යෝජිත සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ නව පනත් කෙටුම්පත අනතුරුදායක, අනවශ්ය ලෙස පුළුල් සහ සාමාන්ය පුරවැසියන්ගේ ආරක්ෂාව අහිමි කරනු ලබන මර්දනකාරී එකක් බව ශ්රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති, ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අවධාරණය කරයි.
අධිකරණ අමාත්යවරයා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්රකාශයක් කරමින්, මෙම පනත යටතේ සඳහන් වන ‘පච්ච’ (Tattoos) සහ ‘විශේෂිත ඇඳුම් පැළඳුම්’ පිළිබඳ නීතිමය සීමා කිරීම් අදාළ වන්නේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන්ට පමණක් බවත්, සාමාන්ය ජනතාව ඒ පිළිබඳව බිය විය යුතු නැති බවත් සඳහන් කර තිබිණි.
ඊට විරෝධය පළ කරමින් සමාජ මාධ්ය ඔස්සේ නිවේදනයක් නිකුත් කරන ජනාධිපති නීතිඥවරයා පෙන්වා දෙන්නේ, කිසිදු පාර්ශ්වකාර උපදේශන ක්රියාවලියකින් තොරව ඉදිරිපත් කර ඇති මෙම පනත තුළ පවතින බරපතළ නීතිමය අඩුපාඩු අමාත්යවරයා වටහාගත යුතු බවයි.
සිය සමාජ ජාල ගිණුමේ ඔහු විසින් තබා ඇති සටහන මෙසේය.
****
යෝජිත ‘සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පතේ’ සඳහන් වන පච්ච (tattoos) සහ ඇඳුම් පැළඳුම් යනු ප්රසිද්ධ සංවිධානාත්මක අපරාධ කල්ලිවල සාමාජිකයින් විසින් භාවිතා කරනු ලබන ඒවා පමණක් බවත්, සාමාන්ය ජනතාව ඒ ගැන බිය විය යුතු නැති බවත් අධිකරණ ඇමතිතුමා විසින් අද පාර්ලිමේන්තුවේදී ප්රකාශ කරනවා මට අසන්නට ලැබිණි.
මෙම පනත් කෙටුම්පත කිසිදු මහජන උපදේශන ක්රියාවලියක් ඔස්සේ සකස් කරන ලද්දක් නොවේ. මා දන්නා ආකාරයට මෙම පනත් කෙටුම්පත අධිකරණ අමාත්යාංශය විසින් සකස් කරන ලද කෙටුම්පතක් ද නොවේ.
මෙම යෝජිත නීතිය කොතරම් දුරදිග ගිය, පුළුල් (overbroad) එකක්ද යන්නත්, එහි සාමාන්ය ජනතාව සඳහා ආරක්ෂක විධිවිධාන රහිතව සකස් කරන ලද්දක් බවත් අමාත්යවරයා විසින් නොදැන සිටීමට හේතුවක් නැත.
යම් කිසිවකු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් සතු ටැටූ (පච්ච) හෝ ඇඳුම් පැළඳුම් අපරාධ කල්ලි විසින් භාවිතා කරන ඒවාට සමානදැයි මුලින් තීරණය කරන්නේ කවුද? එම තීරණ ගනු ලබන්නේ මෙම යෝජිත නීතිය යටතේ අති විශාල බලතල පවරනු ලබන පොලිස් නිලධාරීන් විසින්ය. එම බලතල අතර විනිසුරුවරයෙකුගේ අනුමැතියකින් තොරව මාස දෙකක් දක්වාද, ඉන්පසු වසරක් දක්වාද පුද්ගලයෙකු රැඳවුම් නියෝග නිකුත් කිරීමේ බලය ඇතුළත් වේ. ඕනෑම නියෝජ්ය පොලිස්පතිවරයෙකුගේ හෝ පොලිස්පතිවරයාගේ ඉල්ලීම මත අමාත්යාංශ ලේකම්වරයා විසින් මෙම රැඳවුම් නියෝග නිකුත් කළ හැකිය.
රැඳවුම් නියෝගයක් නොමැති වුවද, මෙම නීතිය යටතේ අධිකරණයට ඉදිරිපත් කරනු ලබන පුද්ගලයෙකු සම්බන්ධයෙන් කිසිදු සාක්ෂියක් නොමැති වුවද, එම පුද්ගලයා අනිවාර්යයෙන්ම රක්ෂිත බන්ධානාගාරගත කිරීමට මහෙස්ත්රාත්වරයාට සිදු වේ. අදාළ පුද්ගලයාගේ පච්චය හෝ ඇඳුම් පැළඳුම් සංවිධානාත්මක අපරාධ කල්ලිවලට අයත් එකක් බවත් පවසමින් පොලිසිය මෙම නීතිය යටතේ පුද්ගලයෙකු ඉදිරිපත් කල විට, මහෙස්ත්රාත්වරයාට ඔහුව රක්ෂිත බන්ධානාගාරගත කිරීමට සිදුවනු ඇත.
එවිට එම පුද්ගලයාට ඇප ලබාගත යුත්තේ මහාධිකරණයෙනි. සාමාන්ය ජනතාවට මහාධිකරණ වෙත යාම කොතරම් අපහසුදැයි අපි දනිමු.
අධිකරණ අමාත්යවරයා අපරාධ නඩු වලට පෙනී සිටි නීතිඥවරයෙකු වන බැවින්, අධිකරණයක සාක්ෂි ලෙස පාපොච්චාරණ පිළිගැනීමට ඉඩ සැලසීමේ ඇති අනතුරු සහ එය විසින් වධහිංසා පැමිණවීමේ හා අපයෝජනයේ සංස්කෘතියක් ප්රවර්ධනය කරන ආකාරය අමාත්යවරයා හොඳින් දනී.
ජනතා විමුක්ති පෙරමුණේ බොහෝ සාමාජිකයින් ත්රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) සහ හදිසි නීති රෙගුලාසි යටතේ මෙම වධහිංසා පැමිණවීම්වලට, අපයෝජනවලට සහ දීර්ඝ කාලීන රඳවා තබා ගැනීම්වලට ගොදුරු වූවෝ වෙති.
මෙම නව පනත් කෙටුම්පත කාලීන අවශ්යතාවයක් ලෙස සාධාරණීකරණය කිරීමට උත්සාහ කරන්නන් විසින්, විවිධ රජයන් යටතේ ත්රස්තවාදය වැළැක්වීමේ පනත, හදිසි නීති රෙගුලාසි සහ ICCPR පනත අයථා ලෙස භාවිතා කර ඇති ආකාරයත්, එය ජනතාවට ඇති කළ අපමණ හානියත් දැකගත යුතුය.
මෙවැනි නීති අයථා ලෙස භාවිතා කිරීම අත් දැක ඇති සහ එහි වින්දිතයන්ගේ තත්ත්වය නිරීක්ෂණය කොට ඇති අපට මෙහි ඇති සැබෑ අවදානම දකින්නට පුළුවන.
Concerns Raised Over Proposed Organized Crime Prevention Bill in Sri Lanka
The former president of the Bar Association of Sri Lanka, Salya Peiris, has raised alarm over the proposed legislation aimed at preventing organized crime, describing it as excessively broad and potentially detrimental to the safety of ordinary citizens. He stressed that the bill could lead to unnecessary repression under the guise of maintaining public order.
During a special announcement in Parliament today, the Minister of Justice sought to clarify that legal restrictions concerning 'tattoos' and 'specific attire' as outlined in the bill would apply solely to members of organized crime syndicates. He assured that the general populace need not fear these regulations.
In response, Peiris took to social media to express his concerns, arguing that the legislative process lacked adequate public consultation. He contended that the serious legal shortcomings present in the bill should prompt the Minister to reconsider its implications.
Peiris commented on his social media account, emphasizing that the tattoos and attire referred to in the proposed Organized Crime Bill are utilized specifically by notorious gang members, and thus, the general public should not be concerned about them. He noted that the bill was not the result of any public advisory process and questioned whether it was properly drafted by the Ministry of Justice.
He highlighted the extensive scope of the proposed law, stating it lacks sufficient protective measures for the general population. Peiris pondered who would determine whether a person's tattoos or clothing resembled those associated with criminal gangs when arresting individuals. According to the bill, significant powers would be granted to police officers to make such determinations without prior judicial approval, allowing them to detain individuals for up to two months, extendable to a year, based on requests from any deputy police chief or the inspector general.
Alarmingly, even in the absence of an arrest warrant, an individual could still be held in custody if presented to a magistrate under the pretext of being linked to organized crime based on their tattoos or attire. This raises concerns about arbitrary detentions and the potential for misuse of the law, especially as defendants would only be able to seek bail from a higher court, which may not be easily accessible to the average citizen.
Peiris, a legal practitioner with experience in criminal cases, is acutely aware of the risks associated with allowing such sweeping laws to take effect, including potential abuses and institutionalizing violence within the enforcement agencies. He pointed out that many members of the Janatha Vimukthi Peramuna (JVP) have previously faced similar brutal treatments under existing laws like the Prevention of Terrorism Act (PTA) and emergency regulations.
The urgency to legitimize this new bill has raised eyebrows, especially considering its potential usage alongside past judicial measures that have caused significant harm to the populace. Peiris concluded by asserting the need to recognize the real dangers that could arise from the misuse of such laws, given their historical context and the suffering endured by many.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
