පොලිස් කූඩුවේදී මියගිය තරුණයාගේ අවසන් කටයුතු අතරේ උද්ඝෝෂණ විරෝධතා තහනම්..- අධිකරණ නියෝගයක්


 හෝමාගම මූලස්ථාන පොලිසියේ සිරමැදිරිය තුළ රඳවා සිටියදී අභිරහස් ලෙස මියගිය 29 හැවිරිදි ඉෂාර හර්ෂ කුමාර නැමැති තරුණයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුවන අතරතුර උද්ඝෝෂණ සහ පෙළපාලි පැවැත්වීම වළක්වාලමින් කැස්බෑව අතිරේක දිසා විනිසුරු කේ.එම්.ජේ.පී. සමරසිංහ මහතා විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

මියගිය තරුණයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු කිරිවත්තුඩුව, ගල්කන්ද පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත අතර, ඒ ආශ්‍රිතව මහජන පීඩාවක් හෝ දේපළවලට හානියක් සිදුවීම වැළැක්වීම සඳහා මෙම පියවර ගෙන ඇත. 

ඒ අනුව කිරිවත්තුඩුව, මූනමලේ වත්ත 17 වන පටුමගේ පිහිටි නිවසේ සිට ගල්කන්ද පොදු සුසාන භූමිය දක්වා වූ ප්‍රධාන සහ අතුරු මාර්ගවල වාහන ගමනාගමනයට බාධා වන අයුරින් හා සාමය කඩවන අයුරින් උද්ඝෝෂණ, පෙළපාලි පැවැත්වීම මෙමඟින් සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත.

කහතුඩුව පොලීසිය විසින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 106 (1) වගන්තිය ප්‍රකාරව අධිකරණයෙන් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව දින 14ක් දක්වා වලංගු වන පරිදි මෙම නියෝගය නිකුත් කර තිබේ.

අනතුරුව කහතුඩුව පොලිසියේ නිලධාරී කණ්ඩායමක් විසින් දේහය තැන්පත් කර තිබූ නිවස වෙත ගොස්, වගඋත්තරකරුවන් පස්දෙනෙකු වෙත එම අධිකරණ නියෝගය කියවා පැහැදිලි කර භාරදීමට පියවර ගෙන ඇත. 

මත්ද්‍රව්‍ය වැටලීමක් අතරතුර හෝමාගම පොලීසිය මඟින් අත්අඩංගුවට ගත් එක්දරු පියෙකු වූ ඉෂාර හර්ෂ කුමාර නැමැති මෙම තරුණයා, පසුගිය 25 වැනිදා පොලිස් සිරමැදිරිය තුළදී හදිසියේ රෝගී වූ බව පවසමින් හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබිණි[. එහෙත් පොලිස් නිලධාරීන් විසින් සිදුකළ අමානුෂික පහරදීම් හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවට මියගිය අයගේ බිරිඳ සහ ඥාතීන් දැඩි ලෙස චෝදනා කළහ.

අනතුරුව කොළඹ දකුණ ශික්ෂණ රෝහලේදී සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී මොට ආයුධයකින් පහරදීම නිසා ඇතිවූ අභ්‍යන්තර තුවාල හේතුවෙන් මරණය සිදුව ඇති බවට කරුණු අනාවරණය විය.

ඒ සමඟම සිද්ධියට අදාළව හෝමාගම පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කෙරුණු අතර, අදාළ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමටද පියවර ගැනිණි.

 මෙම තත්ත්වය හමුවේ අවමංගල්‍ය උත්සවය අතරතුර උණුසුම් තත්ත්වයක් හෝ විරෝධතා මතු විය හැකි බවට සැලකීමෙන් පොලීසිය මෙම අධිකරණ වාරණ නියෝගය ලබාගෙන තිබේ.





Protests Banned During Funeral of Youth Mysteriously Dying in Police Custody

A ban on protests and processions has been imposed by Additional District Judge K.M.J.P. Samarasinghe in Kattakaduwa during the final rites of 29-year-old Ishara Harsha Kumara, who died under suspicious circumstances while in custody at the Homagama Police station. This directive aims to prevent any public disturbances around the funeral service.

The young man’s body is set to be laid to rest at the Gal Kandha Public Cemetery in Kirawattuduwa. Authorities have taken this precaution to mitigate any public pressure or damage to property that may arise.

The court order specifically prohibits any gatherings or processions along the main and secondary routes between the deceased’s home in Munamalawa Watta and the Gal Kandha cemetery that could disrupt traffic or disturb the peace.

This ruling follows a police request based on Section 106(1) of the Criminal Procedure Code, granting validity to the order for a duration of 14 days. A police team later visited the residence where the body was kept, reading the court order to five identified respondents to clarify the restrictions.

Ishara Harsha Kumara was arrested by Homagama Police during a drug raid. He reportedly fell ill inside the police detention center on the 25th and was subsequently admitted to Homagama Base Hospital, where he died. However, his wife and relatives have accused police officers of inhumane treatment leading to his death.

Results from a post-mortem examination conducted at the Colombo South Teaching Hospital indicated that the young man died due to internal injuries caused by being struck with a weapon.

In connection with this incident, three officers, including the head of the criminal investigation division at Homagama Police, have had their duties suspended, with steps taken to arrest the division chief.

Given the potential for tensions or unrest during the funeral services, law enforcement has opted to enforce this court injunction to maintain order.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

2 Comments

  1. එහෙම ප්‍රජාතන්ත්‍රවාදී වැඩ කරන්න දෙන්න බෑ. මේක මාක්ස්වාදී ආණ්ඩුවක් කියල දන්නේ නැද්ද?

    ReplyDelete
  2. උද්ගෝෂණ කරන්න පුළුවන් ජෙප්පන්ට විතරයි. 22 සංශෝධනය නිසා දැන් තරු හතේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත වෙලා.

    ReplyDelete
Previous Post Next Post