Rithc rating ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගත කිරීම B- තෙක් ඉහල දමයි.. ණය ගෙවන්න සංචිත වැඩි කරගන්නැයි කියයි...

ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන Fitch Ratings විසින් ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදේශ විනිමය නිකුතු පැහැර හැරීමේ ශ්‍රේණිගත කිරීම (IDR) 'CCC+' සිට 'B-' දක්වා ඉහළ දැමීමට පියවර ගෙන ඇත.

එසේ වුවද, මෙරට ආර්ථිකය තවමත් පසුවන්නේ බරපතළ බාහිර හා අභ්‍යන්තර අවදානම් රැසක් මධ්‍යයේ බව පෙන්වා දෙන එම ආයතනය, ඉදිරි වසර කිහිපය තුළ මුහුණ දීමට සිදුවන ආර්ථික දුර්වලතා සහ අභියෝග පිළිබඳව දැඩි අනතුරු ඇඟවීම් මාලාවක් නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකාව මෑතකදී ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ සාර්ව ආර්ථික ගැලපීම් සිදු කළ ද, 'B' ශ්‍රේණියේ පසුවන සෙසු රටවල් හා සැසඳීමේදී මෙරට රාජ්‍ය ණය සහ ණය සේවාකරණ අනුපාත තවමත් අතිශය ඉහළ අගයක පවතින බව ෆිච් ආයතනය පෙන්වා දෙයි.

2026 වසරේදී ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 92.9ක් වනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර, එය 'B' ශ්‍රේණියේ රටවල සාමාන්‍ය අගය වන සියයට 54.7 ට වඩා ඉහළ අගයකි.

රජයේ ආදායමට සාපේක්ෂව පොලී ගෙවීම් අනුපාතය 2026 දී සියයට 41ක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. එය 'B' ශ්‍රේණියේ අනෙකුත් රටවල සාමාන්‍ය අගය (12.7%) මෙන් තුන් ගුණයකටත් වඩා ඉහළ මට්ටමක පැවතීම රාජ්‍ය මූල්‍ය අවකාශය අතිශයින් සීමා කරන්නක් බව වාර්තාව පෙන්වා දෙයි.

රට සතු විදේශ විනිමය සංචිත තවමත් පවතින්නේ අවම හා අවදානම් මට්ටමක බවත්, 2026 අවසානයේදී අපේක්ෂිත ඩොලර් බිලියන 7.7 ක සංචිතය ප්‍රමාණවත් වන්නේ මාස 2.9 ක බාහිර ගෙවීම් සඳහා පමණක් බවත් ෆිච් වාර්තාව අවධාරණය කරයි. විශේෂයෙන්ම 2028 වසරෙන් පසුව විදේශ ණය වාරික සහ පොලී ගෙවීම් විශාල ලෙස ඉහළ යාමට නියමිත බැවින්, බාහිර කම්පනයක් හෝ ප්‍රතිපත්තිමය ලිහිල් කිරීමක් සිදුවුවහොත් ආර්ථිකය යළිත් දැඩි අර්බුදයකට ඇදවැටීමේ අවදානමක් පවතී.

තවද, සාර්ව ආර්ථික දර්ශක මත පදනම් වූ බැඳුම්කර වල ඉහළම සීමාව සක්‍රීය වීම හේතුවෙන් රජයට ගෙවීමට සිදුවන පොලී සහ මූලික ණය මුදල් ප්‍රමාණය තවදුරටත් ඉහළ යනු ඇතැයි ද අනතුරු අඟවා ඇත.

පසුගිය වසර තුන පුරා අතිරික්තයක්ව පැවති ජංගම ගිණුමේ ශේෂය, ඉහළ ගිය ගෝලීය බලශක්ති මිල හමුවේ 2026 වසරේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1.2ක හිඟයක් බවට පත්වනු ඇතැයි ෆිච් ආයතනය අනාවැකි පළ කරයි. අමෙරිකා-ඉරාන ගැටුම හමුවේ මෙරට ඉන්ධන ආනයන වියදම ඉහළ යාම සහ සංචාරක පැමිණීම් තාවකාලිකව අඩාල වීම මීට හේතු වී තිබේ. ශ්‍රී ලංකාව ඉන්ධන සහ පොහොර සම්පූර්ණයෙන්ම පාහේ ආනයනය කරන රටක් බැවින් ගෝලීය අවිනිශ්චිතතා හමුවේ රට දැඩි අවදානමකට ලක්ව ඇති බව මෙහිදී පෙන්වා දී ඇත.

2024 රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත මගින් පොලී නොවන වියදම් සීමා කර තිබුණද, 2025 'ඩිට්වා' (Ditwah) සුළි කුණාටුවේ ප්‍රතිසංස්කරණ වියදම් හේතුවෙන් 2026 වසරේදී එම සීමාවන් ඉක්මවා ගොස් ඇති බව වාර්තාවේ සඳහන් වේ. එමෙන්ම ඉදිරියේදී එළඹෙන 2029 මැතිවරණ කාලසීමාව ආසන්න වන විට, ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියෙන් බැහැරවීමේ හෝ ලිහිල් කිරීමේ අවදානමක් මතුවිය හැකි බවට ෆිච් ආයතනය සැක පළ කරයි.

විදේශ සෘජු ආයෝජන (FDI) ආකර්ෂණය කර ගැනීම, අපනයන ක්ෂේත්‍රය ප්‍රසාරණය කිරීම සහ පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් (SOEs) ප්‍රතිසංවිධානය කිරීමේදී තවමත් බරපතළ පසුබෑමක් දක්නට ලැබෙන බවද පෙන්වා දී තිබේ.

වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන 2027 මාර්තු මාසයෙන් අවසන් වීමට නියමිත අතර, ඉදිරි මූල්‍ය ස්ථාවරත්වය සඳහා තවත් අඛණ්ඩ වැඩසටහනක අවශ්‍යතාව පවතින බවද වාර්තාවේ සඳහන් වේ.

රාජ්‍ය මූල්‍ය විනය පිරිහීම, ආදායම් රැස්කිරීමේ උත්සාහයන් දුර්වල වීම මගින් රාජ්‍ය ණය බර පහත වැටීමේ වේගය අඩාල වීම මෙන්ම විදේශ විනිමය සංචිත තවදුරටත් වර්ධනය කර ගැනීමට අපොහොසත් වී නැවතත් දිගුකාලීන ජංගම ගිණුම් හිඟයක් නිර්මාණය වුවහොත්, ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම නැවතත් පහත දැමීමට  පියවර ගන්නා බවටද ෆිච් රේටින්ග්ස් ආයතනය අනතුරු අඟවා සිටී.





Fitch Ratings Upgrades Sri Lanka's Long-Term Foreign-Currency IDR Amid Ongoing Economic Challenges

Fitch Ratings has elevated Sri Lanka's Long-Term Foreign-Currency Issuer Default Rating (IDR) from 'CCC+' to 'B-', a significant move for the nation as it grapples with persistent economic vulnerabilities.

Despite the upgrade, Fitch warns that the country still faces substantial external and domestic risks. A detailed report underscores the economic weaknesses and challenges expected in the coming years, indicating that the nation must remain vigilant.

While Sri Lanka has recently undertaken debt restructuring and fiscal adjustments, its government debt and debt servicing ratios remain alarmingly high compared to other countries rated 'B'. This fact highlights the severe fiscal limitations within the Sri Lankan economy.

Projections suggest that by 2026, Sri Lanka's government debt ratio will soar to 92.9% of Gross Domestic Product (GDP), significantly exceeding the average of 54.7% found among countries rated 'B'.

The ratio of interest payments relative to government revenue is expected to hit 41% by 2026, a rate more than three times higher than the average of 12.7% observed in peer nations. This alarming statistic further constrains the country's fiscal space.

Fitch also points to the precarious state of Sri Lanka’s foreign exchange reserves, which are projected to reach only $7.7 billion by the end of 2026—adequate merely for 2.9 months of external payments. The report emphasizes the heightened risk of significant external obligations and interest payments increasing considerably post-2028, warning that economic turmoil could recur without substantial reforms or a change in policy direction.

Moreover, due to the activation of strict limits on bonds governed by macroeconomic indicators, the government anticipates further increases in its interest and principal repayments.

As global energy prices continue to increase, Fitch forecasts that the country’s current account balance may shift to a deficit of 1.2% of GDP by 2026. The escalating costs associated with fuel imports, coupled with an expected downturn in tourism from geopolitical tensions, could exacerbate this situation. Given Sri Lanka's reliance on imports for fuel and fertilizers, the nation remains highly vulnerable amidst global uncertainties.

The Fiscal Management Act of 2024 places limits on non-interest expenditures, yet the report notes that reconstruction costs following the 2025 'Ditwah' cyclone may lead to overspending beyond these limits in 2026. Additionally, with upcoming local elections in 2029, there is potential for the risk of fiscal easing or deviation from reform commitments.

Fitch also highlights the ongoing sluggishness in attracting foreign direct investment (FDI), expanding the export sector, and restructuring loss-making state-owned enterprises (SOEs), indicating the need for more decisive action in these areas.

Looking ahead, the current extended loan facility from the International Monetary Fund (IMF) is set to conclude in March 2027, raising concerns about the necessity for further continuous programs to ensure financial stability.

Fitch warns that decreased fiscal discipline, weakened revenue collection efforts, and an inability to bolster foreign exchange reserves could again threaten Sri Lanka's credit rating, potentially leading to another downgrade in the future.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

2 Comments

  1. සියලු දූෂණ වංචා සාධාරණ දේවල් බවට පත් කිරීමට විනිසුරු වරුන් පෙලගැසී සිටියොත් ආන්ඩුව සමඟ විනිසුරු වරුන් පල්ලම් බහිනු ඇති

    ReplyDelete
  2. රෂිනිට පුකේ අරින්න ඕනී

    ReplyDelete
Previous Post Next Post