ශ‍්‍රී ලංකාව ක‍්‍රිකට් ලොව හොල්ලන හඹායාමක... ලකුණු 430ක් පන්නා ගොස් දිනයි..


 පාකිස්තානයේ රාවල්පින්ඩි ක්‍රීඩාංගණයේදී පැවති තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයේදී එංගලන්තය ලබා දුන් ලකුණු 430ක දැවැන්ත ජයග්‍රාහී ඉලක්කය සාර්ථකව පසුකර ගිය ශ්‍රී ලංකා කණ්ඩායම, තරගය නිමාවීමට එක් පන්දුවක් සහ කඩුලු දෙකක් ඉතිරිව තිබියදී විස්මිත ජයග්‍රහණයක් අත්පත් කර ගැනීමට සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 429ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළේය.

එංගලන්ත ඉනිම වෙනුවෙන් විශිෂ්ට නායකත්වයේ ඉනිමක් දියත් කළ හැරී බෲක් පන්දු 116ක් තුළ හතරේ පහර 21ක් සහ හයේ පහර 10ක් එල්ල කරමින් ලකුණු 202ක ද්විත්ව ශතකයක් වාර්තා කළේය. ඊට අමතරව ජෝ රූට් ලකුණු 69ක් ද, ඉනිම අගභාගයේදී වේගවත් පිතිහරඹයක නිරත වූ විල් ජැක්ස් පන්දු 30කින් නොදැවී ලකුණු 66ක් ද, ටොම් බැන්ටන් ලකුණු 50ක් ද රැස් කරමින් එංගලන්ත ඉනිම ශක්තිමත් කළහ. පන්දු යැවීමේදී දුනිත් වෙල්ලාලගේ ලකුණු අතර කඩුලු 2ක් දවාලීමට සමත් විය.

ලකුණු 430ක අතිශය දුෂ්කර ඉලක්කයක් හමුවේ පිළිතුරු ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා පිලේ නායක කුසල් මෙන්ඩිස් ලකුණු නොලබා දැවී යාම ඇතුළුව මුල්පෙළ කඩුලු දෙකක් ලකුණු 30ක් තුළ බිඳ වැටුණ ද, අනතුරුව පිටියේ එක්වූ අවිශ්ක ප්‍රනාන්දු සහ පවන් රත්නායක ශ්‍රී ලංකා ඉනිම සවිමත් කළහ. එංගලන්ත පන්දු යවන්නන්ට නිර්දය ලෙස පහරදුන් පවන් රත්නායක පන්දු 106කදී හතරේ පහර 15ක් සහ හයේ පහර 3ක් සමඟින් අනර්ඝ ලකුණු 130ක් රැස් කළ අතර, අනගි සහයක් දුන් ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු පන්දු 83කින් ලකුණු 97ක් රැස් කළේය.

අනතුරුව පිටියට පිවිසි දසුන් ශානක ප්‍රතිවාදී පන්දු යවන්නන් මුළුමනින්ම අඩපණ කරමින් පන්දු 50කදී හයේ පහර 8ක් සහ හතරේ පහර 6ක් සමඟින් ලකුණු 97ක් ලබා ගනිමින් ජයග්‍රාහී මාවත සකස් කළේය. තරගයේ තීරණාත්මක අවසන් පන්දුවාර කිහිපයේදී පීඩනය හමුවේ නොසැලී ක්‍රීඩා කළ ජනිත් ලියනගේ පන්දු 27කදී හතරේ පහර 7ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 61ක් ලබා ගනිමින් පන්දුවාර 49.5කදී (පන්දු 1ක් ඉතිරිව තිබියදී) ශ්‍රී ලංකා කණ්ඩායමේ ඓතිහාසික ජය තහවුරු කළේය. ශ්‍රී ලංකා ඉනිම අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 430ක් ලෙස සටහන් විය.

ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායමක් හඹාගොස් වාර්තා කළ සාර්ථකම සහ දෙවන වැඩිම ලකුණු සංඛ්‍යාව මෙම තරගය වන අතර, මෙම ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම තුන්කොන් තරගාවලිය තුළ සිය පිබිදීම ප්‍රදර්ශනය කර තිබේ.





Sri Lanka Achieves Historic Victory Over England in High-Scoring T20 Match

In a stunning display of batting prowess, Sri Lanka successfully chased down England's daunting target of 430 runs during the third match of the Tri-Nation ODI series held at the Rawalpindi Cricket Stadium in Pakistan, achieving victory with just one ball and two wickets to spare.

Winning the toss and opting to bat first, the English team set an impressive target, finishing their allotted 50 overs with a total of 429 runs while losing only four wickets. A remarkable innings by Harry Brook stood out, as he recorded an astonishing 202 runs off 116 balls, featuring 21 fours and 10 sixes. Contributions came from Joe Root, who scored 69 runs, and a quick-fire 66 runs from Will Jacks, while Tom Banton added a valuable 50 runs, fortifying the England total. On the bowling front, Dunith Wellalage claimed two wickets.

Facing an uphill battle to chase down the hefty target, Sri Lanka's innings started on a rocky note, with captain Kusal Mendis falling for a duck and the team reeling at 30 runs for the loss of two wickets. However, Avishka Fernando and Pawan Ratnayake steadied the ship. Ratnayake unleashed a barrage against the English bowlers, amassing 130 runs off 106 balls, including 15 fours and 3 sixes, while Fernando supported with a spectacular 97 runs from 83 balls.

As the match progressed, the Sri Lankan side maintained their momentum, and Dasun Shanaka further accelerated the innings. In a remarkable finish, Shanaka scored 61 runs off just 27 balls, with 7 fours and 3 sixes, sealing the historic triumph with just one ball remaining in the match at the 49.5-over mark. Sri Lanka concluded their innings with 430 runs, losing 8 wickets.

This match not only marks one of the most successful chases in the history of One Day Internationals but also showcases Sri Lanka's resurgence in the Tri-Nation series, highlighting their potential as a formidable force in international cricket.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post