අපි බලයට එන විට ආර්ථික වශයෙන් පිරිහුණු අකාර්යක්ෂම රාජ්‍ය යාන්ත්‍රණයක් තිබුනේ..


 අභිනවයෙන් ඉදිකරන ලද නවීන පහසුකම්වලින් සමන්විත අංගසම්පූර්ණ මුලතිව් තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්  පෙරවරුවේ ජනතා අයිතියට පත් කෙරිණි.

රුපියල් මිලියන 28ක වියදමින් ඉදිකර ඇති මෙම නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ල, ප්‍රදේශයේ ජනතාව වෙත වඩාත් කාර්යක්ෂම, විධිමත් හා ගුණාත්මක තැපැල් සේවාවක් සැපයීම අරමුණු කර ගනිමින් නවීන පහසුකම් සහිතව ඉදිකර ඇත.පසුගිය ඔක්තෝබර් මාසයේ දී මෙහි ඉදිකිරීම් ආරම්භ කර ඇති අතර ,  ගොඩනැගිලි දෙපාර්තමේන්තුව මගින් එහි ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලැබීය.

පළමු පන්තියේ තැපැල් කාර්යාලයක් ලෙස ක්‍රියාත්මක වන මුලතිව් තැපැල් කාර්යාලය මගින් පවුල් 5,830කට සෘජුවම සේවා සැපයෙන අතර, ඊට අනුබද්ධ උප තැපැල් කාර්යාල 06ක් මගින් තවත් පවුල් 4,883කට සේවා සැපයෙයි. මීට අමතරව, ප්‍රදේශයේ රාජ්‍ය ආයතන 68ක්, හෝටල් 09ක් සහ කර්මාන්තශාලා 04ක් ඇතුළු ආයතන රැසක් මෙම තැපැල් කාර්යාලය මගින් සේවා ලබා ගනී.

මුලතිව් දිස්ත්‍රික්කය තුළ තැපැල් කාර්යාල 05ක් සහ උප තැපැල් කාර්යාල 17ක් ක්‍රියාත්මක වන අතර, දිස්ත්‍රික්කයේ ජනතාවගේ දෛනික සන්නිවේදන හා රාජ්‍ය සේවා අවශ්‍යතා සපුරාලීමේදී මුලතිව් තැපැල් කාර්යාලයට සුවිශේෂී කාර්යභාරයක් පැවරී ඇත.

වසර 10කට පමණ පසු නැවතත් නව තැපැල් කාර්යාල ගොඩනැගිලි ඉදිකිරීම සඳහා ප්‍රතිපාදන වෙන් කිරීම ආරම්භ කර ඇති අතර, 2025 අයවැය මගින් නව තැපැල් කාර්යාල ගොඩනැගිලි ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 600ක මුදලක් වෙන් කරනු ලැබීය. එම ප්‍රතිපාදන යටතේ නව තැපැල් කාර්යාල 11ක් මේවන විට  විවෘත කර ඇත. මුලතිව් නව තැපැල් කාර්යාලයද සමඟ එම සංඛ්‍යාව 12කි. 

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා තමන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය ධුරයට පත්වීමෙන් අනතුරුව පළමු වරට මුලතිව් දිස්ත්‍රික්කයට පැමිණි අවස්ථාව මෙවර සංචාරය වු බවත්, එහි දී ජනාධිපතිවරයා සමඟ පළමු දිනයේත්, ඊයේ සහ අද දිනයන්හිත් දිස්ත්‍රික්කය තුළ සිදුකරන සංවර්ධන කටයුතු ආරම්භ කිරීම සහ ජනතා අයිතියට පත් කිරීම සඳහා සහභාගීවීමට ලැබීම භාගයක් බව ද පැවසීය. 

වත්මන් රජය බලයට පත්වන විට ආර්ථික වශයෙන් පිරිහුණු සහ අකාර්යක්ෂම රාජ්‍ය යාන්ත්‍රණයක් රටට උරුම වී තිබූ බවත්, කාලාන්තරයක් පුරා පැවති පද්ධතිමය තත්ත්වයන් හේතුවෙන් කාර්යක්ෂම රාජ්‍ය සේවකයන්ගේ ඵලදායීතාව පවා අඩාල වී තිබූ බවත් අමාත්‍යවරයා පැවසීය. මේ වන විට රාජ්‍ය ආර්ථිකය ක්‍රමානුකූලව ශක්තිමත් හා ස්ථාවර කරමින් රාජ්‍ය ආදායම සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට පියවර ගනිමින් සිටින බවත්, ජනතාව භාණ්ඩාගාරයට ලබාදෙන ආදායම නැවත ජනතාවගේ ජීවන තත්ත්වය නගාසිටුවීම සඳහා යෙදවීම රජයේ අරමුණ බවත් අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කළේය.

මුලතිව් ඇතුළු ආසන්න දිස්ත්‍රික්කවල රුපියල් මිලියන 2500කට අධික වටිනාකමකින් යුත් සංවර්ධන ව්‍යාපෘති රැසක් මෙම දින කිහිපය තුළ ආරම්භ කිරීමට හා ජනතා අයිතියට පත් කිරීමට කටයුතු කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය. ආර්ථික වශයෙන් තවදුරටත් ශක්තිමත් කළ යුතු ප්‍රදේශයක් වන මුලතිව් දිස්ත්‍රික්කයේ ජනගහනය ලක්ෂ එකහමාරකට ආසන්න වන බැවින්, එම ජනතාවගේ අවශ්‍යතා සපුරාලීම සඳහා සංවර්ධන කටයුතු විධිමත්ව ඉදිරියට ගෙන යාමේ අවශ්‍යතාවද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

පසුගිය කාලසීමාවේ පැවති ආර්ථික අක්‍රමිකතා සහ දූෂණ තත්ත්වයන් රට  මුහුණදුන්  ආර්ථික අර්බුදයට ඍඡුවම බලපෑ බව මෙහි දී සඳහන් කළ අමාත්‍යවරයා එම තත්ත්වයෙන් රට මුදාගෙන ජනතාවට ප්‍රතිලාභ සැලසෙන සංවර්ධන ක්‍රියාවලියක් ශක්තිමත් කිරීම සඳහා රජය වගකීමෙන් කටයුතු කරන බවද ප්‍රකාශ කළේය.

සෞඛ්‍ය, අධ්‍යාපන, මහාමාර්ග හා නිවාස ඇතුළු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන අමාත්‍යාංශ ඒකාබද්ධ කර ගනිමින් මුලතිව් දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු ඉදිරියට ගෙන යන බවත්, ජනතාවට සෘජුව ප්‍රතිලාභ ලැබෙන සංවර්ධන ප්‍රතිඵල නිර්මාණය කිරීම රජයේ ප්‍රමුඛ අරමුණක් බවත් අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේය. එමෙන්ම ජාතිවාදය හෝ අන්තවාදය පැතිරවීමට කිසියම් පිරිසක් උත්සාහ කරන්නේ නම්, නීතිය ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු කරන බවද වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහිදී වැඩිදුරටත්  අවධාරණය කර සිටියේ ය.

2025 වසරේ තැපැල් හා පරිපාලන කාර්යාල ගොඩනැගිලි අලුත්වැඩියා කිරීම සඳහා රුපියල් මිලියන 600ක මුදලක් වෙන් කර ඇති අතර, එමගින් ගොඩනැගිලි 200කට ආසන්න සංඛ්‍යාවක අලුත්වැඩියා කටයුතු සිදුකර ඇත. 2026 වසරේ නව තැපැල් කාර්යාල ගොඩනැගිලි ඉදිකිරීම සඳහා තවත් රුපියල් මිලියන 400ක් සහ ගොඩනැගිලි අලුත්වැඩියා කිරීම සඳහා රුපියල් මිලියන 600ක් වෙන් කර තිබේ. 2025 වසරේ සිව්වන කාර්තුවේ ආරම්භ කර අවසන් කිරීමට නොහැකි වූ අත්‍යවශ්‍ය ඉදිකිරීම් කටයුතුද මෙම වසරේදී ඉදිරියට ගෙන යමින් පවතී.

තැපැල් සේවාවේ ප්‍රවාහන අවශ්‍යතා ශක්තිමත් කිරීම සඳහා රුපියල් මිලියන 588ක වියදමින් ලොරි රථ 10ක් සහ කැබ් රථ 20ක් ලබාදීමටද කටයුතු කර ඇත. මධ්‍යම තැපැල් හුවමාරුවේ ආරක්ෂාව හා කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා රුපියල් මිලියන 27ක වියදමින් CCTV කැමරා 209ක් සවිකර ඇති අතර, ඩෙස්ක්ටොප් පරිගණක 225ක් සඳහා රුපියල් මිලියන 74ක්ද, ටැබ් පරිගණක 1,500ක් සඳහා රුපියල් මිලියන 101ක්ද වැය කර ඇත.

මෙම වැඩපිළිවෙළ මගින් රටේ තැපැල් සේවාව වර්තමාන ජනතා අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි නවීකරණය කරමින් එහි භෞතික යටිතල පහසුකම්, තාක්ෂණික ධාරිතාව සහ සේවා සැපයීමේ හැකියාව තවදුරටත් ශක්තිමත් කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අරමුණ වේ.

මෙම අවස්ථාවට වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන මයිල්වානගම් ජෙගදීස්වරම්, සෙල්ලතම්බි තිගෝග නාදන් සහ තුරෛරාසා රවීකරන්, මුලතිව් දිස්ත්‍රික් ලේකම් උමා මහේෂ්වරන්, තැපැල් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය තැපැල්පතිවරුන්වන තුසිත හුලංගමුව, හේමචන්ද්‍ර හේරත්,  උතුරු පළාත් නියෝජ්‍ය තැපැල්පති කේ. නිවේදිගා, මුලතිව් ප්‍රාදේශීය තැපැල් අධිකාරී සී. අරූල්චෙල්වම් යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්, ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් එක්ව සිටියහ.





New Modern Post Office Building Inaugurated in Mullaitivu

The newly constructed Mullaitivu Post Office building, equipped with modern facilities, was officially opened to the public under the leadership of Health and Media Minister Dr. Nalinda Jayatissa this morning.

This state-of-the-art facility, built at a cost of 28 million rupees, aims to provide efficient, systematic, and quality postal services to the local population. Construction commenced in October of the previous year, overseen by the Department of Buildings.

Operating as a first-class post office, the Mullaitivu Post Office directly serves 5,830 families, while six affiliated sub-post offices extend services to an additional 4,883 households. Furthermore, numerous public institutions, including 68 state entities, nine hotels, and four factories in the area rely on the postal services provided by this facility.

Within the Mullaitivu District, five post offices and 17 sub-post offices are currently operational, with the Mullaitivu Post Office tasked with meeting the daily communication and public service needs of the district's residents.

Allocation for the construction of new postal offices has begun after a decade-long hiatus, with 600 million rupees earmarked in the 2025 budget for the establishment of additional postal facilities. Under this initiative, 11 new post offices have already been opened, raising the total to 12, including the Mullaitivu Post Office.

During the event, Minister Dr. Jayatissa highlighted that this visit marked his first trip to the Mullaitivu District since taking office. He expressed gratitude for the opportunity to participate in developmental activities and the official inauguration of the new post office.

The Minister noted that the current government inherited a dysfunctional state bureaucracy riddled with economic challenges and inefficiencies. He emphasized the importance of revitalizing public sector revenue and effectiveness as the government takes decisive steps to strengthen the national economy.

Furthermore, he revealed that several development projects valued at over 2,500 million rupees are set to commence soon in and around Mullaitivu, with a population nearing 1.1 million requiring structured developmental initiatives to address their needs.

Dr. Jayatissa acknowledged the direct impact of recent economic disruptions and corrupt practices on the country, reaffirming the government's commitment to facilitating a robust developmental process aimed at benefitting the populace.

He also elaborated on the government's strategy to consolidate various ministries, including health, education, highways, and housing, to advance development initiatives that yield direct benefits for the community. The Minister remarked that measures will be taken to enforce the law should any individuals attempt to promote nationalism or extremism.

Additionally, 600 million rupees have been allocated in the 2025 budget for the renovation of postal and administrative buildings, which will encompass approximately 200 facilities. In 2026, another 400 million rupees will be set aside for constructing new post offices and an additional 600 million for renovations. Essential construction projects that could not be completed in the fourth quarter of 2025 are also continuing this year.

To enhance postal services’ transportation capabilities, the ministry has procured ten trucks and twenty cabs at a cost of 588 million rupees. In efforts to improve security and efficiency at the central postal exchange, 209 CCTV cameras have been installed, costing 27 million rupees, while 74 million rupees have been allocated for 225 desktop computers and 101 million for 1,500 tablet computers.

This comprehensive initiative aims to modernize the nation's postal services to better meet current public demands, improve infrastructure, enhance technical capacity, and further strengthen service delivery, as outlined by the Ministry of Health and Media.

The inauguration was attended by several prominent figures, including Vanni District parliamentarians Mayilvaganan Jagadishwaran, Sellathambi Thigoganadan, and Thurairajah Ravikaran, Mullaitivu District Secretary Uma Maheshwaran, Deputy Postmasters Tushitha Hulangamuwa and Hemachandra Herath, K. Niveadiga from the Northern Provincial Council, and Mullaitivu Regional Post Manager C. Arulchelvam, along with various state officials, local political representatives, and residents.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

10 Comments

  1. 🐄🐄🐄🐄🐄🐄🐄....api malimawata...Umbe.....

    ReplyDelete
  2. යකෝ මූ දොස්තරයෙක් නේද?
    මෙච්චර බොරු කරනවා නම් ලෙඩ්ඩුන්ට කොච්චර බොරු කරන්න ඇත්ද
    හැබැයි ජෙප්පෙක් නම් ඉතින් බොරුවක්ම තමයි
    කොච්චර උගතුන් උනත් වැඩක් නෑ මුන්ගේ කුට්ට්මෙන් මොකෙක් ඇද්දත් එන්නේ බූරුවෙක් තමයි

    ReplyDelete
  3. රජයේ රෝහල්වල විතරක් නෙවෙයි පුද්ගලික පාමසි වලත් අත්‍යාවශ්‍ය බෙහෙත් වර්ග නෑ. තව ටික දවසක් යනකොට බෙහෙත් නැතුව මිනිස්සු පාරෙ ඇවිදිනකොට මැරිලා වැටෙයි. මේ පකයා සෞඛ්‍ය ඇමති වුණාට වැඩිය හොඳයි කක්කුස්සි ඇමති වුණා නම්.

    ReplyDelete
  4. Yamak karala thiyanawa. Loku sagathayakata jalaya binduwak dekak demma wage. Oita wediya karanta puluwankama thiyanawa hari minussu hari thenata pathkaloth. Ehema nowunoth sagathaya hema daama.

    ReplyDelete
  5. අඩෝ...හූ.හූ..හූ

    ReplyDelete
  6. umbhah, umbhah, umbhah. Gonek thappulai.

    ReplyDelete
  7. You all in the government say these things. But food, water, electricity cost is unbearably high for ordinary people like me. You could not bring it down

    ReplyDelete
  8. අපේ රට, දැය, සමය වනසන්න උපන්, නියත නිරය උරුම කරගත් කාලකණ්ණි, පාහර ජෙප්පා 🤮🤮🤮 මුන්ගේ නොහැකියාව වහගන්න හැම එකාගෙම අඳෝනාව පහුගිය ආණ්ඩු, පාලකයෝ අරක කෙරුවේ නෑ, මේක කෙරුවේ නෑ 🤮😡 තොපි වගේ පාහර බල්ලන්ට උතුම් පින් බිමේ තව දුරටත් ජීවත් වෙන්න ඉඩ තබපු එක තමයි කරපු ලොකුම වරද. හොරාකාපු ඒවායේ සාපයෙන් තොපිට පරම්පරා ගානකට, ආත්ම ගානකට ගැලවීමක් නෑ. තොපි නිසා රටේ ජනතාව කොයි තරම් අසරණ වෙලාද? ඒ මදිවට මුන් ජනතාව තවත් මුලාවට පත් කරමින් උන්ගේ නොහැකියාව වහගන්න හදනවා 😡 මුන්ට ගහලා එලවන්න කාලය හරි

    ReplyDelete
  9. 😡🤮 කවදාවත් දොස්අතර කම් කරලා නැති අඩු කුලේ, ත්‍රස්පේතවාදී පාදඩ ජෙප්පා 🤮 මූ ඇතුළු මුන්ගේ ත්‍රස්අතවාදී ජෙප්පන් නඩය අපේ බදු මුදලින් නඩත්තු වෙමින් ජනතාවට කෝචෝක් දාන හැටි 😡🤮 මුන්ට ගහලා පන්නන්න කාලය හරි

    ReplyDelete
  10. නොදකින් කාලකන්නි ගද මුස්පේන්තු දන්හිසා වසලයා.

    ReplyDelete
Previous Post Next Post