දැන් හොරකම නවත්තලා තියෙන්නෙ... විපක්‍ෂය කියන්නේ බොරු.. ඇත්ත කියන්නේ අපයි..


 වත්මන් රජය යටතේ රටේ වංචා සහ දූෂණ නතර කිරීමට පියවර ගෙන ඇති බවත්, පද්ධතිය තුළ පවතින සුළු අඩුපාඩු මඟහරවා ගැනීම සඳහා නව තාක්ෂණය සහ ඩිජිටල්කරණ ක්‍රියාවලිය හඳුන්වා දෙන බවත් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

ජන හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

"අපි ජනතාවට ලබා දුන් පොරොන්දු ඒ අයුරින්ම ඉටු කරමින් සිටිනවා. ප්‍රධාන පෙළේ වංචා දූෂණ අපි නතර කර තිබෙනවා. නමුත් රාජ්‍ය තන්ත්‍රය සහ නිලධාරීන් අතර තවමත් ඇතැම් සුළු දූෂණ සිදුවන බවට අපට තොරතුරු ලැබෙනවා. ඒවා වැළැක්වීමට තාක්ෂණය උපයෝගී කරගත් ඩිජිටල්කරණ වැඩපිළිවෙළක් අපි ක්‍රියාත්මක කරනවා," යැයි අමාත්‍යවරයා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, හිටපු මැති ඇමතිවරුන් පරිහරණය කළ නිවාස දහයක් පමණ මේ වන විට තානාපති කාර්යාල සහ සංචාරක ව්‍යාපෘති සඳහා ලබා දීමට කටයුතු කර ඇති බවයි. එමෙන්ම, හිටපු පාලකයින්ට එරෙහි නඩු කඩිනම් කිරීම සඳහා මහාධිකරණ තුනක් ස්ථාපිත කර ඇති බවත්, අයථා ලෙස උපයාගත් දේපළ රජයට පවරා ගැනීම සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සකස් කර ඇති බවත් ඔහු අවධාරණය කළේය.

විපක්ෂය විසින් ගම් මට්ටමින් ගොස් රජයට එරෙහිව අසත්‍ය ප්‍රචාර පතුරුවන බවට චෝදනා කළ අමාත්‍යවරයා, රජයක් ලෙස සත්‍ය තොරතුරු ජනතාවට පැහැදිලි කර දීම තම වගකීම බවද වැඩිදුරටත් ප්‍රකාශ කළේය.





Government Takes Steps to Combat Fraud and Corruption, Says Minister Wasantha Samarasinghe

Amid ongoing efforts to address fraud and corruption, the current government is implementing new technologies and digital processes to counteract minor deficiencies within the system, according to Minister Wasantha Samarasinghe.

Speaking at a public meeting, Samarasinghe emphasized the government's commitment to fulfilling its promises to the people. "We have succeeded in halting major instances of corruption. However, we continue to receive reports of some minor corrupt practices among state institutions and officials. To prevent these occurrences, we are launching a digital initiative that utilizes technology," he stated.

He further elaborated that approximately ten residences previously allocated to former ministers are now being repurposed for diplomatic missions and tourism projects. Additionally, a Special High Court has been established to expedite legal proceedings against former officials, and necessary legislative provisions have been set in motion to confiscate improperly acquired assets.

Minister Samarasinghe accused the opposition of disseminating false propaganda against the government at the grassroots level. He reaffirmed his responsibility as a government representative to ensure the public is informed with truthful information.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

13 Comments

  1. 🤣🤣🤣🤣🤣🤣🤣

    ReplyDelete
  2. 🤣🤣🤣🤣🤣🤣🤣

    ReplyDelete
  3. පතිරණ ගලප්පත්තිSeptember 3, 2026 at 6:10 AM

    ඇපි කවද්ද බං ඇත්ත කිව්වෙ?

    ReplyDelete
    Replies
    1. 🤣🤣🤣🤣🤣🤣🤣පතිරණ ගලප්පත්ති🤣🤣🤣🤣🤣🤣🤣

      Delete
  4. කප්පම්සිංහ කිව්වහම මතකෙට එන්නේ කව්ද?

    ReplyDelete
  5. Punchi ammapalla atthèi ban

    ReplyDelete
  6. ඇත්තක් කියන බොරුකාරයා

    ReplyDelete
  7. මාලිමාවට චන්දේ දීපු සියළුම ජනතාව 100% එකගයි

    ReplyDelete
  8. හැමදෙයක්ම වපර ඇසින් දකින ඇමතියා

    ReplyDelete
  9. KIWWOTH ITIN BORUWAK

    ReplyDelete
  10. කන්ටේනර්, ගල්අගුරු, ඩොලරි මිලියන 2.5, ඩොලර් ලක්ෂ 06, වැටුප් හා ..........වංඡා නොවේද

    ReplyDelete
  11. සියයට තුනේ හිටපු උඹලව මෙච්චර උඩට ගෙනාවේ තොපේ බොරුවලට රැවටිච්ච බයියෝ ටොයියෝ.ආණ්ඩුව ගත්තට පස්සේ උඹලා බොරුකාර කයිවාරුකාරයෝ විතරක් නෙමෙයි තොපි කම්බා හොරු මංකොල්ලකාරයෝ කියලා ඒ ඒ ඡන්දෙ දීපු මිනිස්සු හොඳින්ම වටහාගෙන ඉන්නෙ.ඒ වගේම තමන්ගේ හොරකං මැරකම් වහගන්න මිනී මරන්නත් පසුබට වෙන්නේ නෑ කියලා දැන් හොඳටම පැහැදිලියි.එහෙම තියෙද්දිත් අපි හොරු නෙමෙයි අනිත් එව්වොයි හොරු කිය කිය තවදුරටත් රටයි ජනතාවයි අන්දන්න හැදුවොත් ඊළඟ ඕනම ඡන්දෙකින් කුල්ල කුජීත වෙන්න පරාද වෙන උබලව තව දුරටත් හොරකම් කරගෙන රටත් කාබාසිනිය කරගෙන තවත් බොරු කිය කිය රවට්ටන්න ගියොත් උඹලගේ බොරු වලට රැවටුන ර මිනිස්සුම ඇවිල්ල ගහල පන්නව.හිතාගෙන ඉන්නවා නං හැට අට ලක්ශේම තාම ඉන්නව කියල උඹලගේ ගොන්කම ඒක.ඉතිරිවෙල ඉන්නවනං ඉන්නේ ඉතිරිලා හිටපු සීයට තුනේ හාර්ඩ් කෝ ජෙප්පන්ගෙන් ටිකකුයි උඹලට හේතු වෙච්ච එව්වන්ගෙන් ටිකකුයි විතරයි.(ඉතිරි වෙලා ඉන්න හාඩ්කෝ ජෙප්පෝ හැලෙන එක වළක්වන්න තමයි උබලා උන්ගේ බෙල්ලෙ ගෙජ්ජි එල්ලන්න පටන් ගත්තෙ)හැබැයි ඒ එළවිල්ලෙදී මේ ගමන ගිය ගමන වගේ නෙමෙයි.මේ ගමන උඹලයි ගමේ රගපු බුකියේ රගපු ඩෝබිලා සෑහෙන සෙට් එකක් මළ හිරු බසිනා සැන්දෑයාමේ තමා..හොරකම් වලින් උපයගත්ත දේපල ගැන ආසාවත් අතාරින්න වෙයි.ඒ හින්දා ඔය මනෝ ලෝක වලින් බැහැලා බොරු කියන එකත් නතර කරලා විසි අටේදී ආපහු රට බංකොලොත් වෙන එක වළක්වන්න වැඩ කරපල්ලා නැත්තං ඉතින් සොරි තමයි.කජු සීයා ඉතුරු කරපූ ඩොලර් ටික තියාගෙන කෙකරගා ඉඳල වැඩක් නෑ . තව බර ගාණක් එකතු කරගන්න ඕනේ.

    ReplyDelete
Previous Post Next Post