මැදපෙරදිග කලාපය පුරා ස්ථානගත කර ඇති අමෙරිකානු හමුදා කඳවුරු සහ යුද නෞකා ඉලක්ක කරගනිමින් ඉරානය අඛණ්ඩව එල්ල කරන ප්‍රහාර හමුවේ, අමෙරිකානු හමුදාව සිය මෙහෙයුම් පවත්වාගෙන යා නොහැකි මට්ටමේ දැවැන්ත බිඳවැටීමක Breakdown අද්දරටම තල්ලු වෙමින් සිටින බව The Intercept පුවත් සේවය වාර්තා කරයි.
කලාපයේ හමුදා මෙහෙයුම් පිළිබඳ සමීප දැනුමක් සහිත ජ්‍යෙෂ්ඨ අමෙරිකානු ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු උපුටා දක්වමින් එම වාර්තාව පෙන්වා දෙන්නේ, ඉරානයේ නොනවතින ප්‍රතිප්‍රහාර හමුවේ අමෙරිකානු හමුදාවේ යුද සූදානම සහ මෙහෙයුම් ශක්‍යතාව බරපතළ පසුබෑමකට ලක්ව ඇති බවයි. දිගින් දිගටම එල්ල වන මෙම දැඩි පීඩනය හමුවේ ඉදිරියේදී ඉරානයට එරෙහි යුද මෙහෙයුම් ඵලදායීව පවත්වාගෙන යාමට ඇති හැකියාව මුළුමනින්ම ඇනහිටිය හැකි බව එක් නිලධාරියෙකු අනතුරු අඟවා ඇත.
විශේෂයෙන්ම, ගුවන් ආරක්ෂණ මිසයිල තොග සීඝ්‍රයෙන් අවසන් වීම, සෙබළුන් මියයාම සහ තුවාල ලැබීම, යුද උපකරණ නඩත්තු ගැටලු, සෙබළුන් දීර්ඝ කාලයක් විවේකයකින් තොරව සටන් පෙරමුණේ රඳවා තැබීමට සිදුවීම සහ සැපයුම් මාර්ග ඇනහිටීම අමෙරිකානු හමුදාව මුහුණ දී සිටින ප්‍රධාන අර්බුද ලෙස හඳුනාගෙන තිබේ. මෙම තත්ත්වය පෙන්ටගනයේ ආරක්ෂක අයවැයට ද දැරිය නොහැකි පීඩනයක් එල්ල කර ඇති අතර, අමෙරිකානු හමුදාවේ සූදානම පිළිබඳව ට්‍රම්ප් පරිපාලනය විසින් ලබා දුන් සහතිකයන් කෙරෙහිද මේ වන විට බරපතළ සැකයක් මතුව ඇත.
ඉරානයේ බැලස්ටික් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර හමුවේ කලාපයේ ස්ථාපිත අමෙරිකානු ගුවන් ආරක්ෂණ පද්ධති අඩපණ වී ඇති බව පෙන්වා දෙන ආරක්ෂක අංශ, ට්‍රම්ප් පරිපාලනය ඉරානයේ සැබෑ යුද ශක්තිය නිසි ලෙස තක්සේරු කිරීමට අසමත් වූ බවත්, මෙම ගැටුම සඳහා වොෂින්ටනය සතුව කිසිදු නිසි සැලසුම්කරණයක් නොතිබූ බවත් පවසයි. ඉදිරියේදී පැවැත්වීමට නියමිත අමෙරිකානු මධ්‍යවාර මැතිවරණයට පෙර වොෂින්ටනය වෙත දැඩි ආර්ථික සහ දේශපාලන පීඩනයක් එල්ල කිරීමේ අරමුණින් ඉරානය මෙම Go for broke ප්‍රහාරක උපක්‍රමය දියත් කර ඇති බවද එම නිලධාරීහු සඳහන් කරති.
ඉරාන ප්‍රහාර හේතුවෙන් කලාපය පුරා පිහිටි අමෙරිකානු හමුදා මධ්‍යස්ථාන රැසකට බරපතළ හානි සිදුව ඇති අතර, බහරේනයේ මනමා හි පිහිටි අමෙරිකානු 5 වන නාවික බලඇණි මූලස්ථානයට එල්ල වූ ප්‍රහාරයෙන් මාස හයකට පසුවද එහි කටයුතු යථා තත්ත්වයට පත් කරගැනීමට නොහැකි වී තිබේ.
The Wall Street Journal පුවත්පත සිදුකළ විමර්ශනයකට අනුව, අදාළ 5 වන බලඇණි මූලස්ථානය, සෙබළ නවාතැන් සහ සන්නිවේදන පද්ධති යළි ප්‍රතිසංස්කරණය කිරීම සඳහා පමණක් ඇමෙරිකානු ඩොලර් මිලියන 400කට අධික මුදලක් වැය වනු ඇත.
මීට අමතරව, අමෙරිකානු ගුවන් යානා ප්‍රවාහන සුපිරි නෞකා ද දැඩි අර්බුදයකට ලක්ව ඇත. USS Gerald R. Ford නෞකාවේ හටගත් ගින්නකින් ඊට බරපතළ හානි සිදුව ඇති අතර, USS Abraham Lincoln නෞකාව කිසිදු වරායකට ඇතුළු නොවී මාස 9ක් පුරා අඛණ්ඩව මුහුදේ රැඳී සිටීම නිසා එහි කාර්ය මණ්ඩලයේ මානසික තත්ත්වය සහ සැපයුම් දැඩි ලෙස කඩා වැටී ඇත.
මෙම නෞකා සඳහා අවශ්‍ය ඉන්ධන සහ ආහාර සැපයුම් ලබාගැනීමට ඉන්දියන් සාගරයේ දියේගෝ ගාර්සියා කඳවුරේ සිට සැතපුම් 2,000කට වැඩි දුරක් යාත්‍රා කිරීමට සිදුව තිබේ. ඒ සඳහා දින 14 සිට 18 දක්වා දීර්ඝ සැපයුම් චක්‍රයක් අවශ්‍ය වන අතර, මෙම සැපයුම් ක්‍රියාවලිය දීර්ඝකාලීනව පවත්වාගෙන යා නොහැකි එකක් බව අමෙරිකානු යුද දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර විමර්ශන වාර්තාවක් මගින්ද තහවුරු කර ඇත.
පෙන්ටගන පරීක්ෂක ජනරාල් වාර්තාවට අනුව, යුද්ධය ආරම්භ වූ දා සිට බහරේනය, ජෝර්දානය, ඉරාකය, කුවේටය, කටාර්, සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල පිහිටි අමෙරිකානු කඳවුරුවල ගොඩනැගිලි සිය ගණනක් මුළුමනින්ම විනාශ වී හෝ අලාභහානි වී ඇති අතර, අමෙරිකානු යුද ගුවන් යානා දුසිම් ගණනක් විනාශ වී තිබේ. එසේම පේට්‍රියට් සහ තාඩ් වැනි අතිනවීන ප්‍රති-මිසයිල පද්ධතිවල මිසයිල තොග සීඝ්‍රයෙන් අවසන් වීම හේතුවෙන්, කලාපය තුළ තවදුරටත් අමෙරිකානු හමුදා රැඳී සිටීම දැඩි අවදානමකට ලක්ව ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.
US Military Faces Significant Operational Challenges Amid Continuous Iranian Attacks
The Intercept reports that the US military is grappling with a severe operational crisis, as Iranian strikes target American bases and naval assets across the Middle East. The latest assessments indicate that these incessant assaults are putting substantial strain on the US forces’ readiness and operational capabilities.
Quoting two senior US defense officials with intimate knowledge of the situation, the report highlights a critical decline in the military's preparedness due to persistent Iranian counterattacks, raising concerns about the feasibility of future military operations against Iran. One of the officials warned that the ongoing pressure could entirely hinder the ability to conduct effective operations.
Primary challenges facing US forces include the rapid depletion of aerial defense missile stocks, soldier casualties, maintenance issues with military equipment, prolonged combat deployments without breaks, and the disruption of supply routes. This troubling state of affairs is exerting an unbearable burden on the Pentagon’s defense budget and has cast serious doubts on the assurances previously provided by the Trump administration regarding military readiness.
According to security analysts, the operational vulnerability of American air defense systems in the region has been exacerbated by Iranian ballistic missile and drone attacks. They argue that the Trump administration failed to properly assess Iran's military capabilities and lacked a coherent strategy for this conflict. Significantly, Iranian officials claim that their recent aggressive tactics aim to exert intense economic and political pressure on Washington ahead of the upcoming mid-term elections.
Iranian strikes have caused substantial damage at various US military installations across the region. Notably, the 5th Naval Fleet base in Bahrain has struggled to return to normal operations even six months after it was targeted in an assault.
A report by The Wall Street Journal reveals that restoring the affected 5th Fleet base, along with improving troops' accommodations and communication systems, is projected to cost over $400 million.
In addition, American aircraft carriers are also in dire straits. The USS Gerald R. Ford suffered extensive damage from a fire, and the USS Abraham Lincoln has remained at sea for nine months without docking at any port, severely impacting the mental well-being of its crew and logistical supply lines.
Experts from the US Department of Defense confirm that obtaining the necessary fuel and food supplies for these ships necessitates a journey exceeding 2,000 nautical miles from Diego Garcia. This entails a lengthy supply cycle of 14 to 18 days, which has been deemed unsustainable in the long term by internal Pentagon assessments.
The Pentagon inspector general's report indicates that since the onset of hostilities, numerous military installations in Bahrain, Jordan, Iraq, Kuwait, Qatar, Saudi Arabia, and the United Arab Emirates have either been destroyed or suffered significant damage, and several US aircraft have been lost. Furthermore, reports suggest that the rapid depletion of missile stocks for advanced air defense systems like Patriot and Thaad has placed American forces in the region at a heightened level of risk.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

තේ ටිකක් වත් එවපන්කෝ, තේ කොළ දාලා බුලට් කීපයක් හදා ගන්ඩ ට්‍රම්ප් ට.
ReplyDeleteඅවි ගත්තෝ අවියෙන්ම නැසෙයි.
ReplyDelete