ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පිරිනමන ලද සහනාධාර මුදල ප්‍රමාණවත් නොවන බව පවසමින් මෙරට ක්‍රියාත්මක විදේශීය ඉන්ධන සමාගම් සිය සැපයුම් කටයුතු සීමා කිරීම හේතුවෙන් ඉන්ධන හිඟයක් සහ නිර්මාණය වීමේ අවදානමක් මතුව තිබේ.
මෙරට වෙළෙඳපොළේ ඉන්ධන බෙදාහරින විදේශීය සමාගම් වෙත ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 70ක සහනාධාර මුදලක් ලබාදීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබිණි.
කෙසේවෙතත්, එම මුදල කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව පෙන්වා දෙන අදාළ සමාගම්, එක් ඩීසල් ලීටරයක් වෙනුවෙන් රුපියල් 135 සිට රුපියල් 247 දක්වා ඉහළ සහනාධාරයක් ඉල්ලා සිටීම නිසා දෙපාර්ශ්වය අතර අර්බුදය උග්‍ර වී ඇත.
මේ වන විට ලංකා ඉන්දියන් ඔයිල් සමාගම, සයිනොපෙක් සහ ආර්.එම්. පාර්ක් යන සමාගම් සති කිහිපයක සිට සිය දෛනික සැපයුම සීමා කර ඇති අතර, පවතින ගැටලුව නිරාකරණය කර ගැනීම සඳහා බලශක්ති අමාත්‍යාංශය සමඟ අඛණ්ඩව සාකච්ඡා පවත්වමින් සිටින බව වාර්තා වේ.
පසුගියදා රජය විසින් ඉන්ධන මිල ඉහළ දැමීමට පියවර ගත්ත ද, එම මිල සංශෝධන ප්‍රතිශතය ප්‍රමාණවත් නොවන බව පවසමින් මෙම සමාගම් තවදුරටත් ඉන්ධන සැපයුම සීමා කර ඇති බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය පෙන්වා දෙයි.
විශේෂයෙන්ම පසුගිය සතිය වන විට ඩීසල් සැපයුම මුළුමනින්ම පාහේ අත්හිටුවීමට එම සමාගම් ක්‍රියා කර තිබිණි.
පාරිභෝගික ජනතාව අපහසුතාවට පත් කරමින් පවතින මෙම ගැටලුව සම්බන්ධයෙන් බලධාරීන් කඩිනම් සහ තිරසාර පියවරක් ගත යුතු බව පිරවුම්හල් හිමියෝ දැඩිව අවධාරණය කරති.
Fuel Shortage Threatens Sri Lanka Amid Subsidy Dispute
Sri Lanka is facing a potential fuel crisis as foreign fuel companies operating in the country are restricting supply due to insufficient subsidies provided by the Lanka Mineral Oil Corporation. This restriction has heightened fears of a fuel shortage across the nation.
The Corporation recently decided to offer a subsidy of Rs. 70 per liter of diesel to these foreign companies distributing fuel in the local market. However, the companies have expressed that this amount is far from adequate, with requests for higher subsidies ranging from Rs. 135 to Rs. 247 per liter, leading to escalating tensions between the parties involved.
Currently, several companies, including Lanka Indian Oil Corporation, Sinopec, and RM Parks, have been limiting their daily supply for several weeks. Reports indicate continuous discussions with the Ministry of Energy to resolve the ongoing issues surrounding fuel distribution.
Despite a recent decision by the government to increase fuel prices, firms have continued to restrict fuel distribution, stating that the incremental price adjustments are insufficient to cover their costs, according to statements from representatives of fuel filling stations.
In fact, last week, some companies completely suspended diesel supply, causing significant inconvenience to consumers. Filling station operators have strongly urged authorities to take immediate and sustainable action to address this pressing issue.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
ගල් අඟුරු වංචාව උනේ නැත්තන් එහෙම දෙන්න තිබුනා.
ReplyDeleteකොහෙද ඉතින් බලාගාර වල ඩීසල් පුච්චන්න උනානේ. අන්නේකයි.
මොනව උනත් පැලවත්තේ ගාන හරි වෙලාවට ගිනුම් වලට වැටුනා.