'සිරිලිය සවිය' ගිණුමේ මුදල් අවභාවිත කිරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියට බයිපාස් හෘද සැත්කමක් සිදුකිරීමට අවශ්ය බවට කොළඹ ජාතික රෝහල මඟින් ඉදිරිපත් කළ විශේෂඥ වෛද්ය වාර්තාවේ සඳහන් වන බව කොළඹ ප්රධාන මහේස්ත්රාත් අද (16) විවෘත අධිකරණයේදී ප්රකාශ කළේය.
කොළඹ ජාතික රෝහලේ අධ්යක්ෂ වෛද්ය සම්පත් ඉන්දික කුමාර මහතාගේ ආවරණ ලිපියක්ද සහිතව බන්ධනාගාර කොමසාරිස්වරයා මාර්ගයෙන් මෙම වෛද්ය වාර්තාව අද පෙරවරුවේ මහේස්ත්රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරිණි.
එහිදී මහේස්ත්රාත්වරයා සඳහන් කළේ, ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ රෝගී තත්ත්වය පිළිබඳ සම්පූර්ණ තොරතුරු එම වාර්තාවෙහි ඇතුළත් කර ඇති බවත්, ඇයට විවෘත හෘද බයිපාස් සැත්කමක් සිදුකිරීමට අවශ්ය බවට වෛද්ය මණ්ඩලය නිර්දේශ කර ඇති බවත්ය.
එම අවස්ථාවේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ, අදාළ විශේෂඥ වෛද්ය වාර්තාව සම්පූර්ණයෙන්ම අධ්යයනය කර පරීක්ෂා කිරීමෙන් අනතුරුව කරුණු දැක්වීමට පැමිණිල්ල පාර්ශ්වයට අවසර ලබා දෙන ලෙසයි.
පසුගිය 12 වැනිදා වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටියදී ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ශිරන්ති රාජපක්ෂ මහත්මිය කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයේ 61 වැනි වාට්ටුවට ඇතුළත් කරන ලදී. ඉකුත් 13 වැනි අඟහරුවාදා මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී ඇය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අධිකරණයට ප්රකාශ කළේ, ඇය එම අවස්ථාවේදී විවෘත හෘද සැත්කමකට භාජනය වෙමින් පවතින බවයි.
එහෙත්, පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ඊට දැඩි විරෝධය පළ කරමින් පෙන්වා දුන්නේ සැත්කමක් පිළිබඳව බන්ධනාගාරයට හෝ රෝහලෙන් එවැනි නිල තහවුරු කිරීමක් ලැබී නොමැති බවයි.
අනතුරුව අධිකරණය වහාම රෝහල් වාර්තාවක් කැඳවූ අතර, එහිදී එවැනි සැත්කමක් සිදු නොවූ බවත්, ඇන්ජියෝග්රෑම් පරීක්ෂණයක් පමණක් සිදුකර ඇති බවත් තහවුරු විය. ඒ අනුව, ඇයගේ සෞඛ්ය තත්ත්වය සහ ඉදිරි ප්රතිකාර සම්බන්ධයෙන් නිර්දේශ ලබා දීමට විශේෂඥ වෛද්යවරුන් 14 දෙනෙකුගෙන් යුත් වෛද්ය මණ්ඩලයක් පත්කළ ප්රධාන මහේස්ත්රාත්වරයා, සැකකාරිය අද (16) දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.
හිටපු ජනාධිපති ආර්යාව මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ ඉකුත් ඔක්තෝබර් 07 වැනිදා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මඟින් කිරුළපන පූර්වාරාම පාරේ පිහිටි නිවසේදී සිදුකළ අත්අඩංගුවට ගැනීමකින් අනතුරුවය. 2010 වසරේදී කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට 'සීටී ස්කෑනර්' යන්ත්රයක් මිලදී ගැනීමේ මුවාවෙන් ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් ලබාගත් රුපියල් මිලියන 10ක මහජන මුදලක් ඇයගේ ප්රධානත්වයෙන් පැවති 'සිරිලිය සවිය' පදනමේ බැංකු ගිණුමට බැර කරවාගෙන, එම යන්ත්රය මිලදී නොගෙන සාපරාධී සාවද්ය පරිහරණය කළ බවට ඇයට එරෙහිව පොදු දේපළ පනත සහ දූෂණ විරෝධී නීති යටතේ චෝදනා ගොනු කර තිබේ.
Former President Sirisena Rajapaksha Requires Bypass Surgery, Court Informed
Colombo National Hospital has recommended that former President Sirisena Rajapaksha undergo a bypass heart surgery, as revealed in a medical report presented during today's court proceedings. This was announced by Colombo's Chief Magistrate during an open court session on the 16th of the month.
The report, accompanied by a cover letter from Dr. Sampath Indika Kumara, the Director of Colombo National Hospital, was submitted to the Chief Magistrate through the Prisons Commissioner earlier today.
The Chief Magistrate remarked that the report included comprehensive details regarding Rajapaksha's health condition, affirming that the medical board has suggested she requires open-heart bypass surgery.
At this session, Additional Solicitor General Dilip Peiris, representing the commission investigating allegations of bribery and corruption, requested the court to allow them time to review the medical report in full before making any formal statements.
Previously, on October 12, while detained at Welikada Prison, Sirisena Rajapaksha experienced a sudden health crisis, which led to her admission to the cardiology unit of Colombo National Hospital. During the courtroom proceedings on October 13, her legal representative, Attorney Anil Silva, disclosed that she was currently undergoing treatment and awaiting heart surgery.
However, Additional Solicitor General Peiris strongly opposed the claim, pointing out that there has been no official confirmation from the hospital or prison regarding any such surgery.
In response, the court promptly requested a hospital report, which confirmed that no surgery had taken place; only an angiogram examination was performed. Following this, the Chief Magistrate appointed a panel of 14 specialists to provide recommendations regarding Sirisena Rajapaksha’s health and future treatment, and ordered her to remain in custody until further notice.
The former president was taken into custody on October 7, during an operation conducted by the Commission to Investigate Allegations of Bribery or Corruption at her residence on Kirulapone Piruwela Road. She faces charges under the Public Property Act and Anti-Corruption Laws for allegedly misappropriating public funds amounting to 10 million rupees earmarked for the purchase of a CT scanner for the Rajagiriya Arya Children's Hospital in 2010, instead diverting those funds to her 'Sirisilpa Foundation' without actually acquiring the equipment.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

අපේ උතුම් බුද්ධ භූමියේ, සිංහල - බෞද්ධයා ගේ සාරය සූරාගෙන ගිය, යටත්විජිත වාදී මංකොල්ල කාරයන් උන්ගේ පාලනය තව දුරටත් පවත්වාගෙන යාම සඳහා නව යටත් විජිත වාදය පහසු කරගනු පිණිස කළු සුද්දන් පිරිසක් බිහිකර, රෝම-ලන්දේසි නීතිය රටේ බලාත්මක කර රටේ පාරම්පරික උරුමක්කරුවන්ව මර්ධනය කරන්න යොදාගනු ලබනවා, ජාතියේ මුර දේවතාවුන් වන සංඝයා වහන්සේලා මර්ධනය කිරීමට, තමන්ගේ දේශපාලන විරුද්ධවාදීන්, තමන්ට ගැති නොවන සාමාන්ය ජනතාව මර්දනය කිරීම සඳහා ඒ අවනීතිය ක්රියාත්මක කරනවා බලා සිටීමට සිදුවීමත් සංවේග ජනකයි. ඒත් ඒ අවනීතිය ක්රියාත්මක කරන එවුනුත්, උන්ව මෙහෙයවන එවුනුත් සිහි තබාගත යුතුයි "කර්මය හා කර්ම විපාක" කියලා දෙයක් ලෝකය තුළ තියෙන බවත් "චේතනාව තමයි කර්මය බවට පත්වන්නේ" කියලා.
ReplyDeleteමෙවැනි වංචාවල් උසාවියේදී ඔප්පු වීමට පෙර සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීම අනුමත කල නොහැකියි. ඔවුන් නිවාස අඩස්සියේ තැබීම සහ විදේශ ගමන් බලපත්රය උසාවි භාරයට ගැනීම කල හැකියි.
ReplyDelete