Adobe, MS Office එකවර හාන්සියි.. කෘතිම බුද්ධියෙන් නොමිලේම පැකේජ් එකක්...


 ලොව ප්‍රමුඛතම නිර්මාණාත්මක මෘදුකාංග නිෂ්පාදකයා වන ඇඩෝබි සමාගමේ මෘදුකාංග 7 ක් සඳහා නොමිලේ භාවිත කළ හැකි විවෘත මූලාශ්‍ර විකල්ප මෘදුකාංග පෙළක්, කෘත්‍රිම බුද්ධිය සහ රස්ට් (Rust) පරිගණක භාෂාව ආධාරයෙන් දින කිහිපයක් තුළ නිර්මාණය කිරීමට ස්වාධීන මෘදුකාංග ඉංජිනේරුවරයෙකු ප්‍රමුඛ කණ්ඩායමක් සමත්ව ඇතැයි 'හව්-ටු ගීක්' (How-To Geek) තාක්ෂණික පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

බ්‍රැන්ඩන් තෝමස් නමැති පරිගණක වැඩසටහන් ශිල්පියා විසින් ‘ArtCraft’ නමින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කර තිබේ. ඇඩෝබි සමාගම සිය ‘Creative Cloud’ මෘදුකාංග සේවා සඳහා පාරිභෝගිකයන්ගෙන් මාසිකව අධික මුදලක් අය කිරීම සහ එම සේවාව අතරමගදී අවලංගු කිරීමට යාමේදී  කොන්දේසි පනවා අසාධාරණ ලෙස විශාල දඩ මුදල් අය කිරීමේ  පිළිවෙතට විරෝධය පළකිරීම මෙම නිර්මාණයේ මූලික අරමුණ වී ඇත.

තවද, ලිනක්ස් (Linux) මෙහෙයුම් පද්ධතිවල දැනට පවතින විවෘත මෘදුකාංග (GIMP, Krita ආදී) ප්‍රමාණවත් තරම් නවීන පහසුකම්වලින් සමන්විත නොවීමද මෙවැනි නව විකල්පයක් කඩිනමින් නිර්මාණය කිරීමට ඔහුව පෙලඹවූ ප්‍රධාන හේතුවකි.

සාමාන්‍යයෙන් ෆොටෝෂොප් වැනි සංකීර්ණ මෘදුකාංගයක් නිර්මාණය කිරීම සඳහා විශාල ඉංජිනේරු කණ්ඩායම්වලට වසර ගණනාවක කාලයක් සහ අතිවිශාල ධනස්කන්ධයක් වැය කිරීමට සිදුවේ. එහෙත්, ක්ලෝඩ් (Claude) වැනි දියුණු කෘත්‍රිම බුද්ධි මෙවලම් මගින් පරිගණක කේත ලිවීම සහ දෝෂ නිරාකරණය කිරීම අතිශය කඩිනම් කරගත හැකිවීම හේතුවෙන්, බ්‍රැන්ඩන් තෝමස් සහ ඔහුගේ සුළු පිරිසකගෙන් යුත් කණ්ඩායමට දින කිහිපයක් තුළ ෆොටෝෂොප් ඇතුළු මෘදුකාංග 7 ක ආකෘතීන් ගොඩනැගීමට හැකිවී තිබේ.

මෙම මෘදුකාංග එකතුවේ ඇති ‘PhotoCraft’ මෘදුකාංගය ෆොටෝෂොප් මෘදුකාංගයට බෙහෙවින් සමාන පෙනුමකින් හා ලේයර් (layers), ෆිල්ටර් (filters) සහ PSD ගොනු විවෘත කිරීමේ හැකියාවෙන් යුක්තය. 

මෙම මෘදුකාංග තවමත් මූලික අත්හදා බැලීමේ (Early Alpha) මට්ටමේ පවතින බැවින් සංකීර්ණ කාර්යයන් සඳහා වෘත්තීය මට්ටමේ භාවිතයට තවමත් සම්පූර්ණයෙන්ම සූදානම් නැතත්, ඉදිරි මාස කිහිපය තුළදී ඇඩෝබි මට්ටමටම මෙම මෙවලම් සංවර්ධනය කිරීමට හැකිවනු ඇතැයි නිර්මාණකරුවා විශ්වාසය පළ කරයි.

ඇඩෝබි මෘදුකාංගවලින් පමණක් නොනැවතුණු බ්‍රැන්ඩන් තෝමස්, ලොව ජනප්‍රියම කාර්යාලීය මෘදුකාංග කට්ටලය වන මයික්‍රොසොෆ්ට් වර්ඩ්, එක්සෙල් සහ පවර්පොයින්ට් (Word, Excel, PowerPoint) සඳහාද ‘WordCraft’, ‘GridCraft’ සහ ‘DeckCraft’ නමින් විකල්ප මෘදුකාංග පෙළක් සකස් කරමින් සිටින අතර ඒවායේ මුල් සංස්කරණද මේ වන විට නොමිලේ බාගත කරගත හැකි මට්ටමේ පවතී.

කුඩා කණ්ඩායමකට හෝ තනි පුද්ගලයෙකුට වුවද කෘත්‍රිම බුද්ධිය භාවිත කරමින් දැවැන්ත සමාගම් සමග තරග කළ හැකි මට්ටමේ විකල්ප මෘදුකාංග ඉතා අඩු වියදමකින් තැනීමට හැකි බව මෙම ව්‍යාපෘතිය මගින් ඔප්පු කර ඇතැයි තාක්ෂණික විශ්ලේෂකයෝ පෙන්වා දෙති. මෙය ගෝලීය මෘදුකාංග දැවැන්තයින් දිගු කලක් තිස්සේ පවත්වාගෙන ආ අධික මාසික ගාස්තු අය කිරීමේ ව්‍යාපාරික ආකෘතිය දැඩි අර්බුදයකට ලක් කරනු ඇතැයි සැලකේ.





Independent Developer Launches Free Alternatives to Adobe Software Using AI and Rust

In a groundbreaking initiative, a team of independent software engineers has unveiled a suite of free and open-source alternatives to seven prominent applications produced by Adobe, the world’s leading creative software company. This project, dubbed 'ArtCraft,' has rapidly come to fruition through the innovative use of artificial intelligence and the Rust programming language, as reported by the tech news website How-To Geek.

Brendan Thomas, a skilled software developer, spearheaded the 'ArtCraft' initiative. The primary goal of this project is to challenge Adobe's costly subscription model, which imposes hefty monthly fees on users of its Creative Cloud services and enforces stringent penalties for those wishing to cancel subscriptions.

A significant motivation behind this effort was the inadequacy of existing open-source software available on Linux systems, such as GIMP and Krita, which lack modern features. Brendan Thomas sought to fill this gap by creating a more contemporary alternative.

Typically, developing complex software like Photoshop requires large engineering teams, often taking years and vast sums of money. However, advancements in AI tools such as Claude have dramatically streamlined the process of writing computer code and debugging, enabling Thomas and his small team to design prototypes of seven software applications, including Photoshop, within just a few days.

The 'PhotoCraft' software included in this collection bears a striking resemblance to Photoshop, boasting features such as layers, filters, and the ability to open PSD files. While this software remains in its early alpha testing phase, it is not yet fully suitable for professional use. Nevertheless, the developer is optimistic that further developments in the coming months will elevate it to Adobe's standards.

Additionally, Brendan Thomas is working on complementary software alternatives like 'WordCraft,' 'GridCraft,' and 'DeckCraft' for Microsoft’s widely used Office suite applications—Word, Excel, and PowerPoint. The initial editions of these programs are already available for free download.

This project demonstrates that even small teams or individual developers can create competitive software alternatives to major companies using artificial intelligence at a fraction of the cost. Analysts suggest that this initiative may significantly disrupt the longstanding business model that has allowed global software giants to impose exorbitant monthly fees for years.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

1 Comments

  1. කබ්බෝ ෆෝම් කිරීම කලාවක් නම්, සී නිව්ස් එහි පිකාසෝ ය.

    ReplyDelete
Previous Post Next Post