සෞඛ්ය අමාත්යාංශයේ වෛද්ය සේවා අධ්යක්ෂවරයාගේ අකාර්යක්ෂම, අවිධිමත් හා අත්තනෝමතික ක්රියාකලාපය හේතුවෙන් ශ්රේණි වෛද්යවරුන්ගේ වාර්ෂික ස්ථාන මාරු සහ පශ්චාත් සීමාවාසික වෛද්යවරුන් ස්ථානගත කිරීමේ ක්රියාවලිය දැඩි අර්බුදයකට ලක්ව ඇති බවත්, එහි ප්රතිඵලයක් ලෙස ග්රාමීය හා පර්යන්ත රෝහල්වල සේවාවන් කඩාවැටීමේ බරපතළ අවදානමක් මතුව ඇති බවත් රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවයි.
විශේෂ මාධ්ය නිවේදනයක් නිකුත් කරමින් එම සංගමයේ ලේකම් වෛද්ය යූ. කේ. බී. වරකාවගොඩ මහතා පෙන්වා දෙන්නේ, බලධාරීන්ගේ මෙම වගකීම් විරහිත පියවර හේතුවෙන් රටේ සමස්ත රෝගී සත්කාරක සේවාවන්ට දැඩි බාධා එල්ල වෙමින් පවතින බවයි.
මාධ්ය නිවේදනය
වෛද්ය ස්ථාන මාරු සහ පශ්චාත් සීමාවාසික ස්ථානගත කිරීමේ ප්රමාදය නිසා සෞඛ්ය සේවාව අනතුරේ.
සමස්ත රටම ආවරණය වන පරිදි සමානාත්මතාවයෙන් යුතුව ගුණාත්මක සහ ප්රශස්ත වෛද්ය සේවයක් පවත්වා ගැනීම අරමුණු කොට ගෙන ශ්රී ලංකාවේ වෛද්ය සේවය දීප ව්යාප්ත සේවාවක් ලෙස ක්රියාත්මක වේ.
මෙමඟින් රටේ අගනුවර මෙන්ම පර්යන්ත ප්රදේශවලදී ද ප්රශස්ත හා ගුණාත්මක සෞඛ්ය සේවයක් අඛණ්ඩව පැය 24 පුරා පවත්වා ගැනීමට හැකියාව ලැබී ඇත.
සෑම වර්ෂ හතරකටම වතාවක් කුසලතාව මත පදනම්ව ක්රියාත්මක වන ශ්රේණි වෛද්ය නිලධාරීන්ගේ වාර්ෂික ස්ථානමාරු ක්රියාවලිය වෛද්ය සේවය දීප ව්යාප්ත සේවාවක් ලෙස පවත්වා ගැනීමේදි තීරණාත්මක සාධකයකි.
මෙම ස්ථාන මාරු ක්රියාවලිය ආයතන සංග්රහයේ ප්රතිපාදන වලට යටත්ව ශ්රේණි වෛද්යවරුන්ගේ ස්ථානමාරු මණ්ඩලය හරහා සිදු කරනු ලබන අතර කාර්යක්ෂම හා විධිමත් ස්ථාන මාරු ක්රියාවලියක් වෛද්යවරුන්ගේ ක්රියාත්මක විමෙහිලා එම ස්ථානමාරු මණ්ඩල විධිමත්ව ක්රියාත්මක වීම වැදගත්ය.
එමෙන්ම පශ්චාත් සීමාවාසික වෛද්යවරුන් ස්ථානගත කිරීම ද සේවා අවශ්යතාවයන් ඇතුලු කරුණු ගණනාවක් සලකමින් ආයතන සංග්රහයේ විධි විධාන වලට යටත්ව ස්ථානමාරු මණ්ඩලය හරහා සිදු කරනු ලබයි.
මෙම ක්රියාවලිය මඟින් දුෂ්කර සහ පර්යන්ත රෝහල්, ප්රාථමික සෞඛ්ය ඒකක වෙත පවා ප්රශස්ත මට්ටමෙන් අඛණ්ඩව වෛද්යවරුන් ස්ථානගත කිරීමට හැකියාව ලැබී ඇති අතර සෞඛ්ය සේවය අඛණ්ඩව පවත්වාගෙන යාමට තීරණාත්මක කාර්ය භාරයක් ඉටු කරයි.
ස්ථානමාරු මණ්ඩලයේ පාර්ශ්වකරුවන් වන සෞඛ්ය අමාත්යාංශය සහ රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය සහභාගී වී අදාළ සෞඛ්ය ආයතන පවත්වාගෙන යාමට ඇති අවශ්යතාවයන්, ස්ථාන මාරු ක්රියාවලිය විධිමත් කිරීම, දුෂ්කර සේවා ස්ථාන පවත්වාගෙන යාම සහ මේ වන විට වසා දමා ඇති හෝ සේවාව සීමා වී ඇති සෞඛ්ය ආයතන නැවතත් ක්රියාත්මක කිරීම, සෞඛ්ය සේවාවන් පුලුල් කිරීම වැනි අවශ්යතා සැපිරෙන පරිදි පශ්චාත් සීමාවාසික වෛද්ය ස්ථානගත කිරීම් සහ ස්ථාන මාරු ක්රියාත්මක කිරීමට කටයුතු කරයි.
සෞඛ්ය අමාත්යාංශය තුළ මෙම වගකීම පැවරී ඇත්තේ අධ්යක්ෂ - වෛද්ය සේවා වෙතයි. නමුත් මේ වන විට සෞඛ්ය අමාත්යාංශයේ අදාළ බලධාරීන්ගේ අකාර්යක්ෂම හා අත්තනෝමතික ක්රියා පිළිවෙල මත මෙම ස්ථානමාරු ක්රියාවලියම අර්බුදයට ලක්වී ඇත.
ආයතන සංග්රහයේ සහ රාජ්ය සේවා කොමිෂන් සභාවේ කාර්යපටිපාටිගත රීති වල ප්රතිපාදන ප්රකාරව වෛද්ය ස්ථානමාරු සහ පශ්චාත් සීමාවාසික වෛද්යවරුන් ස්ථානගත කිරීම සඳහා ස්ථානමාරු මණ්ඩල වල සහභාගිත්වය රාජ්ය සේවා කොමිෂන් සභාව මඟින් සහ සෞඛ්ය අමාත්යංශය මඟින් නිත්යානුකූලව පිළිගනු ලැබ තිබුණ ද, අධ්යක්ෂ - වෛද්ය සේවා විසින් වගකීම් විරහිතව සහ අත්තනෝමතිකව ක්රියා කිරීම නිසා පශ්චාත් සීමාවාසික වෛද්යවරුන්ගේ ස්ථානගත කිරීම් ප්රමාද වීම මෙන්ම වෛද්යවරුන්ගේ වාර්ෂික ස්ථාන මාරු අවිධිමත් හා අකාර්යක්ෂම බවට පත්වීම ද සිදුවී ඇත.
සෞඛ්ය අමාත්යාංශය සහ රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය විසින් ස්ථානමාරු මණ්ඩල මඟින් ලබා ගන්නා නිත්යානුකූල තීරණ නැවතත් අත්තනෝමතික ලෙස වෙනස් කිරීම සහ සමහර අවස්ථාවලදී ස්ථානමාරු මණ්ඩල නොසලකා කටයුතු කිරීම මඟින් පශ්චාත් සීමාවාසික වෛද්යවරුන් ස්ථානගත කිරීම මෙන්ම සේවා අඩාළ වීමකින් තොරව වාර්ෂික ස්ථානමාරු ක්රියාත්මක කිරීම ද දැඩි අර්බුදයකට ලක්ව ඇත.
මේ හේතුවෙන් ප්රාථමික සෞඛ්ය ඒකක ඇතුලු පර්යන්ත රෝහල්වල සේවාවන් බිඳවැටීමේ අවධානමක් මතුවී ඇති අතර වාර්ෂික ස්ථාන මාරු ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින වෛද්යවරුන්ට තම ස්ථාන මාරු ක්රියාත්මක කර ගැනීමට නොහැකි තත්ත්වයට පත් වී ඇත.
එමෙන්ම සේවා අවශ්යතාවයන් සහ ආයතනික අවශ්යතාවයන් නොසලකා සමහර අවස්ථාවල ස්ථාන මාරු ක්රියාත්මක කිරීම මඟින් සෞඛ්ය සේවා සැපයීම ද අර්බුදයට ලක්ව ඇත.
අධ්යක්ෂ - වෛද්ය සේවා මඟින් සිදු කරන අකාර්යක්ෂම, අවිධිමත් සහ අත්තනෝමතික ක්රියාපටිපාටිය නිසාවෙන් මෙම ස්ථාන මාරු ක්රියාවලිය අර්බුදයට ලක්වී රෝගී සත්කාර සේවාවන්ට ද බාධා එල්ල වී ඇති අතර එය නැවත නිවැරදි කිරීමට වහාම කටයුතු කළ යුතු බව අවධාරණය කර සිටිමු.
Concerns Mounted Over Medical Transfer Delays Amidst Mismanagement at Health Ministry
Severe disruptions in health services are looming due to the inefficiencies, irregularities, and unilateral actions stemming from the Director of Medical Services at the Ministry of Health. The government medical officers' association has raised alarms regarding the ongoing turmoil in the annual transfer and placement process for general practitioners and post-intern doctors, warning of an imminent collapse in services at rural and peripheral hospitals.
In a press release, the association’s secretary, Dr. U.K.B. Warakawagoda, criticized the ineptitude of officials in managing these responsibilities, highlighting the detrimental impact on healthcare delivery across the nation.
Press Release Highlights
The delay in the transfer and placement of medical professionals has put the health services in jeopardy. Maintaining a nationwide system of equitable, high-quality medical care is pivotal, yet the mismanagement threatens to undermine these objectives.
The medical service operates as a broad network, ensuring continuous access to quality healthcare in both urban and peripheral areas around the clock.
Interrelated with annual transfers occurring every four years based on merit, this process is crucial for upholding the quality of medical services in Sri Lanka. The transfer process is conducted under the auspices of the Transfer Board, following structured institutional guidelines, emphasizing the importance of these rigorous procedures in securing effective deployment of medical personnel.
Post-intern doctors are similarly relocated per various operational needs in line with established protocols, ensuring that healthcare services, especially in challenging and peripheral hospitals, are maintained effectively.
However, ongoing mismanagement by officials within the Ministry has resulted in the current transfer process floundering, thus exacerbating the healthcare crisis. There is a pressing need for sound governance to reinstate order to the transfer mechanisms and ensure the sustainability of healthcare services.
Both the Ministry of Health and the government medical officers' association are critical stakeholders in the transfer board’s operations, determined to address the pressing requirements for healthcare services, the orderly conduct of transfers, the maintenance of difficult service areas, and the reactivation of health institutions that have been closed or limited due to escalating demands.
Despite the formal involvement of the Director of Medical Services in managing these responsibilities, the present mismanagement has put the transfer procedures directly into disarray.
The regulations governing the transfer and allocation of medical personnel still nominally include input from the Public Service Commission and the Ministry of Health. However, the lack of accountability by the Director of Medical Services has led to delays in the placement of post-intern doctors and the increasing irregularities in the transfers of medical officers.
Further complicating matters, arbitrary alterations to routine decisions made by the transfer board and instances of bypassing these established protocols have disrupted not only the placement of post-intern doctors but also the annual transfer process, worsening the situation significantly.
As a result, there is a growing risk of the collapse of services at primary healthcare units and peripheral hospitals, leaving many doctors in limbo regarding their expected transfers. This ongoing instability clearly jeopardizes the provision of necessary healthcare services.
The inefficient, irregular, and unilateral actions of the Director of Medical Services have led to a significant crisis in these transfer processes, obstructing the provision of essential healthcare. Immediate corrective measures are imperative to restore efficiency and accountability within the system.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
