IMF ගණුදෙනු මෙතතින් අවසන් කරන්න රජය තීන්දු කරයි..


 ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ දැනට ක්‍රියාත්මක විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන අවසන් වීමෙන් අනතුරුව, එම අරමුදල සමඟ යළිත් නව ගිවිසුමකට එළඹෙන්නේ නැති බවට රජය තීන්දු කර ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගිය රජය විසින් අත්සන් තබන ලද ගිවිසුම යටතේ රට ආර්ථික වශයෙන් කඩා නොවැටී පවත්වාගෙන යාම වෙනුවෙන් වත්මන් ආණ්ඩුව ද එම වැඩසටහන ඔස්සේ මෙතෙක් කටයුතු කළ ද, එයින් ඔබ්බට ගොස් තවත් එවැනි ගිවිසුමකට එළඹීමේ කිසිදු සූදානමක් නොමැති බව වාර්තා වේ.

ඒ අනුව, වත්මන් ගිවිසුමේ කාලසීමාව අවසන් වීමෙන් පසු ණය ප්‍රතිව්‍යුහගත කිරීම්, ණය ආපසු ගෙවීම් ඇතුළු මෙරට ආර්ථික කළමනාකරණය රජයටම අනන්‍ය වූ ස්වාධීන ක්‍රමවේදයක් ඔස්සේ සිදු කිරීමට ආණ්ඩුව මේ වන විටත් සැලසුම් කර තිබේ.

මෙම කරුණ සම්බන්ධයෙන් රජයේ අභ්‍යන්තරයේ අවස්ථා කිහිපයකදීම දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති අතර, ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පදයට නටන බවට විපක්ෂය නිරතුරුව එල්ල කරන චෝදනා කෙරෙහි ද එහිදී අවධානය යොමු වී ඇත.

විශේෂයෙන්ම ගොවි ජනතාව ඇතුළු විවිධ පීඩිත ජන කොටස් වෙත සහනාධාර ලබාදීමේදී අයි.එම්.එෆ්. කොන්දේසි දැඩි බාධාවක්ව පවතින බව ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් එහිදී පෙන්වා දී තිබේ.

එම සාකච්ඡාවලදී රජයේ ඉහළ පෙළේ බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ, දැනට ක්‍රියාත්මක වැඩසටහන නියමිත කාලසීමාව අවසානයේදී ඉබේම අක්‍රිය වීමට ඉඩ හරින බවත්, ඉන් අනතුරුව අලුතින් ගිවිසුම්ගත වීමේ අවශ්‍යතාවක් නොමැති බවත්ය.

ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර මේ වන විට හත්වැනි වාරිකය මුදාහැරීම සඳහා වන සමාලෝචන සාකච්ඡා පැවැත්වෙමින් පවතින අතර, සමස්ත වාරික අටකින් සමන්විත මෙම අයි.එම්.එෆ්. වැඩසටහන 2027 වසරේ මාර්තු මාසයේදී නිල වශයෙන් අවසන් වීමට නියමිතය.





Sri Lankan Government Decides Against New IMF Agreement Following Extended Loan Program

The Sri Lankan government has reportedly decided not to pursue a new agreement with the International Monetary Fund (IMF) after the current extended loan program concludes. This decision comes on the heels of discussions among senior officials regarding the nation's financial management post-agreement.

Despite ongoing efforts by the current administration to stabilize the economy under a prior agreement signed by the previous government, there are no plans to enter into a similar arrangement once the existing program ends.

Following the conclusion of the current agreement, the government intends to implement a distinctly independent mechanism for managing economic activities, including debt restructuring and repayment, without relying on IMF conditions.

This issue has been a focal point of extensive discussions within the government ranks, particularly in light of allegations from opposition parties that the current administration is overly dependent on IMF mandates.

Government officials have emphasized that the existing program is set to terminate at its scheduled deadline, indicating that there would be no necessity for new agreements afterward.

Currently, discussions are ongoing regarding the sixth tranche disbursement from the IMF, part of a broader program comprising eight disbursements set to officially conclude in March 2027.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

9 Comments

  1. ඩෝබිලා දැන් උඩ පනී හුරේ හුරේ අපිට පුලුවන් 2029 චන්දෙට බඩු මලු බෙදන්න , පොහොර මලු බෙදන්න , ඉඩම් බෙදන්න ..... කියලා. විපක්ෂෙ උන් මුන්ව ෆෝම් කරනවා අයි.එම්.එෆ් එකෙන් අයින් වියන් කියලා. විපක්ෂ උන් දන්නවා අයි.එම්.එෆ් එකෙන් අයින් වුණු ගමන් ආණ්ඩුව ආර්ථිකේ අනනවා කියලා. ඊට පස්සේ ආණ්ඩුව ඉවරයි. අයි.එම්.එෆ් හිටියත් ඉවරයි, අයින් උනත් ඉවරයි.

    ReplyDelete
    Replies
    1. Bath tikak Kapan thanakola noka...Poya deken ne ewara wenawa kiwwe ...Dan 2029 wunada? Basil wage Economic Expert kenek Genalla Damuda🤣🤣🤣🤣

      Delete
    2. අනේ බං ඌ නෙවෙයි උඹ බත් ටිකක් කාපන් තණකොළ කන්නේ නැතුව. යකෝ පෝය දෙක කියන්නේ 2024 ඉඳලා 2029 වෙනකම්ද? තොපි වගේ 🐂 ලෝකෙටම බරක්

      Delete
  2. IMF එක්ක යන්න නම් මුන් රටේ නිතිය ,චන්ද තියන්න ඕනේ

    ඊට වැඩ ලබය් ඉන්දියාවට ඕනේ විදිහට නටන එක

    ReplyDelete
  3. කජු සීයා මොනව උනත් හයයි දශම (ඩොලර් මිලියන 6100ක්) එකක් ඉතුරු කරල ගියා.එ හයදාස් එකසීයට මුං අවුරුදු දෙකක් තිස්සේ තටමල තටමලා එකතු කරල තියෙන්නේ 400යි. දැන් තියෙන්නේ හයදාස් පන්සීයයි. මේ අවුරුද්ද මුල තියෙන්න ඕන හත්දාස් දෙසීයක් අවුරුද්ද අන්තිම තියෙන්න ඕනේ නමදාස් තුන්සීයක් ලබන අවුරුද්දේ අග වෙන්න කොට දහතුන්දාහක් තියෙන්න ඕනේ.අවුරුද්ද අග කෙසේ වෙතත් අවුරුද්ද මුල තියෙන්න ඕනේ හත්දාස් දෙසීයට තව හත්සීයක් ම අඩුයි.කයිවාරුව නම් අඩුවක් නැතුව තියෙනවා.2028 මුල ගෙවන්නතුව හිරකරගෙන ඉන්න ණයවලින් මිලියන 4000ක් එක පාරම ගෙඩිය පිටින් ගෙවන්න ඕනේ.මේවා ගෙවන්නේ ඩෝබිලගේ ඇට දෙක ගලවලා විකුණලද?.ගෙවා ගන්න බැරි උනොත් ආයෙ රට බංකොලොත්.වැඩක් කරන්නෙත් නැතුව මිනිස්සුන්ගේ බෙල්ල මිරි කළා ගත්ත බදු මුදල් කෝටි මෙච්චරක් තියෙනවා කිව්වට ඒවා ඩොලර් නෙමෙයි.කොහොම වුණත් එකක් සහතිකයි.ඔය කාලේ වෙනකොට ආණ්ඩුවේ ලොකු ලොක්කෝ රට පනිනවා.ඒවට තමයි රටින් ඩොලර් පන්නන්නේ,මළ පෙරේතයෝ වගේ හොරකම් කරන්නෙ. ඇත්තටම ඒවා හොරකම් නෙමේ අතේ මාට්ටුවෙලා තියෙද්දි දිගටම කරනව කියන්නේ ඒවා මහදවාලෙ කරන මංකොල්ලකෑම්.හොඳම උදාහරණය ගල් අඟුරු හොරකම පළවෙනි නැවම බාලයි කියලා අහු උනාම ටෙන්ඩරේ කැන්සල් කරන්න ඕන එක දිගටම බාල ගල් අඟුරු නැව් ගෙනාව මොකද මුන් ඒ වෙනකොටත් හොරකමට අදාල සල්ලි ඇරන් ඉවරයි.ආණ්ඩුවේ හොරකමටයි ජඩකමටයි මැරකමටයි උදව් දෙන නිලධාරීන්ට ඊට පස්සේ ටොපිය.කයිවාරු ගහලා රට බංකොලොත් කරොත් මිනිස්සුන්ට තියෙන්නේ ඩෝබීන් ගේ ඊරිමාංශෙ උයාගෙන කන්න.

    ReplyDelete
  4. අපනයන වලට වඩා දෙගුණයක් ආනයන.. ටික ටික හින්දලා 😃😃 .. මුන් සංචිත ලෙල්ලටම හින්දල දාලා යනවා 😃😃

    ReplyDelete
  5. Did this analysis using gemini ..

    2027/2028 කාලයේදී IMF වැඩසටහනෙන් ඉවත් වීම සහ පවතින රජයේ ප්‍රතිපත්ති හමුවේ 2028 වන විට ශ්‍රී ලංකාව නැවතත් ණය ගෙවා ගත නොහැකි (Debt Default) තත්ත්වයකට පත්වීමේ අවදානම ඉහළ ගොස් ඇත. ශ්‍රී ලංකා මහ බැංකු දත්ත සහ මූල්‍ය වාර්තා පදනම් කරගත් සරල විශ්ලේෂණය පහත දැක්වේ.

    විදේශ ඩොලර් ආදායම මන්දගාමී වීම සහ ආයෝජක බිය

    * සෘජු විදේශ ආයෝජන (FDI) අඩුවීම: පවතින රජයේ වාමාංශික දේශපාලන පසුබිම පිළිබඳ විදේශීය ආයෝජකයන් තුළ පවතින සැකය හේතුවෙන් අලුතින් රට තුළට පැමිණෙන ඩොලර් ආයෝජන මන්දගාමී වී ඇත.

    * වෙළඳ පරතරය වැඩිවීම: ශ්‍රී ලංකා මහ බැංකු දත්ත වලට අනුව, 2026 වසරේ මුල් මාස කිහිපය තුළ වෙළඳ හිඟය (Trade Deficit) ඇමරිකානු ඩොලර් බිලියන 6.5 දක්වා ඉහළ ගොස් ඇති අතර ජංගම ගිණුමේ ශේෂය නැවතත් ඍණ අගයක් (Deficit) ගෙන ඇත.

    2028 ණය කන්ද සහ ඩොලර් සංචිත මදිකම

    * අවශ්‍ය ඩොලර් සංචිත ප්‍රමාණය: නැවත සකස් කළ (Restructured) ජාත්‍යන්තර Sovereign Bond (ISB) ණය සහ IMF ණය වාරික ගෙවීම සඳහා 2028 වන විට ශ්‍රී ලංකාව සතු නිල ඩොලර් සංචිත (Gross Official Reserves) ප්‍රමාණය ඩොලර් බිලියන 14 - 15.1 දක්වා වර්ධනය විය යුතුය.

    * වත්මන් සංචිතවල ස්වභාවය: 2026 අගෝස්තු වන විට මහ බැංකුව සතු නිල සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 6.7 ක් පමණ වේ. මෙයින් ඩොලර් බිලියන 1.4 ක් චීන මහ බැංකු ස්වැප් (PBOC Swap) ගිවිසුම යටතේ පවතින බැවින් එය ණය ගෙවීමට භාවිත කළ නොහැක. 

    * ණය ගෙවීමේ ආරම්භය: 2028 සිට අත්හිටුවා තිබූ ඩොලර් බිලියන 14.2 කට අධික ජාත්‍යන්තර ණය (ISB) සඳහා නැවත වාරික සහ පොලී ගෙවීම් ආරම්භ වේ.

    IMF ආරක්ෂිත ලේබලය අහිමි වීම සහ ණය පැහැර හැරීමේ (Default) අවදානම

    * ජාත්‍යන්තර වෙළඳපොළෙන් පිටවීම: 2027 දී IMF වැඩසටහනෙන් ඉවත් වුවහොත් ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම් (Credit Ratings) පහත වැටෙන අතර, හිඟ මුදල් පියවීමට අවශ්‍ය වන ඩොලර් බිලියන 3 ක පමණ නව ණය ජාත්‍යන්තර වෙළඳපොළෙන් ලබා ගැනීමට දැරීමට සිදුවන පොලී පිරිවැය අධික වනු ඇත. 

    * ණය පැහැර හැරීමේ අවදානම (මධ්‍යම සිට ඉහළ): අපනයන සහ සංචාරක ආදායම් වේගයෙන් වර්ධනය කර නොගතහොත්, 2028 දී ණය ගෙවා ගැනීමට නොහැකි වී රට නැවතත් 2022 පැවති ආකාරයේ දැඩි ණය පැහැර හැරීමකට (Second Debt Default) ලක්වීමේ අවදානම ඉහළයි.

    ReplyDelete
    Replies
    1. Boru danna epa 😂😂
      All data wrong

      Delete
Previous Post Next Post