බන්ධනාගාරගතව පසුවන පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සතු පැවිදි වස්ත්‍රය ඉවත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව ගෙන ඇති පියවර අවලංගු කරන ලෙස ඉල්ලා ගොනු කර තිබෙන පෙත්සම විභාග කිරීමෙන් අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය මහතා ඉල්ලා අස්වී තිබේ.
බන්ධනාගාර පාලනාධිකාරියේ එකී තීරණය බලරහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කර තිබූ මෙම පෙත්සම සලකා බැලීමේ ක්‍රියාවලියෙන් තමන් බැහැර වන බව දැනුම් දුන් සභාපති විනිසුරුවරයා, ඒ වෙනුවට එම නඩු කටයුත්ත මෙහෙයවීම සඳහා නව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කිරීමට පියවර ගත්තේය.
ඒ අනුව, අභියාචනාධිකරණ විනිසුරු අමල් රණරාජා, විනිසුරු මහේන් ගොපල්ලව සහ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත නව විනිසුරු මඩුල්ලක් වෙත අදාළ පෙත්සම විභාග කිරීම සඳහා යොමු කර ඇත.
Chief Justice Recuses Himself from Case Regarding Gnanasara Thera's Robe Removal
The Appeals Court is set to consider a petition challenging the decision by the prison department to revoke the traditional robe of imprisoned Buddhist monk Gnanasara Thera. This development follows the recusal of Chief Justice Rohanth Abeysuriya from overseeing the case.
In his decision, Chief Justice Abeysuriya informed the court that he would distance himself from the proceedings related to the petition, which sought a directive to halt the prison authorities' actions. Instead, he has appointed a new panel of three judges to manage the case.
The newly formed bench comprises Justices Amal Ranawaka, Mahen Gopallawa, and Priyanta Pranandu, who will now deliberate on the petition concerning the monk's robe removal.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

හිතා මතා අපරද කර බන්ධනාගාරගතවන හාමුදුරුවරුන් නිකායෙන් නෙරපන්න වැඩ පිලිවෙලක් හැදුවොත් නරකද?
ReplyDeleteහාමුදුරුවන් නිකායෙන් නෙරපන්න යෝජනා කරන ඔබව අපායෙන් කැඳවන්න යෝජනා සම්මත වෙලා.නිවන් සුවය පතමි.
Deleteයක්ෂ රාජ වජිරපාණී මහ දෙවිඳේ අසාපන්
Deleteසිරි සම්බුදු සසුණට කළ නස්පැත්තිය බලාපං
චීවරයට නිගා දෙවන පරයන් බිම හෙලාපන්
බොරුවෙන් රජ වූ එකාට නැතිවෙන්නම තලාපන්
යක්ෂ රාජ උත්පලවන් දෙව් රජිඳේ අසාපන්
සිරිලක් බිම සසුන රකින යුතුකම ගැන සිතාපන්
මිසදිටු වූ පාලකයන් බල බිඳ බිම හෙලාපන්
සමය නසන මිසදිටු හිස් සත් කඩකට පලාපන්
යක්ෂරාජ පජ්ජුන්නය දෙව් රජිඳේ අසාපන්
සසුන නසන්නට ඉඩදෙන පාලකයා අඹාපන්
අහස පොළව ගුගුරවමින් මහ හෙණ සැර එවාපන්
උගේ ඇමතියි මැති නිවටුන් හට හෙණ සැර දෙවාපන්
යක්ෂ රාජ මහ වෙසමුණි දෙව් රජිඳේ අසාපන්
සසුන රකින්නට සැම යක් සේනාවන් එවාපන්
ලක් දෙරණත සසුන නසන මිසදිටුවන් පෙලාපන්
මිසදිටුවන් හෙලා දැහැමි පාලනයක් තනාපන්
ඩුබායි සුද්දට දීලා තියෙන්නෙත් අවුරුදු 5ක ට අත් හිටවූ සිර දඬුවමක්.
ReplyDelete