හූති ගරිල්ලන්ගෙන් නොසිතූ ප‍්‍රහාරයක්.. ඇමරිකානු F-15 යානයකට පහරදී බිම හෙලයි..


 සෞදි අරාබි ගුවන් හමුදාවට අයත්, අමෙරිකාවේ නිෂ්පාදිත F-15 වර්ගයේ ප්‍රහාරක ජෙට් යානයක් බිම හෙළූ බව යේමනයේ හවුති සටන්කාමීන් ප්‍රකාශ කළ බව The Wall Street Journal පුවත්පත වාර්තා කරයි.

අරාබි අර්ධද්වීපය කේන්ද්‍ර කරගනිමින් පවතින යුද ගැටුම් උත්සන්න වීම හේතුවෙන් ගෝලීය බලශක්ති සැපයුමට එල්ල වන බාධා තවදුරටත් දැඩි වෙමින් පවතින පසුබිමක, ගිනිබත්ව විනාශ වූ යානයේ සුන්බුන් දැක්වෙන වීඩියෝ දර්ශනද හවුතිවරුන් විසින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.

මෙම සිදුවීම පිළිබඳව සෞදි අරාබියේ මාධ්‍ය අමාත්‍යාංශය මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැති වුවද, සෞදි ප්‍රහාරක යානයක් බිම වැටී විනාශ වූ බවට ආරංචි මාර්ග දෙකක් තහවුරු කළ බව ‘වෝල් ස්ට්‍රීට් ජර්නල්’ පුවත්පත සඳහන් කරයි.

පසුගිය දශකයක පමණ කාලය පුරා ක්‍රියාත්මක වූ ගැටුම්වලදී යේමනයේ ඕනෑම ඉලක්කයකට රිසි සේ ගුවන් ප්‍රහාර එල්ල කිරීමට සෞදි අරාබියට හැකියාව ලැබී තිබිණි.

එහෙත්, අමෙරිකානු තාක්ෂණයෙන් නිපදවූ උසස්ම මට්ටමේ එෆ්-15 යානයක් මෙලෙස බිම හෙළීමට හවුතිවරුන්ට හැකි වූයේ නම්, එය ඔවුන් සතු ගුවන් ආරක්ෂණ පද්ධතියේ දැවැන්ත ඉදිරි පියවරක් පෙන්නුම් කරන බව යුද විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

තෙල් හා ස්වාභාවික වායු සම්පතින් අනූන ‘මාරිබ්’ ප්‍රදේශයේදී දේශීයව නිෂ්පාදිත මිසයිලයක් යොදාගෙන මෙම ප්‍රහාරය එල්ල කළ බව හවුති මාධ්‍ය අංශය කියා සිටී.

හවුතිවරුන් නිකුත් කළ වීඩියෝ දර්ශනවල කාන්තාර ප්‍රදේශයක විසිරී ගිය ගුවන් යානා පියාපත්, එන්ජින් කොටස් ඇතුළු සුන්බුන් දක්නට ලැබෙන අතර, යානයේ වලිග කොටසේ සෞදි අරාබි ජාතික ධජයද සටහන්ව තිබෙනු දැකගත හැකිය.

කෙසේවෙතත්, යානයේ සිටි නියමුවාගේ හෝ අවි මෙහෙයුම්කරුගේ ඉරණම පිළිබඳව කිසිදු සඳහනක් කර නොමැත. මීට පෙරද විවිධ ගුවන් යානා බිම හෙළූ බවට හවුතිවරුන් කළ ප්‍රකාශ සෞදි අරාබිය විසින් ප්‍රතික්ෂේප කරමින් ඒවා කාර්මික දෝෂ නිසා සිදුවූ අනතුරු බව ප්‍රකාශ කළ අතර, මෙම සිදුවීම නිල වශයෙන් තහවුරු වුවහොත් එය මෑතකාලීන ගැටුම් උත්සන්න වීම හමුවේ සෞදි අරාබියට අහිමි වූ පළමු එෆ්-15 යානය වනු ඇත.

මෑත සතිවලදී බබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධියේ පිහිටි දූපතක් ඇතුළු තවත් උපායමාර්ගික බිම් පෙදෙස් කිහිපයක් අත්පත් කරගැනීමට හවුතිවරුන් සමත්ව ඇති අතර, ඒ ඔස්සේ රතු මුහුද හරහා සිදුවන සෞදි තෙල් ප්‍රවාහන නෞකාවලට බාධා කිරීමේ හැකියාව ඔවුන් තවදුරටත් ශක්තිමත් කරගෙන තිබේ.

2022 වසරේ සිට සෞදි සහය ලබන යේමන රජය සහ හවුතිවරුන් අතර අවිධිමත් සටන් විරාමයක් පැවති අතර, හවුති පාලන ප්‍රදේශවල රාජ්‍ය සේවක වැටුප් පවා සෞදි අරාබිය විසින් ගෙවනු ලැබීය.

එහෙත්, 2023 ඔක්තෝබර් 07 වැනිදා හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයෙන් පසු හටගත් ගාසා යුද්ධයත් සමඟ නැවත කරළියට පැමිණි හවුතිවරු, නෞකා 100කට අධික සංඛ්‍යාවකට සහ ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කළහ. හෝමූස් සමුද්‍ර සන්ධියේ බලය තහවුරු කරගැනීම වෙනුවෙන් අමෙරිකාව සහ ඉරානය අතර සීතල යුද්ධයක් ක්‍රියාත්මක වන මොහොතක හවුතිවරුන් මෙලෙස සිය ප්‍රහාර තීව්‍ර කර ඇති බව 'වෝල් ස්ට්‍රීට් ජර්නල්' වාර්තාව වැඩිදුරටත් අවධාරණය කරයි.





Saudi F-15 Fighter Jet Reportedly Shot Down Over Yemen

A Saudi Arabian F-15 fighter jet, manufactured in the United States, has reportedly been shot down in Yemen, as stated by Houthi combatants, according to The Wall Street Journal. This incident highlights the escalating hostilities in the Arabian Peninsula, which have raised concerns over global energy supply disruptions amidst ongoing conflicts in the region.

Footage of the downed aircraft, which appeared to be engulfed in flames, has also been circulated by the Houthis. While the Saudi Ministry of Media has yet to issue an official statement on the matter, two intelligence sources confirm that a Saudi aerial strike jet was indeed brought down.

For over a decade, Saudi Arabia has demonstrated the capability to conduct precise aerial strikes on targets within Yemen. However, the downing of a state-of-the-art F-15 jet by Houthi forces, if verified, would signify a significant advancement in their defensive systems, according to military analysts.

The Houthi media has indicated that the attack was launched using domestically produced missiles in the Marib region, rich in oil and natural gas resources. Videos released by the Houthis depict aircraft debris scattered across a desert landscape, including wings and engine parts, with the Saudi national flag visible on the wreckage.

There has been no information released regarding the fate of the pilot or weapon operator aboard the jet. Previous claims by the Houthis of downed aircraft were denied by Saudi Arabia, which attributed those incidents to mechanical failures. Should this event be officially confirmed, it would mark the first loss of an F-15 aircraft for Saudi Arabia amid a recent resurgence of conflict.

In recent weeks, the Houthis have also successfully captured several strategic territories, including an island in the Bab al-Mandeb Strait, enhancing their capacity to disrupt Saudi oil transportation across the Red Sea.

Since 2022, an informal truce has been maintained between the Saudi-backed Yemeni government and the Houthis, with Saudi Arabia even funding salary payments for public employees in Houthi-controlled areas. However, following Hamas's attack on Israel on October 7, the Houthis have intensified their military activities, targeting over 100 vessels and launching strikes on Israel. The Wall Street Journal emphasizes that the Houthis’ escalation comes amidst a broader geopolitical struggle between the United States and Iran in the region.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

9 Comments

  1. පතිරණ ගලප්පත්තිSeptember 17, 2026 at 11:08 AM

    නෑ, වෝල් ස්ට්‍රීට් එකේ එහෙම නිව්ස් එකක් නෑ, කොහෙ හරි තිබිච්ච පරණ කෙහෙල්මලක් අරගෙන දාලා, නැත්නම් ඉරාන ප්‍රවෘත්ති සේවයේ තිබුණ එකක් වෝල් ස්ට්‍රීට් එකේ තිබ්බා කියලා දාලා.

    ReplyDelete
    Replies
    1. තෝ වගේ ගල් මූසල නූගතෙක් කොහොමද යකෝ Wall Street journal කියවන්නෙ?

      Delete
    2. පතිරණ ගලප්පත්තිSeptember 17, 2026 at 11:21 AM

      හා එහෙනම් තෝ කියෝලා කියපන් බලන්ඩ වෝල් ස්ට්‍රීට් ජ'නල් එකේ කොතනද ඔය නිව්ස් එක තියෙන්නේ කියලා. තෝගෙ දැනුම බලන්ඩත් එක්ක.

      Delete
    3. මෝඩ ගලක්කපතියට අනුකම්පා කරල සිංහල පරිවර්තනයක් දෙන්න වෙයි.
      https://www.wsj.com/world/middle-east/yemens-houthi-rebels-claim-shooting-down-saudi-f-15-jet-fighter-237ecc7d

      Delete
  2. https://www.wsj.com/world/middle-east/yemens-houthi-rebels-claim-shooting-down-saudi-f-15-jet-fighter-237ecc7d?mod=Searchresults&pos=1&page=1

    ReplyDelete
  3. හම්බයෝම එක එකා විනාශ වෙන එක වෙන්නේ .. මුන් ඔක්කොම විනාශ උනොත් ලෝකෙ ත්‍රස්තවාදී ප්‍රශ්න 90% ඉවරයි..

    ReplyDelete
    Replies
    1. 🤣 your ignorance is mind boggling. ත්‍රස්ත ප්‍රහාර කොරන්නෙ හම්බයොද chosen onesද කියලවත් දන්නෙ නැති මෝඩයෙක් උඹ

      Delete
    2. chosen ones chosen by devil. These are the ones who are a cancer to humanity ( Zionists)

      Delete
  4. මේ CNN news https://www.cnn.com/2026/09/17/middleeast/houthi-saudi-f15-shootdown-intl-hnk-ml

    ReplyDelete
Previous Post Next Post