පසුගිය කාලසීමාවේදී අන්ත අගාධයට ඇදවැටී ජාත්යන්තරය හමුවේ දැඩි නින්දාවට පත්ව තිබූ ශ්රී ලංකාව, වත්මන් පාලනය යටතේ වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ ලොව වේගයෙන්ම දියුණු වන රටවල් හතර අතරට ඔසවා තැබීමට හැකිවූ බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්ය අමාත්ය නාමල් කරුණාරත්න මහතා පවසයි.
නිකවැරටිය ප්රදේශයේ පැවති ජාතික ජන බලවේගයේ ජන රැලිය අමතමින් නියෝජ්ය අමාත්යවරයා මේ බව සඳහන් කළේය.
එහිදී අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ, අතීතයේ මෙරට පැවති දරුණු ආර්ථික බිඳවැටීම හමුවේ ඉන්දියාවේ යාචකයෙකු පවා සිඟමන් යදිමින් උපයාගත් මුදල් මෙරටට එවන තරමට ශ්රී ලංකාව අසරණ භාවයට පත්ව තිබූ බවයි.
එලෙස විනාශ මුඛයේ පැවති රට කෙටි කලක් තුළ යළි ගොඩනැගීමට රජය සමත්ව ඇති බව පෙන්වා දුන් නියෝජ්ය අමාත්යවරයා, වර්තමානය වන විට රටේ සංවර්ධන කාර්යයන් සඳහා අවශ්ය මූල්ය ප්රතිපාදනවල කිසිදු හිඟයක් නොමැති බවද අවධාරණය කළේය.
කෙසේවෙතත් කෘෂිකර්මාන්තය ඇතුළු ක්ෂේත්ර ගණනාවක වැඩකටයුතු ඉදිරියට ගෙන යාමේදී නිලධාරීන් හා මානව සම්පතේ පවතින හිඟකම මෙන්ම තාක්ෂණික ගැටලු කිහිපයකට මුහුණ දීමට සිදුව ඇති බවත්, එම බාධාවන් නිරාකරණය කරගනිමින් ඉදිරියට යාමට රජය කටයුතු කරමින් සිටින බවත් හෙතෙම සඳහන් කළේය.
තවදුරටත් අදහස් දැක්වූ නාමල් කරුණාරත්න මහතා,
"අප රජය භාරගෙන තවමත් ගතව ඇත්තේ වසර දෙකක කාලයක් පමණයි. ජනතාව අප වෙත බලය ලබාදුන්නේ පස් අවුරුදු කාලයකටයි. පස්වන වසරේ කළ යුතු දේ සිව්වන වසරේවත්, සිව්වන වසරේ කළ යුතු දේ තෙවන වසරේවත් එකවර සිදුකළ නොහැකියි. එබැවින් වසර දෙකක් ඇතුළත සියලු දේ එකවර බලාපොරොත්තු විය නොහැකි අතර, නියමිත සැලසුමකට අනුව රට ඉදිරියට ගෙන යනවා," යනුවෙන් ප්රකාශ කර සිටියේය.
Sri Lanka Emerging Amidst Global Criticism, Says Agriculture Minister
In a bold assertion, Sri Lanka's Deputy Minister of Agriculture and Livestock, Namal Karunarathna, highlighted the country's remarkable progress over the past two years, positioning it among the fastest-growing nations in the world despite facing severe international condemnation in recent times.
Speaking at a public rally organized by the National People's Power in Nikaweratiya, Karunarathna emphasized the challenges Sri Lanka had overcome following a devastating economic collapse. He recalled a time when the country sank to such depths that even an Indian vendor was sending money back to Sri Lanka through small, informal channels.
The Deputy Minister pointed out the significant turnaround achieved by the government, noting the absence of shortages in financial resources crucial for the nation's development initiatives. "We have successfully rebuilt a nation that was once on the brink of collapse," he asserted.
However, he acknowledged ongoing challenges, particularly within the agricultural sector and other fields, where officials are grappling with a shortage of human resources and technological issues. Karunarathna remarked that the government is actively addressing these barriers to facilitate future progress.
Further elaborating, he stated, "Our government has only been in power for about two years. The electorate granted us power for five years, which means we cannot achieve everything expected of us within the current timeframe. Therefore, we are following a structured plan to guide the country forward, understanding that not all ambitions can be realized at once."
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ආර්ථික විශේෂඥයෝ සමහර වෙලාවට උද්ධමණය ආර්ථික වර්ධන වේගයට සමාණයි කියනවා, එහෙම කිව්වට ඒවා ඇත්තමයි කියලා හිතාගෙන තැන් තැන් වල ගිහින් කියන එක හොඳ මදි. ලෝකයේ දැනට වේගවත්ම ආර්තික දියුණුවීම් පෙන්නුම් කරන්නේ අප්රිකානු රටවල්.
ReplyDeleteබොරුවෙන්ම ජීවත් වෙන පාහර බල්ලා 😡🤮 මුන් ලැජ්ජාවක්, පවට ඇති බයක් කියන දෙයක් ගෑවිලා නැති අසමජ්ජාති, වලත්ත, හැබිචෝල්, තුච්ච, නීච, නූගත් හැතිකරයක්. මුන් අසාර්ථක බව පිලි අරගෙන කරන්න පුළුවන් කෙනෙකුට ඉඩදීලා පලයල්ලා කිව්වාට එහෙම යන එවුන් නෙවෙයි. අපේ බදු මුදලින් තවත් මුන්ව නඩත්තු නොකර අසූචි ගහලා එලවන්න කාලය හරි 😡🤮
ReplyDeleteIs Sri Lanka the 4th fastest developing country?
ReplyDeleteNo, Sri Lanka is not the 4th fastest developing country in terms of overall economic growth.
The claim comes from a misunderstanding of a 2026 report by the Institute of International Finance (IIF):
• What the ranking actually is: Sri Lanka ranked 4th globally in the IIF's Investor Relations and Debt Transparency Report, which measured improvements in financial reporting, debt transparency, and investor engagement among 57 emerging markets and developing economies.
• The top three countries ahead of Sri Lanka: Vietnam (1st), Belize (2nd), and Mozambique (3rd).
• Debt Transparency: Sri Lanka separately ranked 5th globally for specific improvements in debt transparency.
• Actual Economic Growth: According to the Asian Development Bank's (Asian Development Outlook, September 2026), Sri Lanka's economic growth is forecast at 4% in 2026, placing it 18th among Asia's fastest-growing economies.
source: Google AI
රිළවු අල්ලලාද 😁😀😄
ReplyDelete