ඉරානයට එරෙහි දැවැන්ත ප‍්‍රහාරයකට සැරසෙන්න..- ඇමරිකානු, ඊශ‍්‍රායල හමුදාවන්ට නියෝග


ඉරානයට එරෙහිව යළිත් දැවැන්ත යුද මෙහෙයුම් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය සියලු සූදානම අවසන් කරන ලෙස පෙන්ටගනය විසින් ඇමෙරිකානු මධ්‍යම විධානයට නියෝග කර ඇතැයි වාර්තා වන බව Axios වාර්තා කරයි.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති වුවද, ප්‍රහාර එල්ල කෙරෙන නිශ්චිත දිනය තවමත් තීන්දු කර නොමැති බව සඳහන් වේ. 

කෙසේ වෙතත්, ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඇමෙරිකානු මධ්‍යවාර මැතිවරණයට පෙර හෝ ඊට සතියකට පෙර පැවැත්වෙන ඊශ්‍රායල මැතිවරණයට ප්‍රථම මෙම ප්‍රහාර එල්ල වීමේ ඉඩකඩක් පවතින බව ඇමෙරිකානු සහ ඊශ්‍රායල ආරංචි මාර්ග උපුටා දක්වමින් එම වාර්තාවේ දැක්වේ.

දෙපාර්ශ්වය අතර මෙහෙයුම් යළි ආරම්භ වුවහොත් ඉරානයේ බලශක්ති මධ්‍යස්ථාන, යටිතල පහසුකම් මෙන්ම න්‍යෂ්ටික මර්මස්ථාන ඉලක්ක කර ගනිමින් දැවැන්ත බෝම්බ ප්‍රහාර එල්ල වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඉදිරි සති තුන හෝ හතර ඇතුළත මෙවැනි යුදමය තත්ත්වයක් උද්ගත වුවහොත්, ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ යාම හේතුවෙන් එය ඇමෙරිකානු මධ්‍යවාර මැතිවරණයට සෘජුව බලපෑම් එල්ල කළ හැකි බව ද දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පෙන්ටගන නිලධාරියෙකු ප්‍රකාශ කර ඇත්තේ, ජනාධිපතිවරයා වෙත යුදමය විකල්පයන් සකස් කර ඉදිරිපත් කිරීම සිය දෙපාර්තමේන්තුවේ වගකීම බවයි. ධවල මන්දිර නිලධාරියෙකු සඳහන් කර ඇත්තේ, ඕනෑම අවස්ථාවක ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සියලු විකල්ප ජනාධිපති ට්‍රම්ප් සතුව පවතින බවයි. හෝමූස් සමුද්‍ර සන්ධියේ පාලනය නතු කර ගනිමින් ඇමෙරිකාව මේ වන විට ප්‍රබල මට්ටමක පසුවන බවත්, ආර්ථිකමය වශයෙන් කඩාවැටී ඇති ඉරානය හමුවේ ඉදිරි තීන්දු තීරණ ගැනීමේ සම්පූර්ණ බලය ට්‍රම්ප් සතුව පවතින බවත් එම නිලධාරියා වැඩිදුරටත් අවධාරණය කර ඇත.

මේ අතර, පසුගිය සිකුරාදා ඩේවිඩ් කඳවුරේදී ට්‍රම්ප්ගේ ජාතික ආරක්ෂක කණ්ඩායම රැස්වී පැය ගණනාවක් පුරා පවතින යුද තත්ත්වය සහ ඉදිරි සැලසුම් පිළිබඳව සාකච්ඡා කර තිබේ. කෙසේ වෙතත්, රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ සඳහන් කර ඇත්තේ එම සාකච්ඡාව දීර්ඝකාලීන විදේශ ප්‍රතිපත්ති සැලසුම් කිරීමක් පමණක් බවයි. ඇමෙරිකාව සහ ඉරානය අතර කටාර් රාජ්‍යයේ මැදිහත්වීමෙන් පැවැත්වෙන සාකච්ඡා මෙතෙක් කිසිදු ප්‍රගතියක් අත්කර ගෙන නොමැත.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ ජනාධිපති ට්‍රම්ප් අතර ද පසුගිය බදාදා දුරකථන සංවාදයක් පවත්වා ඇති අතර, එහිදී කලාපීය ආරක්ෂාව සහ ඉරාන ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇත. ප්‍රහාරයක් එල්ල වුවහොත් එය ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව සිදුකරන ඒකාබද්ධ මෙහෙයුමක් වනු ඇතැයි ඊශ්‍රායල බලධාරීහු විශ්වාස කරති. එමෙන්ම, පෙර ප්‍රහාර දෙකකින් දැඩි පසුබෑමකට ලක්ව සිටින ඉරාන පාලනය කලබලයට පත්ව පළමුව ප්‍රහාර එල්ල කිරීමේ අවදානමක් පවතින බව ද ඊශ්‍රායල ආරක්ෂක අංශ පෙන්වා දෙයි.

කෙසේ වෙතත්, ඉරානය විසින් ප්‍රතිප්‍රහාර ලෙස එල්ල කළ හැකි බැලස්ටික් මිසයිල ප්‍රහාර හේතුවෙන් ඊශ්‍රායලය තුළ හදිසි හෝ යුදමය වාතාවරණයක් නිර්මාණය වීම, එරට එළඹෙන මැතිවරණයේදී අගමැති නෙතන්යාහුට දේශපාලන වශයෙන් වාසිදායක තත්ත්වයක් නිර්මාණය කළ හැකි බව ද 'ඇක්සියෝස්' වාර්තාව මඟින් වැඩිදුරටත් අනාවරණය කරයි.





US Military Prepares for Potential Operations Against Iran

The Pentagon has instructed the American Central Command to finalize preparations for possible large-scale military operations against Iran, according to reports from Axios. This directive comes amidst ongoing discussions about a potential military strike, although a definitive date for any such action has yet to be determined.

There is speculation that an attack could occur either before the upcoming U.S. midterm elections or just prior to the Israeli elections scheduled for next week, based on information from American and Israeli intelligence sources.

If military operations are reinitiated, the expectation is that significant aerial assaults would target Iran’s energy centers, infrastructure, and nuclear facilities. Analysts warn that such a conflict emerging within the next three to four weeks could likely impact global oil prices, thereby influencing the U.S. midterm elections.

A Pentagon official highlighted that preparing military options for the President is the responsibility of their department, asserting that all necessary options are available for President Trump to activate at any moment. The White House official further emphasized that the U.S. currently maintains a strong military presence in the region while retaining full decision-making authority related to future actions against Iran.

Last Friday, Trump's national security team convened at Camp David to discuss the ongoing military situation and future plans. However, Secretary of State Marco Rubio noted that these discussions were primarily for the long-term planning of foreign policy. Meanwhile, negotiations brokered by Qatar between the U.S. and Iran have yet to yield any significant progress.

Israeli Prime Minister Benjamin Netanyahu also held a phone call with President Trump last Wednesday to discuss regional security and the situation regarding Iran. Israeli officials believe that if an attack is launched, it would be a coordinated effort between the U.S. and Israel. Furthermore, they indicated that the Iranian government, having faced severe setbacks from previous strikes, may feel pressured to initiate an attack first.

However, any retaliatory ballistic missile strikes from Iran could create an immediate military climate within Israel, potentially benefiting Netanyahu politically in the upcoming elections, as revealed by Axios.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post