ලංකාවට න්‍යෂ්ටික බලාගාර..- ඇමති


 ශ්‍රී ලංකාවේ අනාගත විදුලිබල හා බලශක්ති අවශ්‍යතාවන් තිරසාර ලෙස සපුරාලීම උදෙසා න්‍යෂ්ටික බලශක්තිය විකල්පයක් ලෙස භාවිත කිරීමට ඇති හැකියාව සහ ඒ ඔස්සේ රටට අත්වන ප්‍රතිලාභ පිළිබඳව රජයේ විශේෂ අවධානය යොමුව ඇති බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිශාන්ත අබේසේන මහතා ප්‍රකාශ කරයි.

දකුණු කොරියාවේ ඉන්චියොන් නුවරදී ආරම්භ වූ, න්‍යෂ්ටික බලශක්තිය පිළිබඳ 6 වැනි ජාත්‍යන්තර අමාත්‍ය සමුළුව අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. 

මෙම සමුළුව එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති නියෝජිතායතනය විසින් සංවිධානය කර තිබිණි.

සමුළුවේදී අදහස් දැක්වූ අමාත්‍ය මහාචාර්ය ක්‍රිශාන්ත අබේසේන මහතා පෙන්වා දුන්නේ, ඉදිරියේදී න්‍යෂ්ටික බලශක්තිය කෙරෙහි යොමුවීමේදී ජාත්‍යන්තර ආරක්ෂණ ප්‍රමිතීන් සහ මහජන ආරක්ෂාව තහවුරු කිරීම රජයේ ප්‍රමුඛතම වගකීමක් වන බවයි.

"රජයේ අපේක්ෂාව හුදෙක් රටට න්‍යෂ්ටික බලශක්තිය හඳුන්වා දීම පමණක් නොවේ. ඒ තුළින් රටට පැහැදිලි ආර්ථික ප්‍රතිලාභයක් අත්වන්නේද යන්න මෙන්ම, එය ආරක්ෂිත, විශ්වාසදායක, ජනතාවට දරාගත හැකි පිරිවැයකින් යුත් සහ අවම කාබන් විමෝචනයක් සහිත බලශක්ති පද්ධතියක් ගොඩනැගීමට කෙතරම් දුරට දායක වන්නේද යන්න විද්‍යාත්මකව තීරණය කිරීම අපගේ අරමුණයි," යනුවෙන් අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.

ශ්‍රී ලංකාව මේ වන විටත් න්‍යෂ්ටික බලශක්තිය පිළිබඳ ශක්‍යතා අධ්‍යයන සහ මූලික සැලසුම් සකස් කිරීමේ වැඩසටහනක් ක්‍රියාවට නංවා ඇති බවත්, ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික සහයෝගය, නියාමන මඟපෙන්වීම් සහ උපදෙස් ලබාගැනීමට ජාත්‍යන්තර පරමාණුක බලශක්ති නියෝජිතායතනය ඇතුළු ගෝලීය හවුල්කරුවන් සමඟ අඛණ්ඩව සාකච්ඡා කරමින් සිටින බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.





Sri Lanka Explores Nuclear Power as Sustainable Energy Solution

The Sri Lankan government is turning its attention to the potential benefits of utilizing nuclear power to sustainably meet the country’s future electricity and energy needs, as emphasized by Minister of Science and Technology, Professor Krishantha Abeysekera.

Speaking at the Sixth International Ministerial Conference on Nuclear Power, held in Incheon, South Korea, the minister articulated the advantages that nuclear energy could bring to Sri Lanka.

This conference was organized by the International Atomic Energy Agency (IAEA), an entity that plays a pivotal role in promoting nuclear technology.

Professor Abeysekera highlighted that ensuring international safety standards and public security is paramount as Sri Lanka considers a move towards nuclear energy in the future.

"Our government’s ambition extends beyond merely introducing nuclear power; we aim to scientifically ascertain the clear economic benefits for the country, alongside establishing a power system that is safe, reliable, affordable, and characterized by minimal carbon emissions," he emphasized during his address.

He further noted that Sri Lanka is already implementing capacity-building studies and foundational planning related to nuclear energy, while engaging in ongoing discussions with global partners, including the IAEA, to acquire necessary technical support, regulatory guidance, and expertise.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post