සෞදියේ රියාද් ගුවන් තොටුපොල අසල දැවැන්ත පිපිරීම්...


 සෞදි අරාබියේ රියාද් අගනුවර පිහිටි ප්‍රධාන ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ආසන්නයෙන් ප්‍රබල පිපිරුම් හඬවල් සමඟ අහස උසට නැගෙන දැවැන්ත කළු දුම් වලාකුළක් දක්නට ලැබුණු බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

ගුවන් ප්‍රහාර එල්ල වීමේ දැඩි අවදානමක් පවතින බව පවසමින් සෞදි බලධාරීන් විසින් ඊයේ රාත්‍රියේ අගනුවර වැසියන් වෙත ජංගම දුරකථන ඔස්සේ හදිසි අනතුරු ඇඟවීමේ පණිවිඩ යොමු කර තිබූ අතර, ඉන් අනතුරුව මෙම පිපිරුම් සිදුව තිබේ.

රොයිටර් පුවත් සේවය සතු වීඩියෝ දර්ශන සහ ඡායාරූප මඟින් අනාවරණය වන්නේ, ගුවන් තොටුපොළ අධිවේගී මාර්ගය සහ ප්‍රධාන පර්යන්ත ගොඩනැගිලි ආසන්නයෙන් ඝන කළු දුම් රොටු අහසට විහිදෙන ආකාරයයි. එමෙන්ම ඉන්ධන ගබඩා ටැංකි ලෙස සැකකෙරෙන ස්ථානයක් පිටුපසින් ගිනිදැල් මතුවන ආකාරය ද එම දර්ශනවල සටහන්ව ඇත.

කෙසේවෙතත්, මෙම සිදුවීම සම්බන්ධයෙන් රොයිටර් පුවත් සේවය කළ විමසීම්වලට සෞදි රජයේ මාධ්‍ය කාර්යාලය මෙතෙක් නිල ප්‍රතිචාරයක් දක්වා නොමැත.

ඇමරිකා-ඉරාන යුදමය වාතාවරණය ආරම්භ වීමත් සමඟ මීට පෙරද මෙවැනි අනතුරු ඇඟවීම් කිහිපයක් නිකුත් වී තිබුණද, පසුගිය ජුලි මාසයේදී හූතිවරුන් සමඟ ගැටුම් උත්සන්න වීමෙන් අනතුරුව මෙවන් හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් වූ පළමු අවස්ථාව මෙය වේ.

යේමනයේ උතුරු ප්‍රදේශය ඇතුළු වැඩි ජනගහනයක් වෙසෙන කලාපවල බලය පාලනය කරන ඉරාන හිතවාදී හූතිවරුන්, පසුගිය ජුලි මාසයේදී සෞදි අරාබියට එරෙහිව නාවික අවහිරතාවක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු රතු මුහුදේ ගමන් ගන්නා සෞදි නෞකා ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළේය.

සෞදි නගර, බලශක්ති යටිතල පහසුකම් මෙන්ම ජාත්‍යන්තර නාවික ගමනාගමනය ඉලක්ක කර හූතිවරුන් එල්ල කරන මෙම ප්‍රහාර හේතුවෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා පවතින නාවික බාධාවලට අමතරව ගෝලීය තෙල් සැපයුමට සහ විකල්ප රතු මුහුදු වෙළඳ මාර්ගයට දැඩි තර්ජනයක් එල්ල වී තිබේ.





Explosion Reported Near Riyadh’s Main International Airport Amid Heightened Security Concerns

A massive black plume of smoke has been witnessed rising into the sky near Riyadh's primary international airport, accompanied by loud explosions, according to a report by Reuters.

Saudi authorities issued emergency alerts to residents via mobile phones last night, warning of a severe risk of airstrikes. This notification came shortly before the explosions occurred.

Video footage and images from Reuters reveal thick black smoke billowing into the air near the airport's access road and prominent high-rise buildings. There are also indications of flames erupting from what is believed to be a fuel storage tank nearby.

So far, the Saudi government media office has not provided an official response regarding this incident, despite inquiries from Reuters.

This event marks the first emergency alert issued in light of an escalating military atmosphere between the US and Iran. Despite prior warnings issued earlier this month, the situation intensified significantly after clashes with Houthi forces in July, raising the current threat level.

The Iran-aligned Houthi rebels, who control regions including northern Yemen with dense populations, began targeting Saudi vessels in the Red Sea following their declaration of a naval blockade against Saudi Arabia last July.

The attacks, aimed at Saudi cities and energy infrastructure, pose a serious threat not only to the maritime routes in the Red Sea but also jeopardize global oil supplies and alternative trade routes in the region.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

5 Comments

  1. සෞදි අරාබිය කියන්නේ අමනුෂ්‍යයන් සිටින රටක්ද?

    ReplyDelete
    Replies
    1. ඔව්. ඒකයි ඕකුන්ට ඉරානය සහ හූතිලා පුකෙන් යන්න නෙළන්නෙ

      Delete
    2. 🐄🐄🐄🐄🐄🐄🐄....api malimawata...Umbe.....🐄🐄🐄🐄🐄🐄🐄....api malimawata...Umbe.....🐄🐄🐄🐄🐄🐄🐄....api malimawata...Umbe.....🐄🐄🐄🐄🐄🐄🐄....api malimawata...Umbe.....🐄🐄🐄🐄🐄🐄🐄....api malimawata...Umbe.....🐄🐄🐄🐄🐄🐄🐄....api malimawata...Umbe.....🐄🐄🐄🐄🐄🐄🐄....api malimawata...Umbe.....🐄🐄🐄🐄🐄🐄🐄....api malimawata...Umbe.....🐄🐄🐄🐄🐄🐄🐄....api malimawata...Umbe.....🐄🐄🐄🐄🐄🐄🐄....api malimawata...Umbe.....🐄🐄🐄🐄🐄🐄🐄....api malimawata...Umbe.....🐄🐄🐄🐄🐄🐄🐄....api malimawata...Umbe.....🐄🐄🐄🐄🐄🐄🐄....api malimawata...Umbe.....🐄🐄🐄🐄🐄🐄🐄....api malimawata...Umbe.....🐄🐄🐄🐄🐄🐄🐄....api malimawata...Umbe.....🐄🐄🐄🐄🐄🐄🐄....api malimawata...Umbe.....🐄🐄🐄🐄🐄🐄🐄....api malimawata...Umbe.....🐄🐄🐄🐄🐄🐄🐄....api malimawata...Umbe.....🐄🐄🐄🐄🐄🐄🐄....api malimawata...Umbe.....🐄🐄🐄🐄🐄🐄🐄....api malimawata...Umbe.....🐄🐄🐄🐄🐄🐄🐄....api malimawata...Umbe.....🐄🐄🐄🐄🐄🐄🐄....api malimawata...Umbe.....🐄🐄🐄🐄🐄🐄🐄....api malimawata...Umbe.....🐄🐄🐄🐄🐄🐄🐄....api malimawata...Umbe.....🐄🐄🐄🐄🐄🐄🐄....api malimawata...Umbe.....🐄🐄🐄🐄🐄🐄🐄....api malimawata...Umbe.....🐄🐄🐄🐄🐄🐄🐄....api malimawata...Umbe.....🐄🐄🐄🐄🐄🐄🐄....api malimawata...Umbe.....🐄🐄🐄🐄🐄🐄🐄....api malimawata...Umbe.....🐄🐄🐄🐄🐄🐄🐄....api malimawata...Umbe.....🐄🐄🐄🐄🐄🐄🐄....api malimawata...Umbe.....🐄🐄🐄🐄🐄🐄🐄....api malimawata...Umbe.....🐄🐄🐄🐄🐄🐄🐄....api malimawata...Umbe.....🐄🐄🐄🐄🐄🐄🐄....api malimawata...Umbe.....🐄🐄🐄🐄🐄🐄🐄....api malimawata...Umbe.....🐄🐄🐄🐄🐄🐄🐄....api malimawata...Umbe.....🐄🐄🐄🐄🐄🐄🐄....api malimawata...Umbe.....🐄🐄🐄🐄🐄🐄🐄....api malimawata...Umbe.....🐄🐄🐄🐄🐄🐄🐄....api malimawata...Umbe.....🐄🐄🐄🐄🐄🐄🐄....api malimawata...Umbe.....🐄🐄🐄🐄🐄🐄🐄....api malimawata...Umbe.....🐄🐄🐄🐄🐄🐄🐄....api malimawata...Umbe.....🐄🐄🐄🐄🐄🐄🐄....api malimawata...Umbe.....🐄🐄🐄🐄🐄🐄🐄....api malimawata...Umbe.....

      Delete
  2. ගහපල්ලා ඔය වහාබි පකයන්ට ලොවෙත් නැති වෙන්න

    ReplyDelete
Previous Post Next Post