ඉන්දු ලංකා නව ආරක්‍ෂක ගිවිසුම් තුනකට ඉන්දීය ආරක්‍ෂක ඇමති අනිද්දා ලංකාවට..


ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා ලබන අඟහරුවාදා මෙරට සිදු කරන තෙදින නිල සංචාරය අතරතුර දෙරට අතර නව ආරක්ෂක අවබෝධතා ගිවිසුම් තුනකට අත්සන් තැබීමට නියමිත බව පුවත්පත වාර්තා වෙයි.

මෙම නව ගිවිසුම් අතරින් ප්‍රධාන ගිවිසුමක් වන්නේ ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ගුවන් ආරක්ෂක අවි සැපයීම සම්බන්ධයෙන් වන එකඟතාවයි.

සෙසු ගිවිසුම් දෙක මගින් දෙරටේ ශිෂ්‍යභට බලකායන් අතර සබඳතා ශක්තිමත් කිරීම සහ ශ්‍රී ලංකා ආරක්ෂක විද්‍යාලය හා ඉන්දීය ආරක්ෂක විද්‍යාල අතර සහයෝගීතාව වර්ධනය කිරීම අපේක්ෂා කෙරේ.

මෙම සංචාරයේදී, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය වසරේ අප්‍රේල් 5 වැනිදා ඉන්දියාවේ කළ සංචාරයේදී අත්සන් තැබූ ඉන්දු-ශ්‍රී ලංකා ආරක්ෂක සහයෝගීතා අවබෝධතා ගිවිසුමේ ප්‍රගතිය පිළිබඳව ද දෙපාර්ශවය විසින් සමාලෝචනය කිරීමට නියමිතය.

රාජ්නාත් සිං මහතා ලබන බදාදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවීමට නියමිත අතර, පාර්ලිමේන්තු සංචාරයක් අතරතුර අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය ද හමුවනු ඇත.

විශේෂත්වයක් වන්නේ ඔහු පාර්ලිමේන්තුවට පැමිණෙන දිනයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය (OCDS) අහෝසි කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ විවාදය පැවැත්වීමට නියමිතව තිබීමයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ කැබිනට් මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු වන සිං මහතා, ඉන්දීය ආධාර යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවල ප්‍රගතිය ද මෙහිදී නිරීක්ෂණය කරනු ඇත. ඒ අතර ඇමෙරිකානු ඩොලර් මිලියන 450ක ඉන්දීය ආධාර මත සිදු කෙරෙන ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති ද ඇතුළත් වේ.





Indian Defence Minister to Sign Key Agreements During Sri Lanka Visit

India's Defence Minister Rajnath Singh is set to embark on a significant three-day official visit to Sri Lanka next Tuesday, aimed at cementing new security cooperation agreements between the two nations. Reports indicate that three distinct agreements are scheduled to be signed during this crucial visit.

At the forefront of these agreements is a pivotal deal concerning the provision of air defense systems from India to Sri Lanka. This partnership is expected to bolster the island nation's military capabilities.

Additionally, the two other agreements aim to strengthen ties between the student military forces of both countries and enhance collaboration between the Sri Lankan Defence Academy and its Indian counterpart.

During this trip, President Anura Kumara Dissanayake is anticipated to review the progress of the Indo-Sri Lankan defence cooperation agreement, which was signed during his visit to India on April 5 of the previous year.

Rajnath Singh is scheduled to meet with President Dissanayake and will also engage with Prime Minister Harin Fernando during his parliamentary visit.

A noteworthy aspect of Singh's visit coincides with scheduled discussions regarding the proposed legislation to repeal the Office of the Chief Defence Staff (OCDS).

As a senior minister in Indian Prime Minister Narendra Modi's cabinet, Singh will monitor the progress of projects operating under Indian assistance, including significant reconstruction initiatives funded by a $450 million Indian aid package.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

8 Comments

  1. හරක් කොටා ඩොලර් බිලියන පහකට රට විකුණයි

    ReplyDelete
    Replies
    1. මේ ත්‍රස්තවාදී හැතිකරයේ අවුරුදු 5 ඉවරවෙන කොට අපි ඉංදියාවේ 29වන ප්‍රාන්තය වෙලා ඉවරයි.කපටි ඉංදියානුවෝ කෝට් අන්දලා පත්කරගත්ත නිවටයගෙන් මර මර වැඩකරගන්නවා.ඌ පරඬැලක් වගේ උන්ට විරුද්ධව කට ඇරගන්න බැරිව.අයියෝ මගේ රට මොකට ඡන්දය දැම්මද?

      Delete
    2. රටක්, ජාතියක්, ආගමක් නැතී උන් කොහෙන් හොයන්නදෝ

      මෙයට මෝඩි

      Delete
  2. Indian expansionism is good now ?. What weak leaders are these? . Sri Lanka is cooked.

    ReplyDelete
  3. අනුර කුමාර විපක්ෂේ හිටියනම්, ඉන්දියානු හොර ගිවිසුම් එපා, රනිල් එලවමු. ගොන් ජෙපි වහල්ලු ඉන්දීය ගිවිසුම් එපා කියද්දීත් හුරේ දානවා දැන් ගිවිසුම් ගහද්දිත් හුරේ දානවා 🤦‍♂️

    ReplyDelete
    Replies
    1. ANTHARE un ehema una nam

      campus wahagena pare renawa

      Delete
  4. MUNGE KONDA NAHA

    PONNYO SET EKAK KIYALA

    INDIYWA DANNAWA

    ReplyDelete
  5. ජෙප්පෝ කියන්නෙ මොලේ මැටි කියන එකට තවක් නමක් ද? ලොක්කෝ මොනවා කලත් ඒවා හෝද හෝද ඉන්නවා. මොළය කල්පනා කරලා බලන්න තේරෙන්නේ නැහැ. ඉස්සර ඉන්දියාව සතුරෙක් විදියට පෙන්නුවම ඒ වෙනුවෙන් රට විනාස කළා. දැන් හොර ගිවිසුම් ගැහුවම ඒක හොන්දයි කියලා ආයෙත් විනාස කරනවා. මොලේ නැති නපුන්සක රැලක් ඇත්තටම.

    ReplyDelete
Previous Post Next Post