දෙහිවල, සිරිසඟබෝ මාවත ප්‍රදේශයේ නිවසකට එල්ල වූ මාරාන්තික බෝම්බ ප්‍රහාරයත් සමඟ මේ වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර පහක් එල්ල වී ඇතැයි පොලීසිය පවසයි.
ඊයේ (11) අලුයම දෙහිවල පිහිටි නිවසකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් කුඩා දරුවන් දෙදෙනෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් විය. පොලිස් වාර්තාවලට අනුව, මෙම වසරේ වාර්තා වූ සමස්ත බෝම්බ ප්‍රහාර මාලාවෙන් ප්‍රහාර තුනක්ම වාර්තා වී ඇත්තේ ගල්කිස්ස පොලිස් කොට්ඨාසයෙනි.
විදේශගතව සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන රසල් ස්මිත් නමැත්තාගේ රත්මලාන ඥානෙන්ද්‍ර පාරේ පිහිටි ඥාතියකුගේ නිවස ඉලක්ක කර ගනිමින් ඉකුත් අගෝස්තු 05 වැනිදා ප්‍රහාරයක් එල්ල කර තිබිණි. ඉන් අනතුරුව, විදේශගතව සිටින තවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘බඩෝවිට අවිශ්ක’ නමැත්තාගේ මිතුරෙකු වූ කළුබෝවිල ශ්‍රී විමලසිරි පාරේ යතුරුපැදි අලුත්වැඩියා කරන්නෙකුගේ නිවසට අගෝස්තු 09 වැනිදා දෙවැනි බෝම්බ ප්‍රහාරය එල්ල විය.
ඊයේ අලුයම දෙහිවල සිරිසඟබෝ මාවතේ නිවසට එල්ල වූයේ ගල්කිස්ස ප්‍රදේශයෙන් වාර්තා වූ තෙවැනි බෝම්බ ප්‍රහාරයයි.
ගතවූ මාසයක පමණ කාලය තුළ බස්නාහිර පළාත කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන සංවිධානාත්මක අපරාධ කල්ලි ගිනි අවි භාවිතයෙන් බැහැරව මෙලෙස අත්බෝම්බ භාවිත කිරීමට යොමුවීම සම්බන්ධයෙන් පොලීසියේ දැඩි අවධානය යොමුව ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
මෙම ප්‍රහාර සඳහා යොදාගනු ලබන්නේ යුද සමයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් ලබාගත් බෝම්බ බවට මේ වන විට සැකයක් මතුව ඇතැයි පෙන්වා දෙන එම නිලධාරියා, උත්සන්න වන පාතාල අපරාධ සහ ප්‍රචණ්ඩ ක්‍රියා මර්දනය කිරීම සඳහා ඉදිරියේදී ත්‍රිවිධ හමුදාව යොදවා ගැනීමට පොලීසියේ අවධානය යොමුව ඇති බව ද වැඩිදුරටත් සඳහන් කළේය.
Bomb Attack in Dehiwala Claims Lives of Two Children
A tragic incident unfolded in the Sirisangabo Mawatha area of Dehiwala, where a devastating bomb attack occurred, marking the fifth such incident reported this year, according to police.
In the early hours of yesterday (11), two young children lost their lives in the explosion at a residence located in Dehiwala. Police reports indicate that three of this year's total bomb attacks have been registered in the Galigamuwa police division alone.
The attack targeted the home of a relative of Russell Smith, a prominent drug trafficker currently residing abroad. This incident took place on August 5. Shortly thereafter, on August 9, a second bomb attack struck the house of a motorcycle mechanic connected to another drug dealer, known as 'Badovita Avishka,' also living overseas.
The bomb attack in Dehiwala yesterday morning is identified as the third incident reported from the Galigamuwa area.
In light of the recent spate of bombings concentrated in the Western Province, senior police officials have expressed heightened concern regarding the increasing use of improvised explosive devices (IEDs) by organized crime groups, traditionally known for their use of firearms.
There are growing suspicions that the bombs used in these attacks may have originated from the LTTE during the war. Further, the police are considering deploying the Armed Forces to combat the surge in underground criminal activities and violent acts.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

එල්ලුම් ගහ වාහාම ක්‍රියත්මක කරනු!
ReplyDeleteවැඩක් නැහැ. මාලිමා පාතාලයන් එලියේ.
Deleteකන්ටේනර් 323 බඩු ටික එලියට එනවද ඒ කියන්නේ?
ReplyDeleteමාලිමා සෙට් එකට විශේෂ අවි දීලද?
Deleteමාලිමා ආන්ඩුව ෆේල්.
ReplyDeleteපල්ලිය ෆේල්. කොටි ෆේල්.
වහාම ඡන්දයක් තියනු
මිනිස්සුන්ට කන්න බොන්නත් අමාරුවෙන් ඉන්න අස්සේ පාතාලයොත් ඩෙඟා නටනවා.
ReplyDeleteඅනාගතය අඳුරු කල මාලිමාවට සාප වේවා!
බංකුවක් අරන් ආවෙ නෑනේ ජාතික ආරක්ශාව ගැන ටියුශන් දෙන්න.
ReplyDeleteදැන් එපා................................... වෙලා තියෙන්නේ බලාගෙන ඉඳලා.
බංකුව අරන් වරෙන්. නැත්තන් නිකන් හිටපන්.
බංකුව තියලා වාඩි වෙයන්
Deleteබංකුව තියෙන්නේ තියලා වාඩි වෙන්න තමයි බොල.
Deleteඑහෙම තමයි ඉතින්. හැමදාම එකම විදියට ඉන්න බෑනෙ.
ReplyDeleteතව ටික කාලෙකින් මෝටාර්, කාලතුවක්කුත් ගේනවා.
pohottu sattamiyo kalabala wela......
ReplyDelete