ඊශ‍්‍රායලයට න්‍යෂ්ටික ප්‍රහාරයක්...- නෙතන්යාහු අනතුරු අගවයි..


 ඊශ්‍රායලයේ පැවැත්වීමට නියමිත තීරණාත්මක මහ මැතිවරණයට දිනක් පමණක් ඉතිරිව තිබියදී, ටෙල් අවිව් අගනුවර ඉහළ අහසේ දැවැන්ත න්‍යෂ්ටික පිපිරීමක් සිදුවන අයුරු දැක්වෙන කෘත්‍රිම බුද්ධිය (AI) මඟින් නිර්මාණය කරන ලද ආන්දෝලනාත්මක ඡායාරූපයක් එරට අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබේ.

ඉරානය විසින් න්‍යෂ්ටික බලය අත්පත් කරගැනීම ඊශ්‍රායල රාජ්‍යයේ පැවැත්මටම එල්ල වන අතිශය බරපතළ සහ විනාශකාරී තර්ජනයක් බව පෙන්වා දෙමින් අගමැතිවරයා මෙම අනතුරු ඇඟවීම සිදු කර ඇත. රට තුළ පවතින අභ්‍යන්තර දේශපාලන මතභේද සහ විවාදයන්ට වඩා ඉරාන න්‍යෂ්ටික තර්ජනය පරාජය කිරීමට ප්‍රමුඛත්වය දිය යුතු බවද ඔහු එහිදී අවධාරණය කර තිබේ.

කෙසේ වෙතත්, අගමැතිවරයාගේ මෙම පියවර ඊශ්‍රායල දේශපාලනය තුළ දැඩි ආන්දෝලනයක් සහ විරෝධයක් මතු කිරීමට සමත්ව ඇත. විපක්ෂයේ ප්‍රධාන නායකයන් වන ගාඩි අයිසෙන්කොට් සහ යායර් ගෝලාන් විසින් නෙතන්යාහුගේ ක්‍රියාකලාපය දැඩි දෝෂදර්ශනයට ලක් කර තිබේ. 

ඉදිරි මැතිවරණය ජයගැනීමේ පටු දේශපාලන වාසිය උදෙසා ජනතාව තුළ මරණ බිය සහ මහා විනාශයක් පිළිබඳ අනියත භීතිකාවක් වැපිරීමට අගමැතිවරයා කටයුතු කරන බවට ඔවුහු ඍජුවම චෝදනා නගති.

ඡන්දදායකයන්ගේ අවධානය දිනාගැනීම සඳහා තමන් ඉරාන තර්ජනය දේශපාලන අවියක් කරගත් බවට එල්ල වන සියලු චෝදනා නෙතන්යාහු ප්‍රතික්ෂේප කර ඇති අතර, ඊශ්‍රායලයේ ආරක්ෂාව වෙනුවෙන් මෙම අනතුර පෙන්වා දීම අත්‍යවශ්‍ය කරුණක් බව ඔහු පවසයි.

අගමැතිවරයා විසින් පළ කර ඇති මෙම ඡායාරූපය කෘත්‍රිම බුද්ධි තාක්ෂණය ඔස්සේ කල්පිතව සකස් කරන ලද්දක් මිස, කිසිදු සත්‍ය න්‍යෂ්ටික ප්‍රහාරයක් නිරූපණය නොකරන බවද තහවුරු කර තිබේ.





Israeli Prime Minister Distributes AI-Generated Image Amid Election Campaign

With just one day left before Israel's critical general elections, Prime Minister Benjamin Netanyahu shared a provocative AI-generated image depicting a massive nuclear explosion over Tel Aviv on social media.

Netanyahu's move serves as a stark warning about the threat posed by Iran's pursuit of nuclear power, which he described as an existential and devastating risk to the state of Israel. He emphasized that addressing the Iranian nuclear menace should take precedence over the prevailing internal political disputes within the country.

However, this decisive action has triggered significant turmoil and backlash in Israeli politics. Prominent opposition leaders, Gadi Eisenkot and Yaair Golan, have sharply criticized Netanyahu's tactics, accusing him of exploiting fear of disaster and death among the populace for political gain ahead of the election.

They assert that Netanyahu is intentionally inciting anxiety regarding Iranian threats to further his political advantage, a claim that he has vehemently denied. Netanyahu maintains that raising awareness of this potential catastrophe is crucial for the nation's security.

The image circulated by the Prime Minister is, in fact, a product of artificial intelligence, and it has been confirmed to not represent any real nuclear attack.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post