින් ඔවුන් පිටුපස පෙළගැසීමට හෝ එසේ නොමැතිව තනිව ක්‍රියාත්මක වීමට විපක්ෂ නායකයන්ට සිදුව ඇති උභතෝකෝටිකය ද ඔහු පෙන්වා දෙයි.
ලංකාවේ දේශපාලන ඉතිහාසය තුළ මෙවැනි අත්අඩංගුවට ගැනීම් සහ සිරගත කිරීම් අදාළ දේශපාලනඥයාට ජනතා අනුකම්පාව සහ ප්රචාරක වාසි ගෙන දෙන "ස්වීප් එකක් ඇදුණා හා සමාන" තත්ත්වයක් නිර්මාණය කරන බව පැවසූ ආචාර්ය දේවසිරි මහතා, 2015 යහපාලන ආණ්ඩු සමයේදී ද සිදු වූයේ මෙවැනිම ක්‍රියාවලියක් බව සිහිපත් කළේය.
කෙසේ වෙතත්, මෙම සිදුවීම මාලිමා ආණ්ඩුවේ ක්ෂණික කඩාවැටීමකට හෝ අවසානයකට හේතු වනු ඇතැයි යන මතය තමන් ප්‍රතික්ෂේප කරන බව හෙතෙම අවධාරණය කරයි. ඡන්දදායකයාගේ සබුද්ධිකත්වය (Voter Rationality) පිළිබඳව පැහැදිලි කළ ඒ මහතා, සාමාන්‍ය ජනතාව ආණ්ඩුවක් ඇගයීමට ලක් කරන්නේ දේශපාලනඥයන් හෝ උඩුමහලේ නීති විශාරදයන් කතා කරන 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය හෝ දේශපාලන පළිගැනීම් පිළිබඳ සංවාද මත නොවන බව පෙන්වා දෙයි. සාමාන්‍ය ජනතාවගේ දෛනික පිරික්සුම් ලේඛනයේ ප්රමුඛව පවතින්නේ ජීවන වියදම, ආදායම් මාර්ග, අත්‍යවශ්‍ය සේවා සහ ආර්ථික ස්ථාවරත්වය වන අතර ආණ්ඩුවක් පවතින්නේ ද පෙරළෙන්නේ ද එම මූලික සාධක මත බව ඔහු පවසයි.
එමෙන්ම, පසුගිය මැතිවරණ තුනකදීම ජනතාව මාලිමාව වෙත ඡන්දය භාවිත කිරීම හරහා එය ඡන්දදායකයාගේ දේශපාලන පුරුද්දක් බවට පත්ව ඇති බව පෙන්වා දෙන ඒ මහතා, කූඩැල්ලෙකු එක් තැනක් අතහරින්නේ තවත් තැනක් තදින් අල්ලා ගත් පසුව පමණක් සේම, පවතින ආණ්ඩුව පරදවා විශ්වාසය තැබිය හැකි ශක්තිමත්, ඒකාබද්ධ විකල්ප බලවේගයක් විපක්ෂය තුළින් ගොඩනැගෙන තුරු ඡන්දදායකයා ආණ්ඩුවෙන් පහසුවෙන් ඉවතට නොයන බව ද සඳහන් කරයි.
ඒ අනුව, ආණ්ඩුවේ පැවැත්ම හෝ අවසානය තීරණය වන්නේ නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම වැනි සිදුවීම් මත නොව, මහජනතාවගේ බිම් මට්ටමේ ආර්ථික අපේක්ෂාවන් කළමනාකරණය කරගැනීමට ආණ්ඩුවට ඇති හැකියාව මත බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියි.
Political Implications of Namal Rajapaksa's Arrest Analyzed
Dr. Nirmal Ranjith Dewasiri has characterized the arrest of Member of Parliament Namal Rajapaksa as a significant political move laden with impactful implications, suggesting that it inadvertently positions Rajapaksa as a central figure within the opposition. This assessment was shared during a political analysis on his YouTube channel.
The scholar indicates that this incident reveals the government’s deeper struggles, focusing on the dynamics within the opposition factions. He notes that leaders such as Sajith Premadasa, Patali Champika Ranawaka, Ranil Wickremesinghe, and Dilith Jayaweera are now contending with a landscape where Rajapaksa emerges as a key adversary in the political arena.
A significant "cold war" has reportedly developed within the opposition, as Rajapaksa's influence threatens to overshadow other leaders. Dewasiri highlights a sense of disarray among opposition leaders who are now confronted with the dilemma of either consolidating their actions or retreating from confrontational positions in response to the Rajapaksa family's perceived oppression.
Referring to historical trends in Sri Lankan politics, Dewasiri emphasizes that arrests and detentions of this nature often generate significant public sympathy and political benefits for the affected individuals. He likens this situation to a "sweep" that can shift public opinion, recalling similar occurrences during the Yahapalanaya government in 2015.
However, he dismisses the notion that this event could lead to a rapid collapse or downfall of the current Malima administration. Clarifying the concept of voter rationality, Dewasiri asserts that the public evaluates the government based on criteria beyond political maneuvers or discussions surrounding constitutional reforms, focusing instead on fundamental issues like the cost of living, income sources, essential services, and economic stability.
He observes that in the past three elections, the electorate's engagement with Malima has been shaped into a habitual political practice. Analogous to how a climber steadies themselves before venturing further, he notes that voters are unlikely to abandon the current administration without a formidable, cohesive opposition capable of inspiring trust.
Consequently, Dr. Dewasiri strongly argues that the fate of the Malima government hinges not on incidents like Rajapaksa’s arrest, but rather on its ability to manage the economic expectations of the populace at the grassroots level.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

සුන්බුන් විපක්ෂයේද?
ReplyDeleteගූගොඩ ඒ පැත්ත මේ පැත්ත දදා කොච්චර ඇනුවත් සමන්පිච්ච සුවඳ එන්නේ නෑ බොල. එන්න එන්න ගඳ වැඩි වෙනවා මිසක්
ubalage ammage hutta ibala balapan goo kara kari wesa balla
Deleteමේ වෙලාවේ නාමල්ට උදව් කරනවා කියන්නෙම තමන්ගේ දේශපාලන වල තමන්ගේ අතින්ම කපාගන්න එක.
ReplyDeleteපේන් නැද්ද නයි හාමු, ජපන් දන්න පුතා හ්ම් සද්ද නෑ නේ
ඒකත් ප්ලෑන් එකේ කොටසක් බං. නාමල් වගේ බූරුවෙක් විපක්ෂේ චරිතයක් කරන එක වාසියි, ඊට වඩා ටිකක් මොලේ තියෙන පාටලී, ඩීල්දාස වගේ උන් පොරවල් කරනවාට වඩා. දැන් සජිත් පේනවනේ, හෙනම ගොනා. ඌ ඉන්නකම් ආණ්ඩුවට හෙනම ආතල්
ReplyDeletekanndadiya issarahata gihin balapan wesa balla...buruwek penei thota..
Deleteනාමල්ට සල්ලි දීම කියන එක තනිකර ඒක පාර්ශ්වික වැඩක් නිමල් පෙරේරාගේ. නිමල් පෙරේර මේ සල්ලි ප්රියංකගෙන් ගත්ත. එච්චරයි සාක්කි මත බෑංක් රෙකෝඩ් මගින් තහවුරු වෙන්නෙ. නිමල් මේ මුදල එයාගෙ බැංකුවෙන් withdraw කරා කියල කිසි සාක්කියක් නෑ. නිමල් මේ මුදල නාමල්ට දුන්න කියල කිසි සාක්කියක් නෑ. මේක හරියට නිමල් පෙරේර masturbate කලා වගේ දෙයක් නේ. It's all about him. ACCORDING TO NIMAL NIMAL'S MONEY WAS LEFT BY NIMAL UNBEKNOWNST TO ANYONE ELSE BUT NIMAL ON A TABLE BELONGING TO NAMAL.
ReplyDeleteඕකනේ ඕකට metaphor එකක් විදියට හිගන්නෙකුට දීම වගේ unilateral දීමක් ගම්මන් පිල උදාහරණයක් විදියට ගන්නෙ. නිමල් පෙරේර එයා බස් කමිශන් එකේ කොටසක් ගන්නව. ඒක නිමල් එයාගෙ හොර ගෑනිට දුන්නත්, දරුවෙක්ට දුන්නත් හිගන්නෙකුට දුන්නත්, මිරැකල් ඩෝම් එකට දුන්නත් අටමස්තානෙට දුන්නත්, සමන්ත බද්‍රට දුන්නත් නාමල්ට දුන්නත් ඒක prima facie unilateral දීමක්. ඒක ඒම නාමල්ගෙ මේස උඩ තැබීම prearranged money drop එකක් කියා රංග දිසානායක ඔප්පු කරන්න ඕන. ඒත් ඇත්තට්ම රංග එච්චර බ්‍රයිට් පොරක් නෙවේ නිසාත්, එයාට තියන limited grey matters ටික "වෙන වෙන දේවල්" ( wink wink nudge nudge Miss Jayakody anyone ?) නිසා distract වෙලා තියන නිසාත් ඒක ඔප්පුකරන්නේ නැතුව නාමල්ව slap dash shoddily අටවපු චෝදනාවකට ඇප නැතුව රිමාන්ඩ් කලා. හරියට රනිල්ගෙ නඩුව(සරෝජට) බැක්ෆයර් වුනා වගේ ඕක බැක්ෆයර් වෙනව. නිමල්ට.
ෂා ඔයා මේ රටේ නීතිපති වෙන්න ඕන පොරක්නේ. කීයට වෙනකන් ඉස්කෝලේ ගියාද
Deleteiskole giya ubalage ammata hukanakal hutto...
DeleteOkkoma hari kiyamuko. Eth ithin podi bayak nedda. Owa ahu wei kiyala. Hama deyakma api hitana widiyatama wenne netinisa. Ahu une netath porage nama sauttu wela tibba nisa eka hada ganna amarui. Re wetichcha wale dawal wetenne ne minissu. Eka paduwak. samanyen game horakam karala kiyala mattu wechcha ekek pare giyath minissu ge parissamata lock daanawa.
DeleteOkkoma hari kiyamuko. Eth ithin podi bayak nedda. Owa ahu wei kiyala. Hama deyakma api hitana widiyatama wenne netinisa. Ahu une netath porage nama sauttu wela tibba nisa eka hada ganna amarui. Re wetichcha wale dawal wetenne ne minissu. Eka paduwak. samanyen game horakam karala kiyala mattu wechcha ekek pare giyath minissu ge parissamata lock daanawa.
DeleteAde ehemada bn
Deleteමේ මොන රිලවෙක්ද කවුද මූට ආචාර්ය කියන්නේ , එදා ඉදල ඩොලර් වලට දෙන හිගන්නෙක් , රටේ අවාසනාවට ඉපදුන කාලකන්නියෙක් , මූ හදන්නේ විපක්ෂයේ එකමුතුව නැතිකරන්න , පල පල රිලවා අපායටම
ReplyDeleteOw ow hena ekamuthui. inne okkoma kudukarayoyi horui. ekamuthuwa. molda bn
Deleteනිර්මාල් රංජිත් pada arinawa katha karaddi. Goo kana jepponta නිර්මාල් රංජිත් hena porak. ugen ahalada danne ne kakka karanna ehemath yanne....LOL
ReplyDeleteado ado ema kiyanna epa...නිර්මාල් රංජිත් kollo gahanne ne JVP eke katha nayaka wage
ReplyDeleteතෙල්,ගෑස් පෝලීමේ ඝාතනය කරපු මිනිස්ස්න්ට සාධාරණයක් වෙනවාට මෙයා කැමති නැහැ වගේ
ReplyDeleteරට විකුනන් කන සුපුරි බුද්දිමතෙක්.😂😂
ReplyDeleteකථාව ඇත්ත.නමුත් මෙයා නාමල්ට උපත දෙන ගමන් විපතත් දෙනවා.එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් බාගන්න හදන්නේ.රාජපක්ෂ විරෝධී කණ්ඩායම් වල හිටගත්තා මෙයා එදා.
ReplyDeleteනිර්මාල් මහත්තයො ඔයගොල්ලෝ දැන් කල් පැනපු චරිත. ඉස්සර හිරගෙට ගිහිල්ලා ප්‍රසිද්ධ උනේ සාධාරණ සටන් වලදී හිරේට ගිහිල්ලා. දැන් යන්නේ සාධාරණ දේශපාලන සටන් කරල නෙමෙයි. ඒක තමයි ඔයගොල්ලෝ කල් ඉකුත් වූ චරිත කියල කිව්වෙ.
ReplyDeleteExactly!!
Deleteකල් ඉකුත්වුණු පොට්ට කාසියක් වගේ පොරක් තමයි මේ ආචාරියා. මුන්ගෙන් ඉගෙනගත්තු අයට දෙය්යන්ගේම පිහිටයි. කතා කරන්න කරන්න ලොන්ත පෝල් කම ප්‍රදර්ශනය වෙනවා.
ReplyDeleteHey Nirmal, You are very much in this plan to bring Namal forwrad. Bu you are pretending as if you were not in it.
ReplyDelete