එයා බස් ගණුදෙනුවෙන් නාමල් කෝටි දහයක් අල්ලස් අරන්.. ව්‍යාපරිකයෙක් සාක්‍ෂි දුන්නා..- අල්ලස් කොමිසම


 ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා එයාර් බස් (Airbus) යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළව රුපියල් මිලියන 100ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාව මත පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (04) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබීය.

අදාළ ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අද පෙරවරු 9.00 ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස මන්ත්‍රීවරයාට දැනුම් දී තිබූ අතර, ඒ අනුව එහි පැමිණි ඔහුගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව පස්වරු 2.09 ට පමණ මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

අල්ලස් කොමිසම නිකුත් කළ නිල නිවේදනයකට අනුව, මෙම අල්ලස් මුදල ලබාගැනීම සඳහා සංකීර්ණ මූල්‍ය ක්‍රියාවලියක් භාවිත කර තිබේ.

සිංගප්පූරුවේ ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවේ පවත්වාගෙන ගිය 'BIZ Solutions INC' නමැති ගිණුමකට යුරෝ 1,454,651.24 ක මුදලක් අල්ලස් වශයෙන් ලැබී ඇති අතර, ඉන් ඇමරිකානු ඩොලර් 800,000 ක මුදලක් ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකුට අයත් 'Sabre Vision Holdings LTD' සමාගමේ සිංගප්පූරු OCBC බැංකු ගිණුමට බැර කර ඇත.

එම මුදලට සමාන වන පරිදි රුපියල් මිලියන 100 ක මුදලක් 2014 සහ 2015 වර්ෂවලදී අවස්ථා කිහිපයකදී අදාළ ව්‍යාපාරිකයා හරහා මන්ත්‍රීවරයා ලබාගෙන ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මෙම විමර්ශනය සඳහා ප්‍රංශයේ එයාර් බස් (Airbus) සමාගමේ නිලධාරීන් සහ අදාළ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයා ලබාදුන් ප්‍රකාශ මෙන්ම කොමිෂන් සභාව විසින් රැස්කරගන්නා ලද ලේඛනගත සාක්ෂි පදනම් කරගෙන ඇත.






MP Namal Rajapaksa Arrested on Corruption Charges Related to Airbus Deal

In a significant development, Member of Parliament Namal Rajapaksa was arrested by the Commission to Investigate Allegations of Bribery or Corruption today, following allegations of receiving a bribe amounting to Rs. 100 million in connection with the acquisition of Airbus aircraft for SriLankan Airlines.

Earlier today, at 9:00 AM, authorities from the bribery commission summoned Rajapaksa to provide a statement regarding the controversial transaction. After a lengthy interrogation session, he was taken into custody around 2:09 PM.

A formal statement released by the commission indicated that a complex financial procedure was employed to facilitate the alleged bribery. Evidence shows that a sum of €1,454,651.24 was deposited into an account named 'BIZ Solutions INC' held at Standard Chartered Bank in Singapore, which served as a conduit for the bribe.

Notably, an amount of $800,000 from this total was later transferred to a Singaporean OCBC Bank account owned by Sri Lankan entrepreneur 'Sabre Vision Holdings LTD.' Investigations revealed that similar transactions corresponding to the alleged bribe took place several times between 2014 and 2015.

The inquiry is supported by testimonies from officials of Airbus in France and the implicated Sri Lankan businessperson, as well as documented evidence gathered by the commission.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post