පාතේගම, වැලිගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් EZ Cash ක්‍රමය මගින් නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කරන බවට පොලිස්පතිතුමා වෙත ලද තොරතුරකට අනුව නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසයේ ජාලගත වාංචා විර්මශන ඒකකය මඟින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව විමර්ශනයක් ආරම්භකර පවත්වා ගෙන යනු ලබයි.
විමර්ශනයට අනුව ඉහත සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරමෙන් නීති විරෝධී ලෙස උපයාගන්නා ලද මුදලින් මිලදී ගෙන ඇති බවට අනාවරණය වී ඇති වැහේන, පාතේගම ප්‍රදේශයේ පිහිටි රුපියල් ලක්ෂ 150 කට අධික වටිනාකමකින් යුත් නිවසක් නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් 2026.09.04 දින සිට මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව දින 14 ක කාලයක් සඳහා ක්‍රියාවිරහිත කිරීමේ නියෝග නිකුත් කර ඇත.
නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
Investigation Launched into Drug-Related Money Laundering in Pathagama
Authorities in Pathagama are investigating a local resident accused of engaging in illegal drug trafficking through the EZ Cash method. This probe was prompted by information provided to the Senior Superintendent of Police, leading the Asset Recovery Unit to initiate an inquiry under the Prevention of Money Laundering Act.
Preliminary findings indicate that the suspect has allegedly acquired over 150 million Sri Lankan Rupees worth of property through proceeds from narcotics trafficking. On September 4, 2026, the Asset Recovery Unit issued a 14-day order suspending the operation of this identified asset as part of their investigations.
The unit has committed to conducting further inquiries into the matter to uncover any additional details related to the case.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
