‘තෙල් වෙළෙඳපොළ රජය අතේ විතරක් තිබුණා හොඳ සේවාවක් ලබා දෙන්න හැකියාව තිබූ බවත් නමුත් පෞද්ගලික අංශය සතුව යම් පංගුවක් තිබෙන නිසා එය කරන්න හැකියාවක් නැති බවත් ජනාධිපති අනුර දිසානායක මහතා පවසයි.
ජෙට් A-1 ගුවන් යානා ඉන්ධන නළ මාර්ගයේ සහ මුතුරාජවෙල නව තෙල් ටැංකි සංකීර්ණයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවේදී ජනාධිපතිවරයා මෙම අදහස් පල කලේය.
මෙරට බලශක්ති ක්ෂේත්‍රයට ඉතාමත් හොඳ, දියුණු සහ සැලසුම් සහගත න්‍යාය පත්‍රයක් අවශ්‍යයි. එහෙත් අපි අතීතය දෙස ආපසු හැරී බැලුවොත්, බලශක්ති ක්ෂේත්‍රය සහ රාජ්‍ය ආයතන පිළිබඳව ජනතාව තුළ හොඳ විශ්වාසයක් පැවැතුණේ නැහැ. අපේ ආර්ථිකයට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC), ලංකා විදුලිබල මණ්ඩලය (CEB) සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය කියන ආයතන තුන විශාල බරක් වූ ආයතන බවට පත් වුණා. විශේෂයෙන්ම ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දෙස බලන විට, රුපියල් බිලියන 840ක (රුපියල් කෝටි 84,000ක) ණයක් ගොඩගැසී තිබුණා. ඒ ණය ප්‍රමාණය රාජ්‍ය බැංකු පද්ධතියට කොතරම් බලපෑවාද කියනවා නම්, රාජ්‍ය බැංකු පවා දැඩි අවදානම් තත්ත්වයකට යොමු වුණා. ඒ නිසා මේ රාජ්‍ය ආයතන විකුණා දැමිය යුතුයි, පෞද්ගලීකරණය කළ යුතුයි කියන මතයක් සමාජය තුළ ප්‍රබලව ගොඩනැගෙන්න පටන් ගත්තා. තවදුරටත් මේවා රජයට පාලනය කරන්න බැහැ, රජයෙන් අත්හැරිය යුතුයි කියන මතයකට ආවා. අපි එන විටත් ඛනිජ තෙල් සංස්ථාවේ පිරිපහදුව පවා වෙන් කරලා, අත්හැරීමේ ව්‍යාපෘති බවට පත් කරලයි තිබුණේ.
හැබැයි අපි විශේෂයෙන්ම තේරුම් ගන්න ඕන, අපේ රටේ බලශක්ති වෙළෙඳපොළ ඉතා කුඩා එකක් වුණත්, රටේ ආර්ථිකයේ සහ සමාජ ජීවිතයේ පැවැත්ම උදෙසා බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පංගුවක් රජය සතුව පැවැතිය යුතුයි කියන ස්ථාවරයේ අපි ඉන්නවා. හැබැයි ඒ ස්ථාවරය සමාජයට ඒත්තු ගැන්විය හැකි වන්නේත්, රාජ්‍ය මැදිහත්වීම අවශ්‍යයි කියා ජනතාවට තහවුරු කළ හැකි වන්නේත්, එම ආයතනවල කාර්යක්ෂමතාව ඉහළ නංවා ජනතාව අපේක්ෂා කරන සේවාවන් නිසි පරිදි ලබා දෙනවා නම් විතරයි. ඒ සඳහා ඉතාමත් හොඳ කාර්යක්ෂමතාවක් ලබා දීම මෙම ආයතනවල වගකීම වෙනවා. වර්තමානයේ අපේ සභාපතිතුමා, අධ්‍යක්ෂ මණ්ඩලය, ඉහළ කළමනාකාරීත්වය සහ පහළ සේවකයින් ඉතාමත් හොඳ කාර්යක්ෂමතාවකින් වැඩ කිරීමට යොමු වී සිටින බව පෙනෙනවා.
අතීතයේදී මේ ආයතන විශාල ලෙස දේශපාලනීකරණය වී තිබුණා. දේශපාලන වේදිකා හැදුවේත්, ආණ්ඩු දිනූ පසු අනිත් අයට පහර දීමට කණ්ඩායම් යැව්වේත් මේ ආයතනවලින්. හැබැයි පසුගිය වසර දෙකකට ආසන්න කාලය තුළ අපි බලය ලබාගත් පසු, දේශපාලන වුවමනාවන් මත ආයතනයට අලුතෙන් සේවකයින් පුරවන සංස්කෘතිය සම්පූර්ණයෙන්ම නතර කර තිබෙනවා. දැනට ආරම්භ කර ඇති ව්‍යාපෘති වෙනුවෙන් ඉංජිනේරුවන් 4 දෙනෙකු සහ Jet A-1 ඉන්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ගුවන්තොටුපොළ සඳහා කොන්ත්‍රාත් පදනමින් සේවකයින් 10දෙනෙකු වැනි අත්‍යවශ්‍ය සේවකයින් කිහිප දෙනෙකු පමණයි බඳවාගෙන තියෙන්නේ. වෙනදා මෙන් අමාත්‍යවරුන්ගේ ආසන මට්ටමින් සේවකයින් පිරවීම අපි සම්පූර්ණයෙන්ම නතර කර, දේශපාලනීකරණයෙන් තොරව විද්‍යාත්මකව මේ ආයතන පවත්වාගෙන යනවා.
අපට අවශ්‍ය වන්නේ බලශක්ති වෙළෙඳපොළ තුළ ශක්තිමත් රාජ්‍ය පංගුවක් පවත්වාගනිමින් ජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබා දීමයි. එම අපේක්ෂාව ඉටු කිරීමේදී පසුගිය වසර දෙකෙහි ශේෂ පත්‍රය දෙස හැරී බැලුවොත් අපි සාර්ථක වී තිබෙනවා.
අපිට මතකයි පෞද්ගලික අංශය ඉන්ධන වෙළඳපොළට කැඳවලා කිව්වා CPC එක තරගයට දාන්න ඕන කියලා. වෙළෙඳපොළේ තරගකරුවන් ඉන්නවා, ඉන්පසුව CPC එකේ කාර්යක්ෂමතාව දියුණු වෙයි කියලා සිතුවා. හැබැයි අද සිදුව තිබෙන්නේ CPC ආයතනය නියම කරන මිලට අනෙක් ආයතනවලට විකුණන්න බැ. පසුගිය කාලයේ අපේ CPC එකට තිබුණේ ඩීසල් වෙළෙඳපොළේ 58%ක පමණ පංගුවක්. හැබැයි පසුගිය මාසයේ CPC ආයතනයේ වෙළෙඳපොළ 74% දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඇයි ඒ නියම කළ මිලට පෞද්ගලික සැපයුම්කරුවන්ට තරගකිරීමට නොහැකි වී තිබෙනවා. ඒ නිසා ඔවුන් ඉන්ධන සැපයුම සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කර තිබෙනවා. CPC එක ඊට වඩු අඩු මිලට අළෙවිකළද ලාභය වර්ධනය කරගෙන තිබෙනවා. ඒ කියන්නේ CPC ආයතනය වෙළඳපොළේ සාර්ථකම තරගකරුවා බවට පත්වී තිබෙනවා. හැබැයි මීට වඩා හොඳ කාර්යක්ෂම වැඩපිළිවෙළක් හදන්න තිබුණා තෙල් වෙළෙඳපොළ අපේ අතේ විතරක් තිබුණා නම්. වසර අවසානයේ තමයි ලාභ අලාභ ගණනය කිරීම සිදු වන්නේ. අපිට මිල උච්චාවචනය කරගෙන හොඳ සේවාවක් ලබා දෙන්න පුළුවන් හැබැයි දැන් අපිට එය කරන්න හැකියාවක් නැහැ, පෞද්ගලික අංශය සතුව යම් පංගුවක් තිබෙන නිසා.
මේ සියලු අභියෝග මධ්‍යයේ පසුගිය වසරේදී CPC ආයතනය රුපියල් බිලියන 36ක ලාභයක්ද, CPSTL ආයතනය රුපියල් බිලියන 3.5ක ලාභයක්ද ලබා ගත්තා. ඒ වගේම මේ වසරේ මේ වන විට CPC ආයතනය රුපියල් බිලියන 28ක ලාභයක් වාර්තා කර තිබෙනවා. ඒ නිසා බැංකු ණය මත දුවපු ආයතන අද සැලකිය යුතු ප්‍රමාණයකින් ධන ගිණුමක් පවත්වාගෙන යාමට සමත් වී තිබෙනවා. ඒ නිසා ආයතන පද්ධතිය ලෙස ගත් විට අපි අපේක්ෂා කරන මට්ටමට වර්ධනය වී තිබෙනවා.
ඊළඟට අපේ ප්‍රධාන අභියෝගය වන්නේ ජාතික බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කිරීමයි. දැනට පවතින ගබඩා ධාරිතාව අනුව අප සතුව ඉන්ධන ප්‍රමාණවත් වන්නේ දින 23ත් 25ත් අතර කාලයකට පමණයි. එය රටක බලශක්ති සුරක්ෂිතතාවට අවිනිශ්චිතතාවක් ඇති කළ හැකියි. එම නිසා අවම වශයෙන් දින 45ක (මාස 1.5ක) ගබඩා ධාරිතාවක් පවත්වා ගැනීම සඳහා නළ පද්ධති පුළුල් කිරීම, ගොඩබාන කාලය අඩු කිරීම සහ ඝන මීටර් ලක්ෂයක ටැංකි පද්ධති ව්‍යාපෘති ආරම්භ කර තිබෙනවා. ඒ අනුව දැනට ඝන මීටර් එක්ලක්ෂ හාරදහසක ටැංකි පද්ධතියක් දැන් අපි ආරම්භ කර තිබෙනවා.
ඊළග ප්‍රධාන දේ වන්නේ මේ බලශක්තිය ජනතාවට අවම මිලකට ලබා දෙන්නේ කොහොමද කියන කාරණයයි. දැන් අභ්‍යන්තරව ඇති වන තත්ත්වයන්ට අපේ ආර්ථිකය ඔරොත්තු දෙනවා. පසුගිය කාලවල භාණ්ඩාගාරය පවත්වාගෙන ගියේ රුපියල් බිලියන 500ත් 700ත් අතර බැංකු අයිරා මතයි. හැබැයි පසුගිය වසර අවසාන වන විට භාණ්ඩාගාර ගිණුමේ රුපියල් ට්‍රිලියන 1.2ක ධන අතිරික්තයක් තබා ගැනීමට අපට හැකි වුණා. වර්තමානයේදීත් රුපියල් බිලියන 500-700ක ධන අතිරික්තයක් පවත්වාගෙන යන නිසා, අභ්‍යන්තර ආර්ථික චලනයන්ට සහ කම්පනයන්ට ඔරොත්තු දීමේ හැකියාව අපට ලැබී තිබෙනවා.
හැබැයි අපට මුහුණ දීමට සිදු වන ප්‍රධාන ප්‍රශ්නය වන්නේ බාහිරව ඇතිවන ආර්ථික කම්පනවලට මුහුණ දෙන්නේ කොහොමද. එය අපිට පාලනය කරන්න බැහැ. එහිදී වැඩිම බලපෑම ඇතිවන ක්ෂේත්‍රය වන්නේ ඉන්ධන සැපයුම් ක්ෂේත්‍රයයි.
පෙබරවාරි 28වෙනිදා මැදපෙරදිග යුද්ධය ආරම්භ වූ විට බලශක්ති ක්ෂේත්‍රය විශාල තර්ජනයකට ලක් වුණා. ජනතාව බිය වී පෝලිම්වලට යන්න පටන් ගත්තා, ජූලි මාසයේ විදුලිය කපන බවට ඇතැමුන් ප්‍රකාශ කළා. එහෙත් CPC සහ CEB ඇතුළු රාජ්‍ය ආයතන දිවා රෑ නොබලා කටයුතු කරමින් අඛණ්ඩව විදුලිය සහ ඉන්ධන සැපයීම තහවුරු කළා. දැන් අපි අඛණ්ඩ බලශක්ති සැපයුම තහවුරු කිරීමේ තර්ජනයෙන් මිදී තිබෙනවා.
දැන් මුහුණ දෙන ප්‍රශ්නය වන්නේ මිලකරණය පිළිබද ප්‍රශ්නයයි. ලෝක වෙළඳපොළේ පිරිපහදු කළ ඩීසල් බැරලයක මිල ඩොලර් 80 සිට 170 දක්වා (91%කින්) සහ පෙට්‍රල් මිල ඩොලර් 70 සිට 136 දක්වා (80%කින්) ඉහළ ගියා. කෙටි කාලයක් තුළ විශාල ලෙස ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිලට බලපෑමක් සිදුව තිබෙනවා. මෙම සමස්ත බර ජනතාව පිට පටවන්නේ නැතිව, පිරිවැය ජනතාව, සැපයුම්කරුවන් සහ භාණ්ඩාගාරය අතර බෙදා ගැනීමට අපි තීරණය කළා.
ඒ අනුව අප්‍රේල් සිට මාස 5ක් සඳහා රුපියල් බිලියන 60ක (රුපියල් කෝටි 6000ක) ඉන්ධන සහනාධාරයක් භාණ්ඩාගාරයෙන් ලබා දුන්නා. එහිදී ඩීසල් ලීටරයකට රුපියල් 100ක් සහ ප්‍රෙටල් ලීටරයකට රුපියල් 20ක බරක් භාණ්ඩාගාරය විසින් දැරුවා.
නැවතත් සැප්තැම්බර් මැද ලෝක මිල ඉහළ යාම හමුවේ ඔක්තෝබර් 1 වන දා ඩීසල් මිල රුපියල් 80කින් වැඩි විය යුතුව තිබුණත්, අපි රුපියල් 10ක් පමණක් වැඩි කර රුපියල් 70ක බරක් භාණ්ඩාගාරයෙන් දරාගත්තා. ඒ අනුව ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් මාස 3 සඳහා රුපියල් බිලියන 41ක (රුපියල් කෝටි 4100ක) සහනාධාරයක් භාණ්ඩාගාරයෙන් වෙන් කර තිබෙනවා. මිල ගැළපුම් සූත්‍රයට අනුව පිරිවැයට වඩා අඩුවෙන් විකුණන ලෙස රජය කියනවා නම්, එම වැය බර ආණ්ඩුව දරා ගන්න ඕන. ඒ නිසා CPC සහ CPSTL ආයතන කිසිසේත් තමන්ගේ පිරිවැයට අඩුවෙන් තෙල් වෙළෙඳපොළට දෙන්න එපා. එම පරතරය ආණ්ඩුව දැරිය යුතුයි. අපේ ප්‍රතිපත්තිය එයයි. එහෙත් ඔබේ වගකීම වන්නේ පිරිවැයට අඩුවෙන් කොහොමද දෙන්නේ කියන එක. එහිදී තෙල් සංස්ථාව සමග බැඳුණු තවත් වැදගත් ආර්ථික මෙවලම් ගණනාවක් තිබෙනවා.
නෞකාවලට සහ ගුවන්යානාවලට ඉන්ධන සැපයීමෙන් අප අතිරේක විදේශ විනිමය උපයනවා. මේ වසරේ මේ වන විට ගුවන්යානාවලට ඉන්ධන සැපයීමෙන් පමණක් ඩොලර් මිලියන 384ක් උපයා තිබෙනවා. කටුනායක ගුවන්තොටුපොළේ දැනට පවතින මිලියන 11ක මගී ධාරිතාව තවත් මිලියන 10කින් ඉහළ නැංවීම සඳහා ඩොලර් මිලියන 800ක නව ව්‍යාපෘතියක් නොවැම්බර් මාසයේදී ආරම්භ කිරීමට කටයුතු යොදා තියෙනවා. ඒ සඳහා බවුසර් වෙනුවට සෘජු නළ පද්ධතියකින් ඉන්ධන සැපයීමේ ව්‍යාපෘතියට අද මුල්ගල තැබුවා.
දැනට පවතින සාමාන්‍ය සහනාධාර ක්‍රමය පොදු ප්‍රවාහනය, කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ, ධීවර යාත්‍රා සහ එළවළු ප්‍රවාහන ලොරි රථ වැනි සැබෑ අවශ්‍යතා සහිත ක්ෂේත්‍ර පමණක් ඉලක්ක කරගනිමින් ලබා දීමේ නව ඩිජිටල් යාන්ත්‍රණයක් සකස් කිරීමට අපේක්ෂා කරනවා
අප එකතුව ගන්නා ලද දීර්ඝකාලීන දැක්මක් සහිත සාර්ථක තීන්දු හේතුවෙන්, ශ්‍රී ලංකාව තුළ ශක්තිමත් සහ ජනතාවට බරක් නොවන බලශක්ති වෙළෙඳපොළක් ගොඩනැගෙමින් පවතිනවා. මේ සඳහා කැපවූ සභාපතිතුමා, අධ්‍යක්ෂ මණ්ඩලය, කළමනාකාරීත්වය සහ සියලුම සේවක මහත්ම මහත්මීන්ට කෘතඥතාව පිරිනමමින් සාර්ථක බලශක්ති වෙළඳපොළක් ගොඩනැගීමට එක්ව කටයුතු කරමු කියා ආරාධනා කරනවා
President Anura Dissanayake Stresses Need for Efficient State Control in Energy Sector
During the inauguration of the Jet A-1 aviation fuel supply line and the new oil tank complex in Muthurajawela, President Anura Dissanayake highlighted the government's capability to effectively manage the oil market. However, he cautioned that the presence of certain factions within the private sector hinders the execution of these plans.
The President emphasized the urgent requirement for a well-structured and advanced policy framework for the energy sector in Sri Lanka. He pointed out that reflecting on the past, public confidence in state institutions related to energy, such as the Ceylon Petroleum Corporation (CPC), the Ceylon Electricity Board (CEB), and SriLankan Airlines, has diminished significantly. The CPC alone has amassed a staggering debt of Rs. 840 billion, raising concerns about the stability of the entire state banking system due to this burden.
This situation has led to growing calls within society for the privatization and restructuring of these state enterprises, with many insisting that the government can no longer manage them effectively. Discussions about the need to segregate the CPC’s assets and transition them to private ownership have already begun.
Despite the challenges, the President asserted that, although the energy market in Sri Lanka is small, it is essential for the government to retain a significant role. This involvement is necessary not only to ensure accountability and efficiency but also to confirm to the public that state intervention remains vital. The efficiency of these institutions must be enhanced to meet the service expectations of the people.
In recent years, the institutions have faced intense political pressure, with staffing decisions often made based on political affiliations rather than merit. However, Dissanayake noted that there has been a shift in this culture over the past two years, with new recruitment practices emphasizing competency over political ties. Currently, only a few essential engineers and employees are being hired for ongoing projects.
The President called for the establishment of a strong public sector to deliver efficient services to the populace while highlighting the improvements in CPC's market share, which has risen from 58% to 74% in recent months despite the volatility in fuel pricing. He reiterated that the CPC has emerged as a successful competitor in the market.
Looking ahead, the primary challenge remains to ensure national energy security. The existing fuel storage capacity holds enough supplies for only 23 to 25 days, which poses a risk to the country’s energy stability. To mitigate this, several projects to expand pipeline systems and increase storage capacities have been initiated. Currently, work has begun on a new tank system capable of holding 100,000 liters.
Moreover, Dissanayake stressed the importance of providing energy at minimal prices amidst rising global fuel costs and the need for a sustainable fiscal strategy to support internal economic dynamics. The government previously succeeded in securing a surplus of Rs. 1.2 trillion in the treasury account, which has allowed it to aid economic fluctuations.
The President also indicated that the government has been proactive in addressing the challenges posed by rising international fuel prices, ensuring that the burden is shared adequately among the public, suppliers, and the treasury. Since April, the treasury has allocated Rs. 60 billion in fuel subsidies to ease the financial strain on consumers.
As for the future, leading state firms like CPC must remain focused on enhancing market competitiveness while ensuring that energy supply continues without interruption. Furthermore, initiatives to harness alternative income sources such as fuel supply to airlines have already yielded significant foreign currency earnings.
Dissanayake concluded by acknowledging the importance of collaboration among all stakeholders to create a robust and efficient energy market that does not burden the citizens, urging all officials to work together towards this common goal.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

එතෑඔට උත්ත..ඔ මහින්ද මහත්තයාගේ කාලේ තොපි පපක්ද කීවේ.
ReplyDeletethel athe tibbanam paiiye athullala athe gahanna tibba....AKD ponna pakaya
ReplyDelete😂😂😂
DeleteDen thamai munta therenne wadak karanna kiyana tharam lesi naha kiyala..
ReplyDeleteබුද්ධිමත් කියලා හිතාගෙන ඉන්න අම්බරුවෝ මුන්ට ඡන්දේ දුන්නේ කරන්න බැරි හේතු අහන්නද? මාලිමාවට රෙදි නැතුව කඩේ ගිය මගේ යාලුවෙක් ඡන්දෙන් පස්සේ හම්බුවෙලා මට කිව්වා දැන් ඉතින් රුපියල් දෙසීයට පෙට්රෝල් අඩු උනාම සතියට පාරක් trip යන්න පුළුවන් උඹලට කියලා. උන් ඒ තරම් ඇන්දිලා ඉන්නේ. තාමත් උන්ගේ හිරිගතිය සම්පූර්ණයෙන් අඩු වෙලා නෑ.
ReplyDeleteතුහ් නොදකින් මෙහෙමත් කතා
ReplyDeleteapita thel epa. puncamma hama thanama kiyanne thel enne nehe kiyala. thoge ekath prvatice karaha undata thel tikak ganna
ReplyDeleteකෙබර කොටා ඔලුවෙන් හිටගෙන කිව්වත් කෙළින්නෙ පච ම තමයි.
ReplyDeleteනොදකින් කාලකන්නි පාහරයා දකිද්දීත් අප්පිරියයි ... පක්ෂේ බලේ ගත්ත තාලෙන් රටේ බලේ අරගෙන කොරේ දැන් ගානට ... වහල්ලු ටික තියාගෙන හිටපන්.. බලේට කෙලෙවෙද්දී මිනීත් මරපන් ... හිපටපන් බලේ... කකලන්නි මූසලයා
ReplyDeleteපහුගිය කාලෙනම් කාංචන අතේ, මහින්ද අතේ නේ තිබුනේ, නැද්ද හා?
ReplyDeleteමුන්ගේ මොළේ කොහේ ඇති කියලද හිතන්නේ?
ReplyDeletemuge mole punchammage hile ha nadda man ahanne,, kota diva rahai neda???
Deleteමු අපේ රටේ ජනාදිපති කියල කවුරු හරි කියපල්ලකෝ😂😂😂
ReplyDelete