සජිත්ගේ විරෝධය අරඹන්න පෙරම අවුල් වෙයි.. විපක්‍ෂයෙන්ම විරෝධය.. ආණ්ඩුවත් එක්ක ඩීල්ලු..


 වත්මන් රජයේ ක්‍රියාකලාපයට සහ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පැවැත්වීමට සැලසුම් කර ඇති විරෝධතාව සම්බන්ධයෙන් විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් අතර අර්බුදයක් හටගෙන තිබේ.

මෙම මතභේදාත්මක තත්ත්වය හමුවේ සැලසුම් කළ විරෝධතාවට සහභාගී නොවීමට ‘සමබිම පක්ෂය’ ප්‍රමුඛ ‘දිනන දකුණ’ බහුජන සංවිධානය තීරණය කර ඇත.

විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සමබිම පක්ෂයේ නියෝජිතයෙකු සඳහන් කළේ, රජයේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ගවලට එරෙහිව අද පැවැත්වීමට නියමිතව තිබූ විරෝධතාවට එක්වන ලෙස මහජනතාව දැනුවත් කර තිබුණ ද, විපක්ෂයේ ඇතැම් පාර්ශ්වයන්ගේ මැදිහත්වීම මත එම වැඩපිළිවෙළ අවුල් සහගත තත්ත්වයකට පත්කර ඇති බවයි.

තම පක්ෂයේ අනන්‍යතාව හෝ බැනරය යටතේ මෙම විරෝධතාවට සහභාගි වීමට විපක්ෂයේ සාම්ප්‍රදායික කණ්ඩායම් විරෝධය පළකිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බවත්, ඒ පිළිබඳව විරෝධතාවට එක්වීමට සූදානම්ව සිටි ජනතාවගෙන් සමාව අයදින බවත් හෙතෙම පැවසීය.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මුල් කරගනිමින් විපක්ෂයේ පොදු පෙරමුණක් ගොඩනැගීම සඳහා පසුගිය සති දෙකක කාලය පුරා විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයන් සහ නායකත්ව මණ්ඩල සමඟ දීර්ඝ සාකච්ඡා වට රැසක් පැවැත්වූ බව එම නියෝජිතයා පෙන්වා දුන්නේය. ඒ අනුව කොළඹ ජානකී හෝටලයේදී විපක්ෂයේ කණ්ඩායම් 21ක සහභාගිත්වයෙන් සාර්ථක මූලික සාකච්ඡාවක් පැවැත්වීමට පියවර ගෙන තිබුණි.

කෙසේ වෙතත්, අවසන් මොහොතේදී මෙම ඒකාබද්ධ විරෝධතාව කඩාකප්පල් කිරීමට ක්‍රියාකළ පුද්ගලයන් පිළිබඳ සියලු තොරතුරු තමන් සතුව ඇති බව පැවසූ ඒ මහතා, විපක්ෂයේ ඇතැම් පාර්ශ්වයන් ආණ්ඩුව සමඟ රහසිගත ‘ඩීල්’ දමමින් කටයුතු කරන බවට ද චෝදනා කළේය.

වත්මන් පාර්ලිමේන්තුවේ පවතින්නේ නමට පමණක් සීමා වූ ‘රූකඩ විපක්ෂයක්’ බවත්, වංචාවෙන් හා දූෂණයෙන් තොර සැබෑ ජනතා විපක්ෂයක් ගොඩනැගීම සඳහා ඉදිරියේදී මහජනතාව සමඟ එක්ව නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.





Disagreement Among Opposition Parties Over Planned Protest Against Government and Constitutional Amendments

A significant rift has emerged among opposition political factions regarding a planned protest against the current government's activities and the 22nd amendment to the constitution.

In light of this contentious situation, the Samabima Party has decided not to participate in the upcoming protest organized by the 'Dinana Dakuna' mass organization.

In a special statement, a representative from the Samabima Party revealed that the public had been informed about the protest today, aimed at opposing the government's anti-democratic actions. However, the involvement of certain factions within the opposition has led to an environment fraught with discord and confusion.

The decision was influenced by traditional opposition groups expressing resistance to participating under the party's identity or banner. The representative extended an apology to the public who were prepared to join the protest.

Over the past two weeks, there have been lengthy discussions among the leaders and leadership council of the opposition, aimed at establishing a united front against the 22nd constitutional amendment. A successful preliminary discussion involving 21 opposition groups was held at the Janakee Hotel in Colombo.

However, the representative stated that they possess information about individuals actively working to undermine this unified protest at the last moment, accusing some factions within the opposition of engaging in secret 'deals' with the government.

He emphasized that the current parliament merely constitutes a nominal 'puppet opposition' and affirmed their commitment to collaborating with the public in the future to establish a genuine people's opposition, free from fraud and corruption.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

16 Comments

  1. ඉලන්දාරි පේඬිගේ අමිල රුක්ෂාන් රත්නායකSeptember 24, 2026 at 9:23 AM

    ඔව්, ඔය ගොන් විරෝධයට අපි එන් නෑ.

    ReplyDelete
    Replies
    1. ඩෝබිලා කොහොමත් එන්නෙ නෑනෙ. ඒක අපි දන්නවනෙ. ඒවුනාට සජියා සහ සජබ සෙට් එක කුණු ගේමක් ගහනවා. ඒක අපි දන්නවා. ඕකට මුල් වෙලා ඉන්නේ මුජිබර් රහුමන්, අසාත් සාලි ඇතුලු මුස්ලිම් අන්තවාදීන් සහ ක‍තෝලික අන්තවාදීන් ටික. උන් ආසයි මාලිමාව තව තියෙනවට. මොකද උන්ට ඕන කරන අන්තවාදී වැඩ වලට මාලිමාව උඩින්ම සපොර්ට් නිසා.

      Delete
    2. සජියට විපක්ශේ විරෝධතා කරන හැටි මුල ඉඳන් ඉගෙන් ගන්න වෙයි. මේ ෆොටෝ එක බලමු. මේකෙ මෑන් ඉන්නේ නිකං සෙනග දැකලා හෙන ෆන් එකේ. යකෝ මේක විරෝධතාවයක්. සටන්කාමී බව පෙන්නහං. පරණ වාමාංශික පක්ෂ වල විරෝධතාවයන් වල ෆොටෝ බලහං. (උදා : කොල්වින්, පිලිප්, විජේවීර, විජය, ම.රා.) ඒ මිනිස්සු මේ වගේ ගොන් පාට් දැම්මේ නෑ. මේක නිකං සිරස සුපර් ස්ටාර් දිනලා ගමට යද්දි ගත්ත ෆොටෝ එකක් වගේ.

      Delete
  2. සමබිම පක්ෂය’

    ‘දිනන දකුණ’

    ReplyDelete
    Replies
    1. පසුගිය කාලවල ආන්ඩුවේ අමන වැඩ වලට ප්‍රභල ප්‍රහාර එල්ල කරපු සංවිධාන දෙකක්.

      Delete
  3. ඒක උනේ නාමල්ගේ ‍රැලිය දැක්කම නාමල් ඇතුලු පොහොට්‍ටු සෙට් එක සජිත්ට වඩා මිනිස්සු ගෙනාවොත් සජියා කිච වෙනවා.
    එහෙම බයකුත් සජියා ඇතුලු හිටපු යහපාලන සෙට් එකට තියෙනවා.
    උන් දැන් බයේ ඉන්නේ 2029දි නාමල් තනියෙන් ඉල්ලුවොත් සජියා ආපහු පැරදෙන නිසා.

    ReplyDelete
    Replies
    1. මේ වෙලාවේ විපක්ශේ ඔක්කොම එකට ඉන්න එපැයි. මෝඩ හරක්.
      උන් මේ වෙලාවේ පොර වෙන්න ගියොත් ඔක්කොම ඉවරයි. එකෙක්ටවත් එන්න හම්බෙන්නේ නැහැ.

      Delete
    2. නොට්ටිගේ පුතාල එකට තමයි හැබැයි ඉන්න ඕන.
      මිනිස්සු දන්නව කොහොමත් ප්‍රේමදාස/ රාජපක්ස එකම සැම්පලේ බුවාල දෙන්නෙක් කියල. එකෙක් මළාම රතිඥ්ඥ දැම්ම. අනික මළාම කිරිබත් කනව.

      Delete
  4. අනුරාධපුරේ අහිංසක ගොවියන්ට වී මිල නැති වෙලාවේ වත් ගොවියො ටික එකතු කර ගන්න බැරි වුනා නේ සජබෙට. මොකට විපක්ශකම් කරනවද මන්දා.

    ReplyDelete
  5. සමඟිය බලය වේ කියන එක සමඟි ජන බලේට තේරෙන්නෙ නෑ වගේ.

    ReplyDelete
  6. ආන්ඩු කෙරුවාවෙන් අනුර ඇතුලු මාලිමාව ෆේල්
    විපක්ශ නායක කම් කෙරුවාවෙන් සජිත් ඇතුලු සජබේ ෆේල්
    කොවිඩ් සහ යුක්‍රේන යුද්ධ නිසා තෙල් මිල වැඩිවීම් නිසා රටේ ආර්ථික අර්බුදය ඇති උනා කියන එක මහජනයට තේරුම් කරලා දෙන්න බැරි පොහොට්‍ටුව ෆේල්
    තමන්ගේ ජාතිය ආගම, සංස්කෘතිය සහ සදාචාරේ රකින එකෙක්ට ‍තෝරලා බලය දෙන්න තේරෙන්නෙ නැති, සමාජ මාධ්‍යවල යන ඕනම කට කතාවක් විශ්වාස කරන මෝඩ මහජනයා ෆේල්.
    ඔය ඔක්කොම සෙට් එක එකතු වෙලා රටම ෆේල් කරලා තියෙන්නෙ.

    දැන් වත් අනුන්ට බැන බැන ඉන්නෙ නැතිව තම්න්ගේ පැත්තෙන් වැරදුනේ කොතනද කියලා විනාඩි 10ක් කල්පනා කරලා. අද ඉඳන් වත් බොරුව පැත්තකින් තියලා, ඇත්තටම රටේ වෙන්නෙ මොකද්ද කියලා හොයනවා කියන එක ඔලුවට එනකන්ම ලංකාව මේ වලෙන් ගොඩ එන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. හැබැයි පාර දිගේ වැඳ වැඳ නිල් පාට බස් එකේ යන එක නම් පොඩි මයිනස් තිතටම කරනවා.
      බය ගෑවිලාවත් නෑ. 🤣

      Delete
  7. අලවීම කෙළවීම මේ ජීවිතේ...
    උපතින් ම ගෙන ආමි සංසාරයේ.
    (සජ්ජාස් පෙමඩස්)

    ReplyDelete
  8. සජ්ජාස් පෙමඩස් - අනෙක් ගෝල බාලයෝ - ['ෂේක්' මුජිබර්, මරික්-කාර් - තුන් හුලස් නාලිකා සට්ටැඹි, සුජිත් ජංසය, නයි-රෝසන් දූපක්ක (මෝඩ තරිදූ)]

    ReplyDelete
  9. සමබිම පක්ෂය’ ප්‍රමුඛ ‘දිනන දකුණ’ බහුජන සංවිධානය හුකෑස්ස්.. මුන්ට ඡන්ද කීයක් හම්බ වුනාද?

    ReplyDelete
  10. සීලෙ අපිට අපි සීලෙට,.September 24, 2026 at 8:15 PM


    ඊයා... අප්පිරියාව මේවගේ කොටළුවන්ට චන්දෙ දෙන මෝඩයො,.!
    ලැජ්ජාවෙ පනයනව.
    අම්මප කටක් ඇරල අඩුගානෙ කියන්න පුළුවන්ද!? නායකය මෙහමනං පස්සෙන් යන උං...

    චී..චී..චී.. අප්පිරියාව..
    වමනෙට ඵන්න වගේ..
    අප්පිරිය දේවල් ..
    පරන කසිප්පු ඵක්ක හඩුගඳ,.
    ගන්දස්කාරේ..
    පලාතම ඟඳයි,..
    හතරවටේම හුජ්ජ හඪුගඳයි කසිප්පු ඟඳයි,.
    කීයක් ගියත් පාරවල් නං හෝදන්නම වෙනව,.!

    මුං පාර්ලිමෙන්තුවටත් ඇවිල්ලද,.
    හප්පා .. හුජ්ජ ගන්දස්කාරෙ පලාතම ඉවරයි..
    කසිප්පු ගදේ බෑ..

    කසිප්පු බීල පාරෙ හුජ්ජකරන හඩුගඳ මෝඩ ගොන් හැත්ත මෙහෙමහරි නාගන්නවනම්..

    ReplyDelete
Previous Post Next Post