‘යක්‍ෂ රාජ වජ‍්‍රපානි’ කවිය ගැන කල ප‍්‍රකාශයක් ගැන පොලිසියෙන් ප‍්‍රශ්ණ කරයි..


 වස්කවියක් රචනා කළ බව කියන සිද්ධියක් මුල් කරගනිමින් තරුණයෙකු දෙමටගොඩ පොලිස් ස්ථානය වෙත කැඳවා ප්‍රකාශ සටහන් කරගත් බව පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝ පටයක් සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ උපදෙස් මත මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

එම වීඩියෝ පටය හරහා දෙමටගොඩ පොලිසිය දෝෂදර්ශනයට ලක්වන ආකාරයෙන් අසත්‍ය තොරතුරු සමාජගත කර ඇති බව පවසමින් මෙම පරීක්ෂණ ක්‍රියාත්මක කෙරේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, ඉකුත් ඔක්තෝබර් 22 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී වස්කවියක් ලිවීම සම්බන්ධයෙන් සැකපිට තරුණයෙකුගෙන් ප්‍රශ්න කළ බවට අසත්‍ය කරුණු දක්වමින් මෙම වීඩියෝව ප්‍රචාරය කර ඇති බවයි.

අදාළ වීඩියෝ පටය මඟින් එම සිදුවීම පිළිබඳව ප්‍රචාරයක් ලබාදුන් බව කියන නීතිඥ සුදත් වික්‍රමරත්න මහතා  (26) පස්වරුවේ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය හමුවට කැඳවා තිබූ අතර, එහිදී ඔහුගෙන් මේ සම්බන්ධයෙන් දීර්ඝ ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත.

සිද්ධිය පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු එම කාර්යාංශය මඟින් තවදුරටත් ක්‍රියාත්මක වේ.





Extensive Investigation Launched into Allegations of False Reporting by Police

In response to the circulation of a video on social media alleging misconduct related to the writing of a police report, the Central Criminal Investigation Department (CCID) has initiated a thorough investigation. This move follows directives from the Inspector General of Police after a young individual was summoned to the Dematagoda Police Station to provide a statement.

The inquiry centers on claims that the police in Dematagoda disseminated false information, potentially tarnishing their reputation. The investigation aims to clarify the authenticity of the statements made in the viral video.

According to a special announcement from the Police Media Division, the contentious video falsely presents information that a young suspect was interrogated regarding the alleged composition of a police report on or around October 22.

Sudath Vikramarathne, a 26-year-old lawyer, was summoned by the CCID in the afternoon to elucidate the events depicted in the video. During this meeting, his detailed statement was recorded concerning the matter.

The CCID indicated that further investigatory actions regarding the incident are ongoing, emphasizing their commitment to resolving the issue comprehensively.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

4 Comments

  1. මෙතන සිදුවීම කුමක් වුනත්මේවා ඉස්සරහට ප්‍රයෝජනයට ගන්න පුළුවන් හොඳ පූර්වාදර්ශ.ඉස්සරහට එන ආණ්ඩුවලට දැන් ආණ්ඩුවෙ ඉන්න එව්වෝ එලියට වෙලා විපක්ෂට වෙලා(දැන් ඩෝබිලා අපි අවුරුදු තිහක් ඉන්නවා මේ ආණ්ඩුව පෙරලන්න බෑ කියලා කියාගෙන එන්න එපා. උඹලට මෙච්චර තමයි.ආයි ලෝක විනාශ වෙනකම්ම උඹලා විපක්සේ.ඉස්සරහ ඡන්දෙකදි මිනිස්සු උඹලට පුකට පයින් ගහල එලවනව හැබැයි ඊට ඉස්සෙල්ලා පන්නත් ඉඩ තියෙනවා)බලය ගන්න ඉස්සෙල්ලා බොරු කිව්ව වගේ බලය පවත්වාගෙන යන්න ටොම්පච කෙලිනව වගේ එදාටත් බොරු කිය කිය වල්ලපොලේ ගහගෙන දඟලන්න ගත්ත දවසට කෙලින්ම පොලිසියට කැඳෙව්වා ප්‍රකාශගත්තා බොරු නං කියලා තියෙන්නේ ඇතුලට දැම්මා.අන්න එදාට හුන්ඩුවා එක්ක කට්ටිය වගේම බුකියේ නටන රඟන ඩෝබිලා සෙට් එක නිතරම පොලිසියේ ලැගලා ඉන්නවා බලා ගන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. ඩෝබිලා තේරුම් ගන්ඩ ඕන දේ තමා ඊළඟ ආණ්ඩුව එනකොට අද රට කරවන එකෙක්වත් මේ රටේවත් ඉන්නෙ නැතුව පැනල යනවා, කන පරිප්පුවක් තනියම තමා කන්ඩ වෙන්නෙ කියල.

      Delete
  2. Ammata Hamanena Policiyak ne Ban... Lapaya Kiyala thiyana Boru walata Me KOTA Pakayawa Polisiye Nawaththa ganna OONA>>>

    ReplyDelete
Previous Post Next Post