ජනපති රට වටා.. හෙට බේරුවල, බුලත්සිංහල


 ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන දැවැන්ත ජන රැලි මාලාවක පළමු රැලි ද්විත්වය හෙට (06) කළුතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ වීමට නියමිතය.

'අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි' යන තේමාව පෙරදැරි කරගනිමින් සංවිධානය කර ඇති මෙම රැලි මාලාවේ සමාරම්භක රැස්වීම් හෙට පස්වරු 2.00 ට බේරුවලදී සහ බුලත්සිංහල මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මෙම වැඩපිළිවෙළ යටතේ සෑම දිස්ත්‍රික්කයකම ප්‍රධාන ජන රැලි දෙක බැගින් පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර, එම සියලු රැලි ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීම විශේෂත්වයකි.

සංවිධායක මණ්ඩලය සඳහන් කරන පරිදි, මෙම ජන රැලි මාලාව ඉදිරි සති කිහිපය පුරා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක කරා ද ව්‍යාප්ත වනු ඇත.

ඒ අනුව එළඹෙන 12 වනදා පොළොන්නරුවේදී ද, 13 වනදා අනුරාධපුරයේදී ද ජන රැලි පැවැත්වීමට නියමිතය.

මීට අමතරව ලබන 20 වනදා මාතර දිස්ත්‍රික්කයේදී සහ 27 වනදා ගම්පහ දිස්ත්‍රික්කයේදී ද ජනාධිපතිවරයාගේ සහභාගීත්වයෙන් මෙම ජන රැලි පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.





Mass Public Rally Series Launches Under President Anura Kumara Dissanayake

The first leg of a major public rally series, led by President Anura Kumara Dissanayake, is set to kick off tomorrow (6th) in the Kalutara District.

Under the theme "Our Government is Good for the Country for Two Years," this rally series will commence with gatherings tomorrow at 2:00 PM in Beruwala and at the Bulathsinhala Public Sports Ground.

The initiative plans to conduct two significant public rallies in each district, all presided over by the President, which is a noteworthy aspect of the campaign.

According to the organizing committee, this rally series will expand to other districts across the country over the coming weeks.

Subsequent events are scheduled for the 12th in Polonnaruwa and the 13th in Anuradhapura.

Additionally, arrangements are in place for public rallies, attended by the President, in the Matara District on the 20th and in the Gampaha District on the 27th.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

5 Comments

  1. කැරි පච කොටාට හෙන ගහපන්

    ReplyDelete
    Replies
    1. campus eke hitapu set ekata dan eliye wada

      thiyenwa

      anith unta dan igenagathahaki

      Delete
  2. මෙය මහජන මුදල් අවභාවිතාවක් ලෙස ඉදිරි රජයකදී ජනපති අනුර සහ මෙම රැස්වීම් සඳහා රජයේ ආරක්ෂාව ප්‍රවාහනය සහ අනෙකුත් සම්පත් අනුමත කරන සියළුම නිළධාරීන් දඩුවම් ලැබෙනු ඇත.මෙය ජවිපෙ ප්‍රචාරක වැඩසටහනකි. මොහුට ජනාධිපති ලෙස ජනතාවට පණිවුඩයක් දීමට අවැසි නම් සියළු මාධ්‍ය හරහා එය සිදුකල හැකිය. ජනාධිපති ලෙස රැස්වීමට පෙර සහ පසු 200පමණ යෙදවෙන ආරක්ෂක කණ්ඩායමට වැයවන මිලියන ගණනක් වූ මුදල් ගෙවන්නේ පැලවත්තේ නඩයද

    ReplyDelete
  3. මූ Clean Sri Lanka කියලා කෝටි ගානක් වියදම් කරල... දැන් රට වටේ පෝස්ටර් අලවනවා..

    ReplyDelete
  4. හරක් කොටා රට වටේ බොරු වපුරයි

    ReplyDelete
Previous Post Next Post