හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක් වෙත ඇතුළත් කරන ලද හිටපු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තවත් වෛද්‍ය පරීක්ෂණ කිහිපයක් සඳහා යොමු කර ඇති අතර, එම පරීක්ෂණවලින් කිසිදු බරපතළ ගැටලුවක් නොමැති බවට වෛද්‍යවරුන් තහවුරු කර ඇත.
ඒ අනුව මේ වන විට ඒ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් මට්ටමක පවතින බව හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ මහතා සඳහන් කළේය.
හිටපු ජනාධිපතිවරයාගේ තත්ත්වය අසාධ්‍ය බවට සහ ඔහු මානසිකව ඇදවැටී ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන ප්‍රචාරයන් සම්පූර්ණයෙන්ම අසත්‍ය බවද නීතිඥ මනෝජ් ගමගේ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් අවධාරණය කළේය.
එමෙන්ම වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ, මහින්ද රාජපක්ෂ මහතාගේ වයස්ගතභාවය සැලකිල්ලට ගනිමින් සාමාන්‍යයෙන් සිදු කරනු ලබන වෛද්‍ය පරීක්ෂණ සහ ප්‍රතිකාර සඳහා මෙලෙස රෝහල්ගත කර ඇති බවත්, ඔහු මානසිකව වට්ටවාලීම ආණ්ඩුවේ අවශ්‍යතාවක් වුවද කිසිවෙකුටත් එලෙස මානසිකව වට්ටවාලිය හැකි නායකයෙකු ඔහු නොවන බවත්ය.
Former President Mahinda Rajapaksa Hospitalized for Routine Medical Checks
Former President Mahinda Rajapaksa has been admitted to a private hospital in Colombo due to a sudden medical condition. Following his admission, he has undergone several medical evaluations, all of which have confirmed that there are no serious health issues present.
His spokesperson, attorney Manoj Gamage, reported that Rajapaksa's health is currently stable and within acceptable parameters.
Addressing rumors spread on social media regarding the former president’s deteriorating condition and mental distress, Gamage firmly stated that such claims are completely unfounded.
He further explained that given Rajapaksa's age, routine medical examinations and treatments are standard practice. While he acknowledged that there has been political pressure for Rajapaksa to step back, he emphasized that the former president is not one to succumb to mental instability or manipulation.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Niwan suwa pathanna jeppo Nadda Ape Raththaran Nayakayata.
ReplyDeleteOba Thuma ape Ayusath aran niduk nirogiva inna labewa....!!¡
He has to suffer more & more.
Deleteඒකනේ කිව්වේ කලින්ම කිසි ලොකු අමාරුවක් නෑ කියලා. හොඳයි, සතුටුයි, සනීපෙන් ඉන්ඩ ඕනෑ, බුදු සරණයි...!
ReplyDeleteරට දැය බේරාගත් සේනාධිනායකයාණෙනි,ඔබට සියලු දෙවියන්ගේ ආරක්ෂාව රැකවරණය චිත්ත ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා ලැබේවා ලැබේවා.තෙරුවන් සරණයි!🙏🙏🙏
ReplyDelete